නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - සැණකෙළිය

සීනි ගාපු බනිස් බනිස් මිස්ට හදපු සීනි බනිස්  

2018-07-01

විශ්‍රාමලත් ආචාර්ය, බිංගිරිය - කොස්වත්තේ,
ඩී.එන්. දිසානායක

ඉතා නොදියුණු ගම්මානයක පිහිටි ප්‍රාථමික පාසලක සේවය කළ ජයසේන මුල් ගුරුන්නාන්සේ හා කුමාරි ගුරුතුමිය එම නොදියුණු ගම්මානයේ පිහිටි පාසල දියුණු කිරීමෙහිලා අති උදාර සේවාවක් ඉටුකළ දෙදෙනෙක් ඵවූහ. ගමේ ජනතාවගේ හා ඔවුන්ගේ දරුවන්ගේ අමුතුම භාෂා විලාසය හා ක්‍රියා කලාප ඉතාමත් නොදියුණු වූ අතර දිනපතා දරුවන් පාසලට යැවීමට හෝ නිසි අධ්‍යාපනයක් ලබා දීමට හෝ තම ගමේ පාසල දියුණු කර ගැනීමට මවුපියන් කිසිවකුට අවශ්‍යතාවක් ඇති නොවීය.

උදෑසනම පාසලට පැමිණෙන ගුරුවරුන් දෙදෙනා ගමේ අස්සක් මුල්ලක් නෑර ඇවිද ගමේ ඇළවල්, මඩ වගුරුවල හා වැව්වල මාළුබාමින් හා නොයෙකුත් පාප ක්‍රියාවල නිරතවී සිටින සිසුන් අල්ලා බලහත්කාරයෙන්ම පාසලට කැඳවාගෙන විත් ඔවුනට අකුරු කියාදීම මොවුන් දෙදෙනාගේ දිනපතා කෙරෙන මුල්ම කාර්යය විය. කතා බහේදී හෝ ක්‍රියාවලදී කිසිම හැදියාවක් නොමැති මේ දරුවන් පාසලේදී රැකබලා ගැනීම මෙම ගුරු භවතුනට අසීරු කාර්යයක් විය. එය මීහරක් පට්ටියක් රැකබලා ගැනීම හා සමාන විය.

මේ අතර කුමාරි ගුරුතුමිය පාසලට එන අතරතුර බසයෙන් බැස ඒ අසල ඇති ජයසේකර මුදලාලිගේ කඩයට ගොඩවැදී දිවා ආහාරය සඳහා සීනි බනිස් ගෙඩි දෙකක් තෝරා ඒවා වෙන්කර විවේක කාලයේදී එන ළමයින් දෙදෙනකු අත ඒවා හොඳ හැටි ඔතා එවන ලෙස මුදලාලිට කියා යෑම දිනපතාම වූ කාර්යයක් විය. දිවා විවේක කාලයේදී තම පන්තියේ ළමයින් දෙදෙනකු කඩේට යවා බනිස් ගෙඩි දෙක ගෙන්වා ගන්නා කුමාරි ගුරුතුමිය එම බනිස්වල උඩ ඇති සීනි කොටස නොතිබීම පිළිබඳව දිනක් ජයසේකර මුදලාලිගෙන් විමසුවාය.

"අනේ! මිස් මම එව්වේ මිස් තෝරා වෙන් කරපු හොඳට සීනි තිබූ බනිස්" යැයි කී මුදලාලි ඒ පිළිබඳව ටිකක් සොයා බලන ලෙස කුමාරි මිස්ට පැවසුවේ ඒ පිළිබඳව සැකයක් ඇතිවූ බැවිනි. මේ පිළිබඳව සොයා බැලීමේදී කුමාරි ගුරුතුමියට දැන ගන්නට හැකිවූයේ කඩෙන් ඔතා දෙන බනිස් ගෙඩි දෙක ලබාගන්නා සිසුන් දෙදෙනා පාසලට එන අතරමගදී බනිස්වල ඇති සීනි කොටස උලා කෑමෙන් පසු සීනි නොමැති බනිස් කුමාරි ගුරුතුමියට ගෙනැවිත් දී ඇති බවයි. මේ අනුව මාස කිහිපයක් තිස්සේ කුමාරි ගුරුතුමිය ගිල දමා ඇත්තේ ළමයි දෙදෙනා සීනි කොටස් උලා කෑ සීනි විරහිත බනිස් බව පසුව දැනගත හැකි විය. (මෙය සත්‍ය සිදුවීමකි)

චන්ද්‍රයා නිර්මාණය වූ හැටි හෙළි කරන අලුත්ම මතයක්  

2018-07-01

චන්ද්‍රයා නිර්මාණය වූයේ අවුරුදු හාරසිය පනස් කෝටියකට (450,00,00,000) පෙර ළදරු වියෙහි වූ පොළොව එවැනිම බිලිඳු ග්‍රහයකු සමඟ ගැටීමේ ප්‍රතිඵලයක් වශයෙන් යැයි නව අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. එම ගැටුම් කෙතරම් ප්‍රබල වීදයත්, ගැටුණු ආකාශ වස්තු දෙකම වාෂ්පීකරණය වූ බව අධ්‍යයනයෙන් පෙනී ගොස් ඇත. එම වාෂ්ප, භ්‍රමණය වන තලපයක් බඳු ධූලි වලාවක් බවට පත්විය. එය ''සයිනෙස්ටියා'' (ඉරදඥඵබඪච) යනුවෙන් හැඳින්විණි. එයින් චන්ද්‍රයා නිර්මාණය විය. මේ නවතම න්‍යාය, පොළොව හා අඟහරු තරම් විශාල 'තීයා'' (ඊඩඥඪච) යනුවෙන් ග්‍රහ වස්තුවක්ද අතර ගැටුමකින් හඳ නිර්මාණය විණැයි යන වත්මන් සිද්ධාන්තයට පටහැනිය. මේ අධ්‍යයනයෙහි යෙදුණු හාවර්ඩ් හා කැලිෆෝනියා ඩේවිස් යන විශ්වවිද්‍යාල විද්‍යාඥයෝ ''ජියෝග්‍රැෆිකල් රිසර්ච් ප්ලැනට්ස්' (ට්ඥධඨපචනඩඪජචත පඥඵඥචපජඩ නතචදඥබඵ) ප්‍රකාශනයට ඔවුන්ගේ අධ්‍යයනය සම්බන්ධයෙන් ලිපියක්ද සැපයූහ.

ට්‍රෝජන් යුද්ධයේ වීරයා ‘අකිලිස්’  

2018-07-01

අකිලිස් (ඒජඩඪතතඥඵ) නමින් හැඳින්වෙන්නේ ග්‍රීකයේ මිත්‍යා කතාවල එන වීරයෙකි. 'ට්‍රෝජන් යුද්ධයේ' දී සටන් වැද ශූරකම් පෙන්වූ වීරවරයා අකිලිස්ය. අකිලිස් පිළිබඳව ප්‍රවාදගත කතා බොහෝය. ඒවා රසවත්ය.

පෘථිවියෙන් බැහැරට ගිහින් විදුලිය නිපදවන උත්සාහයක්  

2018-06-24

සඳ මත මෙන්ම අඟහරු මතද පිහිටුවීමට අපේක්‍ෂිත ජනාවාසවලට බලශක්තිය සැපැයීම සඳහා යොදා ගැනීමට නාසා ආයතනය බලාපොරොත්තු වන න්‍යෂ්ටික ප්‍රතික්‍රියා කාරකයක් සාර්ථක ලෙස අත්හදා බැලීමට ආයතනයට හැකිවී තිබේ. පෘථිවියෙන් බැහැර වී විදුලි බලය සපයා ගැනීමත් අභ්‍යවකාශයෙන් ලද හැකි සම්පත්වලින් ආශ්වාසයට යෝග්‍ය වාතයද පානීය ජලය හා රොකට් ඉන්ධනද නිපදවා ගැනීමත් සඳහා කුඩා විඛණ්ඩන ක්‍රියාකාරකයක් (ර්ඪදඪ ජ්ඪඵඵඪධද පඥචජබධප) යොදා ගැනීමට නාසා ආයතනය සැලසුම් කරයි. "කිලෝ බලශක්ති" (ම්ඪතධනධඹඥප) පද්ධතිය අභ්‍යවකාශයේදී කෙසේ ක්‍රියාත්මක වන්නේද යන්න තහවුරු කර ගැනීම සඳහා නාසා ආයතනය දැන්, එම අජටාකාශ ගමන් මාර්ගය කෙරෙහි දැඩි අවධානය යොමු කර ඇතැයි ආයතනයේ ජේ‍යෂ්ඨ නිලධාරියෙක් පුවත්පත් සාකච්ඡාවකදී වාර්තාකරුවනට පැවැසීය.

1957 මාර්තු 30දා එළැඹි අසිරිමත් මොහොත අප්පච්චි මම ආවේ ආපහු යන ගමනක් නොවේ...  

2018-06-24

කළු බණ්ඩා උපාසක මහතා වෙත හිමින් හිමින් පිය නැඟූ හීන්බණ්ඩා නැවතත් සිතන්නට විය. "මට අප්පච්චිගෙන් අෑත් වෙලා වනගතව මහණ දම් පුරන්න පුළුවනිද..? පුළුවනි., මට මගේ සහෝදර සහෝදරියන්ගෙන් අෑත්වෙලා ඉන්න පුළුවන්ද..? පුළුවනි. මගේ නෑදෑයන්, යාළු මිත්‍රයන්ගෙන් අෑත් වෙලයි මට මේ ගමන යන්න වෙන්නෙ. එහෙම යන්න පුළුවන්ද..? පුළුවනි. නොයෙක් අයගේ ඇසුරට වැටිලා නොමඟ නොගිහින් අතරමං නොවී මහණකම රැක ගන්න මට පුළුවන්ද..? පුළුවනි. මේ ආකාරයට සිත සමඟ තර්ක, සංවාද කරමින් සිටි හීන්බණ්ඩා තවත් ටිකක් සිතන්නට හිත හදාගත්තේය.

අභිලේඛන මූලාශ්‍රවලින් තහවුරු වන ලක්දිව බලවත්ම නාග රාජ්‍යයේ තෝම්බුව මෙන්න  

2018-06-24

කැලණි විහාරය වඳින්නට දසතින් එනවා යනවා වුණත් එහි යටගියාවත්, ඒ වටිනාකමින් පිරුණු අතීතයත් ගැන ඔබ නොදන්නවා වන්නට පුළුවන. සැබැවින්ම කියතොත් කැලණිය පුරවරය නගරයක් ලෙසත් ප්‍රදේශයක් ලෙසත් ඉපැරැණි අනුරාධපුරයටත්, පොළොන්නරුවටත් වඩා පැරැණිය යන මතය දැන් දැන් තහවුරු වෙමින් තිබීම වැදගත්ය. එනිසා බුදු රදුන්ගේ ලංකා ගමනයේදී කැලණියට වැඩම කිරීමත්, කැලණිය ගැන දැන සිටීමත් ප්‍රදේශයක් වශයෙන් ලෝකයා දැන උන් සුවිශේෂී බවක් නිසා එසේ වන්නට පුළුවනැයි මුලින්ම කිව යුතුය.

පියාඹන ටැක්සිවලින් හයර් යන කාලේ අත ළඟයි  

2018-06-24

වසර 2020 පමණ වන විට ගුවන් ගත කුලී රථ එහෙමත් නැතිනම් ටැක්සිවලින් මගීන්ට තම ගමන් බිමන් යෑමේ අවස්ථාව උදාකර දීම සඳහා උඡඥප නම් සමාගමක් සූදානම් වෙනවා. එම සමාගමේ ප්‍රධාන විධායක ඩැරා කොස්රොෂාහී පවසන අන්දමට මෙම ටැක්සි ස්වයංක්‍රියව ගුවනේ ගමන් කරන ඒවායි. ඔහු මේ බව අනාවරණය කරන ලද්දේ පසුගියදා ජපානයේ පැවැති ආයෝජන සමුළුවකදීය.

රටේම ලස්සන රූමත් කෙල්ලන් නුවර පෙරහරේ සක්මන් කළ හැටි  

2018-06-24

ඇසළ සැණකෙළි උත්සව පැවැත්වීම සිංහලයා අනාදිමත් කාලයක පටන් කරන්නට පුරුදුව සිටි දෙයකි. මහනුවර ඇසළ සැණකෙළියත් මුල් කාලයේ බෞද්ධ මුහුණුවරක් ගෙන තිබුණද පසුව එහි ස්වභාවය වෙනස් වෙමින් පැවැත ආ ඉතිහාසයකටද උරුමකම් කියයි.

තරුණ පරපුරේ රසවින්දනය පහළ වැටීමට මාධ්‍ය වගකියන්න ඕනෑ  

2018-06-24

ප්‍රවීණ මාධ්‍යවේදී සම්පත් බණ්ඩාර විසින් රචනා කරන ලද නවතම කෘතීන් වන 'ශ්‍රී මත් අයිවර් ජෙනිංග්ස් සහ පේරාදෙණිය සරසවිය' සහ 'ආනන්ද කුමාරස්වාමි සංස්මෘති' යන කෘති ද්විත්වය සරසවි ප්‍රකාශන ලෙස මේ වන විට ප්‍රකාශයට පත්ව ඇත.

බිසවක් නිසා සටනක් දුන් ‘අභයනාග’  

2018-06-24

ඉතිහාසය විෂයය හදාරන අපේ දරුවන්ට විශේෂ වන රජකු පිළිබඳ තොරතුරු සිහිගැන්වීම වටිනවා. ඒ අභයනාග රජුයි. අභයනාග රා.කා. 234-244 අතරලක්දිව රජකම් කර තිබෙනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon