නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - හටන

ධර්ම දේශනා සඳහා මහ නායක හිමියන්ට මාතෘකා නියම කළේ ජෝන් ඩොයිලි   

2018-02-25

"කොම්සෝරියට්" නිලධාරියාගේ කාර්යාලයේ සිට ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට අයත්ව තිබී දැනට එකතුව තිබෙන තඹ කාසි කිරුවෙමි. ඒවා ගොනුන් පිට පටවා රුවන්වැල්ලට ගෙන යෑමට කටයුතු යෙදුවෙමි. එක් තවලම්කාරයකුට රික්ස ඩොලර් 3ක් ගෙව්වෙමි. රුවන්වැල්ලේ සිට හාල් රැගෙන එන්නේ නම් එක් අයකුට රික්ස් ඩොලර් 4ක් ගෙවීමට නියම කළෙමි. රජතුමාගේ වස්තුවද ඇත් දත් කැටයම් යෙදූ අලංකාර කළුවර පෙට්ටගමක් ද, රූප කොටා සායම් කළ කනප්පුවක් ද කුලීකරුවන් 6 දෙනකු අත කොළඹට යැව්වෙමි.

සාරා අර්ථීට් තුවක්කුවක් අමෝරාගෙන සිටියාය  

2018-02-25

"හරි හිනාව නවත්වලා සූදානම් පිට ඉන්ඩ. ආයුධ ගත්තු සොල්දාදුවෝ ගැන විශ්වාස කරන්න බෑ. උන් අපිව අල්ලා ගන්ඩ බැරි නෑ."
මගේ මුර සේවය අවසාන වන තුරුම අපි එකදු හමුදා නිලධාරියකු හෝ නොදුටු වෙමු. ඊළඟට මුර සේවාව සඳහා නියමිතව සිටි තරුණයන් දෙදෙනාට වෝකි ටෝකියත්, නාම ලේඛනයත් භාර දුන් අපි නිවෙසට ගියෙමු.

අපේ රට ණය උගුලේ සිර කළේ කවුද? ණය ගෙවිය යුත්තේ අපද? පෘතුගාලයේ වාමාංශික එකමුතුවේ නායිකා මරියානා මොටර්ගුආ   

2018-02-25

"දේශපාලනය යනු තම පෞද්ගලික ධනය එක්රැස් කරගන්නා ක්‍රියාවලියක් ලෙස සලකන ආකල්පයෙන් දේශපාලනඥයා මිදිය යුතුය. ජනතා ධනය සොරකම් කරනවා තරම් නින්දිත, ලජ්ජා සහගත දෙයක් තවත් නැහැ." තම පළමු වැනි පාර්ලිමේන්තු සැසි වාරයේදීම පෘතුගාල පාර්ලිමේන්තුවේ වාමාංශික පක්ෂ එකමුතුවේ නියෝජ්‍ය නායිකා මරියානා මොටර්ගුආ පැවැසුවාය.

ක්‍රි.ව. 400දී අනුරාධපුර නගරයේ ශ්‍රී විභූතිය දුටු ෆාහියන් භික්‍ෂුව   

2018-02-18

ෆාහියන් බුද්ධ ධර්මය සොයා චීනයේ සිට මෙරටට පැමිණි භික්‍ෂුවකි. මෙරටට පැමිණි දේශාටකයන් අතර ෆාහියන්ට හිමි වනුයේ සුවිශේෂී ස්ථානයකි. ෆාහියන්ගේ මතක සටහන් ඉතිහාසය හදාරන තැනැත්තන්ගේ සිත් ගත්තේය. ඔහු උත්තම පුරුෂයෙන් තැබූ සටහන් රසවත් සාහිත්‍යමය තොරතුරුවලින් ද නිරීක්‍ෂණයෙන්ද බොහෝ සේ පොහොසත් වූයේය. එබැවින් ෆාහියන්ගේ වාර්තා විශ්වසනීය වූ අතර ලොව පුරා බොහෝ භාෂාවන්ටද පරිවර්තනය විය.

‘ඇවකාඩෝ’ පොලිසිය මෙක්සිකෝවේ අලි පේර වගා බිම් රකී   

2018-02-18

අලුත්ම තාලේ පොලිසියක් ගැන අසන්නට ලැබුණේ මෙක්සිකෝවෙනි. එම පොලිසිය හඳුන්වන්නේ ඇවකාඩෝ පොලිසිය නමිනි. ඇවකාඩෝ යනු අලිගැටපේර ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන ආකාරයයි. අලිගැටපේර නම ගැනද කතාවක් තිබේ. ඇතැම් රටවල අලිගැටපේර හඳුන්වන්නේ ඇලිගේටර් පෘට්ස් යනුවෙනි.
සිංහල භාෂාවේ අලිගැටපේර යන්න එම වචනයෙන් බිඳී එන්නට ඇතැයිද සැලකේ.

ඩඩ්ලිගේ දවස් 30 ආණ්ඩුව ගෙදර ගිය හැටි   

2018-02-18

1959 දී අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ඝාතනයෙන් පසු වැඩ බලන සභා නායකවරයාව සිටි විජයානන්ද දහනායක අගමැති පදවියට පත්විය. ඉන්පසුව පැවැති 1960 මාර්තු මහ මැතිවරණය ඉතිහාසගත වන්නකි. ඒ, එතෙක් දින කිහිපයක් තිස්සේ පැවැත්වූ මහ මැතිවරණයක් එක් දිනයකින් පවත්වා නිම කළ ප්‍රථම මැතිවරණය එය වූ නිසාය.

කැලණි පන්සලේ හාමුදුරුවන් ළඟ භයානක ආයුධ තිබුණා   

2018-02-18

බණ්ඩාරනායක ඝාතන නඩුවේ 7 වන විත්තිකරු වූයේ කොළොන්නාව පළාත් ආණ්ඩු සභාවේ සභාපති ලෙස එවකට සිටි කරෝලිස් අමරසිංහය. අමරසිංහ අගමැති බණ්ඩාරනායක මහතාගේ සමීප දේශපාලන හිතවතෙකි. මූලික නඩු විභාගයෙන් පසු ඔහු පැමිණිල්ලේ ප්‍රධාන සාක්‍ෂිකරුවෙක් විය. ඔහු නිදහස අපේක්‍ෂාවෙන් එසේ කළේය. ඔහු නිදහස අපේක්‍ෂාවෙන් තවත් බොහෝ දේ සාක්‍ෂියේදී ප්‍රකාශ කළේය. බුද්ධරක්ඛිතත්, සෝමාරාමත් පස්වන විත්තිකාර පොලිස් පරීක්‍ෂක නිව්ටන් පෙරේරාත් තම නිවෙසේදී හමුවී වෙඩි තැබීම පුහුණු වීම පිණිස මුතුරාජවෙල බලා පිටත්ව ගිය බව කරෝලිස් අමරසිංහ සිය සාක්‍ෂියේදී කීවේය.

ලෙව්කේ දිසාවගේ බිරියට බලහත්කාරකම් කිරීමට ඉඩ දෙන්න එපා   

2018-02-18

මොල්ලිගොඩ අදිකාරම උදෙන්ම දේව පෙරහර මුණගැසෙනු පිණිස ඉදිරියට ගියේය. අණදෙන නිලධාරි සහිත වාදක කණ්ඩායමට වෙල්ලවත්තේදී ඔවුන් හමුවනු ඇත. පෙරහර හපුගහ කඩවතට පැමිණි බව අදිකාරමගේ පණිවුඩකරුවෝ දැනුම් දුන්නේය. ඔවුහු මගේ පැමිණීම බලාපොරොත්තු වෙති. මම ඊට එක්වීමට යන්නෙමි, ඇහැලේපොළටද දැනුම් දුන්නෙමි. පෙරහර නියමිත වෙලාවට පිටත් විය.

‘ඉන්දියන්කාරයෝ මෝඩයෝ’ ඒ බව ඔවුන්ට ඒත්තු ගන්වන්න ඕනෑ  

2018-02-18

ඒ නොවැම්බර් විසි එක් වැනිදාය. කුමන හෝ හේතුවක් නිසා දෙදිනක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කොට තිබිණි. අපට දැනුණේ ඉමහත් සහනයකි. මුර සේවාවෙන් වැළකී සිටින්නට හැකි වනු ඇත. නා ගන්නට සහ තරමක් හෝ හොඳ ආහාර වේලක් උයා පිහාගෙන කන්නට ඉඩක් ලැබෙනු ඇත.

දූෂණයට වගකිව යුත්තේ දේශපාලනඥයන්් පමණක්ම නොවේ   

2018-02-18

ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු බොහෝ රටවල් වසර ගණනාවක සිට හඳුන්වන්නේ දියුණු වෙමින් පවතින රටවල් ලෙසය. ඒවා බටහිර බොහෝ රටවල් මෙන් 'සංවර්ධිත රටවල්' බවට පත් නොවන්නේ ඇයි? මෙහිදී අපට එක්වරම සිහිවන්නේ දූෂිත දේශපාලනඥයන් නිසා එසේ සිදුවන බවයි. එහෙත් දේශපාලනඥයන්ට පමණක් ඇඟිල්ල දික් කිරීම යුක්ති සහගතද? රාජ්‍ය නිලධාරීන් විශාල ප්‍රමාණයක් සහයෝගය නොලැබෙනවා නම් ඔවුනට මෙය දිගින් දිගටම කරගෙන යෑමට හැකිවෙයිද? රාජ්‍යයකට ලැබෙන ආදායම් නිසි පරිදි කළමනාකරණය නොවීමට, ඒවා හසුරුවන මෙම දූෂිත රාජ්‍ය නිලධාරීන්ද වගකිව යුතු නොවේද? මෙම රටවල රාජ්‍ය තන්ත්‍රය දෙස විමසිල්ලෙන් බලන විට පෙනී යන්නේ ඉහළ සිට පහළටම අස්සක් මුල්ලක් නෑර රාජ්‍ය නිලධාරී තන්ත්‍රය තුළද අල්ලස සහ දූෂණය පැතිරී පවත්නා බවයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon