නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

හොඳ මිලකට ගොවීන්ගෙන්ම අල මිලදී ගැනීමට සතොස සූදානම්  

2018-09-06 10:15:54

දේශීය අල ගොවීන්ගේ අස්වැන්න සාධාරණ මිලකට සතොස හරහා මිලදී ගැනීමට පියවර ගෙන ඇති බව  ඊයේ (සැප්. 05 දා) රැස් වූ ජීවන වියදම් කමිටුව තීරණය කළ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

වරකන්ද පාලමට සම්බන්ධ පාර ඉඩම් හිමියකුගෙන් දැඩි බාධා  

2018-09-06 07:19:03

පහළවෙල, වරකන්ද පාලමට සම්බන්ධ ප්‍රධාන මාර්ගය වැසි සහිත දිනවල ජලයෙන් පිරී පැවැතීම නිසා ප්‍රදේශයේ ජනයා බොහෝ පීඩාවන්ට ලක් වූහ. එබැවින් එම ජනතාවගේ ඉල්ලීම මත උකුවෙල ප්‍රාදේශීය සභාවේ සිසිර ජයම්පති (ශ්‍රී ලපොපෙ) මන්ත්‍රිවරයා සිය මාසික දීමනාවෙන් එම මාර්ගයේ පැති කානුවට සම්බන්ධ කර බට කිහිපයක් යොදා එම ජලය බැස යෑමට කටයුතු කළ අතරේ ඉඩම් හිමියකු විසින් එම බට දෙපස පස් දමා වසා දැමීම පිළිබඳ ජනතා අප්‍රසාදයක් පළ වේ.

වසර 20කට පෙර වැසී ගිය දියගම කනිටු විදුහලෙන් ප්‍රයෝජනයක් ගන්නා ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලති  

2018-09-06 07:14:30

කෑගල්ල, හිරිවඩුන්න, දියගම කනිෂ්ඨ විද්‍යාලය වසා වසර 20කට වැඩි කාලයක් ගතව ඇති බවත් එහි ගොඩනැඟිලි මේ වන විට ගරාවැටෙමින් පවතින බවත්, ගොඩනැඟිලි බිමට සමතලා වීමට පෙර මොනයම් හෝ කටයුත්තකට යොදා ගන්නා ලෙස ගම්වාසී ජනතාව රජයෙන් ඉල්ලා සිටිති.

ජන ගඟ මැදින් මහින්ද රැළියට  

2018-09-05 17:22:46

හිටපු ජනපතිත් ජනබලයට එයි

අතුරුදන්වූ තැනැත්තන් පිළිබද කාර්යාලයේ අතුරු වාර්තාව ජනපතිට පිළිගන්වයි ...  

2018-09-05 15:48:37

අතුරුදන්වූවන් පිළිබඳ තොරතුරු සොයා බැලීම සඳහා ස්ථාපිත කරන ලද අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ අතුරු වාර්තාව අද (05) පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ‍්‍රයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත භාරදුන්නේ ය.

නව පත්විම ලද රුසියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි  

2018-09-05 15:13:51

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් නව පත්වීම් ලද කර්නල් ඩෙනිස් අයි. ස්කෝඩා මහතා අද (05) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.

ඉහළ කාර්යසාධනයක් පෙන්වූ රාජ්‍ය ආයතන 101ක් සම්මානයෙන් පිදුම් ලබයි  

2018-09-05 14:15:22

රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් රාජ්‍ය ආයතන ඇගයීමේ වැඩසටහන අද (5) පෙ.ව.10.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පොලිසියේ 5000ක් සීරුවෙන්  

2018-09-05 10:22:24

චාමර අමරසූරිය

ඒකාබද්ධ විපක්ෂය විසින් අද (05දා) දින පැවැත්වීමට සංවිධානය කොට ඇති උද්ඝෝෂණය සහ විරෝධතා පෙළපාළිය
හේතුවෙන් කොළඹ ආරක්ෂාවට පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පන්දහසකට අධික පිරිසක් යෙදවීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.
ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය ඇතුළු විශේෂ ස්ථාන සඳහාද දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බවද උසස් පොලිස් නිලධාරියෙක් 'මව්බිම'ට පැවැසීය.

කටුපොත මහකෙළිය හරහා කුරුණෑගල පාරේ සංවර්ධනය ඉබි ගමනේ බෝක්කු කඩනවා - බාගෙට හදනවා  

2018-09-05 07:19:27

කටුපොත මහකෙළිය හරහා කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ කටුපොත සිට මහකෙළිය දක්වා මාර්ගයේ දුර කිලෝමීටර් 12කි. මේ වන විට මාර්ගය ඉතා අබලන් තත්ත්වයක පවතී. මෙයට වසර 4කට පමණ පෙර සිට මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ වුවත් එම කටයුතු මන්දගාමීව සිදුවන බව ජනතාව පවසති.

සැන්දෑව-පරෙයිදෙණිය මාර්ගය අබලන් වීමෙන් දුෂ්කරතා රැසක්  

2018-09-05 06:16:48

මොලොක්ගමුව උතුර ග්‍රාම සේවා වසමට අයත් සැන්දෑව -පරෙයිදෙණිය මාර්ගය දශක හතරකින් පමණ ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව දැඩි අපහසුතාවට පත්වී ඇති බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.

මැදපෙරදිගට සීමා වී තිබූ විදේශ රැකියා අනෙකුත් රටවලින් ලබාගැනීමේ ක්‍රියාමර්ග අනුගමනය කර තිබෙනවා  

2018-09-04 14:08:39

මැදපෙරදිගට පමණක් සීමා වී තිබූ විදේශ රැකියා ක්ෂේත්‍ර අනෙකුත් රටවලින් ලබාගැනීමේ ක්‍රියාමර්ග අනුගමනය කර තිබෙන බවත් මේ වනවිට මෙම වැඩපිළිවෙල සාර්ථක වී තිබෙන බවත් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

'ජන බලය' උද්ඝෝෂණය හෙට: කොළඹ හා ඒ අවට නගරවලට දැඩි රැකවල්  

2018-09-04 13:11:30

ඒකාබද්ධ විපක්ෂය හෙට (05දා) පැවැත්වීමට නියමිත "ජන බලය කොළඹට" උද්ඝෝෂණය හේතුකර ගනිමින් කොළඹ හා තදාසන්න නගරවල ආරක්ෂාව තර කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු යොදා තිබේ.

පාන් භාගයයි පරිප්පු පීරිසියයි රු.85 දක්වා ඉහළට - සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය  

2018-09-04 09:58:06

අනුරාධා හේරත්

පාන් භාගයක හා පරිප්පු පීරිසියක මිල ගණන් අද (04දා) සිට රුපියල් 85 දක්වා ඉහළ දැමූ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

අවුරුදු හතළිහකින් තාර ටිකක් දමා නැති පාරක්  

2018-09-04 08:08:18

අවුරුදු හතළිහකින් තාර ටිකක් දමා නැති පාරක්

තේ දලුවලට බිබිළි අංගමාර රෝගය වැලඳිලා  

2018-09-04 07:44:15

තේ දලුවලට බිබිළි අංගමාර රෝගය වැලඳිලා

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon