නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

නව තානාපතිවරු සිවුදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාරදෙති  

2018-11-01 11:33:37

ශ්‍රී ලංකාවට පත්ව ආ නව තානාපතිවරු සිවුදෙනෙක් අද (01) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

තඹුත්තේගම බස්නැවතුමේ රනිල්ගේ කටවුට් කඩලා  

2018-11-01 09:58:08

තඹුත්තේගම බස්නැවතුම්පොළ ආසන්නයේ සවිකර තිබූ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හා කලාවැව එක්සත් ජාතික පක්ෂ සංවිධායක අනිල් රත්නායක මහතාගේ ඡායාරූප සහිත පුවරුව කිසියම් පිරිසක් කඩා දමා තිබේ.

එළවළු මිල නඟී  

2018-11-01 07:07:42

හා වෙළෙඳසල්වල එකවරම සෑම එළවළුවකම මිල වැඩි වී ඇත. අඩුම මිල මට්ටමක පැවැති වම්බටු, තක්කාලි, මාළු මිරිස්, මෑකරල්, කරවිල හා බෝංචි ආදිය දෙතුන් ගුණයකින් වැඩි වී තිබේ. මෑකරල් කිලෝවක පවා සිල්ලර මිල රුපියල් 160කට ආසන්න මට්ටමක පවතී. ඉතිහාසයේ මෑකරල් මිල වැඩිම අවස්ථාව මෙය බව පාරිභෝගිකයෝ කියති.

ත්‍රීවීල් ගාස්තු පහළට  

2018-11-01 06:33:19

උදයන්ති මුණසිංහ

අද සිට (01දා) ත්‍රිරෝද රථ ගාස්තු සියයට දහයකින් අඩු කරන බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ 'ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ' සභාපති සුනිල් ජයවර්ධන ප්‍රකාශ කෙළේය.

දෙහි කිලෝව රු. 800යි  

2018-11-01 06:06:42

වෙළෙඳපොළේ දෙහි කිලෝවක් රුපියල් අටසීයත් දහසත් අතර මිලකට අලෙවි වන බව වෙළෙඳපොළ ආරංචි මාර්ග අනාවරණය කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතවරිය ජනපති හමු වෙයි.  

2018-10-31 14:24:39

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත හානා සිංගර් (Hanaa Singer) මහත්මිය අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය.

අද(31) සිට වැසි තත්ත්වයේ වැඩි වීමක්  

2018-10-31 10:18:51

දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (31)දිනයේ සිට බලාපොරොත්තුවේ.
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

පහළතලාව වැවපාර අබලන් වෙලා  

2018-10-31 08:11:25

තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 407 ග්‍රාමනිලධාරි වසමේ ඉදිගස්පොතාන සහ පහළතලාව ගම්මාන යා කරන පහළතලාව වැව් මතින් දිවෙන මාර්ගය වසර 20ක පමණ කාලයක් තිස්සේ කිසිදු නඩත්තුවක් නොකිරීම නිසා මේ වන විට දැඩි ලෙස අබලන්ව පවතී. පහළතලාව, ඉදිගස්පොතාන, කොහොඹකඩවල, ඉලුප්පන්කඩවල යනාදී ගම්මානවල ජනතාව මෙම මාර්ගය දෛනිකව භාවිතයට ගනී.

නාච්චදුව වැවේ මසුන් දහස් ගණනක් මියගිහින්  

2018-10-31 06:34:08

දින කිහිපයක සිට හදිස්සියේම අනුරාධපුර නාච්චදුව ජලාශයේ මසුන් දසදහස් ගණනක් මියයෑමට පටන් ගැනීමෙන් වැවෙන් දැඩි දුර්ගන්ධයක් පැතිරෙන බව ධීවරයන් පිරිසක් අනාවරණය කළ අතර මසුන් මියයෑම දිනෙන් දින වැඩිවන බව ඔවුහු පැවැසූහ.

කොළඹ ආරක්ෂාවට පොලිසීයේ 2000 ක්  

2018-10-30 15:12:28

එක්සත් ජාතික පක්ෂයේ  අද  (30) පැවති   විරෝධතාව හේතුවෙන් කොළඹ ආරක්ෂාව සඳහා  පොලිසියේ හා විශේෂ කාර්ය බලකායේ 2000 ට අධික  පොලිස් නිලධාරීන් පිරිසක්  යොදවා සිටි බව  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට  

2018-10-30 15:09:53

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා තුනක් (03) ඊයේ (29) නාවික හමුදා භාරයට ගන්නා ලදී.

නාවික හමුදාධිපතිතුමා නව අග්‍රාමාත්‍යවරයා හමුවෙයි  

2018-10-30 14:25:24

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඊයේ (29) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමු විය.

ඩොලරය 175 ත් පනී  

2018-10-30 11:25:10

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා රුපියලට සාපෙක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක අගය අද (30) රුපියල් 175 සීමාව ඉක්මවා ගියේය.

වලේබොඩ වතුකාරකන්ද මාර්ගය අබලන්  

2018-10-30 09:25:24

බළන්ගොඩ, වලේබොඩ වතුකාරකන්ද මාර්ගය දැඩි ලෙස අබලන් වීම හේතුවෙන් වාහන ගමනාගමනය මුළුමනින්ම නතරවී ඇති බව වතුකාරකන්ද ප්‍රදේශයේ පදිංචි ජනතාව කියති. තේ වගාව ජීවිකාව කරගත් පවුල් 300කට ආසන්න ජනතාවක් මේ හේතුවෙන් ප්‍රවාහන දුෂ්කරතාවට පත්ව සිටිති. වියළි කාලයට තේ දලු ප්‍රවාහනය කරන ලොරි පමණක් අතරමඟට ධාවනය කෙරෙන බවත් වර්ෂාව පවතින දිනවලට එම දලු ලොරිවලටද ගමන් කිරීමට නොහැකි වී ඇති බව එම ජනතාව කියති.

අර්ජුනට ඇප  

2018-10-29 18:19:12

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් හිටපු ඛනිජ තෙල් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතාට ඇප ලබාදීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (29) නියෝග කළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon