නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - සැණකෙළිය

කැනඩාවේ මොන්ටි්‍රයල් නගරය යටින් මතු වූ අබිරහස් හිම යුගය  

2018-01-21

අවුරුදු 15,000ක් පැරණි ගුහා කීපයක් කැනඩාවේ මොන්ටි්‍රයල් නගරයේ පොළොව යට අඩි 30ක් ගැඹුරෙන් සොයා ගැනීමට කැනේඩියානු ආධුනික ගවේෂකයෝ දෙදෙනකු සමත්ව ඇත. මෙතෙක් මිනිස් ඇසට හසු නොවී භූගතව සැඟවී තිබුණු විශාල ගුහා සංකීර්ණය අනාවරණය කර ගැනීම සඳහා පර්යේෂකයෝ විදින කටු හා කුළු ගෙඩි උපයෝගී කර ගත්හ. එම විදින කටු හුනුගල් බිත්තියක් ඔස්සේ කි¼දා බැසීමේදී මතුවුණු විශාල කුහරය තුළට සිය හිස් යොමු කොට පිරික්සීමේදී දිගින් මීටර් 200ක් පමණද පළලින් මීටර් තුනක් පමණද වූ ගුහාවක් පර්යේෂකයන්ගේ නෙතැ ගැටිණි. ගුහාවේ අඩි 20ක් පමණ ඉහළින් සිවිලිමක්ද ගුහාව තුළ විලක්ද විය. මෙතෙක් මෙවැනි දේ දැක ගැනීමට හැකි වී ඇත්තේ සඳ මතදී පමණකැයි මේ ගවේෂණයෙහි යෙදුණු දෙදෙනාගෙන් කෙනකු වන ඩැනියල් කැරන් "කැනේඩියන් ප්‍රෙස්" පුවත්පතට පැවැසීය. ඔහුගේ සගයා ලුක් ලේ බ්ලාන්ක් නම් විය.

ඉතිහාසඥයන් සඟවන හෙළ වාරි තාක්ෂණයේ අබිරහස්  

2018-01-21

ජල උයන්, ජල මල් මෙන්ම සිසිල් කරන පද්ධති උදෙසා ජලය ගෙන යෑමට අධි පීඩනයක් සහිත ජල උමං භාවිතය බහුලව දැකගත හැකිවනුයේ ආලකමන්දාව ලෙස නම් කරන ලද සීගිරියේය. මෙය රාවණ රජුගේ පියා වූ විශ්‍රවස් මුනිගේ කාලය දක්වාම දිවෙයි. වෑවල ප්‍රදේශයේ පැවැති විශාල වැවක (අති විශාල වැව් මිරිය නදිය ලෙස එකල හැඳින්විණි) සිට උමං මාර්ගයෙන් සීගිරියට ජලය රැගෙන ඒම සිදුවිය. මේ සඳහා අඩි පහළොවක පමණ විෂ්කම්භයක් සහිත උමඟක් භාවිත කර ඇති අතර පුනිල තාක්ෂණයට සමාන ක්‍රමයක් අනුගමනය කරමින් වැව මධ්‍යයේ සිට මෙම ජල උමඟ (ගලිස්ස) ආරම්භ වී ඇත. එහිදී සිදුවනුයේ වැවේ ජලය දැඩි පීඩනය උපයෝගී කර ගනිමින් සීගිරිය මුදුනටම ගෙන යෑමයි. ජල මල්වලටද මෙම ක්‍රමය භාවිත කර ඇති අතර එසේ රැගෙන එන ජල උමඟ ක්‍රමිකව කුඩා කිරීම හරහා පීඩනය වැඩි කර ජලය ඉහළට මලක් ලෙස විඳීමට සැලැස්වීම මේ හරහා සිදුවෙයි.

කෝපි තොලගාමින් සුබ සිහින දකින්නන් මගෙ කවි ඇතුළේ නෑ  

2018-01-21

වැටකේදෙණිය කනිෂ්ඨ විද්‍යාලයෙන් හා මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරලා මම දැනට ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සිවුවන වසරේ අධ්‍යාපනය ලබනවා. ඒ ඉතිහාසය විශේෂවේදී උපාධි පාඨමාලාවයි. ළාබාල කිවිඳියක් විදිහට බොහෝ දෙනා මාව හඳුන්වනවා. ඇත්තටම මම කාව්‍යකරණයට පිවිසිලා, එහෙමත් නැත්තං මගේ අත්දැකීම් සිතිවිලි අකුරු බවට පත් කරන්න ආරම්භ කරලා දැනට වසර දෙකක පමණ කෙටි කාලයක් තමයි ගතවෙලා තියෙන්නේ. මට තව බොහෝ කාලයක් ඉතුරු වෙලා තියෙනවා.

අපි හොරෙන් පොත් ගහලා නෑ  

2018-01-21

ගොඩගේ පොත් සමාගමේ අධ්‍යක්ෂිකා නන්දා ගොඩගේ ඇගැයුම් උළෙල සහ 'පොත පතට ළැදි නන්දා ගොඩගේ' කෘතිය එළිදැක්වීම ජනවාරි 26 වැනිදා සවස 3ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ. මහාචාර්ය කුසුමා කරුණාරත්න මුලසුන හොබවන මෙම උළෙලේ ආරාධිත දේශනය කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස විසිනි. මේ ඒ නිමිතිකොට ගෙන පොත් ප්‍රකාශනය හා අලෙවියට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධව නන්දා ගොඩගේ සමඟ කළ සංවාදයකි.

ගීසා පිරමීඩයේ සැඟවුණු කුටියකින් අබිරහස් රැසක් එළියට   

2018-01-14

ගීසාගේ මහා පිරමීඩය තුළ දීර්ඝ කාලයක් තිස්සේ සැඟවී තිබුණු හිස් කුටියක් සොයා ගැනීමට විද්‍යාඥයන් පිරිසකට හැකි වී ඇති අතර අවුරුදු 4,500ක් පැරැණි මෙම ස්මාරකය සමඟ බැඳුණු රහස්ද එයින් අනාවරණය වී තිබේ. පිරමීඩයේ අභ්‍යන්තරයෙහි රජුගේ කුටියත් රැජනගේ කුටියත් සම්බන්ධ වනසේ කෙමෙන් උස්ව නැඟෙන මංපෙතකට මඳක් ඉහළින් පිහිටි මෙම හිස් කුටිය දිගින් මීටර 30ක් (අඩි 100ක්) පමණ වේ. පිරමීඩයක් තුළ මෙවැනි හිස් කුටියක් වෙන්වී තිබෙන්නේ කුමන අරමුණක් ඇතිවද යන්න දැන ගත හැකි නොවන බවත් එම කුටියට කෙසේවත් පිවිසිය හැකි නොවන හෙයින් ඒ තුළ අගනා කලා නිර්මාණ කිසිවක් තිබේ දැයි දැන ගත හැකි නොවන බවත් විද්‍යාඥයෝ කියති.
පිරමීඩයේ සෙසු කොටස් ඉදි කෙරුණායින් පසු මහා වේදිකාව හා රජුගේ කුටිය ඉදි කිරීමෙහි යෙදුණු සේවකයනට එහි පිවිසීමට හැකි වනු පිණිස වෙන්වුණු කොටස මෙම හිස් කුටිය විය හැකි යැයිද මෙම පර්යේෂණයෙහි යෙදුණු විදවත්හු ප්‍රකාශ කරති. අභ්‍යවකාශයේ සිට පොළොවට විහිදුවන ලද අන්තරීක්ෂ අංශු උපයෝගි කරගත් භෞතික විද්‍යාඥයන් මෙම පර්යේෂණය පැවැත්වූයේ එක්ස් කිරණ මිනිස් සිරුර විනිවිද යන්නාක් මෙන් අන්තරීක්ෂ අංශුද ගල් කුට්ටි විනිවිද යන හෙයිනි. පුරාවිද්‍යාඥයන් ඉතිහාසඥයන් හා භෞතික විද්‍යාඥයන්ගේ හවුල් ප්‍රයත්නයක් වශයෙන් කරන ලද මෙම ගීසා පිරමීඩ පර්යේෂණය 19 වැනි සියවසෙන් පසුව දක්නට ලැබුණු විශිෂ්ට කාර්යයක් වශයෙන් බොහෝ විද්වතුන්ගේ ප්‍රශංසාවට භාජන විය.

මම මගේ මළ සිරුර වළ දානවා දැක්කා  

2018-01-14

1923 තරම් අෑත වසරක විස්කොන්සින් නගරයේ උපන් ආකාරය දක්වමින් තවදුරටත් මෝහනයට පත්වූ තැනැත්තා දක්වන තොරතුරු විස්මිතය.

ජීවය හුවමාරු කරගන්නා ග්‍රහලෝක හතක් ගැන අපූරු තොරතුරක්  

2018-01-14

පිටසක්වළ ජීවය පිළිබඳව අෑත අතීතයේ සිටම මිනිසා තුළ පැවතියේ පුදුමාකාර උනන්දුවකි. දැනුදු ඒ උනන්දුව වැඩිවී ඇති මිස අඩුවක් දකින්නට නොහැකි විය. පිටසක්වළ ජීවය තිබිය හැකි ග්‍රහලොවක් තිබේය යන්න හිස කෙස්ද කෙළින් හිටුවන ප්‍රකාශයක් වන්නට බැරි නැත. එහෙත් එකක් දෙකක් නොව සූර්යයකු වටා ගමන් කරන එබඳු ග්‍රහලෝක හතක් ඇතැයි කීම උමතුවකට හේතුවක් වනු නොඅනුමානය.

ලංකාපුරයේ අග්නි ශක්තිය තිබූ ප්‍රබලම ස්ථානයක් ගැන ඉඟියක්  

2018-01-14

එකල්හි වර්තමාන බෝට්ටුවලට වඩා වෙනස්, වඩා ආරක්ෂිත යාත්‍රා විශේෂයක් පැවැතියේය. එය ජල මතුපිට මෙන්ම අවස්ථානුකූලව ජල අභ්‍යන්තරයේද ගමන් කිරීමේ හැකියාව පැවැතියේය. එය පෙට්ටි 2-3ක වර්තමාන කෝච්චියක පෙනුමෙන් යුක්ත වූ මෙම ජලකර යාත්‍රාවල නම්‍යශීලි බවක් පැවැතියේය. එබැවින් ඉතා පහසුවෙන් ජලමාර්ග හරහා ගමන් කිරීමේ පහසුවත් උමං ආශ්‍රිතව ගමන් කිරීමේදී වඩා නම්‍යශීලී වීමේ හැකියාව තිබේ.

You Bionic නම් කෘත්‍රිම අතක් ළඟදීම  

2018-01-07

ඔබගේ දෑතින් නොකළ හැකි දේ කළ හැකි බහුකාර්ය අත් ඇත්තකු වීමට ඔබ කැමැත්තෙන් නම් ඒ සඳහා නියමිත වශයෙන්ම ඔබට ගැළපෙන සුපිරි මෙවලමක් එළිදැක්වීමට අලුත් ආයතනයකට හැකි වී තිබේ.

මරණාසන්න මොහොතේ දැනෙන වේදනා ගැන නොදත් කතාවක්  

2018-01-07

බුදුදහමේ කියැවෙන ගැඹුරුම තැන් වඩාත් නිවැරැදිව විවරණය කරන්නට වෙහෙස වූ පණ්ඩිත, කන්නිමහර සුමංගල හිමියන්ගේ දෙසුම් අදටත් ප්‍රයෝජනවත්ය.
උන්වහන්සේ බටහිර ජන සමාජය තුළ කතාබහට ලක් කෙරුණු බෞද්ධ දර්ශනයේ සංකල්ප සිංහලෙන් ගෙන හැර පා ප්‍රකට වූ හිමිනමකි. මේ ලිපිපෙළ ඒ අනුව සැකසිණි.
මරණින් මතු අන්තරාභවයක් ඇතිද නැතිද යන්න විවාදාත්මකය. මෙහි එන්නේ මෝරි බෙර්න්ස්ටයින් විසින් නින්දට පත්කර, සිත අවදිකර රූත් සිමන්ස් නම් අයකුගෙන් ලබාගත් අන්තරාභවය පිළිබඳ තොරතුරුය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon