නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - සැණකෙළිය

තරුණ පරපුරේ රසවින්දනය පහළ වැටීමට මාධ්‍ය වගකියන්න ඕනෑ  

2018-06-24

ප්‍රවීණ මාධ්‍යවේදී සම්පත් බණ්ඩාර විසින් රචනා කරන ලද නවතම කෘතීන් වන 'ශ්‍රී මත් අයිවර් ජෙනිංග්ස් සහ පේරාදෙණිය සරසවිය' සහ 'ආනන්ද කුමාරස්වාමි සංස්මෘති' යන කෘති ද්විත්වය සරසවි ප්‍රකාශන ලෙස මේ වන විට ප්‍රකාශයට පත්ව ඇත.

බිසවක් නිසා සටනක් දුන් ‘අභයනාග’  

2018-06-24

ඉතිහාසය විෂයය හදාරන අපේ දරුවන්ට විශේෂ වන රජකු පිළිබඳ තොරතුරු සිහිගැන්වීම වටිනවා. ඒ අභයනාග රජුයි. අභයනාග රා.කා. 234-244 අතරලක්දිව රජකම් කර තිබෙනවා.

භූත බලවේග පාලනය කරන කාටවත් අත තියන්න බැරි කැනඩාවේ ඕක් දූපතේ සැඟවුණු අබිරහස් නිධානය  

2018-06-24

අතීතයේ ජීවත් වූ ඇතැම් ධනවතුන් මිය යෑමට පෙර තමන් සතුව තිබූ ධනස්කන්ධය කිසිවකුට සොයා ගත නොහැකි ලෙස යම් යම් ස්ථානවල සැඟවූ බව ප්‍රකට කරුණකි. මේවා නිධාන ලෙස හැඳින්වේ. අතීතයේ ජීවත් වූ රජවරු, සිටුවරු ආදීන් මෙසේ තම ධනය විවිධ ස්ථානවල නිධන් කොට ඇති බවට ලොව පුරා විවිධ තොරතුරු වාර්තා වී ඇත. බොහෝ පිරිස් මේ නිධන් ලබාගැනීමට බොහෝ පරිශ්‍රම දැරුවද ඒවා බොහෝ විට අසාර්ථක වන්නේ එම නිධන්සුරැකීමට අදෘශ්‍යමාන පුද්ගලයන්, සතුන් ඉදිරිපත් වන නිසා බව කියැවේ.

ලෝකයම හෙල්ලු අධිරජ ධර්මාශෝකයන්ගේ සැබෑම පුවත මෙන්න  

2018-06-17

අධිරජ ධර්මාශෝක ටෙලි සිතුවම නරඹා අශෝක චරිතය කෙරෙහි හද බැඳගත් පාඨකයන් බොහෝ දෙනකු අප වෙත දන්වා එවා තිබුණු කරුණක් වූයේ 'සැබෑ ඓතිහාසික අශෝක පුවත දක්වන්න' යන්නය. එනිසාම මෙවර අශෝක අධිරාජයාගේ ඓතිහාසික කියැවීම පෙළගස්වන්නට ඉඩකඩ විවර කරන්නෙමු.

දැන් නම් ඉතින් ගිහි ගෙයි හිටියා හොඳටෝම ඇති  

2018-06-17

කළුබණ්ඩා උපාසක තැනගේ නිවෙස තිබුණේ ඇළ මාර්ගයකට යාබදවය. නිවෙසටම අල්ලා පුංචි සිල්ලර කඩයක්ද විය. ඉමිහාමින්නේගම ගමේ බොහෝ දෙනා තම දෛනික අවශ්‍යතා සපයා ගැනීමට පැමිණියේ මේ කඩයටය. ඇළ මාර්ගයෙන් එගොඩ පිහිටි ඔහුට අයත් ඉඩම් කැබැල්ලේ පුංචි කුටියක් සහ සක්මන් මළුවක් ඉදිකර තිබුණේ කළුබණ්ඩා උපාසක මහතාගේ දෛනික ආගමික වතාවත් සඳහාය.

ඉතිහාසයෙන් සඟවා තබන දුටුගැමුණු මහ රජුගේ සැබෑ ඓතිහාසික පුවත  

2018-06-17

දුටුගැමුණු මහරජතුමා සිංහල ජාතිය පවතින තුරු අමතක නොවන චරිතයකි. අදත් බොහෝ දෙනා රුවන්වැලි සෑය පැදකුණු කොට බුදුන් වැඳ, මහ සෑය දෙසට වැඳ වැටී සිටින සේ නිම කළ දුටුගැමුණු ප්‍රතිමාවට වඳින්නේ ගෞරව කරන්නේ ඒ නිසාය. ඇතැමුන් දුටුගැමුණු රජු ජාතිවාදියකු ලෙස වත්මනේ පවතින වාර්ගික ගැටලුවක මනෝභාවයන් හා බැඳී එකී චරිතයේ සැබෑව පවා යටපත් කරවන දීන උත්සාහයකද නිරතව සිටිති.

රටවල් දෙකක් දෙවතාවක්ම ‘අබිං’ නිසා මරා ගත්ත හැටි  

2018-06-17

චීන ඉතිහාසය හදාරන කෙනකුට 'අබිං යුද්ධය' ගැන අමුතුවෙන් කිව යුතු නැත. එය ඒ තරමටම ලෝක ඉතිහාසය ගවේෂණය කරන්නන්ට වැදගත්ය. මේ කියන අබිං යුද්ධය ඇතිවෙන්නේ චීනුන් හා ඉංග්‍රීසින් අතරය. ඒ 1839 සහ 1842 අතර කාලය තුළය.

අමරපුරයට යන ඔබ නොදන්න මාවත  

2018-06-17

මෙය වර්තමාන මියන්මාරය ලෙස හැඳින්වෙන එදා බුරුමයේ ඉහළින් තිබුණු පැරැණිම නගරයක්. එය පිහිටියේ ඉරවෙඩි නම් ගංගාවේ නැඟෙනහිර ඉවුරටත්, කෞංගතමන් විලටත් අතරය. අදටත් මෙම නගරයේ නටබුන් ඔබ මියන්මාරයට ගියවිට දැකගත හැකියි. එහි බුරුම රාජ මාලිගාවක නටබුන් මෙන්ම බෞද්ධ ස්තූප රාශියක නටබුන්ද විසිර පවතිනවා.

කවුද මේ “අබ්බාසිද්”?  

2018-06-17

අබ්බාසිද් යනු ඉස්ලාම් අධිරාජ්‍ය පාලනය කළ පරපුරට කියන නමය. එය 750-1258 අතර කාල වකවානුවට අයත් 566-652 අතර විසූ මහම්මත්තුමාගේ මාමා වූ අල් අබ්බාස්ගෙන් මෙම පරපුර පැවත එය. මෙම පරපුර උමයියද් කාලිප් වරුන්ගෙන් ඩමස්කස්හි බලය ඩැහැගෙන අගනුවර බෑග්ඩෑඩ් වෙත ගෙන ගොස් පිහිටුවා ගන්නවා. අබ්බාසිද්වරුන් දැඩි ආගමික මතධාරීන් ලෙසයි පොදුවේ හැඳින්වෙන්නෙ. ඔවුන්ගේ පාලන කාලයේ ස්වර්ණමය සමය වශයෙන් සැලකෙන්නේ 786ත් 809ත් අතර වූ හරුන් පර් - රෂීඩ් රාජ්‍ය සමයයි.

මැරුණු ගානට අඩපණව හිටපු අම්මා පූජාවෙන් පස්සේ ඇස් ඇරපු හැටි  

2018-06-17

හලාවත, මුන්නේශ්වරම, අයියනායක දේවාල පාරේ ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිල් බිම දැන් බැතිමතුන්ගෙන් පිරී පවතී. සතර අතින්ම සෙනඟ කෝවිලට පැමිණෙති. කපුරු අගිල් දැල්වෙන සුවඳින් කෝවිල් බිම සුවඳවත් වී ඇත. සෑම බැතිමතකු අතම පූජා භාණ්ඩ වට්ටියකි. වියළි මිරිස් පොට්ටනියක් හෝ වියළි මිරිස් මාලයකි. මේ සියල්ල කාලි මෑණියන්ට පූජා කිරීමටය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon