නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - කතුවැකිය

සාහිත්‍ය මාසයේ සිට කියවීමේ මාසය දක්වා...   

2017-09-08

කියවීම මගින් දැනුමෙන් ශික්ෂණයෙන් යුත් මිනිසකු ගොඩනඟන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ 'කලණ මිතුරු - පොත් සුමිතුරු' වැඩසටහන සමාරම්භක උළෙලට සහභාගි වෙමිනි. ලබන ඔක්තෝබරයට යෙදෙන 'කියවීමේ මාසය' වෙනුවෙන් මේ වැඩසටහන සාහිත්‍ය මාසයේ දී එනම් සැප්තැම්බරයේ ඇරැඹීම සුවිශේෂී කරුණක් වේ. වඩාත් වැදගත් කාරණය වන්නේ සාහිත්‍ය කලා ප්‍රවර්ධනයට රාජ්‍ය අනුග්‍රහය ලැබීමය.

පොද වැස්සක්...  

2017-09-07

වර්තමානයේ තරුණ තරුණියන් ගුණධර්මවලින් පිරිහී ඇතැයි ඇතැම් වැඩිහිටියෝ නිතර චෝදනා කරති. ඔවුන් සාමයට වඩා ගැටුමට වැඩි ඇල්මක් දක්වන බව තවත් චෝදනාවකි. පොත පත කියවීම පසෙකලා ජංගම දුරකතනය, පරිගණකය සමඟ වැඩි කාලයක් ගත කරන බව පැවසීම පොදු මැසිවිල්ලක් බවට පත්ව තිබේ.

දුප්පතුන් නැති රටක්!   

2017-09-06

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව පිහිටුවාගත් සම්මුතිවාදී ආණ්ඩුවේ දෙවැනි සංවත්සරයට සමගාමීව "ඍ 2025 පොහොසත් රටක්" නමින් ආර්ථික දර්ශනයක් ඉකුත් සඳුදා කොළඹදී එළි දැක්විණි. දුප්පත් වී ඇති රට පොහොසත් කරන වැඩපිළිවෙළක් ලෙස මෙය හැඳින්විය හැකිය.

පොලිතින් තහනම කුමකටද?  

2017-09-05

ඉකුත් පළමුවැනිදා සිට 'පොලිතින්' තහනම ක්‍රියාත්මක කෙරිණි. ඒ ඇතැමුන්ගේ විරෝධතා මධ්‍යයේය. මේ තහනමට විරෝධය එල්ල වී ඇත්තේ ඇතැම් පොලිතින් නිෂ්පාදකයන්ගෙනි. එහෙත් රජය පොලිතින් තහනම ගැන දැනුම්දීමක් කළේ මීට වසරකට පමණ පෙරය. එනිසා පොලිතින් නිෂ්පාදකයන් හා අදාළ කර්මාන්තශාලාවල සේවකයන්ට විකල්ප ක්‍රියාමාර්ගයනට යොමුවීමට යම් කාලයක් තිබිණි. කෙසේ වුවද රජය මේ නිෂ්පාදනයන් හා සේවකයන්ගේ ප්‍රශ්නයටද අවධානය යොමු කළ යුතුය. එය රජයේ වගකීමකි.

ගෙත්සි ෂන්මුගම්ට මවුබිමේ ගෞරවය හිමිවිය යුතුය  

2017-09-04

ආසියාවේ නොබෙල් ත්‍යාගය ලෙස සැලකෙන රමෝන් මැග්සේසේ සම්මානය මෙවර හිමි වී ඇත්තේ ශ්‍රී ලාංකිකයකු වන ගෙත්සි ෂන්මුගම් මහත්මියටය. හදිසි අනතුරකින් මියගිය පිලිපීන ජනාධිපතිවරයකු වන රමෝන් මැග්සේසේ සිහි වීම පිණිස පිරිනැමෙන මේ සම්මානය මානව සංහතියේ උත්තම පරමාර්ථ සිය ජීවන දර්ශනය හා ජීවන විලාසය බවට පත්කරගත් විශිෂ්ටයන් වෙනුවෙන් කැපවූවකි.

විස්ස සහ ප්‍රජාතන්ත්‍රවාදය  

2017-09-03

පළාත් සභා මැතිවරණ එකම දිනයක පැවැත්වීම සඳහා වූ ප්‍රතිපාදන ඇතුළත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පළාත් සභාවල අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ. ආණ්ඩුව පළාත් සභා විෂයෙහි එවැනි තීරණයකට එළැඹීම ඉතාමත් කාලෝචිතය.

බියපත්වූ සමාජයක්...  

2017-09-01

රටේ සිවුදෙසින් දිනපතා අසන්නට ලැබෙන්නේ කිසිසේත්ම සතුටු විය හැකි දේවල් නොවේ. විශේෂයෙන් කාමාතුර අශිෂ්ටයන්ගේ ක්‍රියා නිසා දරු දැරියන්, තරුණ තරුණියන් මෙන්ම පොදුවේ කාන්තාවන් පත්ව ඇත්තේ අනාරක්ෂිත තත්ත්වයකටය.

‘නඩු’ ගැන අවනඩුව  

2017-08-31

ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ දරුවකු හය වැනි ශේ්‍රණියට ඇතුළත් කර ගැනීමට රුපියල් 25,000ක අල්ලසක් ඉල්ලීමේ චෝදනාවට වැරැදිකරු වූ පානදුර ප්‍රදේශයේ පාසලක හිටපු විදුහල්පතිනියකට බරපතළ වැඩ සහිතව වසර අටක සිරදඬුවමක් සහ රුපියල් 5,000ක දඩයක් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග නියම කළේ ඉකුත් 29 වැනිදාය. අල්ලස් හෝ දූෂණ මර්දන කොමිසම පවරා තිබූ මේ නඩුවේදී කියැවුණේ දරුවාගේ පියාගෙන් රුපියල් 50,000ක් අදාළ විදුහල්පතිනිය ඉල්ලා ඇති අතර රුපියල් 25,000ක් අල්ලස් වශයෙන් ලබා ගෙන ඇති බවය.

තරුණ මරණ අටක්   

2017-08-30

දෙසතියකදී අපේ තරුණ තරුණියන් අට දෙනකුගේ ජීවිත අකාලයේ විනාශ විය. ඒ ස්වාභාවික විපත් නිසා නොවීම වැදගත් කාරණයකි. පසුගිය කාලයේ උතුරේ හා දකුණේ ඇතිවූ සන්නද්ධ ගැටුම්වලින් තරුණ තරුණියන් ලක්ෂයකගේ පමණ ජීවිත විනාශ වූ රටක "මරණ අටක" සුවිශේෂත්වය කුමක්දැයි අයකුට සිතිය හැකිය.

ඩිජිටල් යුගයේ විභාග වංචාවලට මුහුණ දීම  

2017-08-29

ලංකාවේ විභාග නීති කඩ කිරීම, නොඑසේ නම්, වංචා කිරීම බලාපොරොත්තු විය යුත්තක් බවට පත්වී ඇත. සාමාන්‍යයෙන් විභාග වංචා ලෙස හැඳින්වූයේ අදාළ ශිෂ්‍යයා වෙනුවට වෙනත් අයක විභාගයට පෙනී සිටීම, කොළවල, ඇඳුමේ හෝ සිරුරේ සටහන් කරගෙන තිබීම, අල්ලපු මේසයේ සිටින විභාග අපේක්ෂකයාගේ පිළිතුරු ඉල්ලා ගැනීම වැනි දේය. ජංගම දුරකතන හෝ තාක්ෂණික උපකරණ කිසිවක් ළඟ තබා ගැනීමට අවසර නොමැති නිසා එමගින් වංචා කළ නොහැකි වුවද එලෙස පරිහරණය කර හසුවූ අවස්ථාද තිබිණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon