නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

දුම්රිය ගාස්තු වැඩි කරන්න රජය උත්සාහයක  

2017-10-10 13:46:27

වාර්ෂිකව දුම්රිය සේවයෙන් සිදුවන රුපියල් බිලියන 25කට ආසන්න අලාභය සලකා දුම්රිය ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු යැයි දුම්රිය තාක්ෂණික උපදේශක සභාව රජයට නිර්දේශ කර තිබේ. වසර ගණනාවකින් දුම්රිය ගාස්තු සංශෝධනයක් සිදු නොකිරීමත්, දුම්රිය සේවයේ නඩත්තු වියදම් අධික ලෙස ඉහළ යෑමත් පදනම් කරගෙන මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

ප්‍රසන්න රණතුංගගේ නඩුව විභාගයට දින නියම කරයි  

2017-10-10 12:38:42

කේ.එස්. උදයකුමාර්

ඉඩමක් ගොඩකිරීමට අවශ්‍ය අනුමැතිය දීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 64ක මුදලක් බලහත්කාරයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිය ඇතුළු විත්තිකරුවන් 03 දෙනකුට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණය දින නියම කළේය.

නෝර්වුඩ් ඇඟලුම් සේවිකාවන් යළිත් ලෙඩ වෙයි  

2017-10-10 11:17:39

හැටන් - නෝර්වුඩ් ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්තශාලාවක සේවිකාවන් පිරිසක් ඊයේ (09දා) උදෑසන යළිත් රෝගාතුර වී උමතුවෙන් මෙන් හැසිරීම හේතුවෙන් එම කර්මාන්තශාලාව තුළ සිටි සෙසු ඇඟලුම් සේවිකාවෝ භීතියට පත්ව සිටියහ.

ඉදිරියේදී වැසි තත්වයේ වැඩිවීමක්  

2017-10-10 10:03:51

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන අතර දිවයින පුරා අහස වළාකුලින් බරව පවතිනු ඇති අපේක්ෂා කෙරේ.

හම්බන්තොට ගුටි කෙළිය නාමල්ට අදත් පොලිසි එන්න නියෝග  

2017-10-10 09:30:41

චාමර අමරසූරිය,
හම්බන්තොට - රාහුල් සමන්ත

මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට පැවැරීමට එරෙහිව පැවැති විරෝධතාවක් අතර ඇති වූ කලහකාරී තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයන් ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නාමල් රාජපක්ෂ, ඩී.වී. චානක, ප්‍රසන්න රණවීර සහ පළාත් සභා මන්ත්‍රි උපාලි කොඩිකාර, සම්පත් අතුකෝරල, මේජර් අජිත් ප්‍රසන්න යන අයට හම්බන්තොට පොලිසියේ අද (10දා) දින පෙනී සිටින ලෙසට දන්වා තිබේ.

රාජ්‍ය විශ්‍රාමිකයින්ගේ සංගමය විරෝධතාවක  

2017-10-09 14:57:42

රාජ්‍ය විශ්‍රාමිකයින්ගේ සංගමය විසින් සංවිධානය කර තිබූ විරෝධතා ව්‍යාපාරයක් අද(09) උදැසන කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටින් ආරම්හ වුණා.

කළුතර ස්ථාන කිහිපයකට හෙට වතුර නෑ  

2017-10-09 14:41:42

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට(10) පැය 9ක කාලයක් කළුතර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

143 වන තැපැල් දින සැමරුම අද  

2017-10-09 11:39:29

එකසිය හතළිස් තුන්වන ලෝක තැපැල් දින සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පොලොන්නරුව බුද්ධි මණ්ඩපයේ දී පැවැත්වේ.

රිය අනතුරු නිවාරණ පා ගමනක්  

2017-10-08 14:16:52

අද (8දා) ආරම්භ වන හදිසි අනතුරු පිළිවෙත් පිළිබඳ ලෝක විද්වත් සමුළුවට සමගාමීව "පළමුව ජීවිතය සැමට ආරක්ෂාව" යන තේමාව යටතේ සංවිධානය වන පාගමනක් හෙට (9දා) උදෑසන 8ට කොළඹ ජාතික රෝහල ඉදිරිපිට ඊ. ඩබ්ලිව්. පෙරේරා මාවතෙන් ආරම්භ වේ.

ගබ්සා නීතිය ගැන හදවතින් සිතන්න නුවණැසින් බලන්න  

2017-10-08 12:53:05

කාලෙන් කාලෙට යටපත් වෙමින් යළි මතුවෙමින් කතාබහට ලක්වෙන ශ්‍රී ලංකාවේ ගබ්සාව පිළිබඳව දැන් නැවතත් කරළියට ඇවිත්. ඒ විශේෂ අවස්ථා දෙකකදී මවගේ කැමැත්ත මත ගබ්සා කිරීමට අවස්ථාව ලබාදීමට වූ කැබිනට් යෝජනාවට ඇමැති මණ්ඩලය අනුමැතිය දීමත් සමඟය. ඒ අතවරයකට ලක්ව ගැබ්ගත්තේ නම් හෝ ඉපදීමට නියමිත දරුවා මාරාන්තික උපත් ආබාධයකින් යුක්ත නම් ඒ අනුව ගබ්සා කිරීමට හිමිවන අනුමැතියයි.

කොළඹට අද පැය 15ක් වතුර නෑ  

2017-10-08 11:07:35

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (08) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

කටුගස්තොට "පොලිෂ්" කරපු ඉතිහාසයේ දැවැන්තම පොලිස් මාරුව  

2017-10-08 10:22:34

ශ්‍රී ලංකා පොලිසියේ මෑත ඉතිහාසයේ සිදු වූ දැවැන්තම පොලිස් මාරුවකට කටුගස්තොට පොලිසිය ඉකුත් ඔක්තෝබර් පළමු වැනිදා මුහුණ දුන්නේය.

ජාතික විශ්‍රාම දිනය අදයි  

2017-10-08 09:42:26

ජාතික විශ්‍රාමික දිනය අද (08) ට යෙදී ඇත.

සංවර්ධනය හා ජනගහනය පිළිබඳ ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රී සමුළුව කොළඹ දී  

2017-10-07 14:53:03

සංවර්ධනය හා ජනගහනය පිළිබඳ ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ 12 වන සමුළුව අද (07) කොළඹ දී ආරම්භ වෙයි.

වැසි තත්ත්වය තවදුරටත්  

2017-10-07 12:43:02

ඉදිරි දින කිහිපයේදීත් පවතින වැසි තත්ත්වය, තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon