නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - සැණකෙළිය

හිටිගමන් මතුවී පෙනී නොපෙනී යන අබිරහස් නෞකා රැසක්  

2018-03-04

අෑත දියඹේ පෙනී නොපෙනී යන අබිරහස් නෞකා ගැන ඔබ අසා තිබේද? මීදුම් අතරෙන් එක්වරම මතු වී ස්වල්ප මොහොතකට පසු අතුරුදන් වන එවැනි නෞකා ගැන ඉතිහාසයේ පටන් මේ දක්වාම නාවිකයන්ගෙන් තොරතුරු ලැබේ. එවැනි නෞකා ඇසින් දුටු නාවිකයන් පවසා සිටින්නේ එම නැව් සැබෑ නෞකා ලෙසින්ම දිස් වූ බවයි. නමුත් ඒ සියල්ලන් පුදුමයට පත් කරමින් එම නෞකා එකවරම අතුරුදන් වී ඇත. මෙහි ඇති අබිරහස් බව හේතු කොට ගෙන එම නෞකා 'භූත නැව්' ලෙස හැඳින්වීමට නාවිකයෝ පෙලැඹී සිටිති. සාමාන්‍ය ජනයා අතර එතරම් ප්‍රචලිතව නැතත් නාවික ප්‍රජාව අතර මේ 'භූත නැව්' ජනප්‍රිය මාතෘකාවක් බවට පත්වී හමාරය.

ඉපැරැණි ගිරුවාපත්තුව ගැන බේ‍රා්හියර් මවා පෑ රස කතාව  

2018-03-04

භූගෝල විද්‍යාඥයකු හැටියටත් ඉතිහාසඥයකු හැටියටත් ප්‍රකට ආර්.එල්. බේ‍රා්හියර් මෙරට මිනින්දෝරුවකුව සිටියදී සටහන් කළ සැබෑ අතීත කතාව රසවත්ය. ඉන් අපේ යටගියාව මතුවෙයි. මේ බේ‍රා්හියර් තැබූ සටහන් අතරින් දකුණේ උෟරුබොක්කටත් ගිරුවායටත් අෑඳෙන කතාවකි.
ඔහු ඉඥඥඪදඨ ඛ්ඥරතධද හි තබන සටහන් අනුව එය මෙසේය.

මම යළි සම්භාව්‍ය සාහිත්‍ය පොත් ලියන්නේ නෑ  

2018-03-04

 සුළු කලිඟු දා වත' පළ කළේ අපේ පැරැණි සම්භාව්‍ය කෘති සාමාන්‍ය පාඨකයා නොකියවීම ගැන ඇතිවූ දුක නැති කර ගැනීමට බව ඔබ ප්‍රකාශ කර තිබුණා?
ඔව්. අපේ පැරැණි සම්භාව්‍ය කෘති සාමාන්‍ය පාඨකයා නොකියවීම කනගාටුවට කරුණක්. ඔවුන් මිය යන්නේ මේ කෘතිවල ඇති රසය විඳින්නේ නැතිව. 'සුළු කලිඟු දා වත' කියවා මා ලැබූ රසාස්වාදය සෙස්සන්ටද විඳීමට ඉඩ සැලැසීම තමයි මගේ වෑයම වුණේ. සම්භාව්‍ය සාහිත්‍ය ගැන විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර පවා උනන්දුවක් නැහැ කියලද ඔබ කියන්නේ?

මළ මුහුද අවට ප්‍රදේශයකින් බ්‍රහ්මචාරී යුදෙව්වන්ගේ ඉපැරැණි අබිරහස් ලේඛනයක් මතුවෙයි   

2018-02-25

"මළ මුහුද" (ඊශ්‍රායලයත් ජෝර්දානයත් අතර පිහිටි ලවණ විල) බද කලාපයෙන් හමුවුණු ලේඛන දෙකකින් කලින් නොකියවන ලද ලේඛනය එය හමුවීමෙන් පනස් වසරකට පසු කියැවීමට ඊශ්‍රායල් විද්වතුන් පිරිසකට හැකි වී ඇත. ලිවීම සඳහා පදම් කොට සකස් කර ගන්නා සමක් (පාච්මන්ට්) වූ මෙම ලේඛනය කැබැලි 60කටද වඩා වැඩි ගණනකට කැඩී ගොස් තිබුණු හෙයින් ඒවා එකම ලේඛනයක කොටස් නොව එවැනි ලේඛන ගණනාවක කැබැලි යැයි අදහස් කෙරුණු නමුත් කැබැලි එකතැන් කොට බැලීමේදී ඒ සියල්ලම එකම ලේඛනයක කොටස් බව හඳුනා ගැනීමට විද්වතුනට හැකිවිය. පැරණි බ්‍රහ්මචාරි යුදෙව්වන්ගේ සංවිධානයක් සෘතු මාරුව වෙනුවෙන් පැවැත්වූ උත්සවයක් හා දවස් 364ක කැලැන්ඩරයක් පිළිබඳ විස්තර, හීබෘෘ අක්‍ෂරයෙන් සැකසුණු මෙම ලේඛනයෙහි දැක්වෙයි.

යළි යළිත් මැරි මැරී උපදින නොතිර සසර සාගරය   

2018-02-25

මෙතෙක් අදහස් කියවූ පාඨකයකු තුළ ප්‍රශ්න රාශියක් පැන නැඟී ඇතුවාට සැක නැත. මෙහි සඳහන් අදහස් අන්‍යයනට දැන ගන්නට සැලැස්සූ අවස්ථාවලදී අසන ලද ප්‍රශ්න ද කීපයක් ඇත.

ලොව හෙල්ලූ අද්භූත සිදුවීමක් ඉතාලියේ උමඟක් තුළදී මගීන් පිරුණු දුම්රියක් අතුරුදන් වුණු හැටි   

2018-02-25

දුම්රිය අනතුරු ගැන ඔබ කොතෙකුත් අසා ඇතිවාට සැක නැත. විවිධ රටවලින් මෙන්ම ශ්‍රී ලංකාවෙන්ද වරින් වර දුම්රිය අනතුරු ගැන අසන්නට ලැබේ. ශ්‍රී ලංකාවෙන් වාර්තා වන විශාලම දුම්රිය අනතුර වසර 2004 පැරෑලියදී සිදුවූ සුනාමි ව්‍යසනය හා සම්බන්ධ දුම්රිය අනතුරයි. දුම්රිය අනතුරු පිළිබඳව මෙසේ වාර්තා වෙද්දී දුම්රිය අතුරුදන් වීම්ද ලෝකයෙන් වාර්තා වී ඇති බව ඔබ දැන සිටියාද? ලෝකයා මවිතයට පත් කරලමින් එවැනි දුම්රිය අතුරුදන් වීමක් වසර 1911දී ඉතාලියෙන් වාර්තා වී ඇත. 1911 ජුනි මස 14 වැනි දින 'සැනෙමි' නම් දුම්රිය සේවා සමාගම තම නවතම දුම්රිය මාදිලිය හඳුන්වා දීම සඳහා විශේෂ දුම්රිය ගමන් වාරයක් සංවිධානය කර තිබිණි. මේ විශේෂ ගමන් වාරය සඳහා ඔවුන් ආරාධනා කර තිබුණේ සමාජයේ ධනවත් හා ප්‍රභූ ලෙස සැලකූ පිරිසකටය.

උෟව පළාතෙන් මතුවුණු තවත් නාගදීපයක්   

2018-02-25

නාගදීප වචනය කියැවෙන විට අප සිත්හි මැවෙනුයේ යාපන දිශාවේ නයිනතිව්හි පිහිටා ඇති සුප්‍රකට නාගදීප පූජනීය ස්ථානයයි. මෙහි විස්තර කෙරෙනුයේ එම නාගදීපය නොව වෙනත් නාගදීපයක් ගැනය. මේ කියන නාගදීප මහා විහාරය පිහිටියේ උෟව පළාතේ බදුල්ල දිශාවේ මහියංගණයට සැතපුම් 14ක් පමණ දුරින් නැඟෙනහිරට බරවූ ගිනිකොන කොටසිනි. බිබිල-මහියංගණ මාර්ගයේ ගඩුගුඩුවාව හා ආ¼දාඋල්පත පසුකර බිබිල දෙසට යන විට නාගදීප වැවට යන පටු පාර හමුවේ. මේ පාරේ සැතපුම් එකහමාරක් පමණ ගොස් වැව් කණ්ඩිය දිගේ එහි කෙළවර දක්වා ගිය පසු දකුණු අතට ඇති ගුරුපාරේ තවත් සැතපුම් 3ක් පමණ වනගත මඟක ගමන් කිරීමෙන් මෙම පූජනීය ස්ථානයට පැමිණිය හැකි වේ.

ඔබේ වියොවින් දෑස තෙත් වී සරස්වතියද ඉකි බිඳි   

2018-02-25

එහෙත් ප්‍රේක්ෂක ප්‍රතිචාරය අතින් මෙන්ම නිර්මාණාත්මක වශයෙන් බැලුවහොත් ගාමිණීගේ අත්හදා බැලීම අතිශයින් සාර්ථක එකක් විය. ඔහු නිර්මාණය කළ 'වීරයා' නොහොත් සූරයා දශක දෙකක් පමණ සිංහල සිනමාවේ ප්‍රධාන ප්‍රවණතාව නියෝජනය කළේය. අත් කොට කමිසය, සුදු දිග කලිසම හා කව් බෝයි බඳ පටිය හැඳගත් ඔහු දැඩි වීර්යයෙන් ඉදිරියට පැන්නේ දුප්පතා, අසරණයා හා විශේෂයෙන්ම තැතිගත් ළඳුන් ආරක්ෂා කිරීමටය. මැනවින් වඩාගන්නා ලද සිරුරකින් යුත් ගාමිණී කොට කලිසමක් පමණක් හැඳගෙන වැල්ල දිගේ දුවගෙන යෑම සෑම සිංහල චිත්‍රපටයකටම අනිවාර්ය දර්ශනයක් විය. 1960 මුලට නිපදවන ලද 'රන්මුතුදූව' නිර්මාණය කළ චරිතය වටා ගොඩනඟන ලද චිත්‍රපටයකි. එහිදී ඔහු මැව්වේ සියුම් මනසක් හා විවෘත හදවතක් ඇති සැන්ඩෝ කෙනෙක්ගේ චරිතයකි.

වසර ලක්ෂ 2කට පෙර අප්‍රිකාවෙන් පිටත් වූ මිනිසකුගේ උඩු හනුවක් ඊශ්‍රායල ගල් ගුහාවකින් සොයාගනී   

2018-02-18

නවීන මානවයන් අප්‍රිකා මහාද්වීපයෙන් පිටවී ගොස් ඇත්තේ, ඔවුන් එසේ ගියහයි කලින් අදහස් කැරුණාට වඩා අවුරුදු 1,00,000කට පමණ ඉහතදී බව අඟවන මානව පොසිලයක් අප්‍රිකාවෙන් පිටතදී හමුවී තිබේ. එය මෙතෙක් හමුවුණු පැරැණිතම මානව පොසිලය ලෙසද සැලැකෙයි. මෙම පොසිලය, දත් කිහිපයක් සහිත උඩු හනුවකි. හමුවී ඇත්තේ, ඊශ්‍රායලයේ ප්‍රාග් ඓතිහාසික ගුහාවලින් එකක තිබියදීය. එය අවුරුදු 1,75,000ක් 200,000ක් අතර කාලයක් පැරැණි හකු ඇටයක් යැයි ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කැරුණු කාල නිර්ණ තාක්‍ෂණයේ ප්‍රතිඵල අනුව පෙනී ගොස් තිබේ.

අපූරු බයෝ ප්ලාස්මීය ශරීර   

2018-02-18

දිනක් කිර්ලියානුවෝ මොස්කව් ආයතනයේ සිට එන විද්‍යාඥයෝ දෙදෙනකු බලාපොරොත්තුව සිටියහ. ඔවුන්ගේ පැමිණීමට කලින් තම උපකරණ හොඳින් වැඩ කරනවාදැයි කිර්ලියන් පරීක්‍ෂා කර බැලුවේය. උපකරණය වැඩ වර්ජනයක යෙදී ඇත්තා සේය. කොතෙක් පරීක්‍ෂා කර බැලුවත් අඩුපාඩුවක් නොපෙනෙයි. එහෙත් එය හොඳින් ක්‍රියා නොකරයි. කොටස් වෙන්කොට පරීක්‍ෂා කර ගෙන යන විට කිර්ලියන්ට ක්ලාන්ත ගතියක් දැනෙන්ට විය. මෙය ඔහුට කලින් කල වැලඳෙන රෝගයක පෙර නිමිත්තක් බව ඔහු දනී. ඔහු ඇඳට යැවූ ඔහුගේ බිරිය උපකරණය පිරික්සුවාය. උපකරණයේ වැඩ වර්ජනය හමාරය. උපකරණය ක්‍රියාකරවන්නාගේ රෝගී තත්ත්වය ද එහි ක්‍රියාකාරිත්වය කෙරෙහි බලපාන බව සොයා ගන්නා ලදී. මෙසේ අනුක්‍රමයෙන්, රෝග, චිත්ත - භාව, සිතිවිලි හා වෙහෙස ආදී හැම දෙයක් නිසාම මිනිස් සිරුර පුරා දිවෙන ශක්ති රටාවේ වෙනසක් ඇතිවන බව හෙළිවී ගියේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon