නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - හටන

නෙළුම් කොළේ කෑමේ කලාව  

2018-03-18

නෙලුම් කොළේ බත් කෑම සලකන්නේ ශ්‍රී ලංකාවේ සංස්කෘතියට ගරු කිරීමක් වශයෙනි. ඒ නිසා හැන්දෙන්, ගෑරුප්පුවෙන් බත් කන කළු සුද්දෝ පවා ගැමි ජනතාව අතරට ගිය විට නෙලුම් කොළේ කෑමට ප්‍රිය කරති. දේශපාලනඥයන් නෙලුම් කොළේ කන්නේ ඊට වඩා පුළුල් අර්ථයක් ඇතිවය. දේශපාලනඥයන් ගමට පැමිණ නෙලුම් කොළේ කනවිට ගමේ උදවිය හිතන්නේ,

මැතිනියයේ ප්‍රජා අයිතිය අහෝසි කළ දා ගිනිගත් කොළඹ  

2018-03-18

1977 ජූලි මහ මැතිවරණයෙන් එක්සත් ජාතිත පක්ෂය ජය ගැනීමෙන් පසු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන ලදී. ඒ හිටපු අගමැතිනි සිරිමාවෝ ආර්.ඩී. බණ්ඩාරනායක මැතිනියත් හිටපු මුදල් හා අධිකරණ ඇමැති ෆීලික්ස් ආර්. ඩයස් බණ්ඩාරනායකත් 1970-1977 කාලය තුළදී බලය අයුතු ලෙස පාවිච්චි කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහාය. එකී චෝදනා මෙහෙයවීම සඳහා නීතිඥවරයකුද පත් කර තිබිණි.

කුමන්ත්‍රණකරුවෝ අපරාධ පරීක්ෂකයන් බවට පත්වෙති  

2018-03-18

අගමැති බණ්ඩාරනායක ඝාතනය පිළිබඳව කුතුහලය දනවන ප්‍රශ්නය අපි පාඨකයන් හමුවේ තැබුවෙමු. බණ්ඩාරනායක ඝාතන නඩුවේ තීන්දු ප්‍රකාරව චූදිතයන්ට දඬුවම් පමුණුවා තිබූ බැවින් දැන් එවැනි ප්‍රශ්නයක් මතු කිරීම යුක්ති යුක්තදැයි ප්‍රශ්නයක් පැනනඟින්නට පුළුවන.

ඇමෙරිකාව රැසියාව සිරියාවේදී යුද වදිති  

2018-03-18

දිනෙන් දින ඝාතනය වන අහිංසක දරුවන්ගේ රුධිරය මතින් ඇදී යන සිරියානු අර්බුදකාරී තත්ත්වය ගැන නැවතත් ලෝකයාගේ කතාබහට ලක්වූ සිදුවීමක් මීට දින කිහිපයකට පෙර සිදුවුණා. ඒ සිරියානු රජය එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 400කට අධික ප්‍රමාණයක් මිය යෑමත් සමඟ. මේ අතර යුද්ධයට කිසිදු සබඳතාවක් නැති කුඩා දරුවන්ම 150ක් සිටියා. මොකක්ද කුමක් සඳහාද සිරියානු යුද්ධය. මේ ඒ ගැන කෙටි සටහනක්.

සයනයිඩ් කරල කටේ දමාගත් අපි විදුලි වේගයෙන් දිව ගියෙමු  

2018-03-18

සතුරා සිටියේ අප වටකොට ගෙනය. පොරකමින් පොල් ගස් පසුපස සැඟවෙමින් අපි වෙඩි උණ්ඩවලින් ගැලවෙන්නට උත්සාහ ගතිමු.

‘සාමය’ නමැති විසල් සිතුවම ඇඳීමට සායම් බිඳුවකින් හෝ සම්මාදම් වන්න රාබියා සිද්දීක්   

2018-03-18

ලෝකය විශ්ව ගම්මානයක් බවට පත්ව ඇත. ලොව පුරා සියලු ජාතීන්ට අයත් මිනිසුන් නිදහසේ රට රටවල සංචාරය කරති. අන්තර්ජාලය හරහා මොහොතකින් එකිනෙකා හා සම්බන්ධකම් ඇති කර ගනිති. එහිදී වැදගත් වන්නේ පුද්ගල මනෝභාවය මිස ජාති, කුලගොත් නොවේ. ලොව පුරා විවිධ ජාතීන් අතර විවාහයෙන් ඉපදුණු දහස් ගණනක් දරුවන් ඇත. ඔවුන් අයත් වන්නේ කුමන ජාතියකටද? මේ ජානමය මිශ්‍ර වීම හැකියාවන්ගෙන් යුත් බුද්ධිමත් දරුවන් බිහි කරන බව විද්‍යාත්මක මතයයි. එකිනෙකා අතර ඇති සංස්කෘතික වෙනස්කම් නිසි පරිදි අවබෝධ කොටගෙන මිනිස්කම පෙරදැරිව ජීවන ගමන යෑමට ඒ වෙනස්කම් රුකුලක් මිස, බාධාවක් කර නොගත් සාර්ථක චරිත අපට දැක ගත හැකිය.

කෑවත් නොකෑවත් ‍ෙදාරකඩ වැහූ වහූ  

2018-03-18

ඉස්සර ගමක ගම ගෙදරක අයියයි නංගි කෙනෙකුයි සිටියලු. ටික කලක් යද්දී ඒ ගමට ටිකක් දුර ගමක අයකුට මේ නංගිව විවාහ කර දීමෙන් පසුව අයියත් අසල ගමකින් ගෑනියක් කැන්දන්ආවාලු. මේ අයියගෙ ගෑනි හරිම කපටි,

පාද ලාංඡනයේ ඇඟිලි දෙකක් චීනුන් ගලවාගෙන ගොස් තිබූණා -ඉබන් බතුතා  

2018-03-11

ඉබන් බතුතා ලංකාවට පැමිණියේ ක්‍රි.ව. 1344දීය. ඔහු දකුණු අප්‍රිකාවේ ටැන්ජියර්හිදී 1304දී උපත ලැබුවෙකි. ඔහුගේ මවුපියෝ ධනවතුන් වූහ. වයස 21දී බතුතා මැකා නගරයේ සංචාරයක නිරත විය. ඒ ගමනේදී සිරියාවේ, ඊජිප්තුවේ නගරවල ඇවිදීමෙන් ඔහුගේ සංචාරය කිරීමේ ආශාව කුළුගැන්විණි. ඔහුගේ ඉලක්කය වූයේ ආසියාව දැක බලා ගැනීමය.

දිය රැල්ල වෙරළෙ හැපි හැපි මේ මොකද හාදු දෙන්නේ  

2018-03-11

යාල වනෝද්‍යානයේ නැඟෙනහිර මායිමේ පට්ටනංගල්ලට නොදුරු මුහුදු වෙරළේ තඹ වැල්ල පාගමින් ඇවිද යන එක්තරා මිනිසෙකි. එය පාළු නිස්කලංක වෙරළ තීරයකි.

පත්තරවලට එරෙහිව ගිය දේශපාලනඥයෝ  

2018-03-11

1977 ජූලි මහ මැතිවරණයෙන් පසු ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමැතිවරයා වූයේ දැදිගම ආසනය ජයගෙන පාර්ලිමේන්තුවට ආ නිශ්ශංක විජයරත්න මහතාය. එකල ඒ මහතා මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරයද දැරුවේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon