2018-03-15
උපන් පණ
දිනය 2014 නොවැම්බර් 21 දා ය. අලුත් ඉරක් පෑව්වේ ය. අලුත් බලාපොරොත්තුවක් එළියට ආවේ ය. චන්ද්රිකාට ගේමක් වුණේ ය. ජවිපෙට පිදුරු ගහක් වුණේ ය. රනිල්ට සිහිනයක් වුණේ ය. මෛත්රිට සිහිනෙන්වත් නොසිතූ දෙයක් වුණේ ය. පොදු අපේක්ෂකයා කරළියට ආවේ ය. සියලු බලයන් එකතු විය. පොරොන්දු ගොඩකි. දූෂණයට, වංචාවට තිත තැබීමත්, දූෂිතයන්ට දඬුවම් දීමත් ඒ අතර ප්රබලම පොරොන්දු ය. තරුණයන්ට සිහින මල්ලක් දුන්නේ ය. කාර්, බයිසිකල්, ෆී්ර වයි-ෆයි, ජොබ්ස්, වොක්ස්වැගන් කොම්පැනි ඒ අතර විය. 2015 ජනවාරි 8 උදා විය. පොදු අපේක්ෂක මෛත්රි ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ ය. රනිල් අගමැති ලෙස දිවුරුම් දුන්නේ ය. සම්මුතිවාදී යහපාලන ආණ්ඩුව උපත ලැබුවේ ය.