නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - ඉරුදින විග්‍රහය

මහින්ද චොර වුණා ද?  

2018-12-06

"මොකක්ද මහින්ද මේ හදිසි වෙලා කරගත්තේ? නිකං නම කැත කරගත්තා විතරයි. තව අවුරුද්දක් ඉවසලා හිටියා නම් කිසි ප්‍රශ්නයක් නැතිව බලය අතට ගන්න තිබ්බා නේ. මෝඩ වැඩක් කර ගත්තේ."

ලංකාවේ පොල්පොට්  

2018-11-29

1993 මැයි 1 මේ රටට වගේම යූඑන්පී පාක්ෂිකයන්ට විශේෂයෙන් අමතක නොවන දවසකි. ඉන්ද්‍රඛීල සේ නොසැලී සිටි යූඑන්පී ප්‍රබල නායකත්ව බල කණු කඩා වැටීමේ ආරම්භය සනිටුහන් වුණේ එදා ය. මරාගෙන මැරෙන කොටි ප්‍රහාරයකින් ජනපති ප්‍රේමදාස මහ දවල් මහ පාර මැද ඝාතනය වුණේ ය. ප්‍රේමදාස ඝාතනයෙන් පසු යූඑන්පී නායකත්වයේ වගකීම භාර ගන්න නියම වුණේ සිරිසේන කුරේට ය. ඒත් සිරිසේන කුරේ නායකත්වය භාර ගැනීම ඒ වෙලාවේ ප්‍රතික්ෂේප කර, රනිල්ට ඒ සඳහා අවස්ථාව දුන්නේ ය.

මිරිස් කුඩු ප්‍රජාතන්ත්‍රවාදය  

2018-11-22

පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව ගැන අනුර කුමාර සහ විජිත හේරත් මන්ත්‍රිවරු ක්‍රියා කරන්නේ පක්ෂයේ බහුතර මතය අනුව නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණ මේ ප්‍රශ්නය අදාළ කර ගත යුතු නෑ. ධනපති පක්ෂවල ගැටලුවලට ජවිපෙ මැදිහත් නොවිය යුතුයි. මේ සම්බන්ධයෙන් දේශපාලන මණ්ඩලයේ දී තීරණයක් ගන්නවා"

මෛත්‍රි එහෙම කරයිද?  

2018-11-08

හෙලෝ
හෙලෝ
ඇමැතිතුමා.....?
ඇමැතිතුමා පොඩි වැඩක ඉන්නේ. ලේකම්තුමා කතා කරන්නේ
ඇමැතිතුමාට කතා කරන්න පුළුවන්ද?

පෙරළිකාරයා  

2018-11-01

"මම 2013 අගෝස්තු 6 වැනිදා ඊළඟ ජනාධිපති වන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතා බව ශ්‍රී ලංකා ගිණුම්කරණ ශිල්පීය ආයතනයේ පැවැත්වෙන සම්මන්ත්‍රණයකදී කියනවා. මම හිතන විදියට මෛත්‍රිපාල සිරිසේන මහතාවත් ඊළඟ ජනාධිපති වෙයි කියලා ඒ කාලේ හිතන් ඉන්න නැතිව ඇති. නමුත් මම කළ විශ්ලේෂණවලින් මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි බලවේගය ඔහුගේම කණ්ඩායමෙන් මතුවෙන බව මට පැහැදිලිව පෙනුණා. ඒ කාලේ එතුමාට තිබුණ බලයත් එක්ක මම කියපු කතාව සමහරුන්ට විශ්වාස කරන්න බැරිවුණා."

ඇඹරෙන්නේ ඇයි මේ තරම්  

2018-10-25

ලංකාවේ දේශපාලන ඉතිහාසයේ සිදු වූ ප්‍රබලතම රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය 1962 මැතිනිගේ ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණයයි. 1961 අග භාගය වන විට මැතිනිගේ ආණ්ඩුව තිබුණේ තරමක අවුල් සහගත තත්ත්වයක ය. වාමාංශික පක්ෂවල වැඩ වර්ජන නිසා රටම අඩපණ වී තිබුණේ ය. රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය ක්‍රියාත්මක වුණේ මේ අල්ලපනල්ලේ ය.

හඬ නැත්නම් හැඩ කුමටද?  

2018-10-18

තමන්ගේ ඉන්දීය නිල සංචාරයෙන් පසුව කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීම ගැන තීරණයක් ගන්නා ලෙස පසුගියදා පැවැති කැබිනට් රැස්වීමේදී රනිල් මෛත්‍රිගෙන් ඉල්ලීමක් කළේ ය.

මං දන්නේ නෑ: මට තේරෙන්නේ නෑ  

2018-10-11

"පක්ෂය විනාශ කරන, ආණ්ඩුව විනාශ කරන, මේ මුළු මතවාදයම විනාශ කරන දෙතුන් දෙනෙක් ආණ්ඩුව තුළ ඉන්නවා. මොවුන් එළියට දැමීම අගමැතිවරයාගේ වගකීමක්. අගමැතිතුමාගේ අනාගතයත්, රටේ අනාගතයත්, රජයේ අනාගතයත්, පක්ෂයේ අනාගතයත් තීන්දු කෙරෙන්නේ අට පාස් නැති, ඡන්ද 05ක් ගත්තේ නැති මේ ඇමැතිවරුන් ඉවත් කරන දිනය අනුව. අට පාස් නැති ඇමැතිවරුන් ආර්ථිකය බලා ගන්න ඉන්නවා.

චොයිස් එකයි වොයිස් එකයි  

2018-10-04

"වොයිස් එක දෙකක් වුණාට චොයිස් එක එකක් බව මෛත්‍රි පෙන්නුවා. මේක යූ.එන්. ගිහින් මහින්ද කරපු කතා හයට සමානයි. මට හිතෙන්නේ මේක මහින්දගේම හත්වැනි කතාව කියලා"

දඹදිව වන්දනාව  

2018-09-27

මහින්ද 2008දී ජන මතයට සවන් දී 'සීපා' ගිවිසුමට අස්සන් නොකර සිටීමට දේශපාලන තීන්දුවක් ගත්තේ ය. 2015දී රනිල්-මෛත්‍රි යහපාලන ආණ්ඩුව ආපු ගමන් කළේ මහින්ද පැත්තකට විසි කරපු 'සීපා' එකට අලුත් නමක් දාලා වැඩි දියුණු කරලා 'එට්කා' නමින් එළියට දාපු එකය. රනිල්ගේ නියම නිහඬ ඒකාධිපති ස්වරූපය 'එට්කා' සමඟ එළියට පැන්නේ ය. මහින්දලාට ඒකාධිපති රාජපක්ෂ රෙජීමය කියා පහර ගැසූ රනිල්ලා ජනමතය කුණුකොල්ලයට දමමින් ඉන්දියාව එක්ක ගිවිසුම් ගහන්න පොරකෑවේ ය. තොරතුරු දැන ගැනීමේ අයිතිය බල්ලාට දමමින් ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් ගැන තොරතුරු සැපයීම තහනම් කළේ ය. යහපාලනයේ නාමයෙන් දැන් මේ රටේ මිනිසුන් අත්විඳින්නේ රනිල්ලාගේ ඒ නිහඬ ඒකාධිපතිත්වයයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon