ලංකාපුරයේ අග්නි ශක්තිය තිබූ ප්‍රබලම ස්ථානයක් ගැන ඉඟියක්

  👤  5127 readers have read this article !
2018-01-14

එකල්හි වර්තමාන බෝට්ටුවලට වඩා වෙනස්, වඩා ආරක්ෂිත යාත්‍රා විශේෂයක් පැවැතියේය. එය ජල මතුපිට මෙන්ම අවස්ථානුකූලව ජල අභ්‍යන්තරයේද ගමන් කිරීමේ හැකියාව පැවැතියේය. එය පෙට්ටි 2-3ක වර්තමාන කෝච්චියක පෙනුමෙන් යුක්ත වූ මෙම ජලකර යාත්‍රාවල නම්‍යශීලි බවක් පැවැතියේය. එබැවින් ඉතා පහසුවෙන් ජලමාර්ග හරහා ගමන් කිරීමේ පහසුවත් උමං ආශ්‍රිතව ගමන් කිරීමේදී වඩා නම්‍යශීලී වීමේ හැකියාව තිබේ.

මාතලේ ආශ්‍රිතව අභ්‍යන්තර ගංගා පද්ධතියක් ඇති බවට අෑත අතීතයේ සිටම මතයක් පැවැතිණි. බෝවතැන්න ජලාශය ඉදිකිරීමට යෝජනා වන්නේ අපේ හෙළ රාවණ ඉතිහාසය සම්පූර්ණයෙන්ම මකා දැමීමේ පරමාර්ථයෙන් යැයි පැවසුවහොත් එහි කිසිදු අතිශයෝක්තියක් නැත. මන්ද අප හෙළ ලංකා පුරයේ මධ්‍ය ලක්ෂ්‍යය වූ නාලන්දා ගෙඩිගෙය පිහිටි බිමද මේ ජලාශයට යටවීමට නියමිතව පැවැතිණි. පෙර රාවණ යුගයේදී මෙම ස්ථානයේ සූර්ය දෙවොලක් ඉදිකිරීම හරහා සිවු හෙළයටම ඇවැසි ශක්තිය ඒ හරහා උකහා ගැනීමට එකල පාලකයෝ උත්සුක වූහ. සූර්ය ශක්තිය යනු අග්නි ශක්තියයි. එසේනම් ලංකා පුරයේ මධ්‍යයේ ක්‍රියාත්මක වනුයේ ප්‍රබල අග්නි ශක්තියකි. එය විශ්ව නිර්මාණයට අදාළව සිතීමේදී ද එය සත්‍යයක් බව පෙනීයයි. සෞරග්‍රහ මණ්ඩලයේ මධ්‍යයේ සූර්යයා සිටියි. පෘථිවිය මධ්‍යයේ ගිනිගෙන දැවෙන ලෝදිය ඇත. මෙලෙස බලන කල ලංකා පුරයේ මධ්‍ය ස්ථානයේ පවතිනුයේද අග්නි ශක්තියකි. එහෙත් අද පැරැණි නාලන්දා ගෙඩිගෙය කැබැලිවලට ගලවා අඩි 25 - 30ක් ඉහළට ගෙන මධ්‍ය මණ්ඩලය තුළ මහා ජලාශයක් ඉදි කළේය. යුරෝපීය සැලසුම වූයේ මධ්‍ය මණ්ඩලයේ අග්නි බලයට ප්‍රතිවිරෝධීත්වයක් ඇති කිරීමට හැකි මහා ජල ධාරිතාවක් එහි එක්රැස් කිරීමය. බෝවතැන්න ජලාශය එහි අවසන් ප්‍රතිඵලයයි.

අපේ දේ පරසුද්දාට උකස් කළ අපේ පාලකයෝ කිසිදු විළි ලැජ්ජාවකින් තොරව අපේ උරුමයන් හාරා විනාශ කර දමන්නට ඔවුනට ඉඩදුන්හ. අප මහා ඉහළින් වර්ණනා කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති බොහොමයක් ස්ථානගත වූයේ අපේ රාවණ සාධක පැවැති ස්ථාන කේන්ද්‍රගත වෙමිනි. එයට හේතුවූයේ එම සැලැසුම් සියල්ලම යුරෝපා රටවල සකස්වුණු ඒවා වීමය. උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියද මෙවැනිම බෝවතැන්න ජලාශය ඉදිකිරීමෙන් මාතලේ ආශ්‍රිතව පැවැති උමං පද්ධතිය දැඩි ලෙස විනාශ වීම සිදුවිණි. මෙයට අමතරව තෙල්දෙණිය ජලාශය ඉදිකිරීමේදීද පැරැණි උමං ගුහා පද්ධතියක් සම්පූර්ණයෙන්ම කොන්ක්‍රීට් කර දමා වසා දැමුවේය. කොත්මලේ ජලාශයේ වැව් බැම්ම ඉදිකිරීමට හාරන ලද්දේද ප්‍රධාන උමං පද්ධතියක් බවට තොරතුරු පවතී. මේ අනුව බලන කල විදේශීය සැලසුම් බොහොමයක් සැකසී ඇත්තේ චන්ද්‍රිකා තාක්ෂණය මඟින් අධ්‍යයනය ව්‍යවසනය කිරීමෙන් පසු පොළොව යට සැඟවුණු හෙළ තාක්ෂණ ක්‍රමවේදය සොයා ගැනීම උදෙසා මිස අපට ඇති ආදරයකට නොවන බව පෙනී යයි. මෙවන් කැණීම්වලදී හමුවූ පැරැණි ගලිසි තාක්ෂණයට අයත් වේලි ජල උමං මිස වෙනත් කිසිදු ඓතිහාසික සාධකයක් මතුවීමට ඔවුන් ඉඩ තැබුවේ නැත. ඒ සියල්ල ඔවුහු වසා දැමූහ.
අප හෙළ ගලිසි තාක්ෂණයට සාක්ෂි නැතැයි පැවැසුවද සාක්ෂි අපට නොපෙනීම මිස නොමැතිවීමක් නැත. මාදුරු ඔය සංවර්ධනය කිරීමේදී හමුවූ සොරොව්ව ගලිසි සොරොව්වකි. ලාහුගල හැඩඔයේ තිබී හමුවූ ගල් අමුණට සමානව අමුණක් ඉන්කා ශිෂ්ටාචාරයෙන්ද හමුවිය. ඒ ගුවනින් ගිය සිංහ දේශයේ වැසියන්ගේ ඥානයයි.
ජලය ගෙනයන උමං ප්‍රවාහන කටයුතුවලට අමතරව ජල හිඟය හා බීමට සුදුසු ජලය නොපැවැති ප්‍රදේශවලට ජලය ලබාදීම උදෙසා ක්‍රියාත්මක වූ විශේෂ උමං පද්ධතියක් එකල පැවැතියේය. මෙම උමං පද්ධතිය එකල පැවැති වරායන් වූ කුදිරමලේ, යාල, කේවෙන (යාපනය) ආශ්‍රිතව ව්‍යාප්තව පැවැතියේය.

කුදිරමලේ පිහිටි ගොන්ගේ විල තුළ වර්තමානයේදීද පිරිසිදු ජලය පවතියි. එසේම යාල මුහුදු සීමාවේ පිරිසුදු ජලය සහිත එක් ළිඳක් පවතියි. මේවා කාලයෙන් වැසී විනාශ වී ගොස් ඇති අතර, භාවිතයට අවශ්‍ය පිරිසුදු ජලය සැපයීම උදෙසා කඳුකරයේ සිට සකසන ලද උමං මාර්ග (ගලිසි) හරහා මෙම විල්වලට ජලය ලැබිණි. ජලය ගබඩා කිරීම උදෙසා විශේෂ ක්‍රමවේදයන් අනුගමනය කරමින් නූතන ජල පෙරුම් තාක්ෂණයට සමාන වන අයුරින් පොළොව හාරා ගල් වැලි ආදී විවිධ ස්තරයන් යොදමින් කෘත්‍රිම විල් ගොඩනඟා ඇත. මෙම විල් ගොඩනැඟීමේදී විශේෂිත ක්‍රමවේද බොහොමයක් අනුගමනය කර ඇත. ජලයේ විස ස්වභාවයන් ඇතිවීම පාලනය කළ හැකි 'මඩාර' නම් විශේෂිත පස් මිශ්‍රණයක් භාවිත කරමින් විල්වලට මතුපිට වැස්ම සකස් කිරීම හා ජලය ස්වාභාවිකව පවිත්‍ර කළ හැකි මී, ඇටඹ, කුඹුක් වැනි ශාක ඒ වටා සිටුවීම කරනු ලබයි. එහිදී එම ශාකවල මුල්, ඇට, කොළ ජලය හා මිශ්‍ර වීම හරහා ජලය පවිත්‍රවීම සිදුවිය.

වර්තමානයේ ක්ලෝරීන් යෙදීම හරහා සිදුකරන දෙය මෙවන් ක්‍රමවේද හරහා ඉතා සාර්ථකව ඉටුකරගත්තේය. වර්තමානයේදී රටපුරා දැඩි පාරිසරික තර්ජනයන් ඇතිවන අයුරින් ජලාශ ඉදිකර ජලය ගෙනයෑමේ ක්‍රමවේදවලට වඩා රාවණ යුගයේදී මෙන් වසර පුරාම ඇදහැළෙන දියඇළි ආශ්‍රිතව ඉදිකළ ජල උමං හරහා රටේ ඕනෑ තැනකට ජලය ගෙනයෑමේ ක්‍රමවේද භාවිත කිරීම වඩා සුදුසුය. වර්තමානයේදී අපේ වරාය පද්ධති තුළින් නැව්වලට පිරිසුදු ජලය ලබාදීමෙන් පමණක් විශාල ආදායමක් උපයාගනු ලබයි. මෙය අෑත අතීතයේදී ක්‍රියාත්මක වූ අතර, ලොව පුරා ව්‍යාප්තව පැවැති නාවික මාර්ග බොහොමයක් ලංකාපුරය හරහා වැටී තිබිණි. එයට හේතු වූයේ එවකට ලංකාපුරය ලොව ප්‍රබල රාජ්‍යයක් වීමයි. විජය ලංකාවට පැමිණෙන්නේද පිරිසුදු ජලය සොයාගෙනය. අපේ රට වටා රාවණ යුගයේදී පැවැති වරාය පද්ධතිය රාම රාවණ යුද්ධයේදී විනාශ වී ගියත් එය යළි ක්‍රියාත්මක වූ බවට ඇති හොඳම සාක්ෂිය විජයගේ පැමිණීම හා බුදුරජාණන් වහන්සේගේ පැමිණීමයි. වැව් අමුණු බැඳ ජලය රැස්කර ගොවිතැන් කිරීමට අපට හුරුවූයේ විජයගේ පැමිණීමෙන් පසුව යැයි අපේ ඉතිහාසඥයෝ තලු මරමින් පවසති. විජයගේ රටේවත් නැති වැව් අමුණු ඔහු මේ රටේ ඉදිකරන්නේ කෙලෙසදැයි ඔවුන්ට නොවැටහෙන්නේ යුරෝපීය හැදෑරීම්වලින් ඔවුනගේ ඇස් බැඳ දමා ඇති නිසා විය යුතුය.
(මතු සම්බන්ධයි)

සුභානි එම්. ආරච්චිගේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon