නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - සැණකෙළිය

මොකක්ද මේ නඟා මැරූ රස කතාව  

2017-12-24

නඟා මැරූ අල" ලංකාවේ තෙත් කඳුකර කලාපයේ උස් කඳුබිම් හා කලාතුරකින් වියළි කලාපයේ හමුවන ඉතා වටිනා සෙවීමට ඉතා දුෂ්කර ඔෟෂධ පැළෑටියකි. මාර්තු - මැයි අතර දිග නටුවක් අග දීප්තිමත් කහ පාට මල් පහ හයකින් යුතු මල් කිනිත්තක් පිපෙයි. ශාකය පත්‍ර දිගටි පත්‍ර කිහිපයකි. මල් පිපී ගිය පසු ශාකය මැරී වියළී යයි. ශාකය යට එකට එක්ව ඇති අල යුගලකි. ලොකු අලය බීජ අලයයි. ප්‍රමාණයෙන් කුඩා ගැහැනු අලයයි. ඉංගී්‍රසියෙන් "ඩැපඩිල් ඕකිඩ්" නමින් හඳුන්වන නඟා මැරූ අල කාමය - රාගය පුබුදු වන ඔෟෂධයකි. වශීකර්ම - ගුප්ත කටයුතු සඳහාද අල භාවිත කරයි. ස්ත්‍රී වශියට පුරුෂ අලයද පුරුෂ වශියට ස්ත්‍රී අලයද යොදා ගැනේ.

ඇත්තම බොන්ඩ් මෙන්න  

2017-12-24

ඇත්තම ජේම්ස් බොන්ඩ් කිසියම් කාර්යයක් සඳහා දුර බැහැරක ගොස් හෝටලයක නැවතීමට පොත අස්සන් කරද්දී හෝටලයේ සේවක සේවිකාවන් සියලු දෙනාම සිතුවේ මේ ඉයන් ෆ්ලෙමිංග්ගේ සූරවීර ජේම්ස් බොන්ඩ් කියාය. ඔහු හෝටලයේ නැවතී සිටින විටදී ගණන් නැති පුද්ගලයෝ එහි පැමිණ ඔවුන්ගේ දහසක් ප්‍රශ්න විසඳාදෙන මෙන් ජේම්ස් බොන්ඩ්ට ඇවිටිලි කළහ.

සැක්කර දෙවියනේ උගෙ අම්මත් මැරුණා   

2017-12-24

එක් දහස් නවසිය තිස් ගණන්වල පස්යාල පිරිමි පාසලේ ප්‍රාරම්භ පන්තියට සිංහල සාහිත්‍ය විෂය උගැන්වූයේ එකල නමගිය කවියකු වූ දිසානායක ගුරුතුමාය. (මෙකල 10 වසර එකල හැඳින්වූයේ ප්‍රාරම්භ පන්තිය කියාය.)

ලෙනාඩ් වුල්ෆ්ගේ දෙවැනි ගමනේ රස කතාව අමු හෙලුවෙන් ගම පුරා ඇවිද්ද කළු කාපිරි හැඩිදැඩියා  

2017-12-24

ලෙනාර්ඩ් වුල්ෆ් සහ එවකට හම්බන්තොට දිසාපති ඇතුළු පිරිස හම්බන්තොට තානායමට පැමිණියහ. එහි විශේෂත්වය වූයේ සිංහල උළු සෙවිලි කර තානායම් ගොඩනැඟිල්ල මෙහි තනවා 1910 ජූනි මස 10 වැනි දින එය විවෘත කරන ලද්දේද ලෙනාර්ඩ් වුල්ෆ් මහතා විසිනි. තමන් විසින් විවෘත කරන ලද හම්බන්තොට තානායම වසර 50කට පසු යළි දැකබලා ගැනීමට හැකිවීම ලෙනාර්ඩ් වුල්ෆ්ට සතුට දනවන්නක් විය.

රෝහණ රාජ්‍යයේ රහස් ගොන්නක් සඟවාගත් චිත්තල පබ්බතය  

2017-12-24

දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් කිරින්ද නමැති වසමෙහි සිතුල්පව්ව හෙවත් චිත්තල පබ්බත පුද බිම පිහිටා ඇත.
තිස්සමහාරාමය නගරයේ සිට කිරින්ද මාර්ගයේ යෝධකණ්ඩිය වැව පසු කොට මඳ දුරක් ගිය විට වම් පසට දිවෙන ගුරු පාරක් හමුවේ. මෙය මහ වන මැදින් වැටී ඇත. මේ මාර්ගයේ කිලෝමීටර් විසිපහක් පමණ දුර ගිය පසු සිතුල්පව්ව පුද බිම හමුවේ. යාල අභය භූමියෙහි මේ පුද බිම පිහිටා ඇත.

කාටත් හොරෙන් පෘථිවිය වටා කැරකෙන වසර 13,000ක් පැරැණි අබිරහස් චන්ද්‍රිකාවක්  

2017-12-17

ඇමෙරිකා එක්සත් ජනපදය, සෝවියට් රුසියාව වැනි රටවල් විසින් චන්ද්‍රිකා ගුවන් ගත කරනු ලබන බව නොරහසකි. මෙම චන්ද්‍රිකා මඟින් අභ්‍යවකාශය නිරීක්‍ෂණය සිදු කරයි. එසේ අභ්‍යවකාශ ගත කරන චන්ද්‍රිකා පිළිබඳ පාලනය සහ ඒවා පිළිබඳ සියලු දත්ත ඒවා ගුවන්ගත කරන රටවල් සතුව පවතී. 1960 වර්ෂයේ මාර්තු මස පෘථිවි කක්‍ෂය වටා ගමන් කරන අද්භූත චන්ද්‍රිකාවක් සොයා ගැනීමට හැකිවිය. මෙම චන්ද්‍රිකාව රුසියාව හෝ ඇමෙරිකාව විසින් නිපදවන ලද්දක් නොවන බව අනාවරණය විය. මේ පිළිබඳ වැඩිදුර පර්යේෂණ සිදුකළ විද්‍යාඥයන් සොයා ගත් එක් කරුණක් අතිශයින් පුදුම සහගත විය. එනම් මෙම අද්භූත චන්ද්‍රිකාව වසර 13,000ක් පැරැණි බවය. වසර 13,000ක් තරම් අෑත අතීතයේ චන්ද්‍රිකා තාක්‍ෂණය ගැන සිහිනෙන් හෝ සිතීමට රුසියාවක් හෝ ඇමෙරිකාවක් නොතිබිණි. ඒ අනුව සමහරුන්ගේ මතය වූයේ මෙම චන්ද්‍රිකාව පැරැණි ශිෂ්ටාචාරයක ජීවත්වූවන් විසින් නිපදවනු ලැබ අභ්‍යවකාශ ගත කරන ලද බවයි. ඔවුන් ඒ බව සනාථ කිරීමට යොදා ගන්නේ පැරැණි ඊජිප්තු සිතියම්ය. මේ සිතියම්වල ඔවුන් විසින් නිපදවන ලදැයි අනුමාන කරන චන්ද්‍රිකා දැක්වෙන බව ඔවුන් පවසා සිටී. මේ මතය නිවැරැදි නම් වසර 13,000ක් තරම් අතීතයේදී වර්තමානයේ ලොව ඇති තාක්‍ෂණ විද්‍යා දැනුම වඩා ඉහළ දැනුමක් තිබූ බව පිළිගැනීමට සිදුවෙයි.

බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය නාහිමියන් හෙළිකළ නාඩි වාක්‍ය රහස් මෙන්න  

2017-12-17

"නාඩි වාක්‍යවලින් අනාගතයේ වෙන දේත් වර්තමානයේ සිදුවන දේත්, අතීතයේ වුණු දේත් නිවැරැදිව කියන්න පුළුවන්. නාඩි වාක්‍යවල අපේ තොරතුරු තිබුණොත් ඒක වාසනාවක්. හැම දෙනාගේම තොරතුරු ලියැවිලා නෑ. ඒකයි එහෙම ලියැවී තිබුණා නම් වාසනාවන්තයෙක් කියලා කියන්නේ."

අතුරුදන් සුපිරි නගරයක් ඉතාලි මුහුදු පතුලෙන් මතු වෙයි   

2017-12-17

මීට වසර 1,700කට පමණ පෙර සීසර් රජ සමයේදී ඉතාලියේ බටහිර වෙරළ තීරයෙන් අතුරුදන්ව ගිය 'බායියා' නගරය සොයා ගැනීමට ඉතාලි රජයේ අවසරය මත කිමිඳීමේ යෙදුණු කිමිදුම් කණ්ඩායමක් සමත් වෙලා තිබෙනවා. 1 වැනි සියවසට අයත් පුරාණ රෝමයේ ඇමෙරිකාවේ වත්මන් ලාස්වේගාස් නගරය බඳු බායියා විශාල මන්දිර සහිත සුඛෝපභෝගී එමෙන්ම කෘෘරත්වයට නම් දැරූ නගරයක් ලෙස ප්‍රකටව තිබී ඇතැයි ඉතිහාසඥයන් පවසනවා.

බෝල ගහන කොල්ලො රැළයි උඩු ගුවනෙන් බිල්ලො වඩියි  

2017-12-17

ඒ 1971 වර්ෂයේ ජ.වි.පෙ. භීෂණ සමය අවසන පාසල් නිවාඩු කාලයේ අප මැයි ගහමුල වෙල්යායට ගියේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහාය.
මේ දිනවල රටේ කලබල ටිකින් ටික තිබුණත්, අපේ ගම් ප්‍රදේශයේ එය එතරම් තදින් පැවැතියේ නැත. කොහොමත් අප කට්ටිය බයෙන් බයෙන් කුඹුරට ගොස් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුණි.

ඉසුරුමුණි කැටයමේ පෙම් යුවළක් නෑ  

2017-12-17

ඉසුරුමුණියේ පෙම් යුවළ ගැන මතිමතාන්තර බොහෝය. ඉන් ප්‍රකට මතය වනුයේ "ඉසුරුමුණි ගල් කැටයම් අතර වූ පෙම් යුවළ "සාලිය අසෝකමාලා යුවළ"ය යන්නය. එබැවින් මෙම ලිපිය සැකසෙන්නේ මේ පෙම් යුවළ ගැන කතාවට එහා ගිය මත විමසන්නටය. ඔබ සිත අවදි කරන්නටය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon