නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - දේශපාලන

ප්‍රසන්න - විමල්ට පාර්ලිමේන්තු පැමිණීම අත්හිටුවයි  

2018-09-21 13:16:26

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග කඩ කිරිම හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ යන මහත්වරුන්ට පාර්ලිමේන්තුවට පැමිණීම සති හතරක සහ සති දෙකක වශයෙන් අත්හිටුවන ලදී.

ඉදිරි මාස 4දී රුපියල තවත් පහළ යාවි  

2018-09-21 10:01:36

ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන වැඩි වී තිබෙනවා. අපේ රුපියලේ අගය අඩු වී තිබෙන්නේ ඉතා අඩුවෙන්. රුපියල සියයට 7.4කින් අඩු වී තිබෙනවා.

වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය පනත් කෙටුම්පත විවාදයට  

2018-09-19 14:51:45

වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය පනත් කෙටුම්පත අද (19) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක්කය පුළුල් සංවර්ධනයකට ලක් කෙරෙන සිරිසර පිවිසුම යටතේ තවත් සංවර්ධන ප‍්‍රතිලාභ රැසක් හෙට ජනතා අයිතියට  

2018-09-19 14:30:17

සිරිසර පිවිසුම වැඩසටහන යටතේ ප‍්‍රතිසංස්කරණය කෙරුණු ගෝමරන්කඩවල බක්මීගම වැව ජනතා අයිතියට පවරාදීම සහ දීර්ඝ කාලයක් පුරා පවතින අලි – මිනිස් ගැටුමට විසඳුම් ලබාදෙමින් ගෝමරන්කඩවල ප‍්‍රදේශයේ නියමු ව්‍යාපෘතියක් ලෙස ඉදි කෙරුණු කි.මි 30 ක් වූ අලි වැට විවෘත කිරීම හෙට (20) ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරේ.

පලාලි හෝ වෙනත් කිසිදු ගුවන්තොටුපලක් වෙනත් කිසිදු රටකට දෙන්නේ නෑ  

2018-09-18 17:42:13

පලාලි ගුවන් තොටුපල දියුණු කිරීමට කටයුතු කරන බවත් එය හෝ වෙනත් ගුවන් තොටුපලක් වෙනත් කිසිදු රටකට ලබාදීමට කටයුතු නොකරන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

" ළඟම පාසල හොඳම පාසල' වැඩසටහන යටතේ ව්‍යාපෘති 9101ක් අවසන්  

2018-09-18 13:45:09

" ළඟම පාසල හොඳම පාසල'' වැඩසටහන යටතේ ආරම්භ කරන ලද ව්‍යාපෘති සංඛ්‍යාව 13087ක් බවත් මේ වනවිට අවසන් කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව 9101ක් බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

‘ගුරුවරුන්ගේ වැටුප් ගැටලු විසඳීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් යෝජනාවක් සකසන්න- අධ්‍යාපන ඇමැති  

2018-09-18 10:47:47

ගුරු සේවයේ මතුව ඇති වැටුප් පිළිබඳ ගැටළු විසඳීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් යෝජනාවක් සකස් කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

සියයට 10කින් වැඩි කළ යුතු බව කීවත් බස් ගාස්තු වැඩි කිරීම ගැන අවසන් තීරණය ගත යුත්තේ ඇමැති මණ්ඩලයයි  

2018-09-18 09:22:45

උපතිස්ස පෙරේරා

බස් ගාස්තු සියයට 10කින් ඉහළ දැමිය යුතු බවට සමස්ත ලංකා බස් හිමියන්ගේ සංගමය තමන් වෙත ඉල්ලීමක් කර තිබුණද බස් ගාස්තු වැඩි කිරීම පිළිබඳව අවසන් තීරණය ගත යුතුව ඇත්තේ අමාත්‍ය මණ්ඩලය විසින් බවත් දැනටමත් බස් ගාස්තු වැඩි කිරීම පිළිබඳව නිර්ණායකයන් අධ්‍යයනය කොට ඒ පිළිබඳ වාර්තාවක් සකස් කරගෙන යන බැවින් කුමන ප්‍රමාණයකින් බස් ගාස්තු ඉහළ දැමිය යුතුද යන්න පිළිබඳව අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීම සඳහා ජාතික ගමනාගමන කොමිසම වාර්තාවක් සකස් කරන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

හිටපු ජනපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ 112 වැනි ජන්ම දිනය සැමරේ  

2018-09-17 16:07:31

ශ්‍රී ලංකාවේ බිහි වූ කෘතහස්ථ දේශපාලඥයකු වූ හිටපු ප්‍රථම විධායක ජනපති වූ ජේ.ආර් ජයවර්ධන මහතාගේ 112 වැනි ජන්ම සැමැරුම අද (17) පිටකෝට්ටේ පිහිටි ජාතික සේවක සංගම් මූලස්ථානයේ දි එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

රත්නපුර පළාත් මහ රෝහල ශික්ෂණ රෝහලක් ලෙස උසස් කිරිමට පියවර  

2018-09-16 09:23:59

රත්නපුර පළාත් මහ රෝහල ශික්ෂණ රෝහලක් ලෙස උසස් කිරීමට පියවර ගැනේ.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරු දෙදෙනෙක්  

2018-09-13 16:46:53

හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ බෙලිඅත්ත ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරයා ලෙස නීතිඥ උපාලි මොහොට්ටි මහතා පත් කර තිබේ.
ඒ මහතා අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.

හදිසි කැබිනට් රැස්වීමක් අද  

2018-09-13 06:47:44

රුචිර දිලාන් මධුශංඛ

කැබිනට් මණ්ඩලයේ හදිසි රැස්වීමක් අද කැඳවා තිබේ. දහවල් 12.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම විශේෂ කැබිනට් හමුව පැවැත්වීමට නියමිත බව ජේ‍යෂ්ඨ අමාත්‍යවරයෙක් "මව්බිම"ට පැවැසීය.

මහින්ද - මෝදි රාෂ්ට්‍රපතිභවනේදී හමුවෙතිි  

2018-09-13 06:11:22

භාරතීය ජනතා පක්ෂයේ නායක සුබ්‍රමනියම් ස්වාමි මහතාගේ ආරාධනයකට අනුව ඉන්දියාවේ සංචාරයක යෙදී සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ (12දා) නවදිල්ලි නුවරදී එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී සාකච්ඡා කෙළේය.

ගෝඨා අද අලුත් මහාධිකරණය හමුවට  

2018-09-10 07:02:46

වීරකැටිය, මැදමුලන ප්‍රදේශයේ පිහිටි ඩී.ඒ. රාජපක්‍ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ලවී සිටින හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත්දෙනකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අද දින (10දා) කැඳවීමට නියමිතය.

පොළොන්නරුව ඉපැරණි ගිනිපෙට්ටි පාලම යළි ඉදිකිරීම ජනපති ප‍්‍රධානත්වයෙන්  

2018-09-07 13:24:03

පොළොන්නරුව පරාක‍්‍රම සමුද්‍රය ව්‍යාපාරයේ ඞී 1 උතුරු ඇළට අයත් ඉපැරණි ගිනිපෙට්ටි පාලම යළි ඉදිකිරීමේ කටයුතු ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (07) පෙරවරුවේ ආරම්භ කෙරිණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon