නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - හටන

හමුදා අත්අඩංගුවේ සිටි කොටින්ට සයනයිඩ් කන ලෙස ප්‍රභාකරන් නියම කළ බව ඇසීමෙන් මා කලකිරුණා  

2018-01-07

එක් දිවා කාලයක බිත්තියක් පසාරු කරමින් ෂෙල් වෙඩිල්ලක් කඩා වැදුණේ අප දෙදෙනා බිම පතිත කරවමිනි. අපේ සිරුරු මත පතිත වූයේ උණු වූ ලෝහ, සිමෙන්ති, ගඩොල් සහ දූවිලි වර්ෂාවකි. මගේ දකුණු පත්ල මතට ඉතා විසකුරු දෂ්ට කිරීමක් සිදු වූවා සේ මට දැනුණි.

ලිංගික හිංසනයන්ට ගොදුරු වූ දැරියන්ගේ මව සුනීතා ක්‍රිෂ්ණන්  

2018-01-07

'ලැජ්ජාවට පත් විය යුත්තේ දූෂිතයායි. දූෂණයට ලක් වන කාන්තාව නොවේ. තම මුහුණ වසාගෙන සැඟවෙන්නේ කාන්තාවන්. දූෂනයට ලක්වූ කාන්තාවක් වන මම ඔබ ඉදිරියේ සිටින්නේ මුහුණ සඟවා ගෙන නොවේ. වයස අවුරුදු පහළොවේදී මිනිසුන් අට දෙනකු විසින් මා සමූහ දූෂණයට ලක් කරනු ලැබුවා. එම දූෂණය පිළිබඳ මගේ මතකයේ සදහටම තැන්පත් වූයේ දැරිය නොහැකි වේදනාවෙන් මතු වුණු කෝපයයි. අද වන විටවත් එම කෝපය මා තුළින් පහව ගොස් නැහැ. එයින් පසු සමාජය දෙස බැලූ මා දුටුවේ සිය දහස් ගණනක් කාන්තාවන්, දැරියන් ලිංගික හිංසනයට ගොදුරු වන ආකාරයයි. ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට මා පෙලඹුවේ මේ අත්දැකීමයි. ඔවුන් ගලවා ගෙන නැවත පුනරුත්ථාපනය කිරීමේ මෙම ව්‍යාපෘතිය අතිශය දුෂ්කර එකක්. මම සටන් වදින්නේ බිහිසුණු අපරාධකරුවන් සමඟයි. දැනට දාහතර වතාවක් මම ඔවුන්ගේ පහරදීම්වලට ලක්වී තියෙනවා' ලිංගික හිංසනය පිටු දැකීමේ සමාජ ක්‍රියාකාරිත්වය වෙනුවෙන් ඉන්දියාවේ ඉහළම සම්මානයක් වන 'පද්ම ශ්‍රී ' සම්මානයෙන් 2016දී පිදුම් ලැබූ සුනීතා ක්‍රිෂ්ණන් මෙසේ පැවැසුවේ හැඟීම්බරවය.

දේශපාලනයෙන් රැකියාවත්, ආසනයත් ඡන්ද අයිතියත් අහිමි කරගත් ටී.බී. ඉලංගරත්න   

2017-12-31

1947 මහ මැතිවරණ කාලය වන විට ල.කො. පක්ෂය හා ල.ස.ස. පක්ෂය මහනුවර සාමාන්‍යයෙන් බලගතු තත්ත්වයක පැවැතියත් අසුනක් තරග කිරීමට තරම් තත්ත්වයක නොපැවතිණි. එය වටහාගත් එම පක්ෂ එවකට මහනුවර ජෝර්ජ් ඊ. ද සිල්වා නියත වශයෙන්ම පරාජය කළ හැකි ත්‍රි සිංහල මහජන පක්ෂයේ නායක නීතිඥ ඇල්බට් ගොඩමුන්නේට සහාය දීමට තීරණය කළහ. එසේම මහනුවර උඩරට පෙරමුණ ඇතුළු සංවිධාන රාශියක්ද සහාය දැක්වූවේය. ජෝර්ජ් ඊ. ද සිල්වා පරාජය කරවීම සඳහා උඩරට බොහෝ රදල කොටස්වලද සහාය තිබුණු බව පෙනෙන්නට විය. පී.බී. මදුරාවේ මහතාද මමද සහාය දැක්වූවේ නීතිඥ ගොඩමුන්නේටය. එකල කැපී පෙනෙන නායකයන් වූ ටී.බී. තෙන්නකෝන් හා ටී.බී.එස්. ගොඩමුන්නේද බොහෝ ජනතාවද සහාය දැක්වූයේ නීතිඥ ගොඩමුන්නේ හටය.

බිම හෙළන ලද ‘ලෙනින්’ ප්‍රතිමාව මත නැඟ ප්‍රීති වන ඉතියෝපියාවේ සිසුන්  

2017-12-31

වී.අයි. ලෙනින් එතෙක් මෙතෙක් ලොව පහළ වූ සකලවිධ නිර්ධනීන්ගේ විමුක්තිදායකයාය. ලෝවාසී දනන් අතර සමාජ පන්තීන් බිහිවනුයේ ප්‍රාග්ධනයේ හිමිකරුවන් විසින් කම්කරු ජනතාවගේ ශ්‍රමය සූරාකෑම නිසා බව හෙළිකළ මහා දාර්ශනිකයාය. කාල් මාක්ස්ගේ හා එංගල්ස්ගේ ඉගැන්වීම් මිහිමත යථාර්ථයක් බවට පත්කළේ ලෙනින් විසිනි.
"නිර්ධනයනි එක්වව්" යන සටන් පාඨය භාවිතයට නඟමින් ඔහු සෝවියට් රුසියානු සමූහාණ්ඩුව බිහිකළේය. වැඩ වසම් සාර් අධිරාජ්‍යය පෙරළා දැමීය. කෝටි සංඛ්‍යාත වැඩ කරන මිනිසුන්ගේ ශ්‍රමයට සමාජ සම්පත්වල අයිතිය ලබා දුන්නේ ලෙනින් විසිනි. 1991 මැයි මාසයේ සමාජවාදී රුසියාව බිඳ වැටිණි. ඒ ලෙනින් සහෝදරයාගේ මරණයෙන් වසර 67කට පසුවය.

ජේ.ආර්.ටම අනන්‍ය වූ අපූරු වදන්  

2017-12-31

ජේ.ආර්.ගේ ජීවිතයත්, දේශපාලනයත් අපූර්ව එකක් බව 1980 ගණන්වලදී වරක් ඉන්දීය මාධ්‍යයක පළ කර තිබිණි. දේශපාලනයේදී අපූරු කතා කියූ ඔහුට තිබුණේද අපූරු වදන් මාලාවකි.

ඇමැතිවරුන්ටත් බිරියන්ටත් කැලෑ පත්තර ගහන තීරණයක්  

2017-12-31

නීතිඥ _ ඔබ 'ප්‍රොයිඩ්' ගැන දන්නවාද?
මලල්ගොඩ _ ඔබ කිව්වේ 'සිග්මන් ප්‍රොයිඩ්' ගැනද?
නීතිඥ _ ඔබ ප්‍රොයිඩ්ගේ අදහස් පිළිගන්නවා.
මලල්ගොඩ _ ඔහුගේ හැම නිගමනයකට මා එකඟ නෑ.

රජ්ජුරුවෝ කොන්දේසි දමන්න ආවොත් අප දක්වන දයාව නැති වේවි  

2017-12-31

ගිඩ්ඩව ගමේ සඟවා තිබූ රජුට අයත් වස්තුව මා විසින් සොයා ගන්නා ලද බව දන්වා සිටිමි. ඒ භාණ්ඩ අතර කුඩා තඹ කාසිද, රිදී සහ පිත්තල ආභරණද රෙදි හා තුවක්කු කිහිපයක්ද විය. ඇතුළත අඩංගු දේ නොදන්නා ලී පෙට්ටි තුනක්ද තිබිණි.

තුවක්කු ගත්තු කෙල්ලන්ගෙන් අවසර ගන්නත් වෙලා  

2017-12-31

එදින සන්ධ්‍යාවේද අපි සුපුරුදු ලෙස ශිෂ්‍ය සංවිධාන නිවෙසෙහි ඉදිරි පඩිපෙළ මත වාඩි වී පාරේ යන එන්නවුන් දෙස බලා සිටියෙමු. සටනට සම්බන්ධ වන්නට අවස්ථාවක් නොලැබීම අප හට ශෝකී සිතුවිල්ලක් විය. අකිලා නම් ඒ වනවිට යාපනයට ආසන්න ගමක යුද බිමකය. අපගේ ඇඳුම් පැලඳුම් යුද්ධයට ගැළපෙන පරිදි තිබුණද අප අත ආයුධ තිබුණේ නැත.

“මේ දේශය ඔවුන්ගේ භූමියයි. අප එය මතක තබා ගත යුතුයි”. කැනඩාවේ ආදි වාසීන් වෙනුවෙන් කැප වූ මැගී මැක්ඩොනෙල්  

2017-12-31

කැනඩාවේ, නෝවා ස්කෝසියා නම් ගම්බද පෙදෙසෙහි හැදී වැඩුණු මැගී මැක්ඩොනෙල් කුඩා දැරියකව සිටි බාල වියේ ඇගේ සිත කනස්සල්ලට පත් කළ කාරණයක් විය. එනම් අසල්වැසි රක්ෂිතයේ ජීවත්වූ මික්මාක්හි ආදිවාසී ජනතාව ගැන ඇසුණු කට කතාය. එම ස්වදේශිකයන් ඇගේ පවුලට අයත් ඉඩම් අල්ලාගෙන සිටින බව ඔවුහු පැවසූහ.
හැඩි දැඩි උස මහත පුද්ගලයකු වූ මගේ පියාට මම කිව්වා "තාත්තේ, මික්මාක්ල අපේ ඉඩම්වල දඩයම් කරනවා. ඒත් ඔබ කිසිවක් නොකර බලාගෙන ඉන්නවා". ඔහු මා දිහා ආදරයෙන් බලා, මෙසේ කීවා. "මේ දේශය ඔවුන්ගේ භූමියයි. අපි හැම විටම එය මතක තබා ගත යුතුයි".

රත්නපුර සමන් දේවාලයේ තිබෙන පෘතුගීසි හේවායකු සිංහලයකු බිමදමා පාගන කැටයම  

2017-12-24

බොහෝ දෙනකුගේ අවධානයට ලක් නොවන මෙම පෘතුගීසි සෙල් ලිපිය සහ නිර්මාණය පිහිටා තිබෙන්නේ රත්නපුර සමන් දේවාලයේ වාහල්කඩට දකුණු පසින් ඇති තාප්පයේය. එය ප්‍රධාන සෝපාන පන්තියේ සිට අඩි කිහිපයක් දුරින් ඇති අඩි 4×2 ප්‍රමාණයේ කළුගල් පුවරුවකි. මෙරට පෘතුගීසි භාෂාවෙන් ලියැවුණු එකම සෙල් ලිපිය ලෙසද මෙය සැලකේ.
මෙම නිර්මාණය අදින් වසර 625කට ප්‍රථම ඉදිවූ යුද ස්මාරකයක් ලෙසද හැඳින්විය හැකිය. 1570 තරම් කාලයකදී රත්නපුර සමන් දේවොල් බිම ආක්‍රමණය කළ පෘතුගීසිහු එය බිඳදමා එබිම පෘතුගීසි බලකොටුවක් සහ ශාන්ත සැල්වදෝර් නමින් පල්ලියක්ද ඉදිකර තිබේ. දෙවැනි රාජසිංහ රජු සමයේ එම පල්ලිය හා බලකොටුව බිඳදමා නැවතත් සමන් දේවාලය ස්ථාපිත කළද කෞතුක වශයෙන් වටිනාකමක් ඇති මෙම පුවරුව එහිම තහවුරු කොට තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon