නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - කතුවැකිය

යකඩ යකා සහ අපේ යක්කු  

2017-11-23

'දුම්රියට අපලයි' සිරස්තලයෙන් පළවූ ඊයේ දිනපතා පත්‍රයේ මුල් පුවතින් කියැවුණේ දිවයිනේ ස්ථාන කිහිපයකදී දුම්රියට සිදුවූ අකරතැබ්බ ගැනය. මේ; ඒ ගැන නොව අනෙකකි. එහෙත් දුම්රියට සම්බන්ධය.

පොලිස්පතිතුමනි ලැජ්ජයි   

2017-11-22

ගිංතොට ඇවිළුණු ගින්න මේ වන විට නිවී ගොස් ඇත. එහෙත් අළුයට ගිනි පුපුරු තිබිය හැකිය. පරිස්සම් විය යුත්තේ එනිසාය. එහිදී පොලිසියට පැවැරෙන්නේ විශාල වගකීමකි.
පොලිස්පති පූජිත් ජයසුන්දර ඉකුත් 20 වැනිදා ගාල්ල නගර ශාලාවේ පැවැති ප්‍රජා පොලිස් ඒකක යළි බලාත්මක කිරීමේ රැස්වීමේදී ප්‍රකාශ කර තිබුණේ ගිංතොට විනාශය වළක්වා ගැනීමට පොලිසියත්, ගම්වාසීනුත් අසමත්ව ඇති බවය. පොලිසිය මෙහිදී "අසමත්" වී නම් ඊට ප්‍රධාන වගකිවයුත්තා අන් කිසිවකු නොව පොලිස්පතිමය.

ගිංතොට ගින්න සහ අබ සරණ  

2017-11-21

උතුරු පළාතේ යාපනය ප්‍රදේශයේ සිදුවූ පහරදීමේ සිද්ධින් කිහිපයකට සම්බන්ධ බවට සැකකොට 47 දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කළ මෙහෙයුම්වලදී හැකිවී තිබේ. අදාළ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදු කිරීම නිසා උතුරේ සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු දින නියමයක් නොමැතිව අවලංගු කර ඇත. නොවැම්බර් 26 වැනිදාට එල්. ටී. ටී. ඊ. හිටපු නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය යෙදී ඇති අතර එම සංවිධානයේ මහවිරු දිනය මේ මස 27 වැනිදා සැමරේ. නීති විරෝධී සංවිධානයක් වන එල්. ටී. ටී. ඊ. ය සැමරුම් උත්සව පැවැත්වීමට සූදානම් වන බැවින් අදාළ මෙහෙයුම් අඛණ්ඩව සිදු කිරීමට පොලිසිය තීරණය කර ඇත. පරීක්‍ෂණවලින් පසු නිර්දෝෂී

මේ බල්ලන් බැඳ දමනු!   

2017-11-20

1948 නිදහසින් පසු පාර්ලිමේන්තුව පිහිටුවූ කමිටුවක් මඟින් සකස් කරන ලද "ජාතික ධජය" කන්ද උඩරට අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහගේ සිංහ ධජය ඇසුරු කර ගෙන නිර්මාණය වූවකි. අඩ සියවසකට වැඩි ඉතිහාසයක් ඇති මේ ජාතික ධජය වෙනස් කළ යුතු යැයි කියන පිරිසක් කවදත් මේ රටේ සිටියහ. දකුණේ ඇතැමකුට අනුව දෙමළ හා මුස්ලිම් ජාතීන් සංකේතවත් කිරීමට ජාතික ධජයට එකතු කර ඇති කොළ හා තැඹිලි වර්ණ තීරු දෙක ඉන් ඉවත් කළ යුතුය. ශ්‍රී වික්‍රම රාජසිංහගේ සිංහ කොඩිය ඔවුන් කියන ආකාරයට "ජාතික ධජය" ලෙස යොදා ගත යුත්තේ ශ්‍රී වික්‍රම රාජසිංහගේ සිංහ කොඩිය හෙවත් සිංහලේ කොඩියයි.

මව්බිමට අභියෝගය මව්බිම පමණි  

2017-11-19

ඔබේ ආදරණීය පුවත්පත "මව්බිම" අද හත්වැනි වියට පා තබන්නීය. මේ ප්‍රීතිමත් මොහොතේ අපි ප්‍රථමයෙන්ම අපේ ඉදිරි ගමනට දායක වූ පාඨක සහෘදයන් වෙත හෘදයාංගම කෘතවේදීත්වය පිරිනමමු. අලුතින් පටන්ගත් නැවුම් පුවත්පතක් ඉතා කෙටි කලක් තුළ පාඨක ජනතාව විසින් පුවත්පත් අතර දෙවැනි ස්ථානයට ඔසවා තැබීම අසිරිමත් අත්දැකීමකි. අප ලද ජයග්‍රහණයෙහි රහස පාඨක ඔබ කෙරෙහි තැබූ විශ්වාසය මිස අනෙකක් නොවේ.

හයෙන් හතට...  

2017-11-17

මීට වසර හයකට පෙර 'මව්බිම' දිනපතා පුවත්පතේ මංගල කලාපය නිකුත් වූයේ 'ඉල්මහ' උණුසුම් කරමිනි. ඊට හේතුව වූයේ 'මව්බිම' නිකුත් වීමටත් පෙර ආන්දෝලනාත්මක පත්තරයක් බවට පත්වීමය. පිරිසක් 'මව්බිම' කොටි ලේබලය ඇලවූ අතර තවත් පිරිසක් කියා සිටියේ අලුත් පත්තරේ එන්.ජී.ඕ. බළල් අතක් බවය. 'මහින්දට' කඩේ යෑමට 'මව්බිම' පළ කරන බව ඇතැමකුගේ මතය විය. තවකෙකුට අනුව 'මව්බිම' ලකලෑස්ති වන්නේ ආණ්ඩුවට කඩේ යෑමටය.

අපි දිවි නසා ගන්නේ ඇයි?   

2017-11-16

"මව්බිම" ඊයේ පත්‍රයේ ප්‍රධාන සිරස්තලයක් වූයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් දින තුනක් ඇතුළත ගෙල වැලලා ගැනීම් අටක් වාර්තා වී ඇති බවය. ගෙල වැලලාගෙන සියදිවි නසා ගන්නවුන් අතර හතරවැනි ශේ්‍රණියේ ඉගෙනුම ලැබූ දස හැවිරිදි පාසල් දැරියක සිටීම කැපී පෙනෙන කාරණයකි. බළන්ගොඩ, රන්‍ෙදාළවත්ත ප්‍රදේශයේ දැරියක් ඉකුත් 13දා මෙලෙස දිවි නසා ගැනීමට ජංගම දුරකතනයක් සොරා ගැනීමේ සිද්ධියක් මුල් වී ඇතැයි පැවැසේ. කිරිමැටිතැන්න විද්‍යාලයේ ගුරුවරියකගේ අස්ථානගත වූ ජංගම දුරකතනය දිවි නසා ගත් දැරියගේ බෑගයේ තිබී සොයා ගැනීමේ සිද්ධියෙන් පසු සෙස්සන් හොරා යැයි උසුළු විසුළු කිරීම නිසා ඇය සිත් තැවුලෙන් සිටි බව ඇයගේ මව පවසා තිබිණි. සිද්ධියෙන් පසු පාසල් යෑමට අදි මදි කිරීම නිසා මව ඇයට තරවටු කර ඇති අතර මව නිවෙසේ නොසිටි අවස්ථාවක ඇය ගෙල වැලලාගෙන ඇත.

බියර් අරක්කු සහ කසිප්පු   

2017-11-15

මෙරට සැලකිය යුතු පිරිසකගේ අදහස වන්නේ මත්පැන් බීම අපරාධයක් බවය. ගව මස් කෑම හා මාළු කෑම අතර වෙනසක් දකින්නෝ අරක්කු හා බියර් අතර වෙනසක් නොදකිති. එල්ටීටීඊය තුරන් කළොත් රට දිව්‍ය ලෝකයක් වේ යැයි ඇතැමුන් සිතුවා සේ මත්පැන් මෙරටින් තුරන් කළ දවසට රට සුඛිත-මුදිත වනු ඇතැයි සිතන්නෝද සිටිති.

පුංචි ආණ්ඩු සහ ‘කුමාරයා’   

2017-11-14

පුංචි ඡන්දය ලබන වසරේ ජනවාරියේදී පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර ඇත. සභාපතිවරයා කියා තිබුණේ දැන් බෝලය තියෙන්නේ ඔහුගේ අතේ බවය. පිච් එක සූදානම් නම් මැච් එක ඇරැඹිය හැකි බව මහින්ද දේශප්‍රිය මීට පෙර කියා තිබිණි.

අළු යට ගිනි  

2017-11-13

තෙල් අර්බුදය නිමා වී තිබේ. සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවුලේ මුහුණුවර වෙනස් වී ඇත. එහෙත් මතුපිටින් පෙනෙන තරම් දේශපාලන සාමයක් අභ්‍යන්තරයෙහි නැති බව ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේද දේශපාලන පක්ෂවල කියුම් කෙරුම්වලින් පැහැදිලි වේ. මුදල් ඇමැති මංගලගේ මංගල අය-වැය කරළියට ආවේද මේ අපැහැදිලි දේශපාලන වාතාවරණය මැදය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon