වේල්සයෙන් හමු වූ ඊයම් මිනී පෙට්ටියත් කාසි තොගයත් රෝම ඉතිහාසයේ රහසක් හෙළිකරාවිද?

  👤  3525 readers have read this article !
2018-01-07

ඊයමින් තැනුණු මිනී පෙට්ටියක් හා රෝම කාසි 250ක් වේල්සයේ සොමර්සෙට්හි සුසාන භූමියකින් හමුවී තිබේ. එම පුරාවස්තු ක්‍රිස්තු පූර්ව 400 වැන්න තරම් අෑත කාලයකට අයත් යැයිද සැලැකේ. රටේ වෙනත් තැන්වලදීද එවැනිම ඊයම් මිනී පෙට්ටි 200ක් පමණ හමුවී ඇති අතර සොමර්සෙට් ප්‍රදේශයෙන් මීට පෙර හමුවී ඇත්තේ හයක් පමණකි.
සොමර්සෙට් ප්‍රදේශයෙන් වටිනා පුරාවස්තු හමුවුණු අවස්ථා 37ක් 2016 වසරේදී වාර්තා වූ අතර මෑතදීම හමුවූ රෝම කාසි තොගය, වසර පහක් තුළ හමුවුණු විශාලතමයයි. සංස්කෘතික, මාධ්‍ය හා ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ නිල සංඛ්‍යා ලේඛන අනුව, සොමර්සෙට් ප්‍රදේශය වටිනා පුරාවස්තු හමුවී ඇති ග්‍රාමීය ප්‍රදේශවල නාම ලේඛනයෙහි 10 වැනි තැනට පත්ව තිබේ. අගනා පුරාවස්තු හමුවුණු අවස්ථා 130ක් වාර්තා වුණු නෝර්ෆොක්ස් ප්‍රදේශය එම ලේඛනයේ මුල් තැනට පැමිණ තිබේ. ගොවිතැන් බහුල ප්‍රදේශවල බිම් සෑමේදී පස පෙරැළෙන හෙයින් භූගතව තිබෙන පුරාවස්තු බොහෝ විට මතු වන බවද අදාළ බලධරයෝ ප්‍රකාශ කරති.

මෙතෙක් හමුවී තිබෙන රෝම කාසි තොගය ශුද්ධ කිරීමත් වටිනාකම් ගණනය කිරීමත් සඳහා බි්‍රතාන්‍ය කෞතුකාගාරයට භාර දෙන ලද අතර එම කාසි හමුවුණු ප්‍රදේශයෙහි, නව වසරේදී පුරා විද්‍යාත්මක කැණීම් තවදුරටත් ක්‍රියාත්මක කිරීමට තීරණය වී ඇතැයි අදාළ නිලධාරියෝ කියති. රෝමානු යුගයේදී ඊයම් ඉතා ජනප්‍රිය හා එමෙන්ම මිලද අධික ලෝහයක්ව පැවැති හෙයින් එයින් තනන ලද මිනී පෙට්ටියක් මළ සිරුරක් මිහිදන් කිරීම සඳහා යොදා ගැනීම ඉතා අධික වියදමක් දැරිය යුතු කාර්යයක් වී ඇති බවත්, සොමර්සෙට්හි සම්බන්ධීකරණ නිලධාරිනී ලෝරා බෙනට් පැවසුවාය. මෙන්ඩිප්ස් ප්‍රදේශයෙහි නිෂ්පාදනය වුණු ඊයම් ඔවුන් විසින් පාවිච්චි කරන්නට ඇත්තේ එහි එය මිලෙන් අඩුවූ නිසා විය හැකි යැයිද ලෝරා සඳහන් කළාය.


කාසි තොගය සොයා ගන්නා ලද්දේ 'ඩිටෙක්ටිං ෆෝ වෙටරන්ස්' නමැති සේවාමුක්ත කණ්ඩායමේ කෙවින් මෙන්ටෝ විසින්. තමාට පළමුවෙන්ම හමු වුණේ කාසි දෙකක් පමණක් නමුත්, එවැනි තවත් එහි තිබිය හැකිය යන අනුමානයෙන් යුතුව, පුරාවිද්‍යාඥ බොබ් කේ‍රාෆ්ට් ද කැටුව නැවත එම ස්ථානයට ගොස් කළ ගවේෂණයේදී අනෙක් කාසි තොගය සොයා ගැනීමට හැකිවුණු බවත් කෙවින් ප්‍රකාශ කළේය. පුරා විද්‍යාඥයන් මේ ඔස්සේ තවත් ගවේෂණ සිදු කරනු ඇතැයිද ඔහු පැවැසීය. ඊයම් මිනී පෙට්ටි, කාසි තොගයක් හමුවුණු මෙම ප්‍රදේශයේ මධ්‍යම කොටසට අයත් ෂෙප්ටන් මැලට් හා විචෙලිස් කොම්බ් යන ප්‍රදේශ සුවිශේෂී යැයි පුරාවිද්‍යාඥ කේ‍රාෆ්ට් ප්‍රකාශ කරයි.

එක්සත් රාජධානිය තුළ මෙතෙක් අගනාතම පුරාවස්තු තොගය සොයා ගන්නා ලද්දේ ලෝහ වර්ග පිළිබඳ පර්යේෂණවල යෙදුණු ඩෙරක් මැක්ලෙනන් නමැත්තකු විසිනි. ඔහුට ඒ වෙනුවෙන් පවුම් විසි ලක්ෂයක ත්‍යාගයක්ද හිමි වෙයි. ඔහු 2014 දී බටහිර ස්කොට්ලන්තයෙන් සොයා ගත් එම කෞතුක භාණ්ඩ අතර අවුරුදු දහසක් පැරැණි අත් පලඳනා, සාරි කටු, රන් මුද්දක්, එනැමල් කුරුසයක් හා කුරුල්ලකුගේ හැඩයට තැනුණු කටුවක්ද (නඪද) විය. ඔහු ඒ සියල්ල අයිතිකරුවන් නැති දේපළවල භාරකාරත්වය පැවැරෙන මණ්ඩලයට පවරා ඇති අතර ඒ සියල්ලම මහජන ප්‍රදර්ශනය සඳහා ස්කොට්ලන්තයේ ජාතික කෞතුකාගාරයට බාර දෙන ලෙස එම මණ්ඩලය (ශ්‍රී ඹ්ඊඅ _ ශ්‍රී භඥඥද'ඵ චදඤ ඹ්ධපඤ ඊපඥචඵභපඥප'ඵ අඥථඥථඡපචදජඥප) නියම කර ඇත. එසේ වුවද ඒ වෙනුවෙන්ද ඔහුට පවුම් දස ලක්ෂයකට වැඩි මුදලක් ගෙවනු ලැබේ.

ඩේවිඩ් මෙලන් හා ඇන්ඩෘෘවෙලන් යන පිය පුතු දෙදෙනා 2007 වසරේදී අවුරුදු 150කට වඩා පැරැණි තවත් කෞතුක භාණ්ඩයක් එංගලන්තයෙන් සොයා ගත්තේය. වයිකිංවරුන් ජීවත් වූ අවුරුදු දහසකට වඩා පැරැණි කාලයට අයත් මෙවැනි කෞතුක භාණ්ඩ සමඟ සස¼දා බැලීමේදී මෙම භාණ්ඩය පවුම් 7,50,000ක් පමණ අගනේ යැයි ඇස්තමේන්තු කරන ලද්දේය. ඒ මුදලෙන් අඩක් එම කෞතුක භාණ්ඩ සොයා ගත් වෙලන් පිය පුතු දෙදෙනාටද අනෙක් අඩ, එම කෞතුක භාණ්ඩය තිබුණු ඉඩම පිහිටි නිව්යෝක්ෂයර්හි ගොවියාටද හිමිවෙයි. කෞතුක භාණ්ඩ සොයන්නකුට පසුගිය වසරේදී රෝමානු යුගයට අයත් දිගැටි ලෝහ දණ්ඩක් බිම් කැණීමකදී හමුවී ඇති අතර ඔහු එය පවුම් 60,000කට අලෙවි කර ඇත. එම ලෝහ දණ්ඩ අවුරුදු 2000කට වඩා පැරැණි යැයි නිගමනය විය.

සිය ලෝහ ගවේෂණ උපකරණයේ උපකාරයෙන් ජේසන් බේකර් නමැත්තා 2016 නොවැම්බරයේදී සොමර්සෙට් අසල මෙන්ඩිප් කඳුකරයේදී අඩි 2ක් දිග ඊයම් දණ්ඩක් සොයා ගත්තේය. බරින් රාත්තල් 85ක් (ක්‍රි. ග්‍රෑ 38) වූ එම ඊයම් දණ්ඩෙහි මාර්කස් ඔරේලියස් ආර්මේනියාකස් අධිරාජ්‍යයාගේ නමද සඳහන්ව තිබුණු නමුත් එය, රනින් හෝ රිදියෙන් හෝ නොව ඊයමෙන් තැනුණක් වූ හෙයින් එය වටිනාකමක් ඇති කෞතුක භාණ්ඩයක් සේ නොපිළිගැනිණි. එහෙයින් සොයාගත් තැනැත්තාටම අයත් වන භාණ්ඩයක් වශයෙන් ළඟදීම වෙන්දේසියේ විකිණෙනු ඇත.

පර්වර්තනය
ප්‍රේමචන්ද්‍ර අල්විස්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්