නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - හටන

ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක වූ හැටි  

2018-01-14

ඉකුත් සියවස මැද භාගයේදී මෙරට බොහෝ දෙනාගේ අප්‍රසාදයට ලක්වූ නඩු තීන්දුවක් ප්‍රකාශයට පත්ව තිබිණි. එය ප්‍රකට වූයේ "බෙන්තරආරච්චි නඩුව" නමිනි.
ධනවත් ව්‍යාපාරිකයකු වූ බෙන්තරආරච්චි මහතා මෙම නඩුව පවරා තිබුණේ ඔහුගේ රියැදුරකු ලෙස සේවය කළ සිරිසේන නමැත්තකුට එරෙහිවය.
ව්‍යාපාරිකයාගේ රූමත් දියණිය, බෙන්තරආරච්චිගේ රියැදුරු සමඟ ප්‍රේම සම්බන්ධයක පැටලී සිටියාය. දෙදෙනාගේ විවාහයට දෙපාර්ශ්වයෙන්ම කොහෙත්ම කැමැති නොවන බව දන්නා ව්‍යාපාරික දියණිය තම පෙම්වත් රියැදුරා සමඟ කාටත් හොර රහසේ නිවෙසෙන් පැන ගියාය.

අගමැති ඝාතන අබිරහස හා තොලට තොල  

2018-01-14

මෙතෙක් දවස් දහ හතරක් සාක්කි දී ඇති පී. මලල්ගොඩ මහතාගෙන් මෙදිනද මුළු දවසම හරස් ප්‍රශ්න අසනු ලැබීය.
සී.ඇස්. බාර්කුමාර කුලසිංහ මහතාගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දුන් මලල්ගොඩ මහතා තමා 1955 ඔක්තෝබර මාසයේ කිසියම් දිනයක විජයවර්ධන පවුලට අයිති දෙනියායේ "බෙවර්ලි" වත්තේ පිළිවෙතක් සඳහා සිය පියාත් මාමාත් කැටුව ගිය බව කීවේය.

මල්වතු - අස්ගිරි මහනායක හිමිවරු ඉංග්‍රීිසි ආණ්ඩුකාරයාට සුබාශිංසනය කර  

2018-01-14

මහා සංඝයා වහන්සේ කැඳවාගෙන එනු පිණිස මල්වතු අස්ගිරි විහාර දෙකට පණිවුඩකරුවන් යැවීමි. සවස 5.00ට පමණ ප්‍රථමයෙන් පළමු සහ දෙවැනි අදිකාරම්වරු මඟුල් මඩුවට කැඳවූයෙමි. සවස 6.00 පමණ වනවිට මල්වතු විහාරයේ කොබ්බෑකඩුව නායක උන්නාන්සේ සහ අස්ගිරි විහාරයේ මාවතගම නායක උන්නාන්සේ ඇතුළු සංඝයා වහන්සේ දළදා මාලිගාවට පැමිණියහ. සුදු රෙදි අතුරන ලද බිම දිගේ උන්වහන්සේ මඟුල් මඩුවට කැඳවාගෙන යන ලදී.

යුද ටැංකි දෙකක් සහ ඉන්දීය සෙබළු දහසක්   

2018-01-14

යුද බිමෙහි ගෙවුණු මගේ පළමු දිනය සිතු තරම් ප්‍රසන්න හෝ සාර්ථක වූයේ නැත. විශ්වවිද්‍යාලයේ එතරම් අප්‍රසන්න නොවූ පරිසරයෙන් මුරලි අප රැගෙන ගියේ යාපනයට යාබද ගම්මානයක් වන කෝපායි වෙතය. කඳවුරෙහි ඒකක දෙකක් වූ අතර එක් ඒකකයක අවිගත් තරුණයෝ පහළොස් දෙනකු බැගින් සිටියහ. අප සිටි ස්ථානයට උතුරු දෙසට වන්නට මීටර් දෙසීයක් පමණ දුරින් බියකරු යුද්ධයේ හඬ ඇසිණි. පිරිමි කොටි කණ්ඩායම් තුනක් යාපනය ප්‍රධාන මාර්ගය අසල යුද වැදී සිටියේ සාම සාධක හමුදාව සමඟය. බෝම්බ හෙළන හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් අපට ඉහළින් තටු සලමින් නැවතී සිටියේය. තල් අතු වැටෙන් වට වූ ළං ළංව පිහිටි කුඩා නිවාස සියල්ලම පාහේ හුදෙකලා වී තිබුණේ ඒවායේ පදිංචිකරුවන් පාසලක, පන්සලක හෝ පල්ලියක අනාථ කඳවුරු සොයා ගොස් තිබූ හෙයිනි.

මුතුන් මිත්තන් ඉතිරි කර ගිය ග්‍රහලෝකය අනාගත පරපුරට අප ඉතිරි කළ යුතුයි  

2018-01-14

තවමත් දහසය හැවිරිදි වියේ සිටින ප්‍රියමනාප පෙනුමකින් යුතු ඇමෙරිකානු ස්වදේශීය ජාතික යෞවනයකු වන සියැටෙස්කැට්ල් මාටිනෙස් ලොව පුරා ජනතාවගේ අවධානයට යොමු වන්නේ, ඔහු මේ වනවිට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අභියෝග කරමින් ඔහුගේ රජයට විරුද්ධව නඩු මඟට බැස ඇති නිසාය. ඒ පෞද්ගලික ලාභ ප්‍රයෝජන තකා නොවේ. ඇමෙරිකානු රජය විසින් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙනි. මිනිස් වර්ගයාගේ අහිතකර ක්‍රියාකාරකම් නිසා සිදුවන දේශගුණික විපර්යාසයන්ට එරෙහිව ක්‍රියාත්මක නොවීම, වායුගෝලය ආරක්ෂා කිරීමට අපොහොසත් වීම ආදී ජනතාවගේ පැවැත්මට අත්‍යවශ්‍ය කරුණු ගැන පියවර ගැනීම පැහැර හැර ඇති බවට චෝදනා කරමිනි. 1915දී ජනාධිපති බැරැක් ඔබාමාගේ සමයේදී ආරම්භ වූ නඩුව, දැනට නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ක්‍රියාත්මක වේ. මෙම නඩුව පවරා ඇත්තේ මාටිනෙස් ඇතුළු වයස අවුරුදු නවයේ සිට විස්ස දක්වා වයස් සීමාවල පසුවන දරුවන් 21 දෙනකුගේ කණ්ඩායමකි. ඔවුන්ගෙන් දහදෙනකු ස්වදේශීය හා කළු ජාතිකයෝ වෙති.

මරණය දක්වා සටන් කරන්නත් සමාව නොඉල්ලන්නත් අපි තීරණය කළෙමු  

2018-01-07

බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව අවි අතට ගත් වෙල්ලස්සේ ජනයා මෙහෙයවූ 1818 කැරැල්ලේ වෙල්ලස්සේ නායකයා වූ කොහුකුඹුරේ රටේ රාල අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුට විරුද්ධව නඩු විභාගයක් පවත්වන ලදී. ඉංගී්‍රසි යුද ප්‍රධානීන් හමුවේ කොහුකුඹුරේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ආකාරය මෙසේය.

මීහරකාගේ දුක්බර කතාව  

2018-01-07

මෙහි සිටින්නේ අප හැමදෙනාම දන්නා හඳුනන මීහරකෙකි. ඔබ මොහොතක් මේ සත්වයා දෙස බලා සිටින විට මොකක්දෝ දුක්බර කතාවක් ඔහුගේ මුහුණේ සැඟවී ඇති බව පෙනෙණු ඇත. සත්තකින්ම ඔබට කියන්නට තරම් සංවේදී කතාවක් මේ මීහරකාට තිබේ. උෟට තිබෙන ප්‍රශ්නය එය කියා පිහිටක් ඉල්ලන්නට කෙනෙකු නොවීමය. අප මේ සටහන තබන්නේ අසරණ මීගවයා වෙනුවෙනි.

COLOMBO JOURNAL පළමු ඉංග්‍රීසි පුවත්පත තහනමට ලක්වූ හැටි  

2018-01-07

මෙරට පිහිටි ලන්දේසි අවි ගබඩාවේ සේවය කළ ගේබ්රියල් ස්කාඩර් විසින් ඔහුගේ පරිශ්‍රමය මත මුල් වරට සිංහල අච්චු අකුරු යොදා මුලින්ම මුද්‍රණය කළේ ක්‍රිස්තියානි යාඥා පොතකි. එතැන් සිට ඔහුගේ මුද්‍රණාලයෙන් සිංහලෙන් කිසිවක් මුද්‍රණය වූ බවට මෙතෙක් සාධක හමුවී නැත.
1796 දී ලංකාවේ වෙරළබඩ පළාත් ඉංග්‍රීසින් විසින් අල්ලා ගත් පසු එතෙක් ලන්දේසීන් සතුව තිබූ එවැනි වත්කම් හා දේපළවල අයිතිය ඉංග්‍රීසිහු සතු කර ගත්හ. ඒ අනුව ස්කාඩර්ගේ මුද්‍රණාලයද ඉංග්‍රීසින්ට අයිති විය.

සමහරුන්ට ඇමැතිකම් ලැබුණාම රතු ලේ කොළ පාට වෙනවා  

2018-01-07

නීතිඥ _ රහස් පොලිසිය ඔබෙන් ප්‍රශ්න කළ බව ඔබ කී විට විමලා විජයවර්ධන මහත්මිය බණ්ඩාරනායක අගමැතිට ටැලිපෝනයෙන් මොනවද කිව්වේ?
මලල්ගොඩ _ 'මොකද මේ මලල්ගොඩ කැලෑ පත්තර වගයක් ගැන සී. අයි. ඩී. එකට ගෙන ගියයි කියන්නෙ. මොකක්ද මේකෙ තේරුම? මෙච්චර කල් අපට කැලෑ පත්තර ගැහුව. කවුද මොකවත් කළේ? මලල්ගොඩ මගෙ මිනිහෙක් බව දන්නෙ නැද්ද? යි ඇය අගමැතිට කීවා.

උඩරට ගිවිසුම අස්සන් කළ දා බි්‍රතාන්‍ය ධජය එසවීමට කිසිවකු විරුද්ධ වූ බවක් ඩොයිලිගේ දින සටහන්වල නෑ  

2018-01-07

ඇහැළේපොළ අදිකාරම කැඳවූයෙමි. ඔහුට රාජකීය ගරු සම්මාන ලබාදීම සිදු නොවනවා නම් ඔහු තම නිලයෙන් ඉවත්වන බව ප්‍රකාශ කළේය. මොල්ලිගොඩ අදිකාරමද කැඳවූයෙමි. ඔහු උඩුගම්පහ සතර කෝරලේ සහ සත් කෝරලේ ගැන ඉල්ලීමක් කළේය. මුළු සවස් කාලයේම කන්දේ නුවරට අධික වර්ෂාව පැවැතියේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon