නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - හටන

පළමු ග්‍රාම ලේකම් කාර්යාලය කිරිබමුණේගම හදපු හැටි විශ්‍රාමික ග්‍රාම නිලධාරි අර්. එම්. කරුණාරත්න කියයි  

2018-05-20

එකල මෙකල මෙන් නොව ග්‍රාම නිලධාරියාට ගමේ අධිකාරි බලයක් තිබිණි. ප්‍රභූවරයකුට හිමි සැලකිල්ල ගම්මුලාදෑනියාට තිබිණි. එය අතීතයේ සිටි ආරච්චිගෙන් ක්‍රමයෙන් බිඳී ආවක් විය යුතුය. මා ග්‍රාම නිලධාරි තනතුරක පත්වීම් ලැබුවේ 1978 වසරේදීය. මගේ මුල් පත්වීම පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 348 කිරිබමුණේගමය.

රුසියානු යුද සැමරුම් පෙළපාළියේ ලෙනින්ගේ රතු ධජය නැවතත් ලෙළදෙයි  

2018-05-20

මෙහි දැක්වෙන්නේ 2018 මැයි 8 වැනිදා රුසියාවේ මොස්කව් නුවර රතු චතුරස්‍රයේ පැවැති 'අභඵඵඪචද ඍජබචපර ඤචර' හමුදා ආචාර පෙළපාළියේ දර්ශනයකි. රුසියානු ජාතික ධජය මෙන්ම දෑකැත්ත සහ මිටිය සහිත සෝවියට් ධජයද ඉදිරි පෙළ යුද ටැංකියේ ඔසවා තිබිණි. මෙවර පෙළපාළියට රුසියන් යුද, ගුවන්, නාවික සෙබළු 130,000ක් ඉතාමත් දියුණු යුද බලය ප්‍රදර්ශනය කෙරිණි. ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් හමුදා විජයග්‍රාහී පෙළපාළිය පිළිගත්තේය.

වතු අධිරාජ්‍යයේ අණසක පැතිර වූ තොණ්ඩමාන්ලාගේ පැටිකිරිය ඉන්දියාවේ ඉපදී ලංකාවේ ඇමැතිවරයකු වූ සෞම්‍යමූර්ති තොණ්ඩමාන්  

2018-05-20

1939දී "සිලෝන් ඉන්ඩියන් කොංග්‍රස්" සංගමයේ ගම්පොළ ශාඛාවේ සභාපතිවරයා ලෙස පත්වූයේ සෞම්‍යමූර්තිය ඒ වනවිට ඔහුගේ පියා කරුපයියා දැඩි ලෙස අසනීපව සිටියේය. ඒ නිසා සෞම්‍යමූර්තිට වැවෙන්ඩන් වත්තට ඒමට සිදුවිය.

අගමැතිට කුමක් වී දැයි බලන්නට ගෙට ගිය සෝමාරාම හිමිට පහර දුන්නා - ජේ‍යෂ්ඨ නීතිඥ ලූෂන් ජී. වීරමන්ත්‍රි  

2018-05-20

හතරවැනි විත්තිකාර සෝමාරාම හිමිගේ ජේ‍යෂ්ඨ නීතිඥ ලූෂන් ජී. වීරමන්ත්‍රි බණ්ඩාරනායක ඝාකන නඩු විභාගයේදී කරන ලද දේශනය.

ඉතිහාසඥයන් ණයටගත්තේ ශ්‍රී වික්‍රම රජු දුෂ්ට, කාමයට ගිජු, බේබද්දකු බවට ඉංග්‍රීසීන් ගෙතූ කතාවයි  

2018-05-20

"රජු ස්වභාවයෙන්ම දුෂ්ටය. කාමයට ගිජුය. උදාසීන මනසකින් යුතුය. මතට ඇබ්බැහි වූවෙකි. ඉතා මෑතකදී ඔහුගේ භාර්යාවන් අතරට තවත් තරුණියන් දෙදෙනකු එක්කර ගැනීමේ උත්සවයක් මහනුවරදී පැවැත්විණි."

නේවි එක දැක්කොත් අපි ඔක්කොම ඉවරයි  

2018-05-20

කොටි තරුණියකගේ පාපෝච්චාරණය අංක-56

පාසල් දරුවන් 17කට මරු කැඳවූ ප්ලොරිඩාවේ වෙඩිතැබීම  

2018-05-20

ඒ පෙබරවාරි දාහතර දිනයයි. සැම සිත්වල ආදරයේ සෞම්‍ය හැඟීම් සනිටුහන් කළ ආදරවන්තයන්ගේ දිනයයි. වයස 14-17 අතර හිරිමල් යොවුන් වියේ පසු වූ දරු දැරියන්ගෙන් සමන්විත පාසලක් වූ ර්චපණධපර ඉබධදඥථචද ච්ධභඨතචඵ රජයේ උසස් පාසලටද එදා උත්සව දිනයක් මෙන්ම සතුටුදායක දිනයක්ද විය. උදේ සිට සුබ පැතුම් පතමින්, තෑගි හුවමාරු කර ගනිමින් දවස ගත වූයේ නොදැනීමය. තව මිනිත්තු කිහිපයකින් පාසල ඇරෙනු ඇත. එහෙත් ඒ මිනිත්තු කිහිපය තුළ තම අභිලාෂය ඉටුකර ගැනීමට මාන බැලූ මාරයාගේ හිතවතකු ඒ වෙත පැමිණෙමින් සිටි බව කිසිවකු දැන සිටියේ නැත.

ලෝක යුද්ධයෙන් පරාජිත ජර්මානුවන්ට බුදු දහම ඉගැන්වූ අසෝක වීරරත්න  

2018-05-13

අපරදිග රටවල බුදු දහම ප්‍රචාරය කිරීම උදෙසා විශිෂ්ට මෙහෙවරක් සිදු කළ අසෝක වීරරත්න මහතා පිළිබඳ වත්මන් පරපුර නොදන්නවා විය හැකිය. අසෝක වීරරත්නයන්ගේ මෙහෙවර අනගාරික ධර්මපාලතුමන්ට නොදෙවැනි වේ. අසෝක වීරරත්න 1918දී උපන්නේ දකුණේ ව්‍යාපාරික පවුලක දරුවකු වශයෙනි. ඔහුගේ පියාවූ පී.ජේ. වීරරත්නට එවකට ලංකාවේ ප්‍රමුඛ මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ ව්‍යාපාර හිමිව තිබිණි. පී.ජේ. වීරරත්න සහ පුත්‍රයෝ වෙළෙඳ ව්‍යාපාරය සතුව පැවැති රන් බඩු කර්මාන්තයේ සේවකයන් 60කට වැඩි ප්‍රමාණයක් සේවය කළහ. 1960දී ඔවුහු ස්විට්සර්ලන්තය හා සම්බන්ධ වෙමින් මෙරට පළමු පෙළ ඔර්ලෝසු වෙළෙන්දෝ බවටද පත්වූහ. ලංකාවට දියමන්ති ආනයනය කළේද ඔවුන් විසිනි. ගාල්ලේ වක්වැල්ල පාරේ සහ දෙවෙනි මරදානේ ඔවුන්ගේ ස්වර්ණාභරණ සාප්පු තිබිණි. 1948 සැප්තැම්බර් 9 වැනි දින මරදානේ ස්වර්ණාභරණ මාලිගය විවෘත කරද්දී ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වූයේ අගමැති ඩී.ඇස්. සේනානායක මහතාය. සර් ජෝන් කොතලාවල, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර සහ දෙණියාය මන්ත්‍රි වික්ටර් රත්නායකද ඊට එක්වූහ.

ලෙස්ටර්-සුමිත්‍රා සහ බොරළුගොඩ නෑයෝ  

2018-05-13

මෙහි දැක්වෙන්නේ තරමක් පැරැණි ඡායාරූපයකි. එහි ජාතික ඇඳුමින් සැරසී උපැස් යුවළක් පැලැඳ සිටින්නේ ශ්‍රී ලංකාවේ වමේ ව්‍යාපාරයේ නියමුවා වූ මහජන එක්සත් පෙරමුණේ නායක පිලිප් ගුණවර්ධන මහතාය. දකුණු පසින් සුමිත්‍රා ගුණවර්ධන මහත්මියත් වම් පසින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාත් සිටී. වම් කෙළවරේ සිටින්නේ චිත්‍රපට නිෂ්පාදක ඇන්ටන් වික්‍රමසිංහය. ලෙස්ටර් සුමිත්‍රා යුවළ සමඟ පිලිප්ගේ සම්බන්ධය බොහෝදෙනා නොදනී. ලෙස්ටර් සිනමාවේදියාගේ අවමඟුල් උත්සවයේ මඑපෙ නායක දිනේෂ් ගුණවර්ධන ඇතුළු පවුලේ ඇත්තන්ගේ මැදිහත්වීමද ඇතැමුන්ට කුතුහලය දනවන කාරණයක් වී තිබිණි.

වතු අධිරාජ්‍යයේ අණසක පැතිර වූ තොණ්ඩමන්ලාගේ පැටිකිරිය  

2018-05-13

දකුණු ඉන්දියාවේ මූනාපුඩාර් ගම්මානයේ කලාර් කුලයේ උපන් කුමාරවේල් ලංකාවට පැන එන්නේ වයස අවුරුදු 18 සපිරෙන්නටත් පෙරය. ඔහු ලංකාවට පැමිණි වසර හරිහැටි කීමට කිසිවකු නොදන්නා නමුත් ඒ 1873දී පමණ විය හැකි යැයි ඔහුගේ පුත් පසුකලෙක මෙරට ඇමැතිවරයකු වූ සෞම්‍යමූර්ති තොණ්ඩමාන් අනුමාන කෙළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon