නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - ඉරුදින විග්‍රහය

මෛත්‍රි එහෙම කරයිද?  

2018-11-08

හෙලෝ
හෙලෝ
ඇමැතිතුමා.....?
ඇමැතිතුමා පොඩි වැඩක ඉන්නේ. ලේකම්තුමා කතා කරන්නේ
ඇමැතිතුමාට කතා කරන්න පුළුවන්ද?

පෙරළිකාරයා  

2018-11-01

"මම 2013 අගෝස්තු 6 වැනිදා ඊළඟ ජනාධිපති වන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතා බව ශ්‍රී ලංකා ගිණුම්කරණ ශිල්පීය ආයතනයේ පැවැත්වෙන සම්මන්ත්‍රණයකදී කියනවා. මම හිතන විදියට මෛත්‍රිපාල සිරිසේන මහතාවත් ඊළඟ ජනාධිපති වෙයි කියලා ඒ කාලේ හිතන් ඉන්න නැතිව ඇති. නමුත් මම කළ විශ්ලේෂණවලින් මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි බලවේගය ඔහුගේම කණ්ඩායමෙන් මතුවෙන බව මට පැහැදිලිව පෙනුණා. ඒ කාලේ එතුමාට තිබුණ බලයත් එක්ක මම කියපු කතාව සමහරුන්ට විශ්වාස කරන්න බැරිවුණා."

ඇඹරෙන්නේ ඇයි මේ තරම්  

2018-10-25

ලංකාවේ දේශපාලන ඉතිහාසයේ සිදු වූ ප්‍රබලතම රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය 1962 මැතිනිගේ ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණයයි. 1961 අග භාගය වන විට මැතිනිගේ ආණ්ඩුව තිබුණේ තරමක අවුල් සහගත තත්ත්වයක ය. වාමාංශික පක්ෂවල වැඩ වර්ජන නිසා රටම අඩපණ වී තිබුණේ ය. රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය ක්‍රියාත්මක වුණේ මේ අල්ලපනල්ලේ ය.

හඬ නැත්නම් හැඩ කුමටද?  

2018-10-18

තමන්ගේ ඉන්දීය නිල සංචාරයෙන් පසුව කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීම ගැන තීරණයක් ගන්නා ලෙස පසුගියදා පැවැති කැබිනට් රැස්වීමේදී රනිල් මෛත්‍රිගෙන් ඉල්ලීමක් කළේ ය.

මං දන්නේ නෑ: මට තේරෙන්නේ නෑ  

2018-10-11

"පක්ෂය විනාශ කරන, ආණ්ඩුව විනාශ කරන, මේ මුළු මතවාදයම විනාශ කරන දෙතුන් දෙනෙක් ආණ්ඩුව තුළ ඉන්නවා. මොවුන් එළියට දැමීම අගමැතිවරයාගේ වගකීමක්. අගමැතිතුමාගේ අනාගතයත්, රටේ අනාගතයත්, රජයේ අනාගතයත්, පක්ෂයේ අනාගතයත් තීන්දු කෙරෙන්නේ අට පාස් නැති, ඡන්ද 05ක් ගත්තේ නැති මේ ඇමැතිවරුන් ඉවත් කරන දිනය අනුව. අට පාස් නැති ඇමැතිවරුන් ආර්ථිකය බලා ගන්න ඉන්නවා.

චොයිස් එකයි වොයිස් එකයි  

2018-10-04

"වොයිස් එක දෙකක් වුණාට චොයිස් එක එකක් බව මෛත්‍රි පෙන්නුවා. මේක යූ.එන්. ගිහින් මහින්ද කරපු කතා හයට සමානයි. මට හිතෙන්නේ මේක මහින්දගේම හත්වැනි කතාව කියලා"

දඹදිව වන්දනාව  

2018-09-27

මහින්ද 2008දී ජන මතයට සවන් දී 'සීපා' ගිවිසුමට අස්සන් නොකර සිටීමට දේශපාලන තීන්දුවක් ගත්තේ ය. 2015දී රනිල්-මෛත්‍රි යහපාලන ආණ්ඩුව ආපු ගමන් කළේ මහින්ද පැත්තකට විසි කරපු 'සීපා' එකට අලුත් නමක් දාලා වැඩි දියුණු කරලා 'එට්කා' නමින් එළියට දාපු එකය. රනිල්ගේ නියම නිහඬ ඒකාධිපති ස්වරූපය 'එට්කා' සමඟ එළියට පැන්නේ ය. මහින්දලාට ඒකාධිපති රාජපක්ෂ රෙජීමය කියා පහර ගැසූ රනිල්ලා ජනමතය කුණුකොල්ලයට දමමින් ඉන්දියාව එක්ක ගිවිසුම් ගහන්න පොරකෑවේ ය. තොරතුරු දැන ගැනීමේ අයිතිය බල්ලාට දමමින් ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් ගැන තොරතුරු සැපයීම තහනම් කළේ ය. යහපාලනයේ නාමයෙන් දැන් මේ රටේ මිනිසුන් අත්විඳින්නේ රනිල්ලාගේ ඒ නිහඬ ඒකාධිපතිත්වයයි.

පැටර්න් එක ‘ස්වාමි’කඩාවිද?  

2018-09-20

"සුබ්‍රමනියම් ස්වාමි මැදමුලනට ආවෙත්, මහින්දව ඉන්දියාවට ගෙන්න ගත්තේත් හොඳකට නෙමෙයි පුතෝ. මෝදිත් මහින්දව හම්බ වුණේ නිකමට නෙමෙයිනේ. ඉන්දියාව ආයෙත් මහින්දගේ පැත්තට හැරුණොත් ඊළඟ ඡන්දෙන් මහින්දලා දිනන්නේ කප් ගහලා" ස්වාමි මහින්ද මුණගැහෙන්න ආපු එකයි, මහින්දව ඉන්දියාවට ගෙන්න ගත්තු එකයි, මහින්දට ඉන්දියාවෙදී ලැබුණු පිළිගැනීමයි අහලා කලබල වුණු ටොයියෙක් කියපු කතාවකි ඒ.

සුමන්තිරන් ෂයිලොක්ද?  

2018-09-13

"ඉදිරි මාසය ඇතුළත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම් පත පාර්ලිමේන්තුවට ගේනවා" පසුගිය සිකුරාදා ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී කිව්වේ එහෙම ය. යහපාලන ආණ්ඩුව පත් වූ දා සිට මෛත්‍රි-රනිල් තටමන, යහපාලන ආණ්ඩුව පත් වූ දා සිට දෙමළ ජාතික සන්ධානය ඉල්ලන, යහපාලන ආණ්ඩුව පත් වූ දා සිට ඒකාබද්ධ විපක්ෂය විරුද්ධ වන එක දෙයක් තිබේ... ඒ මේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.

සජිත් ගේමක් ගහයි ද?  

2018-09-06

ඩඩ්ලි සේනානායක මිය යන විට ප්‍රේමදාස හිටියේ ඉන්දියාවේ ය. සිද්ධිය දැනගත් වහාම ඔහු සිය බිරිය සමඟ පෙරළා ලංකාවට ආවේ ය. ලංකාවට ආ ප්‍රේමදාස සේනානායකලාගේ 'වුඩ්ලන්ඩ්ස්' වලව්වට පා තැබුවේ දැඩි චකිතයකිනි. එහිදී ඩඩ්ලිගේ බාල සහෝදරයා රොබට් නොහිටින්න ලොකු ප්‍රශ්නයක් ඇති වන්නට ඉඩ තිබුණේ ය. ප්‍රේමදාසයි ඩඩ්ලියි හිටියේ හොඳ හිතකින් නොවේ ය. 1973 අප්‍රේල් 13 වැනිදා සිදු වූ ඩඩ්ලිගේ මරණයට සති දෙකකට පමණ පෙර සිට ප්‍රේමදාස සහ ඩඩ්ලි අතර පත්තර රණ්ඩුවක් හට ගත්තේ ය. එජාප කෘත්‍යාධිකාරියට ගහලා ප්‍රේමදාස යැවූ ලිපිය 1973 අප්‍රේල් 1 වැනිදා "සිලෝන් ඩේලි නිව්ස්" පුවත්පතේ පළ වීමෙන් පසු ඩඩ්ලිට ප්‍රේමදාසත් එක්ක නහුතෙට නැග්ගේ ය. ප්‍රේමදාසට එරෙහිව විනය පියවර ගන්නා බව ඇඟැවූ ඩඩ්ලිගේ චෝදනාත්මක පිළිතුරු ලිපියක් 1973 අප්‍රේල් 7 වැනිදා "සිලෝන් ඩේලි නිව්ස්" පුවත්පතෙහිම පළ විය. ඩඩ්ලිගේ ලිපියේ තිබූ "පංගාඩම් පත්තර" චෝදනාවට ප්‍රේමදාසට හොඳටම නැග්ගේ ය. අප්‍රේල් 9 වැනිදා ප්‍රේමදාස ඒ පත්තරෙන්ම ඩඩ්ලිට සැර උත්තරයක් දුන්නේ ය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon