මුලාදෑනි කජු මුල ගත්ත නේද සතොසින ගිහිං බැලුව පසුදින ආවෙ නැතෑ පිඹගෙන

  👤  3730 readers have read this article !
2018-01-07

එක්දහස් නවසිය පනස් හයේ වර්ෂයේ ගාලු දිස්ත්‍රික්කයේ කුරුඳුගහ රජයේ මිශ්‍ර පාසල සිසුන් දෙසීයකින් හා ගුරුභවතුන් හය දෙනකුගෙන් සමන්විත පාසලක් විය. මුල් ගුරු සිරිසේන මහතා සිය බිරිය හා දරුවන් සමඟ ගුරු නිවාසයේ පදිංචිව සිටි අතර සෙසු ගුරුවරු පිටත සිට පාසලට පැමියහ. ඉතාමත් දුෂ්කර ප්‍රදේශයක පිහිටි මෙම පාසලේ සිසුනගේ දිනපතා පැමිණීම ඉතාමත් දුර්වල වූයේ පාසලේ පවතින භෞතික සම්පත්වල අඩුපාඩුව නිසාය. බොහෝ සිසුන් බිම පැදුරු එළාගෙන තම අධ්‍යාපනික කටයුතු කරගෙන ගියේ පාසලේ ඩෙස්ක්, පුටු ආදියෙහි පවතින හිඟය නිසාය. එහෙයින් සිසු දරු දැරියන් මෙකී අඩුපාඩු මධ්‍යයේ තම ඉගෙනීම් කටයුතුවල යෙදුණේ මහත් අසීරුවෙනි.

පාසලේ මුල් ගුරුතුමාත් ඔහු හැර සිටි එකම පිරිමි ගුරුවරයා වූ සිරිදාස ගුරුතුමාත් පාසලේ මෙම අඩුපාඩු පිළිබඳ කිහිපවරක්ම අධ්‍යාපන බලධාරීන් දැනුවත් කළද ඒ කිසිවෙක් මෙම අඩුපාඩු පිළිබඳ සැලකිලිමත් නොවූහ.

දිනක් මෙම අඩුපාඩු සපුරා ගැනීම් වස් ගුරු දෙගුරු රැස්වීමක් පැත්වූ මුල් ගුරුතුමා හා සිරිදාස ගුරුතුමා මේ සඳහා මුදල් සොයා ගැනීමට සල්පිලක් පැවැත්විය යුතු බවට තීරණය කළහ. මේ සඳහා සංවිධාන කටයුතුවලට සියල්ලෝම එකතුව සිරිදාස ගුරුතුමා තෝරා පත්කර ගත්හ. ගමේ පන්සලේ ස්වාමින් වහන්සේගේ අවසරය මත එළැඹෙන පෝය දිනයේදී මෙම සල්පිල ගමේ පන්සලේ පැවැත්වීමට තීරණය කර ගත්තේ එදින රාත්‍රියේ එහි පැවැත්වීමට නියමිත ධර්ම දේශනාවෙන් අනතුරුවය.
මේ අනුව පාසලේ සෑම සිසුවෙක්ම මේ සඳහා කුමන භාණ්ඩයක් හෝ ද්‍රව්‍යයක් රැගෙන එන ලෙසට දැනුම් දුන් සිරිදාස ගුරුතුමා තම අත් අකුරින් ලියන ලද විශාල පෝස්ටර් තොගයක් සිසුන් ලවා ප්‍රදේශය පුරා අලවා කුලියට ගත් ශබ්දවිකාශන යන්ත්‍රයක් වාහනයක බැඳගෙන විශාල ප්‍රචාරයක්ද දුන්නේය.

මෙකී සල්පිල පැවැත්වෙන පෝය දින සෑම ළමයෙක්ම තම තමන් රැගෙන ආ බඩු බාහිරාදිය සල්පිල් වේදිකාවේ ලොකු මේසය මත තබන ලදී. මේ අතර බොහෝ විට දඟ වැඩ කරන දඩබ්බර ශිෂ්‍යයකු වූ ගුණදාස කුඩා කජු මුලක් සොයාගෙන එය කුඩා කුඩා කැබැලිවලට කපා කජුමද පාර්සලයක් ලෙස සකස් කර ගෙනැවිත් සල්පිල් බඩු සමඟ තැබීය. සල්පිල් බඩු ගැනීම සඳහා ප්‍රදේශයේ බලවතුන් රාශියක් පැමිණ සිටි අතර ගමේ ගම්මුලාදෑනි තැනද ඒ අතර විය.

වෙන්දේසියේදී ලංසු තබමින් ඒ ඒ භාණ්ඩ නොයෙක් දෙනා ගත් අතර රුපියල් පහකට අලෙවි කළ කජුමද පාර්සලය මිලදී ගත්තේ ගම්මුලාදෑනි විසිනි. පාසලට ආධාර පිණිස පැවැත්වූ මෙම සල්පිලෙන් සෑහෙන මුදල් ප්‍රමාණයක් එකතු කර ගැනීමට සිරිදාස ගුරුතුමාට හැකිවූ අතර පසුදා ගුණදාසගේ කජුමුල රැගත් ගම්මුලාදෑනි තැන සිරිදාස ගුරුතුමා හමුවට පැමිණ ඔහු මිලදීගත් කජුමුල පිළිබඳව චෝදනා මුඛයෙන් පැමිණිලි කළේ එහි ඇත්තේ කජුමද නොව කජුගසක මුලක කුඩා කැබැලි බවය. කජුමුල දුටු සිරිදාස ගුරුතුමාගේ දෙඇස් උඩ ගියේ ඉන්පසුවය. දින කිහිපයකට පසු මෙම වැඩය සිදුකළ ශිෂ්‍යයා අතටම හසුකර ගැනීමට සිරිසාද ගුරුතුමාට හැකිවිය. මෙහි නම් මන--කල්පිතය. මෙය සත්‍ය සිදුවීමකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon