නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - හටන

ක්‍රි.ව. 400දී අනුරාධපුර නගරයේ ශ්‍රී විභූතිය දුටු ෆාහියන් භික්‍ෂුව   

2018-02-18

ෆාහියන් බුද්ධ ධර්මය සොයා චීනයේ සිට මෙරටට පැමිණි භික්‍ෂුවකි. මෙරටට පැමිණි දේශාටකයන් අතර ෆාහියන්ට හිමි වනුයේ සුවිශේෂී ස්ථානයකි. ෆාහියන්ගේ මතක සටහන් ඉතිහාසය හදාරන තැනැත්තන්ගේ සිත් ගත්තේය. ඔහු උත්තම පුරුෂයෙන් තැබූ සටහන් රසවත් සාහිත්‍යමය තොරතුරුවලින් ද නිරීක්‍ෂණයෙන්ද බොහෝ සේ පොහොසත් වූයේය. එබැවින් ෆාහියන්ගේ වාර්තා විශ්වසනීය වූ අතර ලොව පුරා බොහෝ භාෂාවන්ටද පරිවර්තනය විය.

‘ඇවකාඩෝ’ පොලිසිය මෙක්සිකෝවේ අලි පේර වගා බිම් රකී   

2018-02-18

අලුත්ම තාලේ පොලිසියක් ගැන අසන්නට ලැබුණේ මෙක්සිකෝවෙනි. එම පොලිසිය හඳුන්වන්නේ ඇවකාඩෝ පොලිසිය නමිනි. ඇවකාඩෝ යනු අලිගැටපේර ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන ආකාරයයි. අලිගැටපේර නම ගැනද කතාවක් තිබේ. ඇතැම් රටවල අලිගැටපේර හඳුන්වන්නේ ඇලිගේටර් පෘට්ස් යනුවෙනි.
සිංහල භාෂාවේ අලිගැටපේර යන්න එම වචනයෙන් බිඳී එන්නට ඇතැයිද සැලකේ.

ඩඩ්ලිගේ දවස් 30 ආණ්ඩුව ගෙදර ගිය හැටි   

2018-02-18

1959 දී අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ඝාතනයෙන් පසු වැඩ බලන සභා නායකවරයාව සිටි විජයානන්ද දහනායක අගමැති පදවියට පත්විය. ඉන්පසුව පැවැති 1960 මාර්තු මහ මැතිවරණය ඉතිහාසගත වන්නකි. ඒ, එතෙක් දින කිහිපයක් තිස්සේ පැවැත්වූ මහ මැතිවරණයක් එක් දිනයකින් පවත්වා නිම කළ ප්‍රථම මැතිවරණය එය වූ නිසාය.

කැලණි පන්සලේ හාමුදුරුවන් ළඟ භයානක ආයුධ තිබුණා   

2018-02-18

බණ්ඩාරනායක ඝාතන නඩුවේ 7 වන විත්තිකරු වූයේ කොළොන්නාව පළාත් ආණ්ඩු සභාවේ සභාපති ලෙස එවකට සිටි කරෝලිස් අමරසිංහය. අමරසිංහ අගමැති බණ්ඩාරනායක මහතාගේ සමීප දේශපාලන හිතවතෙකි. මූලික නඩු විභාගයෙන් පසු ඔහු පැමිණිල්ලේ ප්‍රධාන සාක්‍ෂිකරුවෙක් විය. ඔහු නිදහස අපේක්‍ෂාවෙන් එසේ කළේය. ඔහු නිදහස අපේක්‍ෂාවෙන් තවත් බොහෝ දේ සාක්‍ෂියේදී ප්‍රකාශ කළේය. බුද්ධරක්ඛිතත්, සෝමාරාමත් පස්වන විත්තිකාර පොලිස් පරීක්‍ෂක නිව්ටන් පෙරේරාත් තම නිවෙසේදී හමුවී වෙඩි තැබීම පුහුණු වීම පිණිස මුතුරාජවෙල බලා පිටත්ව ගිය බව කරෝලිස් අමරසිංහ සිය සාක්‍ෂියේදී කීවේය.

ලෙව්කේ දිසාවගේ බිරියට බලහත්කාරකම් කිරීමට ඉඩ දෙන්න එපා   

2018-02-18

මොල්ලිගොඩ අදිකාරම උදෙන්ම දේව පෙරහර මුණගැසෙනු පිණිස ඉදිරියට ගියේය. අණදෙන නිලධාරි සහිත වාදක කණ්ඩායමට වෙල්ලවත්තේදී ඔවුන් හමුවනු ඇත. පෙරහර හපුගහ කඩවතට පැමිණි බව අදිකාරමගේ පණිවුඩකරුවෝ දැනුම් දුන්නේය. ඔවුහු මගේ පැමිණීම බලාපොරොත්තු වෙති. මම ඊට එක්වීමට යන්නෙමි, ඇහැලේපොළටද දැනුම් දුන්නෙමි. පෙරහර නියමිත වෙලාවට පිටත් විය.

‘ඉන්දියන්කාරයෝ මෝඩයෝ’ ඒ බව ඔවුන්ට ඒත්තු ගන්වන්න ඕනෑ  

2018-02-18

ඒ නොවැම්බර් විසි එක් වැනිදාය. කුමන හෝ හේතුවක් නිසා දෙදිනක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කොට තිබිණි. අපට දැනුණේ ඉමහත් සහනයකි. මුර සේවාවෙන් වැළකී සිටින්නට හැකි වනු ඇත. නා ගන්නට සහ තරමක් හෝ හොඳ ආහාර වේලක් උයා පිහාගෙන කන්නට ඉඩක් ලැබෙනු ඇත.

දූෂණයට වගකිව යුත්තේ දේශපාලනඥයන්් පමණක්ම නොවේ   

2018-02-18

ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු බොහෝ රටවල් වසර ගණනාවක සිට හඳුන්වන්නේ දියුණු වෙමින් පවතින රටවල් ලෙසය. ඒවා බටහිර බොහෝ රටවල් මෙන් 'සංවර්ධිත රටවල්' බවට පත් නොවන්නේ ඇයි? මෙහිදී අපට එක්වරම සිහිවන්නේ දූෂිත දේශපාලනඥයන් නිසා එසේ සිදුවන බවයි. එහෙත් දේශපාලනඥයන්ට පමණක් ඇඟිල්ල දික් කිරීම යුක්ති සහගතද? රාජ්‍ය නිලධාරීන් විශාල ප්‍රමාණයක් සහයෝගය නොලැබෙනවා නම් ඔවුනට මෙය දිගින් දිගටම කරගෙන යෑමට හැකිවෙයිද? රාජ්‍යයකට ලැබෙන ආදායම් නිසි පරිදි කළමනාකරණය නොවීමට, ඒවා හසුරුවන මෙම දූෂිත රාජ්‍ය නිලධාරීන්ද වගකිව යුතු නොවේද? මෙම රටවල රාජ්‍ය තන්ත්‍රය දෙස විමසිල්ලෙන් බලන විට පෙනී යන්නේ ඉහළ සිට පහළටම අස්සක් මුල්ලක් නෑර රාජ්‍ය නිලධාරී තන්ත්‍රය තුළද අල්ලස සහ දූෂණය පැතිරී පවත්නා බවයි.

රෝමයට ගිය පළමු ලංකා දූත පිරිස   

2018-02-11

ක්‍රි.ව. 45දී ශ්‍රී ලංකාවෙන් රෝමයට ගිය සිවු දෙනකුගෙන් යුතු රාජ්‍යතාන්ත්‍රික දූත පිරිස පිළිබඳව මෙරට ඉතිහාසය කරුණු දක්වන්නේ නැත. එය ඉතිහාසඥයන්ට අමතක වූ සංසිද්ධියකි. අපිට මේ සම්බන්ධව තොරතුරු ලැබන්නේ රෝමයේ විසූ අග්‍රගණ්‍ය ඉතිහාසඥයකු වූ ප්ලීනිිගේ ලේඛන ඇසුරිණි.

කබල් ජීප් රියක දහස්වරක් රජරටට ගිය උඩු රැවුල්කාරයා   

2018-02-11

මෙම ඡායාරූපය 1947දී උතුරු මැද පළාතේ මින්නේරියේදී ගන්නා ලද්දකි. මෙහි දැක්වෙන්නේ ඛ්ඡ් 6607 දරන ජීප් රථයයි. එය වමෙන් පදවන්නකි. රථයේ රියැදුරා එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඇමැතිවරයකු වූ ජේ.ආර්. ජයවර්ධනය. සුදු පැහැති ජාතික ඇඳුමෙන් සැරසී සිටින ඔහු ස්ටීරියන් වීලය අල්ලාගෙන සිටින බව පැහැදිලිව පෙනේ. දකුණු පස අසුනේ සිටින්නේ ඩී.ඇස්. සේනානායක මහතාය. ඩී.ඇස්. එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කෘෂිකර්ම හා ඉඩම් ඇමැතිවරයාය. පසුපස අසුනේ කාන්තාවන් දෙදෙනකු හා තවත් අයකු සිටිති.

ජනතාව මුළා කළ ඡන්ද පොරොන්දු   

2018-02-11

මෙරට සෑම මැතිවරණයකදීම පාහේ ජනතාවට, ඡන්දයෙන් පසු ඉටු කරනවා යැයි කියැවෙන පොරොන්දු දීම දේශපාලනඥයන්ගේ සම්ප්‍රදායයක් බවට පත්ව තිබේ. ඡන්දයෙන් පසු ඇතැම් පොරොන්දු ඉටු වුවද බොහෝ ඒවා දේශපාලනඥයන් විසින් අමතක කර දමනු දක්නට ලැබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon