නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - සැණකෙළිය

ඊළඟ භවයේදී ඔබ උපදින්නෙ ඔබ වගේමද?  

2018-03-18

සමහරු, බුදු සමයෙහි සඳහන් වන්නේ පුනර්භවය මිස පුනරුත්පත්තිය නොවෙතැයිද පුනරුත්පත්තිය යන වචනයෙන් ආත්මවාදයක් ගම්‍ය වෙතැයිද කියා සිටිති. මෙයද මෙහිදී විමසා බැලිය යුතු ප්‍රශ්නයකැයි සිතමි. සූත්‍ර දේශානාවන් පුනබ්භව, පුනබ්භවාභිනිබ්බත්ති යන නාම පද යෙදී තිබේ. මෙයින් නැවත ඉපදීම අදහස් කරන වචනය 'පුනබ්භවාභිනිබ්බත්ති' යනු යැයි සිතමි. ඉහත ඇඟවූ පරිදි 'භව' යන්නේ ප්‍රකට අර්ථය අන්තරා භවයයි. එසේ නම් 'පුනබ්භව' යන්නේ අදහස නැවත සිදුවන 'අන්තරාභවය' විය යුතුය. 'පුනබ්භව' යන්නෙන්ම නැවත ඉපදීම කියැවේ නම් 'පුනබ්භවාභිනිබ්බත්ති' යන දිග වචනය අනවශ්‍යය. මේ සඳහා සූත්‍ර දේශනාවන්හි නිතර සඳහන් වන වචනය 'උපපජ්ජති' යනුය. උප පූර්ව පද් ධාතුවෙන් නිපැදී ඇති මේ ආඛ්‍යාතයේ අදහස 'ළඟට යයි' යනුය. වචනාර්ථ වශයෙන් බලනවා නම් මේ වචනය පුනරුත්පත්ති යන වචනයට වැඩියෙන් ආත්මවාදයට බර වෙයි. 'පුනරුත්පත්ති' යන වචනයේ අදහස නැවත මතු වීම යනුය. 'උපපත්ති' යන්නේ අදහස ඉහළට ඒම යනුය. 'පුනප්පුනං' ගබ්භමුපේති මන්‍දා්්' යන්නෙන්ද 'බාලයා නැවත නැවතත් ගර්භය වෙත' යන බව කියැවෙයි. උපේති යන වචනයේ අදහසද ළඟට යයි යනුය. 'උප්පජ්ජති' යන්නේ අර්ථය උඩට යයි යනුය. 'පුන' යන්න එකතු වූ මෙයින් ආත්මවාදයක් ගම්‍ය වේ නම් 'පුන' යන්න එකතු වූ 'උපේති' (ළඟට යයි) යන්නෙත් ඊටත් වඩා ප්‍රබල සේ ආත්මවාදයක් ගම්‍ය විය යුතුය. මේ හැමටම වඩා වැදගත් වන්නේ චුතූපපාත ඤාණය යන තැන යෙදී ඇති 'උපපාත' යන වචනයයි. මෙහි යෙදී ඇත්තේ ගමනාර්ථයෙහි වූ 'පද්' ධාතුව නොව වැටීම් අර්ථයෙහි වූ 'පත්' ධාතුවයි. 'උපපාතය' නම් ළඟ වැටීමයි. ඕපපාති යන වචනය ද මීටම සම්බන්ධය. 'ඕපපාතී' යන වචනය හා 'මනෝමය කාර්යය' අතර ඇති සම්බන්ධය මින් ඉහතදීද සාකච්ඡා කෙරිණි. ඒ අනුව චුතූපපාත ඤාණයේදී දකිනු ලබන්නේ 'මනෝමය කායයෙන් එන සත්ත්වයා' ය.

වන්නි මහ කැලය මැදින් මතුවුණු රඹවෙට්ටිකුලම් ප්‍රදේශයේ හෙළ ඉතිහාසය  

2018-03-18

වන්නි කැලෑවල ඇති අපේ ජාතික උරුමය පෙන්වන නටබුන් ස්ථාන අපේ ඇස නොගැටී තවත් කොපමණ තිබේද? 1960 ගණන්වල ප්‍රදේශවල ගවේෂණය කළ සටහන් පරීක්ෂා කර බලන විට මෙය නොව ස්ථාන සමහරක් ගැන දක්වා නැත. නාවක්කුලම ගල්කන්ද කැඩීම පිළිබඳ පරීක්ෂා කිරීමට යෑමේදී මඬුකන්ද, නාවක්කුලම කන්ද, මහාකච්චකොඩිය කන්ද වැනි කඳු එක යායට පිහිටා ඇති ශේෂ කඳුගැට දක්නට ලැබේ.

හෙළ රජ දහනක තොරතුරු මතු කරන නැඟෙනහිර කතිරවේලියේ සැඟවුණු රහස්  

2018-03-18

තොප්පිගල මහ වනාන්තරය එහෙම්පිටින්ම හෙළ ඉතිහාසයේ රහස් ගොන්නක් සඟවා ගත් පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ඓතිහාසික ප්‍රදේශයක් බව නොරහසකි.

නිරෝගී සුව දෙමින් දරු පලද ලැබදෙමින් කාලිමෑණියන්ගෙන් අසරණියක් පිහිට ලැබූ හැටි  

2018-03-18

හලාවත, මුන්නේශ්වරමේ අයියනායක දේවාල පාරේ ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලේ ප්‍රධාන පූජක මහේන්ද්‍රසාමි පවසන්නේ තම කන්නලව්ව ඉදිරිපත් කරන නිර්දෝෂී බැතිමතුන්ට මෑණියන්ගේ කරුණාව, ආදරය, පිහිට අනිවාර්යයෙන්ම ලැබෙන බවය.

කලල මත නොගිලුණු ‘වරණ’ පද්මිනී සෙනෙවිරත්නගේ නවකතාවක්   

2018-03-18

'වරණ' යන වදනෙහි අරුත් කිහිපයකි. ඇතා යනු එක් අරුතක් වන අතර ශේ‍ර්ෂ්ඨ නැතහොත් උතුම් යන අර්ථයද එහි ගැබ්වේ. පද්මිනි සෙනෙවිරත්න ලේඛිකාවගේ 'වරණ' සාහිත්‍යමය ප්‍රබන්ධයද එම අර්ථයෙන් සැලකූ කල එබඳුම ප්‍රබන්ධයක් බවත් කලෙකට පසු කියවන්නට ලැබුණු නිරවුල් එකක් බවත් සඳහන් කිරීම වටනේය.

වේදිකා නාට්‍ය කියන්නේ මට ඇබ්බැහියක් ‘කොළඹ පාර’ වේදිකාවට රැගෙන එන සුසිල් වික්‍රමසිංහ   

2018-03-18

ඔබේ 'නාට්‍ය නිෂ්පාදන' භූමිකාව ගැන කතා කළොත් වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙලා අවුරුදු 40ක් විතර. රංගන ශිල්පියකු ලෙස තමයි වේදිකාවට අවතීර්ණ වුණේ. පාසල් කාලයේ සිට වේදිකාවට ඇල්මක් ඇති වුණා. රංගන ශිල්පියකු වීමේ සිහිනය කලා ජීවිතය පුරාම තිබුණා. රංගනයට අමතරව නාට්‍ය කලාවේ අනුෂාංගික අංශ කෙරෙහි යොමු වුණා. ආර්ථික අපහසුතාවලට ලක්වෙමින් වෙනත් රැකියාවක් නොකර නාට්‍ය කලාව සමඟ සිටියේ නාට්‍ය කලාවට ඇති කැමැත්ත නිසාමයි. 'බිසෝ' කියන නාට්‍ය සංවිධානය කළේ මම. ඉන් පසුව සංවිධාන අංශයට වැඩි කාලයක් යොමු කරන්න හිතුවා. දැනටමත් මම ක්ෂේත්‍රයේ රැඳී සිටින්නේ නාට්‍ය සංවිධායකවරයකු හැටියට තමයි.

මේ ත්‍රිපිටකය තල්පත්වල ලිවීමේ කතාවයි අරුණ ශාන්ත එරමිණිගම්මන   

2018-03-18

නවකතා කිහිපයක් ලියා ඇති අරුණ ශාන්ත එරමිණිගම්මනගේ අලුත්ම නවකතාව "කරකොළයෙන් තල්කොළයට" එළිදැක්වීම නිමිත්තෙන් ඔහු සමඟ කළ සංලාපයකි

ගමක් බිහිවුණු පසු කලක් ගොස් නමක් ඊටම එකතු වුණු හැටි  

2018-03-18

මහ පැරකුම්බා කුමාරයා පඬුවස්නුවර ප්‍රදේශයේ වාසය කරමින් සේනා සංවිධානය හා අවි නිපදවීම කළ කාලයේ එසේ ආයුධ නිපදවූ තැනට නැඟෙනහිරින් උඩගමත්, බස්නාහිරින් පල්ලේගමත්, උතුරින් පටපිළිගමත්, දකුණින් මුණිහිරිගමත් බිහිවූ බවය. රජතුමාගේ පල්ලේ වාහල භාර අය පල්ලේගමත්, උඩවාගල භාර අය උඩගමත්, පිළි සකස් කළ අය පටපිළිගමත්, මුණිවරු යයි ප්‍රසිද්ධ කොටස මුණිහිරිගමත් වාසය කළ නිසා මේ ගම් ප්‍රකට වූ බවය. මේ සියලුම ගම් පඬුවස්නුවර මැතිවරණ කොටසේ අදටත් දැකගත හැකිය.

මං ‍ෙදාස්තර බිම්බස්සා අංගො නෝනා මයෙ අම්මා  

2018-03-18

වර්ෂ එක් දහස් නවසිය හතළිස් ගණන් වන විට ලංකාවේ පැවැති ඉංගී්‍රසි වෙදකම අද තරම් දියුණු තත්ත්වයක නොපැවැතිණි. මහ රෝහල් බහුලව නොතිබූ නිසා සුළු සුළු අසනීපවලදී ගම්මුන්ට පහසුවෙන් බෙහෙත් ලබාදීම සඳහා ගම් කීපයකට එකක් වනසේ රජය මඟින් බෙහෙත් ශාලා පිහිටුවා තිබිණි. ගම්මුන් ඒවා හැඳින්වූයේ 'ඩිස්පැන්සරි' යනුවෙනි. මේ ඩිස්පැන්සරියට එය භාරව කටයුතු කිරීම සඳහා ‍ෙදාස්තර මහතකුද බෙහෙත් නිකුත් කිරීම සඳහා සේවකයකුද රජයෙන් පත්කර තිබිණි. ලෙඩුන් පරීක්ෂා කර බෙහෙත් නියම කිරීම සඳහා මේ කියන ඩිස්පැන්සරියට පත්කර තිබුණේ ඩිස්පැන්සරියට නුදුරු ගමක පදිංචි වී සිටි ‍ෙදාස්තර මහත්මයෙකි. තම මහගෙරද ආසන්නයෙන්ම අලුතෙන් ගෙයක් තනවා එහි පදිංචිවී සිටි ‍ෙදාස්තර මහතා නිහතමානි කෙනකු වුවද වැඩි කතාබහක් නැති නිහඬ පුද්ගලයෙකි. ඔහු රාජකාරිය ස½දහා ඩිස්පැන්සරියට එන්නේත් පයින්මය. යන එන විට වටපිට නොබලා බිම බලාගෙනම ගමන් කිරීම එතුමාගේ සිරිත විය. මේ නිසා සමහරු ඔහු හැඳින්වූයේ "බිම්බස්සා ‍ෙදාස්තර මහත්තයා" යන ආරූඪ නාමයෙනි. බෝතල් හා කුප්පි අතින්ගත් ලෙඩුන් ‍ෙදාස්තර මහතා පැමිණෙනතුරු පෝලිම් ගැසී සිටියේ නොඉවසිල්ලෙනි.

ලේ ් උරා බොන ඇත්තම ඩ්‍රැකියුලා සයිබීරියාවෙන් මතුවෙලා  

2018-03-18

ලේ උරා බොන වැම්පයර්වරුන් ගැන කතා ඔබ අසා ඇතිවාට සැක නැත. මිනිස් ලේ උරාබොන වැම්පයර් කෙනකු ගැන ලියැවුණු ලෝක ප්‍රසිද්ධ වූ නවකතාවකි "ඩ්‍රැකියුලා" නවකතාව. මේ කතාව ප්‍රකාශයට පත්වීමත් සමඟ ලේ උරාබොන වැම්පයර්වරුන් ගැන බොහෝදෙනා උනන්දු වූහ. කවුන්ට් ඩ්‍රැකියුලා නම් ධනවත් පුද්ගලයකු මිය යෑමෙන් පසු ජීවත්වන්නවුන් වෙත පැමිණ ඔවුන්ගේ ලේ උරා බීමෙන් ඇති කරන භීෂණය පදනම් කොටගෙන ගොඩනැඟුණු මේ කතාපුවත මන:කල්පිතයකි. නමුත් ඉතා අෑත අතීතයේදී සැබෑ ලෙසටම වැම්පයර්වරයකු ලෙස සැලකූ පුද්ගලයකු ජීවත්ව සිටි බව ඇසුවහොත් ඔබ පුදුමයට පත්වනු නිසැකය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon