නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - සැණකෙළිය

ධර්ම යාත්‍රා  

2018-04-01

ආගම මෙන්ම විද්‍යාවද මිනිසා හා ඔහු ජීවත් වන ලෝක පිළිබඳව කිසියම් විවරණයක් ඉදිරිපත් කරයි. විද්‍යාවේ ඉතිහාසය දෙස බලන විට විද්‍යාව තම විෂය ක්ෂේත්‍රය අනුක්‍රමයෙන් පළල් කරගෙන යන බවද දක්නට ලැබේ. කලින් නොපැවැති විද්‍යා ශාඛාවන් පහළ වන්නේ මේ නිසාය. ආධ්‍යාත්ම විද්‍යාඥයන්ගේත් දාර්ශනිකයන්ගේත් ධර්මධරයන්ගේත් විමැසීමට ලක්ව තිබූ මනෝ විද්‍යාව දැන් බොහෝ සාමාන්‍ය විද්‍යාඥයන්ගේ අතට පත්වී ඇති ස්වාධීන විද්‍යාවක්ව ඇතැයි කිව හැකිය.

බැතිමතකුගේ දුක අහලා නපුරක් කළ නරුමයකුට කාලිමෑණියන්ගෙන් මරණ දඬුවම  

2018-04-01

කාලි මෑණියන්ගේ අනුහස් ගැන කියැවෙන තවත් සිද්ධියක් හලාවත, මුන්නේශ්වරම අයියනායක දේවාල පාරේ ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලේ ප්‍රධාන පූජක මහේන්ද්‍රසාමි පැවැසුවේ මෙසේය.

විසල් පර්වතයක පිහිටි රහස් රැසක් සඟවාගත් වැල්ලාගල විහාරය  

2018-04-01

කුරුණෑගල දිසාවේ වාරියපොළ උප දිසාපති කොට්ඨාසය තුළ වැල්ලාගල රජමහ විහාරය පිහිටා තිබේ. වාරියපොළ සිට සැතපුම් දෙකහමාරක් පමණ දුරින් මඟ අසලම වූ මේ පූජනීය ස්ථානය දුර සිටම දිස්වන සුවිශාල පර්වතය නිසා පහසුවෙන් හඳුනාගත හැකිය. සමහර විට කබල්ලෑලෙන නමින්ද මේ ස්ථානය හැඳින්වෙන්නේ කුරුණෑගල දිසාවේම පිහිටි වෙනත් ස්ථානයක්ද ඒ නමින් හැඳින්වෙන බැවින් මෙම ස්ථානය වැල්ලාගල නමින්ම වඩා ප්‍රචලිත වී තිබේ.

ගැමුණු රජුගේ සිත සොරාගත් මහමෙවුනා උයනට පැමිණි සුරූපී නාග කන්‍යාව ස්වර්ණමාලියද?  

2018-04-01

නාග සංකල්පය පැරැණි දෙයකි. දුටුගැමුණු මහ රජුටත් නාගයන් හා බැඳීමක් පැවැතියේය. මේ ඒ හා බැඳුණු කතාවකි.

ප්‍රචණ්ඩත්වය, ආත්මාර්ථය කුහකකම, ගිජුකම මේ සමාජයේ සිටින මිනිස්සුන්ගෙන් බේරෙනවා ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර  

2018-04-01

යොවුන් පරපුරේ හද බැ¼දගත් කුමරි, යුවති ඇතුළු පුවත්පත් කිහිපයක සංස්කාරවරයකු වූ ධර්මරත්න පෙරේරා ගේය පද රචකයෙක් ලෙසද, නවකතාකරුවකු ලෙසද රසිකයන්ගේ හද අරගත්තෙකි. දශක ගණනක් පුරා ඔහු ලියූ ගේය පද රචනා එකතුව "පුංචි කාමරේ" සංයුක්ත තැටිය හා ගේය පද්‍ය වර්ණනා එකතුව "ලිහිණින් රෑන" ඉකුත් සතියේ කොළඹ පදනම් ආයතනයේදී ජනගත කෙරිණි. තුන් අෑඳුතු කලා ක්ෂේත්‍රයක සිය ප්‍රතිභාව විකසිත කළ ධර්මරත්න පෙරේරාගේ සුවහසක් රසික සහෘදයන් ඇතුළු රසික ප්‍රජාවේ වින්දනය උදෙසා ජනගත කිරීමේ උළෙලේදී ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර කළ දෙසුම මෙසේ පළ කරමු.

කව්රාලට හොරා ඔන්න සුවඳි කෙල්ල දීග දෙන්ට රන්මලියා කරපු හරිය කටවහරේ තිබුණ මෙහෙම  

2018-04-01

මහයියා දමනෙ කව්රාල ගමරාල කිව්වහම යක්කරේ, හඳපාන්විල, ඇල්ලෙවැව ගංගොඩවල්වලත් පොරසිද්ද වෙලා හිටියලු. උන්දැගෙ මංතර ගුරුකම් කවදක්කත් වරිත්තං වෙලා නැහැල්ලු. ගමරාලගෙ අඹුව රන්මලී. ඒකි ගමේම එකියක් වුණාට අහංකාර මල්ලක්. අහල ගං හතේවත් එච්චර අහංකාරියක් හිටියෙ නැහැල්ලු.

සල්ලි ගෙනාවත් ගැණලා හරියට මල්ලියේ මෙහෙමයි දෙන්නෙ බඩු මම  

2018-04-01

අදට අවුරුදු 40කට පමණ පෙර නිකවැරටිය ප්‍රදේශයේ ගමක ගුරුවරයකු වශයෙන් සේවය කරමින් සිට කිසියම් ප්‍රශ්නයකට රක්ෂාව නැති කරගත් පුද්ගලයෙක් ජීවත් වී ඇත. මොහුට ගමේ කවුරුත් අමතා ඇත්තේ මහත්තයා යනුවෙනි. මහත් අභිමානයෙන් ජීවත් වූ මහත්තයා ගමේ කඩයක් දමා තිබේ. ලාභ ඉපැයීම මූලික කරගෙන දැමූ කඩයක් නොවීය. අරුම පුදුම කඩයකි. ගම් වැසියන් මුදල් රැගෙන බඩු ගැනීමට පැමිණියත් අවශ්‍ය ප්‍රමාණයට මෙම කඩයෙන් බඩු ගැනීමට නම් බැරිය.

මහමඟ මතුව හිටිගමන් අතුරුදන් වුණු අද්භූත වාහන රැසක් අද්භූත කළුපාට කාර් එකක් පෙනුණා හිටිගමන් නැතිවුණා ආයෙත් එතැනින්ම මැවී පෙනුණා  

2018-04-01

මාර්ග තදබදයට ඔබ කොතෙකුත් මුහුණ දී ඇතුවාට සැක නැත. බොහෝ වේලාවලදී මාර්ග අතුරු සිදුරු නැතිව වාහනවලින් පිරී පවතී. මෙවැනි අවස්ථාවක එකවරම මතු වී නොපෙනී යන වාහනයක් දුටුවහොත් නිසැකවම ඔබ භීතියට පත් වනු නොඅනුමානය. එසේම එය කිසිවිටෙක සිදුවිය නොහැක්කක් බවට ඔබට හැඟී යනු ඇත. නමුත් මෙවැනි සිදුවීම්වලට මුහුණ දුන් පිරිස් සිටින බව ඔබ දන්නවාද?

නළයක් දිගේ ගමන්කළ හැකි සුපිරි ප්‍රවාහන ක්‍රමයක්  

2018-03-25

වර්ජින් හයිපර්ලුප්වන් ආයතනය, අනාගතයට ගැළපෙන සිය ප්‍රවාහන පද්ධතිය සමඟ වේගය පිළිබඳ නව වාර්තාවක් පිහිටුවීමෙන් පසුගිය සතියේදී ඉතිහාසයක් නිර්මාණය කළේය. නෙවාඩාහි ඩෙව්ලුප් මාර්ගයෙහි නව "හයිපර්ලුප්" දුම්රියේ තුන් වැනි අදියරේ අත්හදා බැලීම සම්පූර්ණ කළ මෙම ආයතනය, දුම්රියේ වේගය පැයට සැතැපුම් 240 විස්මය දනවන වේගයට ළඟා කර ගැනීමට සමත්විය. එහෙත් ආයතනයේ ඉලක්කය වසර 2021 වනවිට මෙම පැයට සැතැපුම් 670 (පැයට කි.මී. 1,000) දක්වා වැඩිකර ගැනීමය. "වර්ජින් හයිපර්ලුප් වන්" ආයතනයේ නිර්මාතෘ රිචර්ඩ් බ්‍රැන්සන් එහි විධායක නොවන සභාපති වශයෙන් නම් කරනු ලැබ සිටී.

අනාගතයෙදී මැරී උපදින්නට යන සත්ත්වයකුගේ රූපය ඡායාරූපගත කරන්නත් පුළුවන් වේවි  

2018-03-25

ස්ටීවන්සන් මහතාගේ "ඊඹඥදබර ඛ්චඵඥඵ ඉභඨඨඥඵබඪමඥ ධට අඥඪදජචපදචබඪධද" නමැති පොතට පෙරවදනක් සපයන සී.ජේ. ඩුකාස්ගේ කියමනක්ද මෙහිදී ඇදපෑම සුදුසුය. ඩුකාස් මෙසේ කියයි. "පුනරුත්පත්තිය පිළිබඳ නියම සාක්කිය වන්නේ කුමක් දැයි යමකු ඇසුවහොත් පෙනෙන්නට ඇති එකම පිළිතුර නම්, අප කවුරුන් හෝ මාස නැතහොත් අවුරුදු කිහිපයකට පෙර ජීවත්ව සිටි බව දන්නේ කෙසේදැයි ඇසූ විට දිය හැකි පිළිතුරමය" එය සිතාගන්නට බැරි තරම්ය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon