මහා රාවණ යුගයේ තිබුණු අපූරු ප්‍රවාහන ක්‍රමයක් ගැන තොරතුරක්

  👤  3854 readers have read this article !
2018-01-07

මහා රාවණ යුගයේදී ජල පීඩන තාක්ෂණය උපයෝගී කර ගනිමින් අධිවේගී ප්‍රවාහන පද්ධතියක් පැවතියේය. මාතලේ සිට නවක්කන්නිය හරහා ලංකා පුරයේ උතුරටත්, බණ්ඩාරවෙල කුඹුක්කන් ඔය හරහා ලංකාපුරයේ ගිනිකොන දෙසටත්, මාතලේ සිට බණ්ඩාරගම ප්‍රදේශය හරහා ඉදිකෙරුණු ජල පීඩක උමං මාර්ග පද්ධතියක් පැවතියේය. මෙම උමං නිර්මාණය කිරීමේදී පාෂාණ වැස්මක් භාවිත කළ අතර, බොහෝවිට පොළොවේ අභ්‍යන්තර තද පාෂාණ ස්තර භාවිත කරනු ලැබිණි. මාතලේ නාලන්දා ගෙඩිගෙයට තරමක් දුරින් අඹන්ගඟ අසල ලූනුගෙය නමින් ප්‍රසිද්ධ බිම්ගෙයක් දැකගත හැකිවෙයි. මෙම ස්ථානය රාවණ යුගයේ ඉතා දියුණු මට්ටමේ ගලිසි තොටුපොළකි. ගලිසි තොටුපොළක් යනු උමං ජල මාර්ග පද්ධතියක් ඔස්සේ ක්‍රියාත්මක වන බෝට්ටු සේවයක නැවැතුම්පොළකි. මෙහි පොළෝ මට්ටමේ සිට අඩි 30-35 අභ්‍යන්තරයෙන් අදටත් මෙම උමං ජල මාර්ගය දැකගත හැකිවෙයි. මෙම ජල මාර්ගය පිහිටි උමඟ වර්තමානයේදීද ශේෂ වෙමින් පවතී.

මෙම ජල උමඟට එකල සුදුගඟ මුල්කර ගනිමින් ජලය ඇතුළු කළ බව සිතිය හැකිය. මෙසේ ඇතුළු කරන ජලය උතුරු දෙසට ගමන් කර අවසානයේ මුහුදට ගලායයි. මෙම මාර්ගයේ අතරමැද ස්ථාන කිහිපයක පිටවීම් ‍ෙදාරටු පැවැතියේය. යාපනයේ නාවක්කන්නි ළිඳ එවැන්නකි. මෙහිදී ජලය තුළ ගමන් කළ හැකි (වර්තමාන කෝච්චිවල පෙනුමට සමාන) යානා විශේෂයක් මෙම උමං මාර්ගවල ගමන් කර ඇත.

මෙම උමං මාර්ගවල ස්ථාන කිහිපයකින් ‍ෙදාරටු පිහිටා තිබිණි. ඒ හරහා ජල පීඩනය අවශ්‍ය දිසා වෙත යොමු කිරීමේ හැකියාව පැවැතිණි. කඳුකරයේ සිට වර්තමාන යාපනය දෙසට ගමන් කිරීමට ජලයේ ගලායෑමේ වේගයට සමානව සුළු බලයක් ලබාදීම ප්‍රමාණවත්ය. එහෙත් යළි පැමිණීම උදෙසා උපයෝගි කරගනු ලැබුවේ මුහුදේ ජල පීඩනයයි. මේ සඳහා සුදු ගඟෙන් ජලය ඇතුළුවන මාර්ග මෙන්ම අනෙකුත් පිටවීමේ මාර්ගද වසා දැමිණි. මුහුදේ පීඩනය යොදා ගනිමින් එයට සමානව යානයේ ඇතිකර ගනු ලබන සුළු බල ගැන්වීමක් හරහා කඳුකරයට යළි පැමිණීමට හැකියාව ලැබෙයි.

වර්තමානයේදීද මාතලේ අඹන් ගඟේ හා නාවක්කන්නි ළිඳේ ජල සාම්පල එකිනෙකට සමානය. නාවක්කන්නි ළිඳ යනුවෙන් හැඳින්වෙන්නේ යාපනයේ වැල්වැටිතුරෙයි මාර්ගයේ නිලාවරි ගම ආසන්නයේ පිහිටි පතුලක් නොමැති ළිඳ යනුවෙන් හැඳින්වෙන ස්ථානයයි. එයට සැතැපුම් කිහිපයක් දුරින් පිහිටි කිලමලේ පිහිටි ඔෟෂධ පොකුණ ලෙස වර්තමානයේ හැඳින්වෙන පොකුණ එක් ගලිසි තොටුපොළකි. මෙම පොකුණේ ඇත්තේද එකම ජල සාන්ද්‍රණයකි.

එකල වර්තමාන අනුරාධපුරය කේන්ද්‍ර කර ගනිමින් පැවති නීලගිරි දේශය හරහා මෙම ගලිසි මාර්ගය පැවැතිණි. ප්‍රධාන ගලිසි තොටුපළක් නීලගිරියේ අභයවැව ආශ්‍රිතව පැවැතුණේය. මාතලේ සිට රාවණ ඇල්ල දක්වා පවතින උමං මාර්ගය එහි දෙවැනි කොටසයි. මෙය දෙපසට ජලය ගෙන යා හැකි ලෙස නිර්මාණය කරන ලද ගලිසියකි (ජල උමඟකි). ප්‍රධාන දිසා දෙකට ජලය යොමු කළ හැකි ලෙස මෙම උමඟේ ‍ෙදාරටු සවිකර තිබී ඇත. ඒ හරහා අවශ්‍ය විටෙක රාවණ ඇල්ලේ ජලය සුදුගඟ දෙසටත්, තවත් විටෙක සුදු ගඟේ ජලය රාවණ ඇල්ල දෙසටත් හැරවිය හැකිවිණි. මේ හරහා මෙය ඉතා පහසු ප්‍රවාහන මාධ්‍යයක් ලෙස භාවිත කළ හැකිවිය.
තෙවැනි කොටස රාවණ ඇල්ලේ සිට යාල හතරවැනි කලාපයේ පිහිටි කුඹුක්කන් ඔය එකල මුහුදට වැටුණු ස්ථානයට ආසන්නයේ පිහිටි ගලිසි තොටුපළක් හා සම්බන්ධව පැවැතියේය. මෙහිදීද භාවිත වූයේ මාතලේ හා නාවක්කන්නි ළිඳ අතර පැවැති තාක්ෂණ ක්‍රමවේදයයි.

වර්තමානයේදීද මෙම උමං මාර්ග හරහා ජලය ගමන් කිරීම සිදුවුවත් බොහෝ සෙයින් උමං හුනුගල්වලින් වැසී ගොස් ඇත. එයට හේතු වූ යේ වසර පන්දහසකට අධික කාලයක් තිස්සේ මේවා ටිකින් ටික මහපොළොවෙන් වැසී යෑමයි. අනෙක් ප්‍රබලම කාරණය වූයේ ලංකාපුරයේ භුමි ප්‍රමාණයෙන් ‍ෙදාළහෙන් එකොළහක් (11/12) විනාශ කරමින් රටට ගලා ආ මුහුද ගෙන ආ මහ වැලි කඳින් උමං මාර්ග වැසී යෑමයි.උමං මාර්ගයන් ආශ්‍රිතව ක්‍රියාත්මක වූ අධිවේගී ජලකර නැතහොත් ජල පීඩක යානාවලට අමතරව අභ්‍යන්තර ගංගා පද්ධතිය ආශ්‍රිතව ඉතා විශිෂ්ට ගමනාගමන පද්ධතියක් පැවැති බවට ඇති හොඳම සාධකය.
මතු සම්බන්ධයි

සුභානි එම්. ආරච්චිගේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්