නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - කතුවැකිය

‘නඩු’ ගැන අවනඩුව  

2017-08-31

ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ දරුවකු හය වැනි ශේ්‍රණියට ඇතුළත් කර ගැනීමට රුපියල් 25,000ක අල්ලසක් ඉල්ලීමේ චෝදනාවට වැරැදිකරු වූ පානදුර ප්‍රදේශයේ පාසලක හිටපු විදුහල්පතිනියකට බරපතළ වැඩ සහිතව වසර අටක සිරදඬුවමක් සහ රුපියල් 5,000ක දඩයක් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග නියම කළේ ඉකුත් 29 වැනිදාය. අල්ලස් හෝ දූෂණ මර්දන කොමිසම පවරා තිබූ මේ නඩුවේදී කියැවුණේ දරුවාගේ පියාගෙන් රුපියල් 50,000ක් අදාළ විදුහල්පතිනිය ඉල්ලා ඇති අතර රුපියල් 25,000ක් අල්ලස් වශයෙන් ලබා ගෙන ඇති බවය.

තරුණ මරණ අටක්   

2017-08-30

දෙසතියකදී අපේ තරුණ තරුණියන් අට දෙනකුගේ ජීවිත අකාලයේ විනාශ විය. ඒ ස්වාභාවික විපත් නිසා නොවීම වැදගත් කාරණයකි. පසුගිය කාලයේ උතුරේ හා දකුණේ ඇතිවූ සන්නද්ධ ගැටුම්වලින් තරුණ තරුණියන් ලක්ෂයකගේ පමණ ජීවිත විනාශ වූ රටක "මරණ අටක" සුවිශේෂත්වය කුමක්දැයි අයකුට සිතිය හැකිය.

ඩිජිටල් යුගයේ විභාග වංචාවලට මුහුණ දීම  

2017-08-29

ලංකාවේ විභාග නීති කඩ කිරීම, නොඑසේ නම්, වංචා කිරීම බලාපොරොත්තු විය යුත්තක් බවට පත්වී ඇත. සාමාන්‍යයෙන් විභාග වංචා ලෙස හැඳින්වූයේ අදාළ ශිෂ්‍යයා වෙනුවට වෙනත් අයක විභාගයට පෙනී සිටීම, කොළවල, ඇඳුමේ හෝ සිරුරේ සටහන් කරගෙන තිබීම, අල්ලපු මේසයේ සිටින විභාග අපේක්ෂකයාගේ පිළිතුරු ඉල්ලා ගැනීම වැනි දේය. ජංගම දුරකතන හෝ තාක්ෂණික උපකරණ කිසිවක් ළඟ තබා ගැනීමට අවසර නොමැති නිසා එමගින් වංචා කළ නොහැකි වුවද එලෙස පරිහරණය කර හසුවූ අවස්ථාද තිබිණි.

කතිරයට තරුණ තරුණියන් අකැමැතිද?  

2017-08-28

'පුංචි ඡන්දය' හෙවත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත විය. 'බාලගිරි දෝෂය' වැලඳී තිබූ මේ පනත පමාවී හෝ මෙලෙස සම්මත වීම සතුටට කරුණකි. 2015 මාර්තුවේ කාලය අවසන් වූ පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම් පවත්වා නියෝජිතයන් පත්කර ගැනීමට නොහැකිවීමෙන් ප්‍රදේශයේ පරිපාලන කටයුතු යම් ප්‍රමාණයකට බිඳවැටී ඇත. ඡන්ද විමසීම් දිගින් දිගටම කල් ගියේ මේ සංශෝධන පනත සම්බන්ධයෙන් විවාද සම්පන්න තත්ත්වයක් උද්ගතව තිබූ නිසයි. අවසානයේ පනත සම්මත වීම නිසා පුංචි ඡන්දය ජනවාරියට පෙර පැවැත් විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර ඇත. දෙසැම්බරයේ පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙර පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට හැකියාව ඇති බව හෙතෙම අවධාරණ කර තිබිණි. මනාප ක්‍රමය රහිතව කේවල හා සමානුපාතික ක්‍රමයට පැවැත් වෙන මෙවර පුංචි ඡන්දය ඡන්දදායක ජනතාවට විශේෂයෙන් තරුණ ඡන්දදායකයන්ට අලුත් අත්දැකීමක් වනු ඇත.

නව බදු පනත බිල්ලෙක්ද?  

2017-08-27

නව දේශීය ආදායම් බදු පනතට විපක්ෂයේ පක්ෂ කිහිපයක විරෝධය එල්ල වී තිබේ. පාර්ලිමේන්තුවේදී පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ලබාදෙන බව ඔවුහු පවසති. ශ්‍රී ලනිපයේ මහින්ද පාර්ශ්වය හෙවත් ඒකාබද්ධ විපක්ෂ සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුුල ගුණවර්ධන පවසා තිබුණේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් 2006 දී සකස් කළ දේශීය ආදායම් පනත හිටපු මුදල් ඇමැති රවි කරුණානායක කප්පාදු කළ බවය. ඉදිරියේදී පිහිටුවන මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ පළමුවැනි කටයුත්ත වන්නේ මේ පනතෙන් ඉවත් කර ඇති සියලු බදු සහන තවත් පුළුල් ආකාරයෙන් යළි ලබාදීම බවද මන්ත්‍රිවරයා අවධාරණය කර තිබිණි.

‘ගබ්සාව’ ගැන යෝජනා දෙකක්  

2017-08-25

ආගමික අර්ථයෙන් ගබ්සාව සැලකෙන්නේ ප්‍රාණඝාතයක් ලෙසය. එය බෞද්ධ ඉගැන්වීම්වලදී මෙන්ම ක්‍රිස්තියානි ඉගැන්වීම්වලදීද බරපතළ කාරණයක් ලෙස ගෙන තිබේ. ස්වාභාවිකව සිදුවන 'ගබ්සාව' නොව මිනිස් මැදිහත් වීම් මත සිදුවන ගබ්සාව අපරාධයක් ලෙස සලකන රටවල් ලොව තිබේ.
ඒ රටවල ගබ්සාව නීතියෙන් තහනම්ය. එහෙත් කොන්දේසි සහිතව ගබ්සාවට නීත්‍යනුකූලභාවය ලබාදී ඇති රටවල්ද ඇත.

දෙයියෝ සාක්කි !  

2017-08-24

දඹුල්ල ඓතිහාසික විහාරයේ පින් කැටේ හුටපටය ගැන සති ගණන් කතා කරමින් සිටි පිරිසට අලුත් මාතෘකාවක් ලැබී ඇත. ඒ කතරගම ඓතිහාසික දේවාලයට අයත් යතුරේ පටලැවිල්ලය.

නියඟයෙන් පීඩා විඳින මිනිස්සු  

2017-08-23

දැනට පවතිනවියළි කාලගුණය දිවයිනේ දිස්ත්‍රික්ක 20කට බලපා තිබේ. ඉන් දිස්ත්‍රික්ක රැසක වගා හානි සිදුවී ඇති අතර සැලකිය යුතු ගොවීන් පිරිසකට පිට පිට කන්න තුනක් ගොවිතැන් කර ගැනීමට නොහැකිවී ඇත.

අධිකරණ ඇමැති සහ හොරුන් ඇල්ලීම  

2017-08-22

'යා දෙත නොරත රත සමඟ පෑහීමක් නැත' කීවද එජාපය හා ශ්‍රීලනිපය මීට දෙවසරකට පෙර හවුල් ආණ්ඩුවකට මුල පිරුවේ ඔවුන් හමුවේ වෙනත් විකල්පයක් නොතිබූ නිසාය. එහෙත් එළ හරකයි

බාලගිරි දෝෂයට අසුවුණු ‘විගණන පනත’  

2017-08-21

යහපාලනය සඳහා පිහිටුවාගත් මෛත්‍රි - රනිල් ආණ්ඩුවට දැන් දෙවසරකි. මේ හවුලේ බලගතු පොරොන්දුවක් වූ 19 වැනි සංශෝධනය ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු කඩිමුඩියේ සම්මත කරගත්තද ඉන් විගණන කටයුතු සඳහා ලබාදුන් ශක්තිය අනුව කටයුතු කිරීමට විගණන කොමිසමට තවමත් බලතල ලැබී නැත. 'හපන්නට' අවසර තිබුණද ඉන් පලක් නැත්තේ 'දත්' ලැබී නැති නිසාය. ඊට හේතුව නව විගණන පනත මෙතෙක් පාර්ලිමේන්තුවෙන් සම්මත නොවීමය. මේ නිසා ස්වාධීන විගණන කොමිසමේ කටයුතු වසර දෙකහමාරක් තිස්සේ අක්‍රිය වී ඇති අතර විගණකාධිපති දෙපාර්තමේන්තුවේ කටයුතුද අඩාළ වී තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon