නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - දේශපාලන

ඡන්දය ගණනය කිරීම ඇරඹෙයි-ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සභා ගර්භයෙන් පිටව යයි  

2018-11-23 10:59:15

පාර්ලිමේන්තුවේ කටයුතු අද(23)  උදෑසන 10.30ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

පාර්ලිමේන්තුව අද  

2018-11-23 07:19:37

අද (23දා) පෙ.ව. 9.30ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේදී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නියෝජිතයන් පත්කිරීම ගැන එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත් පෙ.ව. 10.30ට පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව මැතිසබය තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව ආණ්ඩු පක්ෂයේත්, එක්සත් ජාතික පෙරමුණේත් අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ විදේශ ණය ගෙවීමට තිබෙන හැකියාව අවශ්‍ය ප්‍රමාණයට වඩා තිබෙනවා - ජාතික ආර්ථික සභාවේ ලේකම්  

2018-11-22 16:17:14

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති විදේශ ණයවලින් ඇමෙරිකනු ඩොලර් බිලියන 1.5ක මුදලක් 2019 වර්ෂය තුළ ගෙවීමට තිබෙන අතර ශ්‍රී ලංකාවේ විදේශ ණය ගෙවීමට තිබෙන හැකියාව අවශ්‍ය ප්‍රමාණයට වඩා තිබෙන බව ජාතික ආර්ථික සභාවේ ලේකම් මහචාර්ය ලලිත් සමරකෝන් මහතා පවසයි.

ජර්මන් රජයෙන් යූරෝ 2,50,000ක ප්‍රදානයක්  

2018-11-22 15:12:47

සමාජ ඒකාබද්ධතවය උදෙසා අධ්‍යාපනය ව්‍යාපෘතිය අණණ්ඩව පවත්වාගෙන යාම සඳහා යූරෝ 2,50,000ක ප්‍රදනයක් ලබාදීමට ජර්මානු ෆෙඩරල් ජනරජය එකඟ වී ඇත.

2019 මුල් මාස හතර සඳහා වන අතුරු සම්මත ගිණුමට අමාත්‍ය මණ්ඩුල අනුමැතිය  

2018-11-22 12:50:51

2019 වර්ෂ සඳහා වන අය වැය අනුමත වන තෙක් 2019 මුල් මාස 4 සඳහා රජයේ සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම පිණිස අවශ්‍ය වන අයවැය ප්‍රතිපාදන අතුරු සම්මත ගිණුමක් මගින් සලසා ගැනීමටත්, ඒ සඳහා වන යෝජනාව පිළියෙල කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් මුදල් හා ආර්ථික කටයුතු ඇමති වශයෙන් අමතැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කොට ඇත.

අපේ් ආණ්ඩුව පිළිගෙන රට ගොඩ ගන්න ඉඩ දෙන්න  

2018-11-21 14:40:41

ඔක්තෝබර් 26දාට පෙර පැවැති ආණ්ඩුව පිළිගෙන 2019 අය _ වැය ඉදිරිපත් කොට මූල්‍ය අර්බුදයෙන් රට ගොඩ ගැනීමට අවස්ථාව දෙන ලෙස හිටපු මුදල් ඇමැති මංගල සමරවීර මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත.

ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව නිවැරැදි තැනට ගෙන ඒමට කටයුතු කළා- රජයේ සේවකයන් කිසිදු බියක් නොමැතිව කටයුතු කරන්න-  

2018-11-19 17:52:40

රට යථාතත්ත්වයට පත් වූ බවත් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව නිවැරැදි තැනට ගෙන ඒමට කටයුතු කළ බවත් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

පාර්ලිමේන්තුව කල් තබයි  

2018-11-19 13:20:43

අද(19) පස්වරු 1 ට නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වු අතර, එහිදී පාර්ලිමේන්තුව නොවැම්බර් මස 23 වන දා පෙරවරු 10 දක්වා කල් තැබීය.

පාර්ලිමේන්තුව අද රැස්වෙයි- පක්ෂ නායක රැස්වීමක්  

2018-11-19 09:01:31

පාර්ලිමේන්තුව අද (19) ප.ව.1.00ට රැස්වීමට නියමිතය.

පාර්ලිමේන්තු ක්‍රමයට කරන මෙම හානිය කිසිදවසක ශ්‍රී ලංකාවේ පූර්වාදර්ශයක් නොවිය යුතුය- අමත්‍ය බන්දුල ගුණවර්ධන  

2018-11-18 15:02:58

විපක්ෂය විසින් ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමයට කරන මෙම හානිය කිසිදවසක ශ්‍රී ලංකාවේ පූර්වාදර්ශයක් නොවිය යුතුය යන ස්ථාවරයක අප සිටිනවා. ප්‍රජතන්ත්‍රවාදය අගයන රටක් ලෙස අගමතිවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ආකාරයට හෝ කිසිම අනපනතක් ගෙන ඒමට කතානායකවරයා අනුගමනය කළ ක්‍රියාපටිපාටිය පූර්වාදර්ශයක් නොවේවා යන්න අපේ ප්‍රාර්ථනය බවත් ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (18) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

සර්ව පාක්ෂික සමුළුවට නොයන බව කතානායක කියයි  

2018-11-18 11:54:58

අද සවස ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික රැස්වීමට තමන් සහභාගි නොවන බව කතානායක කරූ ජයසූරිය මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිඛිතව දැනුම් දී තිබේ.

සියලු පක්ෂ නියෝජිතයන් ජනපති හමුවෙයි  

2018-11-18 08:34:01

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල සහභාගීත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් අද (18) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධනත්වයෙන් පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

කිසිම හේතුවකට පාර්ලිමේන්තුව කල් නොතබන බව ජනපති කියයි  

2018-11-16 14:55:08

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සැසිවාරය කිසිම හේතුවක් නිසා කල් නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල ට්විටර් ගිණුමෙන් පණිවිඩයක් නිකුත් කරමින් කියයි.

පාර්ලිමේන්තුව කල් තබයි  

2018-11-16 14:29:13

පාර්ලිමේන්තුව ලබන 19 වනදා දක්වා කල් තබා තිබේ.

පාර්ලිමේන්තුව උණුසුම්- අරුන්දික කථානායක පුටුවට  

2018-11-16 13:45:07

පිහියක් රැගෙන පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා ඊයේ දිනයේ සභා ගර්භයට පැහමිණීමට විරෝධය පළ කරමින් මෙලෙස විරෝධතාවයේ නියලෙන බව වාර්තා වෙයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon