නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

මාර්ග තදබද විසඳාගැනීමට පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කෙළ යුතුයි - අමාත්‍ය චම්පික  

2018-01-17 11:37:40

මේ රටේ වර්තමානයේ ඇති වී තිබෙන මාර්ග තදබදයේ ගැටළුව විසඳා ගැනීමට අනිවාර්යෙන්ම හැකියාව ඇත්තේ බස්රිය සහ දුම්රිය පොදු ප‍්‍රවාහන සේවය ශක්තිමත් කිරීමෙන් පමණක් බවත් එය වෙනත් මාර්ගවලින් පාලනය කළ හැකි තත්වයකට පැමිණ නොමැති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ඉදිරි දින කිහිපයේදී නුවරඑළියට මල් තුහින  

2018-01-17 10:32:00

ඉදිරි දින වල දී හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ජල රොකට්ටුවෙන් කොළඹ රාජකීයයන් ගිනස් පොතට  

2018-01-17 09:55:57

තත්පර පහක කාලයක් තුළ ජල රොකට් 2000 ක් ගුවන්ගත කිරීමෙන් ගිනස් වාර්තාවක් තැබීමට කොළඹ රාජකීය විද්‍යාලයීය දරුවන් සමත් වී තිබේ. 

කරාපිටිය රෝහලේ සහ ඇල්පිටිය රෝහලේ නව වාට්ටු සංකීර්ණ විවෘත කිරිම (19) වන දා  

2018-01-17 09:23:18

ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් මහජනතාවට ලබාදීමේ අරමුණින් සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනයට පියවර ගනිමින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මහල් 09 කින් යුත් අංග සම්පුර්ණ ළමා වාට්ටු සංකීර්ණයට මුල්ගල් තැබීම සහ ඇල්පිටිය මුලික රෝහලේ මහල් 08 කින් යුත් වාට්ටු සංකිර්ණයට මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් (19) දින සිදු කිරීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු අත්අඩංගුවට  

2018-01-16 13:55:29

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවන් 4 ක් ඊයේ (ජනවාරි 15) නාවික හමුදා භාරයට පත් විය.

ගම්පහ දිස්ත්‍රික්කයේ සහන මෙහෙයුම්වල භට පිරිස් තවදුරටත්  

2018-01-16 10:47:04

ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයේ, ග්‍රාම නිලධාරි වසම් 20 කට වැඩි ප්‍රදේශයක් පුරා පසුගියදා ඇතිවූ හදිසි තද සුළි සුළං තත්ත්වය හේතුවෙන්, එම ආපදා තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරින් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සාමාජිකයින්ගේ සම්බන්ධිකරණයෙන් යුද්ධ හමුදා භට පිරිස් අනෙකුත් හමුදාවන් සමඟ එක්ව තවදුරටත් සහන සේවා කටයුතු වල නිරතව සිටියි.

සඟවා තැබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ  

2018-01-15 17:30:56

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය ජනවාරි 13 වන දින ලංකාපටුන ප්‍රදේශයේ සඟවා තැබූ පුපුරණද්‍රව්‍ය තොගයක් සොයා ගන්නා ලදී.

නව විනිසුරුවරයෙක් සහ නව සභාපතිවරයෙක් දිවුරුම් දෙති  

2018-01-15 17:11:34

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස එල්.ටී.බී දෙහිදෙණිය මහතා අද (15) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ශ්‍රී ලංකාවේ සිතියම වසර 18 කට පසු අලුත් කරයි  

2018-01-15 14:27:46

ශ්‍රී ලංකාවේ භූගෝලීය සිතියම අලුතින් සකස් කිරීමට ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය විනාශ කෙරේ  

2018-01-15 12:42:16

අත්අඩංගුවට ගන්නා අන්තරාදායක මත්ද්‍රව්‍ය ප්‍රසිද්ධියේ විනාශ කිරීම පසුගිය දින  ජනාධිපති මෛත්‍රීපාල, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, පොලිස්පති පූජිත් ජයසුන්දර, නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කටුනායක සිදු කෙරිණි.

සුළං තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාව වෙත සහන සැළසීමේ කටයුතු සඳහා නාවික හමුදාව එක්වෙයි  

2018-01-15 11:31:08

පසුගිය දිනවල දිවුලපිටිය ප්‍රදේශයට බලපෑ සුළං තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ සාමාන්‍ය ජන ජීවිතය අඩාල විය. ඔවුන්ගේ දෛනික කටයුතු යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට (4RU) අනුයුක්ත නාවික පුද්ගලයින් සිය දායකත්වය ලබා දෙන ලදී. 

පොල්ගහවෙල ගුවන්පාලම 17 දා ජනතා අයිතියට  

2018-01-13 08:36:50

පොල්ගහවෙල ගුවන් පාලම එළැඹෙන 17 දා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අතින් ජනතා අයිතියට පත්කිරීමට නියමිතය. 

රජයේ හා පෞද්ගලික සියලුම පාසල්වල පළමු වැනි ශේ්‍රණියේ පන්ති 15දා ඇරැඹේ  

2018-01-12 15:06:03

රජයේ සියලුම පාසල් හා රජයේ ආධාර ලබන හෝ නොලබන පෞද්ගලික පාසල්වල පළමු වැනි ශේ්‍රණියේ පන්ති ලබන සඳුදා (15දා) ආරම්භ කෙරේ.

කේරළ ගංජා කිලෝග්‍රෑම් 356 ක් සොයා ගැනීමට සහ මත් පෙති ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය  

2018-01-12 14:13:04

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව ඊයේ (11) වයඹ නාවික විධානයට අනුයුක්ත මැරීන් බලකායේ නාවිකයින්, සිලාවතුර, පොලිසියේ නිලධාරින් සහ මන්නාරම, මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරින් පිරිසක් එක්ව කායක්කුලි ප්‍රදේශයේදී සිදු කළ සෝදිසි කිරීමක දී සඟවා තැබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 356 ක් සොයා ගැනීමට සමත්වී ඇත.

සාමණේර දෙනමට අතවර කළ හිමිනම 17දා තෙක් රිමාන්ඩ්  

2018-01-12 12:21:51

කුඩා භික්ෂුන් වහන්සේ දෙදෙනකු බරපතළ ලෙස ලිංගික අපචාරයට ලක්කිරීමේ චෝදනාව මත කරදගොල්ල ප්‍රදේශයේ පිහිටි පිරිවෙනක ප්‍රධාන හිමිනම අත්අඩංගුවට ගෙන මේ මස 17 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon