නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - හටන

මෙතෙක් කතාව  

2018-06-10

නිරෝමි යාපනේ ප්‍රභූ පවුලක දැරියකි. ඇය උසස් පෙළ ඉගෙනුම ලබද්දී ජන දිවිය බිඳ වැටේ. දෙමළ තරුණයෝ අවි අතට ගනිති. යාපනයේ යුද ගැටුම් උග්‍ර වේ. නිරෝමි සහ ඇගේ යෙහෙළියෝද කාන්තා සෙබළියෝ ලෙස කොටි සංවිධානයට එක්වෙති. ඉන්දු-ලංකා සාම ගිවිසුම ක්‍රියාත්මක වෙයි. ඉන්දීය හමුදා පැමිණෙති. ඉන්දීය හමුදාවට රටින් බැහැර වන ලෙස ඉල්ලමින් මාරාන්තික උපවාසයක නියැළුණු දිලීපන් මිය යයි. සාම ගිවිසුම බිඳ වැටේ. කොටි නැවතත් ආයුධ අතට ගනිති. කොටි ඉන්දීය හමුදාව සමඟ යුද වදිති. නිරෝමිගේ කණ්ඩායමේ මුරලි, අජන්ති, නිහින්තා සටනකදී මරණයට පත්වෙති.

මරණයට අත වනන බෝට්ටු ගමන  

2018-06-10

අකිලා හා මා හටද කලින් අප සතුව තිබූ අවි ආයුධ හා බඩු භාණ්ඩ ආපසු ලැබිණි. අප නැවතත් කලිසමට හා කමිසයට මාරු විය යුතු විය. ඇඳුම් කට්ටලයේ හඩු ගඳත් අබලන් තත්ත්වයත් ඒ මොහොතේ මට හොඳින්ම දැනිණි. මගේ නිල් හා කොළ පැහැය මිශ්‍රිත ඩෙනිම් කලිසමත් නිල්, කහ සහ සුදු කොටු වැටුණු කමිසයත් පළින් පළ ඉරී තිබිණි. අවපැහැ ගැන්වී අපිරිසුදුව තිබූ ඒවායෙහි ලේ පැල්ලම්ද දක්නට තිබිණි.

ප්‍රේමය වෙනුවෙන් දිවි පිදූ ජාසි සිධූ  

2018-06-10

අක්කර නවයක් පුරා විහිදුණ වත්තක පිහිටි කාමර විසිපහකින්ද, නාන කාමර දහනවයකින්ද සමන්විත විසල් මැඳුරක ඉහළ මාලයේ පිරිමින්ද, පහළ මාලයේ කාන්තාවන්ද තම ශෝකය පළ කරමින් සිටියෝය. ඒ තම විසිපස් හැවිරිදි දියණිය 'ජාසි සිධූ' ඉන්දියාවේ පන්ජාබ්හි, ලුයියානා නම් නාගරික පෙදෙසකදී ඝාතනයට ලක්වූ බව කියමිනි. ජාසි සිධූ උසස් පාසලේ ඉගෙනුම ලබන අවධියේ ගෙන තිබූ රාමු කරන ලද සුන්දර ඡායාරූපක් ඉදිරිපිට ඔවුහු හඬා වැලපෙමින් සිටියෝය.

බි්‍රතාන්‍ය ආධිපත්‍යය ඉන්දියාවේ තහවුරු කළ හැටි  

2018-06-03

බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීහු ලංකාව යටත් කර ගැනීම සඳහා සටන්වැද සිටි වකවානුවේම ඉන්දියාවේද සටන් මෙහෙය වූහ. අපේ කන්දඋඩරට රාජධානිය යටත් කර ගැනීමට 19 වැනි සියවසේ මුල සටන් වැදුණු අයුරින්ම පන්ජාබය අල්ලා ගැනීමටද සටන් කළහ. එවකට ඉන්දියාවේ එකම ස්වාධීන රාජ්‍යය වූයේ පන්ජාබය පමණි. 1848 උඩරට කැරැල්ල මර්දනය කළ කාලයේම පන්ජාබය බි්‍රතාන්‍ය කිරීටයට යටත් විය.

දුප්පතාට කෝ සැප ලෝකේ   

2018-06-03

මේ සිටින්නේ ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාය. දුගී පැලකට ඔහු ගොඩ වී සිටී. මේ රටේ දුප්පත්කම වඩාත්ම අත්විඳි රාජ්‍ය නායකයා ලෙසද ඔහු හැඳින්විය හැකිය. මේ කල්පනා කරන්නේද දුප්පතාට කෝ සැප ලෝකේ කියා වන්නට පුළුවන. ප්‍රේමදාස මහතාගේ රාජ්‍ය පාලන සංකල්පය වූයේ නැති බැරි අය ඇති හැකි අය කිරීමය. එය ජය ගැන්මට බොහෝ වෙහෙස දැරූ නමුදු අදත් නැති බැරි අය නැති බැරි අයමය.

චීන බස නොදත් මහාචාර්ය මලලසේකර චීන අගමැතිගේ කතාව සිංහලට පෙරළුෑ හැටි  

2018-06-03

ගුණපාල පියසේන මලලසේකර මෙරට බොහෝ දෙනා හඳුනන්නේ මහාචාර්ය ජී.පී. මලලසේකර නමිනි. 1899 දී උපන් හෙතෙම ඉකුත් සියවසේ සිටි උගතෙකි. බුද්ධිමතෙකි. ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් උපාධි හතරක් හිමිකරගත් ඔහු සම්පාදනය කළ 'මලලසේකර සිංහල - ඉංග්‍රීසි ශබ්ද කෝෂය' ගැන අසා නැති කිසිවකු නොමැති තරම්ය. එය එක් වරක් හෝ අතින් ස්පර්ශ නොකළ අයකු සිටී නම් ඒ ඉතා කලාතුරකිනි.

දියහැකි එකම තීන්දුව සෝමාරාම නිවැරදිකරු යන්නයි  

2018-06-03

"අගමැතිගෙන් කටඋත්තරයක් නොගත් බවත් මෘත ශරීරය කපා පරීක්ෂණයක් නොපැවැත්වූ බවත් අමතක නොකළ යුතුය. වෙඩි තැබීමේ සිද්ධිය සියැසින් දුටු හොඳම සාක්කිකරු වන ඩොනල්ඩ් ගුණරත්න සාක්කි දීමට කැඳෙව්වේ නැත. ගුණරත්න මරා දැමීමට තැත් කිරීම ගැන සෝමාරාමට චෝදනා කර නැත. රිවෝල්වරයේ ඇඟිලි සටහන් පරීක්ෂා කර නැත. පේට්, අයියර් සහ රාජසූරිය වැනි රහස් පොලිස් නිලධාරීන් සාක්කියට කැඳෙව්වේ නැත. සිඩ්නි ද සොයිසා පවා පැමිණිල්ලෙන් කැඳෙව්වේ නැත. වෙඩි තැබීමේ සිද්ධිය සියැසින් දුටු ඒ ගැන කියන්නට පුළුවන් ගණනාවක්ම පැමිණිල්ලෙන් කැඳෙව්වේ නැත."

වාරියපොළ සුමංගල හිමි ඉංගී්‍රසි කොඩිය බිම හෙලූ කතාව ප්‍රබන්ධයක්ද?  

2018-06-03

ඉංගී්‍රසීන් උඩරට ගිවිසුම අස්සන් තැබූ 1815 මාර්තු 02 දා වාරියපොළ සුමංගල හිමියන් විසින් මහනුවර මඟුල් මඬුව අබියසදී එක්සත් රාජධානියේ කොඩිය බිම හෙළා පාගා දමා සිංහ ධජය එසවූ බවට ඉතා ජනප්‍රිය මතයක් ප්‍රචලිතව තිබේ. එය සාහිත්‍යයට මෙන්ම ඉතිහාස පත පොතටද ඇතුළත් ප්‍රකට සිදුවීමක් බවට පත්ව ඇත. එම ජනප්‍රිය කතාවට අනුව විස්තර කෙරෙන්නේ මාර්තු 2දා මෙම ඓතිහාසික සිදුවීම වූ බවය.

හමුදා කඳවුරට යාබද නිවෙසක දින පහක්  

2018-06-03

එක් එක්කෙනා පාර පනින්න
අණ ලැබුණේ මහත්තයාගෙනි.

අන්තර්ජාල උගුලකට හසුවූ එලෝඩී මොරෙල්  

2018-06-03

ඒ 2005 මැයි මස 2 වැනිදාය. වේලාව සවස පහය. දකුණු ප්‍රංශයේ පිහිටි ඒඪඨභඥඵ - ර්ධපබඥඵ පොලිස් ස්ථානයට "ඩොමිනික්" නමැත්තෙක්ගෙන් දුරකථන ඇමතුමක් ලැබේ. ඔහු කතා කළේ කලබලයෙනි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon