නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - දේශපාලන

බුද්ධික පතිරණ නියෝජ්ය අමාත්යධුරයේ දිවුරුම් දෙයි  

2018-06-19 18:26:23

පාර්ලිමේන්තු මන්ත්රී බුද්ධික පතිරණ මහතා කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්ය අමාත්යවරයා ලෙස ජනපති ඉදිරියේ මීට සුළුමොහොතකට පෙර දිවුරුම් දෙනු ලැබුවා.

ජාතික නිවාස දින කොඩි සතිය අරඹමින් පළමු කොඩිය ජනපතිට පළඳවයි  

2018-06-19 16:04:52

ජූනි 23 වනදාට යෙදෙන ජාතික නිවාස දිනය වෙනුවෙන් ප‍්‍රකාශයට පත්කර ඇති කොඩි සතිය ආරම්භ කරමින් එම පළමු කොඩිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පැළඳවීම අද(19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

හිටපු ජනපති හා ඒකාබද්ධ විපක්ෂ නායකයන් හමුව අද  

2018-06-19 14:23:26

ආණ්ඩුවට එරෙහිව දියත් කිරීමට නියමිත විරෝධතා ව්‍යාපාරයේ දින වකවානු හා සැලැස්ම සාකච්ඡා කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් අතර හමුවක් අද (19දා) දින සවස 5.00ට කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවෙසේදී පැවැත්වීමට නියමිතයි.

බුද්ධික පතිරණට නියෝජ්ය අමාත්යධුරයක්  

2018-06-19 10:59:47

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අද සවස 5.30 නියෝජ්‍ය අමාත්‍යධුරයක දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. ඒ පිළිබඳව වැඩිදුර විස්තර බලාපොරොත්තුවන්න.

සැප්තැම්බර් 2දා වන විට ශ්‍රී ල.නි.ප.ය ප්‍රබල දේශපාලන තීන්දුවක් ගන්නවා   

2018-06-15 09:33:50

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු


සැප්තැම්බර් 2 වැනිදා වන විට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ ප්‍රබල දේශපාලන තීන්දුවක් ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කර ඇත.
දහසය දෙනාගේ කණ්ඩායම සමඟ ඊයේ (14දා) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ඒ බව සඳහන් කර තිබේ.

මූලික කරුණු 20ක් ගැන 16 කණ්ඩායම අද සාකච්ඡා  

2018-06-13 09:13:33

අමාත්‍ය ධුරවලින් ඉවත්වී විපක්ෂයේ අසුන්ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් 16 දෙනා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අතර විශේෂ හමුවක් අද (13දා) පස්වරු 3.00ට හිටපු නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාලගේ බොරැල්ල පිහිටි නිවෙසේදී පැවැත්වීමට නියමිතය.

අලුතින් ලැබුණ රාජ්‍ය ඇමතිකම් හා නියෝජ්‍ය ඇමතිකම් මෙන්න  

2018-06-12 10:42:40

නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු පස් දෙනෙක් අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

නකල්ස් ආශ්‍රිත ඉඩම්වල කිසිදු ව්‍යාපෘතියක් ආරම්භ කර නැහැ - ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල  

2018-06-07 14:22:34

නකල්ස් රක්ෂිත ආශ්‍රිත ඉඩම්වල කිසිදු ව්‍යාපෘති ආරම්භ කර නැති බව රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් පළවන ප්‍රකාශ ගැන කතානායකගෙන් විශේෂ ප්‍රකාශයක්  

2018-06-07 11:30:30

බැදුම්කර වාර්තා අරමුණු කරගනිමින් පාර්ලිමේන්තුව තුළත් පිටස්තරත් ප්‍රකාශවන ඇතැම් අසත්‍ය,ගොතන ලද  සමහර විට ද්වේශ සහගතව ප්‍රකාශ වුණු හා ප්‍රකාශ වන විවිධ අඳහස් නිසා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත්, පාර්ලිමේන්තුවටත්,පොදුවේ ශ්‍රී ලංකාවේ කීර්තිනාමයටත් විශල කැළලක් ඇති වී තිබෙන බව කථානායක කරූ  ජයසූරිය මහතා ප්‍රකාශ කරයි.

ඇලෝසියස්ගෙන් මුදල් නොගත් බවට පොදු ව්‍යාපාර තේරීම් කාරක සභාවේ ඉන්න මැති ඇමැතිවරුන්ගෙන් ප්‍රකාශ ගන්න කථානායකවරයාගෙන් ඉල්ලුවා  

2018-06-07 09:06:21

කේ.එස්. උදයකුමාර්


පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගෙන් තමන් මුදල් ලබා නොගත් බවට දිවුරුම් ප්‍රකාශයක් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ තේරීම් කාරක සභාව සඳහා පත්කර සිටින මැති ඇමැතිවරුන්ගෙන් ලබාගන්නා ලෙස තමා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

සූතිකාධාර පනතේ අඩුපාඩු සකස් කිරීමට කටයුතු කර තිබෙනවා  

2018-06-06 15:24:30

කාර්යාලයීය සේවකයන් පිළිබඳ ( සේවය හා වේතන විධිමත් කිරීමේ ) ( සංශෝධන ) පනත් කෙටුම්පත සහ සූතිකාධාර (සංශෝධන ) පනත් කෙටුම්පත අද (6) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය එළිදැක්වීමට අපේක්ෂා කරනවා - අග්‍රාමාත්‍ය  

2018-06-06 14:20:52

සංවර්ධනය කරා යන ගමනේ දී ජාතික ඇගයීම් ප්‍රතිපත්තියක් පැවැතීමේ ඇති වැදගත්කම රජයක් ලෙස පිළිගෙන තිබෙන බවත් ජූලි මාසය වනවිට ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය එළිදැක්වීමට හැකි වෙතැයි අපේක්ෂ කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මංගල එජාපයේ උප සභාපති ධූරයට  

2018-06-05 15:32:11

එක්සත් ජාතික පක්ෂයේ උප සභාපතිවරයා ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පත් කර ඇති බව එක්සත් ජාතික පක්ෂය නිවේදනය කරයි.

බැදුම්කර වාර්තා ගැන සමහර අසත්‍ය ප්‍රවෘත්ති පළවීමෙන් පාර්ලිමේන්තුවටත් පොදුවේ රටටත් විශාල අපකීර්තියක් සිදු වෙනවා- කතානායක  

2018-06-05 13:55:11

භාණ්ඩාගාර බැදුම්කර විමර්ශන කොමිෂන් සභාවට අදාළ වාර්තාවේ ඇතැම් හෙළි නොවූ කරුණු මුල්කර ගෙන සමහර අසත්‍ය ප්‍රවෘත්ති පළවීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත්, පාර්ලිමේන්තුවටත්, පොදුවේ රටටත් විශාල අපකීර්තියක් සිදුව ඇතැයි කතානායක කරූ ජයසූරිය මහතා අද (5) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

ජනාධිපති ලේකම් හා කථානායක බැඳුම්කර වාර්තාවේ C-350 ලේඛනය නොසඟවා හෙළි කළ යුතුයි  

2018-06-05 10:01:18

හර්ෂනී අර්සකුලරත්න


අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් 118 දෙනා පිළිබඳ තොරතුරු බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ C-350 ලේඛනයේ සඳහන්ව ඇතැයි පවසද්දීත් එම ලේඛන ඉදිරිපත් නොකොට යට ගසා සඟවා ගෙන නොසිට රටට හෙළි කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර පවසයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon