නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

කළුතර ස්ථාන කිහිපයකට හෙට වතුර නෑ  

2017-10-09 14:41:42

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට(10) පැය 9ක කාලයක් කළුතර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

143 වන තැපැල් දින සැමරුම අද  

2017-10-09 11:39:29

එකසිය හතළිස් තුන්වන ලෝක තැපැල් දින සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පොලොන්නරුව බුද්ධි මණ්ඩපයේ දී පැවැත්වේ.

රිය අනතුරු නිවාරණ පා ගමනක්  

2017-10-08 14:16:52

අද (8දා) ආරම්භ වන හදිසි අනතුරු පිළිවෙත් පිළිබඳ ලෝක විද්වත් සමුළුවට සමගාමීව "පළමුව ජීවිතය සැමට ආරක්ෂාව" යන තේමාව යටතේ සංවිධානය වන පාගමනක් හෙට (9දා) උදෑසන 8ට කොළඹ ජාතික රෝහල ඉදිරිපිට ඊ. ඩබ්ලිව්. පෙරේරා මාවතෙන් ආරම්භ වේ.

ගබ්සා නීතිය ගැන හදවතින් සිතන්න නුවණැසින් බලන්න  

2017-10-08 12:53:05

කාලෙන් කාලෙට යටපත් වෙමින් යළි මතුවෙමින් කතාබහට ලක්වෙන ශ්‍රී ලංකාවේ ගබ්සාව පිළිබඳව දැන් නැවතත් කරළියට ඇවිත්. ඒ විශේෂ අවස්ථා දෙකකදී මවගේ කැමැත්ත මත ගබ්සා කිරීමට අවස්ථාව ලබාදීමට වූ කැබිනට් යෝජනාවට ඇමැති මණ්ඩලය අනුමැතිය දීමත් සමඟය. ඒ අතවරයකට ලක්ව ගැබ්ගත්තේ නම් හෝ ඉපදීමට නියමිත දරුවා මාරාන්තික උපත් ආබාධයකින් යුක්ත නම් ඒ අනුව ගබ්සා කිරීමට හිමිවන අනුමැතියයි.

කොළඹට අද පැය 15ක් වතුර නෑ  

2017-10-08 11:07:35

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (08) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

කටුගස්තොට "පොලිෂ්" කරපු ඉතිහාසයේ දැවැන්තම පොලිස් මාරුව  

2017-10-08 10:22:34

ශ්‍රී ලංකා පොලිසියේ මෑත ඉතිහාසයේ සිදු වූ දැවැන්තම පොලිස් මාරුවකට කටුගස්තොට පොලිසිය ඉකුත් ඔක්තෝබර් පළමු වැනිදා මුහුණ දුන්නේය.

ජාතික විශ්‍රාම දිනය අදයි  

2017-10-08 09:42:26

ජාතික විශ්‍රාමික දිනය අද (08) ට යෙදී ඇත.

සංවර්ධනය හා ජනගහනය පිළිබඳ ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රී සමුළුව කොළඹ දී  

2017-10-07 14:53:03

සංවර්ධනය හා ජනගහනය පිළිබඳ ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ 12 වන සමුළුව අද (07) කොළඹ දී ආරම්භ වෙයි.

වැසි තත්ත්වය තවදුරටත්  

2017-10-07 12:43:02

ඉදිරි දින කිහිපයේදීත් පවතින වැසි තත්ත්වය, තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ශ්‍රී ලංකාවේ ජලජීවී වගාවට උචිත ඉඩම් හෙක්ටයාර දස දහසක්  

2017-10-06 15:31:58

ශ්‍රී ලංකාව තුළ මසුන්, ජලජ පැළෑටි සහ බෙල්ලන් ඇතුළු ජලජීවී වගාවට උචිත ඉඩම් හෙක්ටයාර් 10,000ක් ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය විසින් කරන ලද සමීක්ෂණයකින් හෙළිදරව් වී ඇත.

කෘෂිකාර්මික භාණ්ඩ සහ උපකරණ බදුවලින් නිදහස් කෙරේ  

2017-10-06 14:15:10

ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාමය සාර්ථක කර ගැනීම සඳහා, පිටරටින් ගෙන්වන සියලු ම කෘෂිකාර්මික භාණ්ඩ සහ තාක්ෂණික උපකරණ බදුවලින් නිදහස් කිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

නොබෙල් සාම ත්‍යාගයට තෝරාගත් නම් ප්‍රකාශ කිරීම අද  

2017-10-06 12:42:34

මෙවර නොබෙල් සාම ත්‍යාගය සඳහා තෝරාගත් නම් අද (6දා) ප්‍රකාශයට පත් කෙරේ.

අද කාලගුණය  

2017-10-06 11:23:33

දිවයිනේ නිරිතදිග කොටසේ සහ නැඟෙනහිර පළාතේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපය තුළ ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සංඝ කථිකාවත පාර්ලිමේන්තුවෙන් සම්මත කර දෙන්න  

2017-10-06 10:13:34

සංඝ කථිකාවත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට සම්මත කර දෙන ලෙස ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහ නායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමියෝ රජයෙන් ඉල්ලීමක් කරති.

ලක්ෂ 25ක් අනාථයි: ලක්ෂ 3කට කන්න නෑ  

2017-10-06 09:52:17

දේශගුණික විපර්යාසයන්ට ගොදුරු වීම හේතුවෙන් මේ වසරේදී දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් ලක්ෂ විසි පහකට අධික සංඛ්‍යාවක් අනාථ වූ බව පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා පවසයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon