නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - කතුවැකිය

අපේ සෞඛ්‍ය  

2018-06-08

"සෞඛ්‍ය" විෂයට ආණ්ඩුවේ අවධානය හදිසියේ යොමු වී තිබේ. කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ අ.පො.ස. (සා.පෙළ) විභාගය සඳහා සෞඛ්‍ය විෂය අනිවාර්ය කිරීමය. නිරෝගිමත් සමාජයක් නිර්මාණය කිරීමට නම් "සෞඛ්‍ය" පිළිබ¼ද ජනතාව දැනුම්වත් විය යුතු බව ආණ්ඩුවේ අදහසය.

ලිඳුලින් ආණමඩුවට...  

2018-06-07

රාජ්‍ය ඇමැතිවරයකු වන රංගේ බණ්ඩාරගේ පුත්‍රයා පැදවූ වාහනයක් නිවෙසක සාලයක් මැදට ගොස් නතර වී ඇත. අද 'මව්බිම' මුල් පුවතින් පැවැසෙන පරිදි බංගදෙණිය ප්‍රදේශයේදී සිදුවී ඇති මෙම රිය අනතුරින් ජීවිත හානි සිදුවී නැතත් දේපොළ හානි සිදුවී තිබේ. අලාභහානි වූ නිවෙස පෞද්ගලික හිමිකරුවකුගේ වුවද අනතුරට තුඩු දුන් කැබ් රිය රජයට අයිති එකකි.

අපි ප්ලාස්ටික් පිටුදකිමු   

2018-06-06

ඊයේ දිනයට යෙදී තිබුණු ජගත් පරිසර දිනය නිමිති කරගෙන රට පුරා පැළ දස කෝටියක් සිටුවන බව ආණ්ඩුව කියා තිබිණි. කොළඹ මහ නගර සීමාවේ ගස් පිළිබඳ සංගණනයක් කිරීමට කොළඹ මහ නගර සභාව පියවර ගෙන තිබුණේද ජගත් පරිසර දිනය නිමිති කරගෙනය. පරිසර දිනයට කුමක් කළත් මෙරට පරිසරය දිනෙන් දින විනාශ මුඛයට යෑම ගැන නම් මීට වඩා යමක් කළ යුතු බව ඉතා පැහැදිලිය.

118  

2018-06-05

මහ බැංකු බැඳුම්කර වංචාව නිසා සිරිසේන - වික්‍රමසිංහ ආණ්ඩුවට ආරම්භයේදීම සිදුවූයේ මහත් අලකලංචියකට මුහුණ දීමටය. හවුල් ආණ්ඩුවේ පාර්ශ්ව දෙක අතර, විශේෂයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර යම් දුරස්ථ භාවයක් බැඳුම්කර සිද්ධිය නිසා ඇති වූ බව කීම වැරැදි නැත. බැඳුම්කර වංචාව එක්සත් ජාතික පක්‍ෂය තුළද විශාල අර්බුදයක් නිර්මාණය කිරීමට සමත් විය. රාජපක්‍ෂ ආණ්ඩු සමයේ සිදුවූ වංචා දූෂණ ගැන සෙවීමේ සුජාත අයිතිය මේ නිසා සිරිසේන - වික්‍රමසිංහ ආණ්ඩුවට අහිමි වී ගියේය.

ඉතිරි කිරීම හා ආපසු ගැනීම  

2018-06-04

දිනෙන් දින ජීවන බර වැඩි වෙයි. රටේ බහුතරයකට 'ජීවත්වීම' ප්‍රශ්නයක් බවට පත්වෙමින් තිබේ. නිදහසින් පසු බලයේ සිටි පාලකයන්ගේ 'වැරැදි'වලට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ වර්තමානයේ ජීවත්වන්නන්ටය. අතීතයේ ජීවත් වූවන්ද ඊට වන්දි ගෙවූ අතර, අවාසනාව වන්නේ අනාගතයේ උපදින්නන්ටද ඒ පව්කර ගැසීමට සිදු වී තිබීමය.

අවුරුදු 30කට පසු හෙළිවන රහස  

2018-06-03

මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ මාතෘකාව නැවත කරළියට පැමිණ තිබේ. මෙවර ඊට මුල් වූයේ දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයාට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අර්ජුන්ලාගෙන් ලක්ෂ 10ක චෙක්පතක් ලැබුණු බව ප්‍රසිද්ධියට පත්වීමෙනි. එම චෙක්පත දයාසිරි මන්ත්‍රිවරයාගේ ආරක්ෂක නිලධාරියකු විසින් මාරු කරගෙනද තිබුණේය.

දුම්රිය සහ වැඩ වර්ජන  

2018-06-01

පැය විසිහතරක දුම්රිය වැඩ වර්ජනය අවසන් වී ඇත. දුම්රිය එන්ජින් 6කට හා මැදිරි 11කට වැඩ වර්ජකයන් අලාභහානි සිදුකර තිබෙන බව ආණ්ඩුව චෝදනා කරයි. දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති කමිටුව පවසන්නේ එහි වගකීම භාරගත යුත්තේ සේවාවේ නිරතව සිටි සේවකයන් බවයි. කවුරුන් කළද දුම්රිය දේපොළවලට හානි කිරීම නරුම වැඩකි. දුම්රිය දෙපාර්තමේන්තුව වැනි පාඩු ලබන ආයතනයක දේපොළ විනාශ කිරීම ජාතික අපරාධයක් යැයි කීම වැරැදි නැත. මේ රාජ්‍ය ආයතන විනාශ මුඛයට යන්නේ මෙවැනි මුග්ධයන් නිසාය.

මාරු කාසි සහ බස් ගාස්තු  

2018-05-31

ඉන්ධන මිල හා බස් ගාස්තු අතර ඇත්තේ නොබිඳිය හැකි සම්බන්ධයකි. සිරිසේන - වික්‍රමසිංහ ආණ්ඩුව බලයට පැමිණි පසු ඉන්ධන මිල පහත දැමූ අතර ඊට සමගාමීව බස් ගාස්තුද අඩු කෙරිණි. අවුරුදු තුනහමාරකට පසු ඉන්ධන මිල මේ මාසයේ ඉහළ දමනු ලැබීය. ඒ අනුව බස් ගාස්තුද වැඩි විය. බස් හිමියන්ගේ පැත්තෙන් එය සාධාරණය. අසාධාරණය වී ඇත්තේ මගී ජනතාවටය.

මන්ත්‍රිවරුන්ගේ අතයට ගනුදෙනු  

2018-05-30

ලංකාව බොහෝ අගහිඟකම්වලින් පිරුණු රටකි. ජනයාගෙන් බහුතරය අතේ පිච්චියක් නැති අසරණ මිනිසුන්ය. එහෙත් අපට දිනපතාම අසන්නට ලැබෙන්නේ මිලියන බිලියන ගණනින් සිදුවුණු වංචා, දූෂණ ගැනය. මහජන දේපොළ ඉවක් බවක් නැතිව කොල්ලකෑම පිළිබඳවය. මේ දූෂණ කතාවේ අලුත්ම ප්‍රවෘත්තිය වූයේ පාර්ලිමේන්තු නියෝජිතයන් සඳහා මිලියනය බැගින් වූ චෙක්පත්වලින් සන්තෝෂම් ලබාදීමය.

බබා ගවුම  

2018-05-29

රජයේ පාසල්වල සේවය කරන ගුරුවරියන්ට ගැබිනි සමයේදී ඇඳීමට හඳුන්වා දුන් නිල ඇඳුමට පිරිසකගේ විරෝධය එල්ලවීම නිසා ඊට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛය සංශෝධනය කරන්නැයි අගමැතිවරයා උපදෙස් දී තිබෙන බවට මාධ්‍ය වාර්තා පළ වී තිබිණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon