නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - කතුවැකිය

පිළියන්දල බීර සාදය  

2018-09-20

සාදයක් පැවැත්වීම නීති විරෝධී නැත. සාදයට මත්පැන් එකතු කර ගැනීමටද නිදහස ඇත. එහෙත් පසුගිය මාසයේ වාද්දුවේ පැවැති 'සාදය' වැනි නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිත කරන සාදවලට නම් ඉඩදිය යුතු නැත.

උප්පැන්න-විවාහ-මරණ සහතික  

2018-09-19

මනුෂ්‍යයකුගේ ජීවිතයේ මඟහැර යා නොහැකි අවස්ථා දෙකක් තිබේ. ඒ, උපත හා විපතයි. ඉපදීම හා මරණය අතර කාලය තුළ මනුෂ්‍යයකුගේ ජීවිතයේ එළැඹෙන වැදගත්ම අවස්ථාවක් ලෙස විවාහය සැලකේ. නූතන ලෝකයේ මනුෂ්‍යයකුට උප්පැන්න සහතිකයක්, විවාහ සහතිකයක් හා මරණ සහතිකයක් හිමි වී ඇත්තේ සංකීර්ණ සමාජ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙසය.

ගලහ උද්ඝෝෂණයේ ප්‍රතිඵලය  

2018-09-18

කුඩා දරුවකු මිය යෑමේ සිද්ධියක් පාදක කර ගනිමින් ඇරැඹුණු නොසන්සුන්තාව නිසා ගලහ ප්‍රාදේශීය රෝහල වසා දැමුවේ පසුගියදාකය. මේ වන විට රෝහල වසා දමා දින 20ක් ගත වී ඇත. මෙහි ඇති විශේෂත්වය වනුයේ රෝහල වට කර දරුවාගේ මරණයට විරෝධය පාමින් අවට ගම්වාසීන් රෝහල් සේවකයන්ට හා වෛද්‍යවරයාට පිටතට එන්නට නොදී අපූරු උද්ඝෝෂණයක් කළ ආකාරයටම එම රෝහල විවෘත කර දෙන්නැයි ඉල්ලා සිටීමය.

ඝාතන කුමන්ත්‍රණය  

2018-09-17

1948 නිදහසින් පසු ලංකාවේ රාජ්‍ය නායකයන් දෙදෙනකු ඝාතනය කෙරිණි. අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ඉන් පළමුවැන්නාය. දෙවැන්නා වූයේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාසය. ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඝාතන තැත ව්‍යර්ථ විය. එදා මෙදා තුර ඝාතනයට ලක්වූ දේශපාලනඥයන් සංඛ්‍යාව විශාලය. රාජ්‍ය නායකයන් වීමට සුදුස්සෝද ඒ අතර වූහ. ඇතැමුන් ඝාතනය වූයේ පාලක පන්තියේම කුමන්ත්‍රණ පල දැරීමක් වශයෙනි. සමහරු එල්.ටී.ටී.ඊ.ය අතින්ද තවත් සමහරුන් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය අතින්ද ඝාතනයට ලක්වූහ.

මිල සූත්‍රය කා සඳහාද?  

2018-09-16

ලංකාවාසී ජනතාව මුහුණදී සිටින දහසක් ප්‍රශ්නවලට විසඳුමක් පෙනෙන මානයක නැත. ප්‍රධානතම ප්‍රශ්නය වන්නේ දවසින් දවස සාමාන්‍ය ජනතාවගේ ජීවත් වීම බෙහෙවින් දුෂ්කර කාරියක් වී තිබීමය. ආණ්ඩුව පොසිල ඉන්ධන හෙවත් තෙල් මිල සම්බන්ධයෙන් අලුතෙන් හඳුන්වාදුන් මිල සූත්‍රය කරණ කොටගෙන දිනපතාම පෙට්රල්, ඩීසල් මිල ඉහළ නඟින අතර ඊට සමපාත වෙමින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ද ඉහළ නඟී.

ඉන්දියාව-උතුර සහ අපි  

2018-09-14

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරතව සිටී. එරට අගමැතිවරයා පමණක් නොව විපක්‍ෂයේ නායකයන්ද හමුවී හෙතෙම සාකච්ඡා කර ඇත. නවදිල්ලි නුවරදී රාජපක්‍ෂ මහතා විශේෂ සමුළුවක් අමතා වැදගත් දේශනයක් කර තිබිණි. එහිදී හිටපු ජනාධිපතිවරයා අවධාරණය කර තිබුණේ තෙවැනි ඊළාම් යුද්ධයේදී ඉන්දියාව දුන් සහාය අතිශය අගය කරන බවත් ඉන්දියාව ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ බලකණුවක් බවත්ය.

බිලි පූජා  

2018-09-13

'බිලි පූජා' ආගමික ඇදහිලි සමඟ ගැට ගැසුනකි. අනාදිමත් කාලයක සිට ඇදහිලිවන්තයන් අතර ජනප්‍රිය පූජා ක්‍රමයක් ලෙස 'බිලි පූජා' පැවැතී ඇත. සතුන් පමණක් නොව මනුෂ්‍යයන් පවා බිලි දීමට තරම් මේ පූජා විධි බලවත් වී තිබිණි.

පුත්තලම සභාපති, මහරගම සභාපති හා වනාතවිල්ලුව මන්ත්‍රි  

2018-09-12

පාර්ලිමේන්තුවේ සහ පළාත් සභාවේ මැති-ඇමැතිවරුන්ගේ මඟ යමින් පළාත් පාලන මන්ත්‍රිවරුන් එනම්, පුංචි ආණ්ඩුවල සභිකයන්ගේ නීතියට පිටුපා වැඩ කිරීම අද ඊයේක සිට සිදුවන්නක් නොවේ. විශේෂයෙන් ගෙවුණු අවුරුදු පහළොව විස්ස තුළ පුංචි ආණ්ඩුවල බලැත්තන්ගේ කල්ක්‍රියාව ඉතාම පහත් මට්ටකට ඇද වැටිණි.

දැල් පන්දු ජයෙන් ගත යුතු පාඩම්  

2018-09-11

දැල් පන්දු ජයෙන් ගත යුතු පාඩම්

රුපියල් 2,500යේ සොච්චම නැතිවුණාට මක් වෙනවද?  

2018-09-10

ඉකුත් සතියේ බ්‍රහස්පතින්දා නියමිත පරිදි පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වුවද ගණපූරණය නැති වීම නිසා රැස්වීම විනාඩි 10කින් අවසන් කිරීමට නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරිට සිදු විය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon