නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - කතුවැකිය

මනරංජන වැඩ වර්ජන  

2017-06-27

1956 බලයට පත් වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක නායකත්වය දුන් මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුවට ආරම්භයේ සිටම මුහුණදීමට සිදුවූයේ වැඩවර්ජනවලටය. මහ මුහුදේ රැලිපිට රැලි ගසන්නා සේ එකල වැඩවර්ජනද එක පෙළට පැමිණියේය. ඇතැම් වැඩවර්ජනයකට මුල්වූයේ වෘත්තීය අරමුණු නොව දේශපාලන අරමුණුය. මෛත්‍රි - රනිල් හවුල් ආණ්ඩුවද අද මුහුණ පා සිටින්නේ 56 සමඟි පෙරමුණු ආණ්ඩුව මුහුණ දුන් ආකාරයේ අකරතැබ්බයකටය.

රටේ හෙට දවස...  

2017-06-26

2015 ජනවාරි 8 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් පොදු අපේක්ෂකයාට ජය හිමිවූයේ අන් කිසිවක් නිසා නොව ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, යුක්තිය හා සාධාරණත්වය, කා-බී ඇඳ පැලඳ සතුටින් ජීවත්වීමටත් මිනිසුන් තුළ පවතින නොතිත් ඇල්ම නිසාය.

‘සයිටම්’ වටේ ගියා හොඳටම ඇති  

2017-06-25

ඉකුත් බ්‍රහස්පතින්දා සුවසිරිපායට බලහත්කාරයෙන් ඇතුළු වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසු සිසුවියෝ පැය දෙක තුනක් තිස්සේ එහි රැඳී සිටිමින් සයිටම් ජනසතු කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණය කළහ. විරෝධතාව අවසන් වූයේ පොලිස් විශේෂ කාර්ය බළකාය හා පොලිස් කැරැලි මර්දන ඒකකය සමඟ ගැටුමක් ඇති කර ගැනීමෙනි. විශාල සිසුන් පිරිසක් පමණක් නොව පොලිසියේ කිහිපදෙනකුද ගැටුමෙන් තුවාල ලබා තිබුණේය.

සුවසිරිපායේ ගැටුම  

2017-06-23

සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැඟිල්ලට බලහත්කාරයෙන් ඇතුළුවීමට යෑමේදී පොලිසිය හා සිසුන් අතර ඇති වූ ගැටුමින් සිසු සිසුවියන් 96 දෙනකු රෝහල්ගත කෙරුණේ ඊයේ පස්වරුවේය. එයින් 57 දෙනෙක් නේවාසිකව ප්‍රතිකාර ලබති. ගැටුමේ බරපතළකම පෙනෙන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායේ - (ඉඊජ්) තිදෙනකුද, කැරැලි මර්දන පොලිසියේ දෙදෙනකුද රෝහල්ගත කිරීමට සිදුවී තිබීම නිසාය.

ගුවනින් යන ‘සුදු අලියා’  

2017-06-22

70 දශකයේ අවසානයේ 'එයාර් ලංකා' නමින් ඇරැඹුණු ශ්‍රී ලංකාවේ ගුවන් සේවය 90 දශකයේ මැද භාගයේදී පෞද්ගලීකරණය කිරීමෙන් පසු හැඳින්වූයේ 'ශ්‍රී ලන්කන් එයාර්ලයින්' නමිනි. නමට ගැළපෙන ආකාරයට ගුවන් සේවයේ ලාංඡනයද වෙනස් කෙරිණි. වඩාත් වැදගත් වෙනස වූයේ පෞද්ගලීකරණයෙන් පසු එතෙක් පාඩු ලැබූ ගුවන් සේවය ලාභ ලැබීමය.

කුණු ප්‍රශ්නය කුණු වී තිබේ  

2017-06-21

'කුණු' කිව්වොත් එකවර සිහියට නැඟෙන්නේ කොළඹය. ඒ, කුණු කඳු ඇත්තේ කොළඹ නිසාය. එහෙත් 'කුණු', සීතල නුවරඑළියට ද ප්‍රශ්නයක් වී තිබේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ 'කුණු' ඉවත් කිරීම සම්බන්ධව ස්ථිර විසඳුමක් ලබාදීමට රජයේ නිලධාරීන් අපොහොසත් වීම නිසා දිස්ත්‍රික් සම්බන්ධිකාරක කමිටුවේ සම සභාපති ධුරයෙන් ඉවත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ආරුමුගම් තොණ්ඩමාන් ජනාධිපතිවරයාට දන්වා යැව්වේ ඉකුත් 19 වැනිදාය. කොළඹට, නුවරඑළියට පමණක් නොව 'කුණු' රටටම බලපා ඇති දැවෙන ප්‍රශ්නයකි. කුණු  ප්‍රශ්නයට ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට මැදිහත්වීමට සිදුවූයේ කුණු ප්‍රශ්නය එපමණටම 'කුණු' වී ඇති නිසාය.

නයිටිංගේල්ලාට අලුත් ඇඳුම්  

2017-06-20

හෙද සේවය දෙවැනි වන්නේ වෛද්‍ය සේවයට පමණය. ගහට පොත්ත මෙන් වෛද්‍යවරුන්ට හෙද සේවය නැතුවම බැරිය. එහෙත් ලංකාවේ නම් වෛද්‍ය සංගම් හා හෙද සංගම් අතර එතරම් ඇයි හොඳයියක් නැත. කුමන ප්‍රශ්න තිබුණත් මෙරට හෙද සේවය ඉතා ඉහළ මට්ටමක ඇත. විදේශ රටවලින් ලංකාවේ හෙද හෙදියන්ට ඉල්ලුමක් ඇත්තේ ඔවුන්ගේ ප්‍රශස්ත සේවාව නිසාය. ඊට බලපා ඇත්තේ ලබාදෙන සුවිශේෂී හෙද පුහුණුවය.

‘ඩෙංගු’ සමඟ එක්සත්ව එක්සිත්ව සටන් වදිමු !  

2017-06-19

ඉකුත් 16 වැනිදා කැලණිය විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමුණේ සිසු සිසුවියන් දහසකට අධික පිරිසකට උණ හා පාචනය වැලඳීම නිසාය. නේවාසිකාගාරවල සිටින සිසු සිසුවියන් අතර පැතිර යන මේ උණ රෝගය ඩෙංගු උණ රෝගයදැයි සැක පළ වී ඇත. රෝහල් ආරංචි මාර්ග ස¼දහන් කරන්නේ ඩෙංගු උණ වැලඳුණු රෝගීන් අතර කැලණිය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් ද සිටින බවය.

මැයි විපත හා ජනතා වගකීම   

2017-06-18

ඉකුත් මැයි මාසයේ මැද භාගයේ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට ඇදවැටුණු අධික වැසි හේතුවෙන් සිදුවූ නාය යෑම් හා ජල ගැලීම්වලට ගොදුරුව දහස් සංඛ්‍යාත ජනතාවක් විපතට පත් වූහ. සිදු වූ දේපළ හානියට වඩා සිදු වූ ජීවිත හානිය මෙවර ඉහළ ගොස් තිබුණේය.

ජාති-ආගම් භේද අවුළුවන්න එපා !  

2017-06-16

ජාතිවාදය නිසා තිස් අවුරුදු යුද්ධයකට මුහුණ දුන් මේ රටේ ජීවත්වන දෙකෝටිය ඉක්ම වූ සිංහල, දෙමළ, මුස්ලිම් ප්‍රමුඛ සියලු ජාතීන් හා ජනවර්ග යළිත් එවැනි තිරශ්චීන යුද්ධයක් තුන්හිතකින්වත් ප්‍රාර්ථනා කරන්නේ නැත.
එහෙත් ජනතාව අතරම සිටින සුළු පිරිසකට යළි ජනඝාතක යුද්ධයක් අවශ්‍ය වී ඇති බව පෙනේ. අළු යට සැඟවුණු ගිනි පුපුරුවලට ඔවුන් ජාතිවාදී, ආගම්වාදී සුළං පිඹිමින් සිටින්නේ ඒ නිසාය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon