නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

විදුලිබල මණ්ඩලය හෙට සිට වර්ජන සූදානමක  

2017-10-24 14:22:17

පසුගිය පාලන සමයේ ලංකා විදුලිබල මණ්ඩලය තුළ සිදුව ඇති මූල්‍ය වංචාව නීත්‍යනුකූල කිරීම සඳහා කැබිනට් අද (24දා) අනුමැතිය ලබා දුනහොත් හෙට (25දා) දහවල් 12.00 සිට සේවයෙන් ඉවත් වී අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කරයි.

බංග්ලාදේශ නාවික නෞකා සොමුද්‍රා අවිජාන් කොළඹ වරායට සේන්දු වෙයි  

2017-10-24 13:36:46

බංග්ලාදේශ නාවික හමුදාවට අයත් සොමුද්‍රා අවිජාන් නෞකාව සුහද සංචාරයක් සඳහා (ඔක්තෝබර් 23) කොළඹ වරායට ‍සේන්දු විය. එහිදී නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගත් අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු එස් අස්ලම් පර්වේස් මහතා ද සහභාගී විය.

නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට  

2017-10-24 11:30:06

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතු වල නිරත පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය. එම පුද්ගලයින් නීති විරෝධී ධීවර කටයුතු වල නිරත වීම, කේරළ ගංජා ප්‍රවාහනය කිරීම සහ කැස්බෑ මස් ලඟ තබා ගැනීම වැනි හේතූන් මත මෙලෙස නාවික හමුදා අත්අඩංගුවට පත්ව ඇත.

උතුරු දුම්රිය මාර්ගයේ කොටසක් වැසේ  

2017-10-23 13:06:50

උතුරු දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් නාවත්කුලිය සහ යාපනය අතර දුම්රිය ධාවන කටයුතු අද (23) සිට ලබන 27දා දක්වා දින පහක කාලයක් වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගුරු ප්‍රතිභා ප්‍රභා ජාතික උළෙල අදයි  

2017-10-23 12:31:25

ගුරු හා විදුහල්පතිවරුන් ඇගයීමේ ජාතික මහෝත්සවය (ගුරු ප්‍රතිභා ප්‍රභා) අද(23) පැවැත්වෙයි.

ව්‍යවස්ථාව ගැන මල්වතු - අස්ගිරි තීන්දුව ළඟදීම  

2017-10-23 10:01:15

මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් දෙනම මේ වනවිට විදේශ ගත වී සිටින නිසා උන්වහන්සේලා මෙරටට වැඩිය පසු අලුතින් සකස් කිරීමට සූදානම් වන ව්‍යවස්ථාව පිළිබඳව සංඝ සභා දෙකත් සමඟ සාකච්ඡා කර නව ව්‍යවස්ථාව පිළිබඳව තමන් වහන්සේලාගේ පොදු අදහස් ප්‍රකාශ කිරීමට සූදානම් බව අස්ගිරි පාර්ශ්වයේ අනු නාහිමි අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි මහ නාහිමියෝ පැවැසූහ. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් 21 වැනි දින පාතදුම්බර පිටියේගෙදර රජමහ විහාරයේ විහාර මන්දිරය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අනු නාහිමියෝ මෙසේද කීහ.

ආදායම්-වියදම් සමීක්ෂණයට අනුව පුද්ගල ආදායම වැඩිවෙලා  

2017-10-23 09:35:59

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් 2016 වසරේදී පැවැත්වූ ගෘහ ඒකක ආදායම් හා වියදම් පිළිබඳ සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ මධ්‍යන්‍ය මාසික ගෘහ ඒකක ආදායම රු. 62,237ක් වන බව පවසයි.

කරුණා කරපු අයගෙ අකාරුණික වැඩ හින්දා ශ්‍රී පාද අඩවිය නාය යයි  

2017-10-21 13:38:23

සිංහල අලුත් අවුරුද්ද උදාවූ 14 වැනිදා අඩි 180ක් උස මීතොටමුල්ල කුණු කන්දෙහි කොටසක් කඩා වැටුණේ එම ප්‍රදේශයේ ජීවත් වූ මිනිසුන්, දේපොළ හා නිවාස විශාල සංඛ්‍යාවක් පොළොවට සමතලා කරමිනි.

නීතිවිරෝධි විදෙස් සේවයේ වගකීම භාර ගන්නේ නැහැ  

2017-10-21 11:37:00

විදේශයන්හි නීතිවිරෝධිව සේවය කරමින් සිට සිරගතවීමක දී, රෝහල් ගතවීමකදී හෝ මියගොස් ඇති විටකදී දැරීමට සිදුවන වියදම් පිළිබඳව කිසිදු වගකීමක් භාර නොගන්නා බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

නිවාඩු නොලබා සේවයට නොපැමිණි සිටින යුද්ධ හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක්  

2017-10-20 13:21:21

ආරක්ෂක අමාත්‍ය සහ සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමන්ගේ අනුමැතිය හා ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් අනුව යුද්ධ හමුදාධිපතිතුමා විසින් නිවාඩු නොලබා සේවයට නොපැමිණ සිටින යුද්ධ හමුදා සාමාජිකයින්ට නිත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.

ඉන්දුනීසියානු නාවික නෞකා ක්‍රී බන්ග් ටෝමෝ කොළඹ වරායට සේන්දු වෙයි  

2017-10-20 11:45:55

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ක්‍රී බන්ග් ටෝමෝ නෞකාව  (ඔක්තෝබර් 19) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට ‍සේන්දු විය. එහිදී නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගත් අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ. 

අනුරාධපුරයෙන් පැරණි කාසි සහිත මැටි බඳුනක්  

2017-10-20 09:49:03

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ජේතවන ව්‍යාපෘතිය මගින් අනුරාධපුර උච්චාවාලික රජමහ විහාරයේ සිදුකරන ලද කැණීම් හා සංරක්‍ෂණ කටයුතුවලදි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් භාණ්ඩ කිහිපයක් හමු වී තිබේ.

සයිටම් විරෝධී ජන පවුරෙන් අත් පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනක්  

2017-10-19 16:51:00

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සයිටම් විරෝධී ජන පවුර මඟින් සංවිධානය කළ අත් පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනක් අද(19) පෙරවරුවේ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී ක්‍රියාත්මක කෙරුණා.

ග්‍රාම ශක්ති ජාතික වැඩසටහන හෙට ඇරඹේ  

2017-10-19 14:49:48

ග්‍රාම ශක්ති ජාතික වැඩසටහන 20දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ.

ශ්‍රී ලංකා මුහුදු සීමාවට එන ඉන්දීය ධීවර යාත්‍රා ගණන අඩුවේ  

2017-10-19 10:14:43

මෙරට මුහුදු සීමාවන්ට ඉන්දීය ධීවරයන්ගේ පැමිණීම ශීඝ්‍ර ලෙස පහත වැටී ඇති බව නාවික හමුදා මූලස්ථානය සඳහන් කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon