නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

දිස්ත්‍රික් 03කට නායයෑම් අනතුරු නිවේදන  

2017-09-27 11:45:51

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කළුතර, රත්නපුරය සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක තුනට නායයාමේ අනතුරු හඟවා ඇත.

කොළඹට නිදහස් අන්තර්ජාල පහසුකම් ලබාදීමේ යන්ත්‍ර 200ක්  

2017-09-26 15:56:47

නිදහස් අන්තර්ජාල පහසුකම ලබාදීමේ යන්ත්‍ර 200ක් ඉදිරියේදී කොළඹ නගරය පුරා ඉදිකිරීමට නියමිත බවත් රටේ භාවිත කරන ජංගම දුරකථන ප්‍රමාණය රටේ ජනයගහණයට වඩා විශාල අතර ම අන්තර්ජාල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳව විශාල ඉල්ලුමක් රටේ ඇති ව තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 58 වන ගුණ සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්  

2017-09-26 14:44:15

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 58 වන ගුණ සමරු උත්සවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (26) පෙරවරුවේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසල දී පැවැත්විණි.

රටින් ගෙන්වන ලොකු ලූනුවලට 100% බද්දක්  

2017-09-26 12:39:08

ආනයනික රට ලූනු සඳහා සියයට සියයක බදු මුදලක් පැනවීමට ජනාධිපති මෛත්‍රිපාල...සිරිසේන මහතා මුදල් අමාත්‍යාංශය වෙත උපදෙස් දී තිබේ.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඔක්: 5  

2017-09-26 10:02:11

පහ ශේ්‍රණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඔක්තෝබර් 5දා නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර "මව්බිම"ට පැවැසීය.

ලලිත් ජයසිංහට ඇප  

2017-09-25 17:21:36

හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

ටෙක්නිකල් මන්සංදියේ දැඩි රථ වාහන තද බදයක්  

2017-09-25 15:42:57

මරදාන ටෙක්නිකල් මන්සංදිය අසලදී බස් රථයක් මතට ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගය අවහිර වී තිබෙනවා.

පළාත් ඡන්දයට නසීර් හා පේෂල තරග කරනවාලු  

2017-09-25 15:00:12

ඉදිරි පළාත් සභා මැතිවරණ සඳහා යළිත් තරග කරන බව නැඟෙනහිර පළාත් මහ ඇමැති නසීර් අහමඩ් හා උතුරු මැද පළාත් මහ ඇමැති පේෂල ජයරත්න යන මහත්වරු පවසති.

හෝටල් පාසල් උපාධිධාරීන්ගේ වාර්ෂික මහාසභා රැස්වීමට අගමැති එක්වෙයි  

2017-09-25 13:24:50

ශ්‍රී ලංකා හෝටල් පාසල් උපාධිධාරීන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.

වතුකරයේ තරුණයන් සවිබල ගන්වන්න ඉන්දීය රජයෙන් රු. මිලියන 199ක්  

2017-09-25 11:44:59

වතුකරයේ තරුණයන් සවිබල ගැන්වීම සඳහා ඉන්දීය රජයේ ආධාර ලෙස රුපියල් මිලියන එකසිය අනූනවයක් (199)ක් ප්‍රදානය කෙරුණු බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් සඳහන් කරයි.

නිරිතදිග වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක්  

2017-09-24 12:15:45

සැප්තැම්බර් 25 සහ 26 දින වලදී දිවයිනේ නිරිත දිගකොටසේ වැසි තත්වයේ සුළු වැඩිවීමක් ඇතිවේ යැයි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව අපේක්ෂා කරයි.

ජාතික මුද්දර ප්‍රදර්ශනයට නිර්මාණ භාරගැනේ  

2017-09-23 15:22:46

තැපැල් දෙපාර්තමේන්තුවේ 50වැනි සංවත්සරයට සමාඟාමීව සංවිධානය කරනු ලබන 2017 ජාතික මුද්දර ප්‍රදර්ශනය සඳහා නිර්මාණ භාරගැනීමේ කටයුතු මේ වන විට සිදුකරන බව තැපැල් මූලස්ථානය සඳහන් කරයි.

මස්කෙළිය රෝහලේ සෝපානයට පණ දෙන්න කවුරුවත්ම නැද්ද?  

2017-09-23 14:02:06

වසර 3කට අධික කාලයක් තිස්සේ මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ විදුලි සෝපාන යන්ත්‍ර දෙකම අක්‍රියවය. පැමිණෙන රෝගී ජනතාව මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයද මේ නිසා අපහසුවෙන්ය.

මාර්ග නීති කඩකරන්නන් හඳුනාගැනීමේ වැඩපිළිවෙළක්  

2017-09-23 12:02:20

මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් හඳුනාගෙන ඔවුන්ට නීතිමය පියවර ගැනීමේ විශේෂ වැඩපිළි‍වෙළක් අද (23) සිට ඉදිරියට සති කිහිපයක් පුරා කොළඹ නගරය තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

කොටහේන අලුත් මාවත වැසේ  

2017-09-23 10:18:47

කොටහේන අලුත් මාවතේ ජලනල එළීමේ ව්‍යාපෘතියක් හේතුවෙන් ඊයේ (22) රාත්‍රී 9.00 සිට 25දා උදෑසන 5.00දක්වා එම මාවත සම්පූර්ණයෙන් ම වසා තැබෙනු ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon