නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ක්‍රීඩා

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා නව පාසල් වාර්තා පිහිටු වූ අයේෂ්ට හරසර  

2018-10-16 08:32:12

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා නව පාසල් වාර්තා පිහිටු වූ අයේෂ්ට හරසර

බංග්ලාදේශ යොවුන් ක්‍රිකට් පිලත් ශ්‍රී ලංකාවේ නිල නොවන ටෙස්ට් තරගාවලිය අද ඇරැඹෙයි  

2018-10-16 07:01:34

සංචාරක බංග්ලාදේශ යොවුන් ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන නිල නොවන සිවු දින ටෙස්ට් තරග 2ක් හා එක්දින තරග 5ක්ද ඇතුළත් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී අද (16දා) ආරම්භ වේ.

අයි.සී.සී.යෙන් ජයසූරියට චෝදනා  

2018-10-16 06:51:55

මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල (අයි.සී.සී.) දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබන විමර්ශන කටයුතුවලදී එම නීති සංග්‍රහයේ කරුණු දෙකක් උල්ලංඝනය කිරීම හේතුවෙන් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයකුද වන සනත් ජයසූරියට අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයෙන් චෝදනා එල්ල වී තිබේ.

මාලිංග කඩුලු 500 පසුකරයි  

2018-10-15 13:42:43

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව සහභාගි වූ දෙවැනි එක්දින තරගයේදී ලකුණු 44කට කඩුලු 5ක් දවා ගත් වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ කඩුලු 500 සීමාව පසු කිරීමට සමත් වූ අතර එවැනි දස්කමක් සිදුකළ තෙවැනි ශ්‍රී ලාංකික පන්දු යවන්නා වශයෙන් ඔහු වාර්තා අතරට එක්විණි. ඒ අනුව එක්දින ජාත්‍යන්තර තරග 208කදී කඩුලු 311ක්, ටෙස්ට් තරග 30කදී කඩුලු 101ක් සහ විස්සයි - 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරග 68කදී කඩුලු 90 වශයෙන් ලසිත් මාලිංග බිඳහෙළා ඇති මුළු කඩුලු සංඛ්‍යාව 502කි.

දුක් සුසුම් මැද කාන්තා රග්බි ශූරතාව පදවිය හල්මිල්ලෑව විදුහලට  

2018-10-12 09:01:21

ගාල්ල ඇලෝසියස් ක්‍රීඩාංගණයේ පැවැත්වූ වයස අවුරුදු 14න් පහළ කාන්තා - 2018 රග්බි තරගාවලියේ සමස්ත ලංකා ශූරතාව හිමිකර ගැනීමට පදවිය අලුත්හල්මිල්ලෑව විදුහල සමත් විය.

44 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල අද පොළොන්නරුවේදී ඇරැඹේ  

2018-10-11 07:17:13

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හා ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව 44 වැනි වරටත් සංවිධානය කරනු ලබන ජාතික මහා ක්‍රීඩා උළෙල අවසන් අදියර පොළොන්නරුව කේන්ද්‍ර කරගනිමින් අද (11දා) සිට 14 වැනිදා දක්වා පොළොන්නරුව දිස්ත්‍රික් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

වයඹ පළාත් ක්‍රීඩා ශූරතාව කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායමට  

2018-10-10 14:41:13

වෙන්නප්පුව ශ්‍රී මත් ඇල්බට් ඇෆ්. පීරිස් ක්‍රීඩාංගණයේදී පසුගිය දින දෙකක් පුරා පැවැති වයඹ පළාත් ක්‍රීඩා උළෙලේදී කාන්තා හා පිරිමි ශූරතාවන්ද සමඟ සමස්ත ශූරතාව ලකුණු 214ක් ලබාගත් කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායමට හිමිවූ අතර ලකුණු 129ක් ලබාගත් පුත්තලම දිස්ත්‍රික් කණ්ඩායමට අනුශූරතාව හිමිවිණි.

20න් පහළ අන්තර් පාසල් බේස්බෝල් තරගාවලිය අද සිට 14දා දක්වා නාලන්දා විදුහලේ අනුග්‍රහයෙන්  

2018-10-09 11:01:43

අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයේ අධීක්ෂණය යටතේ කොළඹ නාලන්ද විද්‍යාලීය කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයේ අනුග්‍රාහකත්වයෙන් සංවිධානය කරන 2018 අන්තර් පාසල් වයස අවුරුදු 20න් පහළ බේස්බෝල් තරගාවලිය අද සිට 14 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

සමස්ත ලංකා පාසල් කී‍්‍රඩා තරගාවලියේ සමාප්ති උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්  

2018-10-06 12:18:13

2018 සමස්ත ලංකා පාසල් කී‍්‍රඩා තරගාවලියේ සමාප්ති උත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ(05) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංණයේ දී පැවැත්විණි.

එංගලන්ත පිල පුහුණු කිරීමේ උදව්වට ප්‍රසන්න ජයවර්ධනත් කතා කරගනී  

2018-10-05 14:42:14

මේ දිනවල ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සඳහා සහභාගි වන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රැකීමේ විශේෂ පුහුණු උපදේශකයකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු කඩුලු රකින්නකු වූ ප්‍රසන්න ජයවර්ධන එක්වී ඇති බව මව්බිමට වාර්තා වේ.

සමස්ත ලංකා ළමා චිත්‍ර තරගයේ කනිෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය අයි.කේ. ඩිමල්කා ඉඳුරන්පිටියට  

2018-10-05 07:56:23

ගිරාගම සෞන්දර්ය ගුරු විදුහල් පරිශ්‍රයේදී පැවැති සෝලියස් මැන්දිස් සමස්ත ලංකා ළමා චිත්‍ර තරගයේ කනිෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය වෙනුවෙන් පිරිනැමෙන අති විශිෂ්ට සම්මාන සහතිකය පැල්මඬුල්ල ධර්මාලෝක මහා විද්‍යාලයේ අයි.කේ. ඩිමල්කා ඉඳුරන්පිටිය ශිෂ්‍යාව හිමිකරගෙන ඇත. 

ශ්‍රී ලංකා එංගලන්ත සටනේ පළමු පෙරහුරුව අද ඕවල් හිදී  

2018-10-05 07:17:41

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම සමඟ අද (5දා) කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු පුහුණු එක්දින ක්‍රිකට් තරගයේ නායකත්වය ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් හට හිමි වී ඇත. තවද කලකට පසුව ළහිරු තිරිමාන්න එක්දින කණ්ඩායමකට නම් කර තිබීමද විශේෂත්වයකි.

එංගලන්ත සමඟ තරගාවලිය ටිකක් බරට ගන්න වේවි - සංගක්කාර  

2018-10-04 15:00:52

ඡාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් වර්ගීකරණයේ ඉහළම ස්ථානයක පසුවන එංගලන්තය සමඟින් පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවට විශාල අභියෝගයක් වීමට ඉඩ ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන කුමාර් සංගක්කාර පවසා තිබේ.

16 වැනි ජාතික වූෂු ශූරතා තරගාවලිය දාඔෂු රන් පදක්කම ඩී.එම්.එච්.සී.බණ්ඩාරට  

2018-10-04 08:29:46

ශ්‍රී ලංකා වූෂු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන 16 වැනි ජාතික වූෂු ශූරතා තරගාවලිය අද(4දා) නිමාවට පත්වීමට නියමිත අතර ඊයේ(3දා) දිනයේදී තාඕලු අංශයේ චන්චුවාන්, තායිජි වුවාන් සහ නන්දාඕ ඉසව් නිමාවට පත්විය.

20න් පහළ අන්තර් පාසල් බේස් බෝල් තරඟාවලිය ඔක්තොම්බර් මස 10 සිට 14 දක්වා  

2018-10-03 17:53:39

වයස අවුරුදු 20න් පහළ අන්තර් පාසල් බේස් බෝල් තරඟාවලියක් ඔක්තොම්බර් මස 10 වෙනිදා සිට 14 දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පාසල් බේස් බෝල් සංගමය සහ ‍කොළඹ නාලන්දා විද්‍යාලයිය කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය පවසයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon