ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් අලුත් ගිවිසුමක් තිබෙනවාද?

  👤  3883 readers have read this article !
2018-01-25

ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් අලුත් ගිවිසුමක් ඉදිරිපත් කර තිබෙනවා දැයි විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක කතානායක කරු ජයසූරිය වෙත ප්‍රශ්නයක් යොමු කළේය.

ස්ථාවර නියෝග 23(2) යටතේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා යොමු කළ ප්‍රශ්නයෙන් පසුව ඊට අදාළව අදහස් ප්‍රකාශ කරමින් මන්ත්‍රිවරයා එම පැනය විමසුවේය.
'මමත් මේ ප්‍රශ්නය මීට පෙර මතුකර දැක්වූවා. ජාතික ආණ්ඩුව සම්බන්ධ ගිවිසුම අවසන් වුණේ පසුගිය සැප්තැම්බර් මස 02 වැනි දිනයි. එජාපය හා ශ්‍රී ලනිපයත් එක්වූ ගිවිසුමක් ගැන අගමැතිවරයා මීට පෙර ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව තමයි ඇමැතිවරු ගණන 48 දක්වාත් රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු ගණන 45 දක්වාත් වැඩිකර ගත්තේ.
නමුත් දැන් ඒ ගිවිසුම නැහැ. අලුත් ගිවිසුමක් කතානායකතුමා වෙත ඉදිරිපත් කර තිබෙනවාද? ජාතික ආණ්ඩු ගිවිසුම අවුරුදු දෙකකට සීමාකර තිබුණා. ඒ වසර දෙක අවසන්. දැන් පවතින කැබිනට් මණ්ඩලය අඩු කළ යුතුයි. නැත්නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි.

ජාතික ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධ ගිවිසුම දීර්ඝ කිරීමක් පිළිබඳ මෙතෙක් තමාට කිසිදු දැනුම්දීමක් ලැබී නැති බව කතානායක කරු ජයසූරිය පාර්ලිමේන්තුවට ඊයේ (24දා) ප්‍රකාශ කළේය.

ජාතික ආණ්ඩු ගිවිසුම කල් ඉකුත්වී ඇති අතර දැනට පවතින ඇමැති මණ්ඩලය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායකද මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් කතානායකවරයා එසේ සඳහන් කළේය. "මට එවැනි දැනුම්දීමක් නැහැ. එහෙම ලිපියක් මට ලැබිලා නැහැ" යි කතානායකවරයා පැවැසුවේය.

විදුහල්පති සංචිතයක් පිහිටුවා පුරප්පාඩු පවතින ජාතික පාසල්වලට විදුහල්පතිවරු පත්කරන බවත් ඒ ක්‍රමවේදය රාජ්‍ය සේවා කොමිසමේ අධ්‍යාපන සේවා කමිටුවෙන් අනුමත කර තිබෙන බවත් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කෙළේය.
ජාතික පාසල් සඳහා සුදුසුකම් නැති විදුහල්පති පත්කර නැහැ. සබරගමුව පළාතේ ජාතික පාසල් 5කට ස්ථිර විදුහල්පතිවරුද, පාසල් 9කට රාජකාරි ආවරණයට විදුහල්පතිවරු ද පත්කර තිබෙනවා. ඒ සඳහා රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය හිමිවී තිබෙනවා.

පසුගිය දිනවල ශේ‍ර්ණිධාරී විදුහල්පතිවරු 4,000ක් දේශපාලනයක් නැතිව සුදුසුකම් අනුව බ¼දවා ගත්තා. පුහුණු කළා. ඔවුන් පළාත්වලට යැව්වා. එම හාරදහසින් ටික දෙනාටයි, ශේ‍ර්ණිධාරී විදුහල්පති පත්වීම් පළාත් සභා පාසල්වලට ලැබී තිබෙන්නේ පාසලේ ජේ‍යෂ්ඨ ගුරුවරයකු ස්ථිර විදුහල්පතිවරයෙක් පත්කරන තුරු වැඩ බලන පදනමින් පත්කර තිබෙනවා. මෙතැන දේශපාලනයක්ද තිබෙනවා.

දීර්ඝ කාලයක් විදුහල්පති සේවයේ හා අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු පුරවා නොතිබීම නිසා මේ තත්ත්වය උද්ගතවී තිබෙනවා. ඉදිරි බඳවා ගැනීම්වලින් අනතුරුව විධිමත් පත්වීම් දෙන්න කටයුතු කරනවා." යැයිද ඇමැතිවරයා පැවැසුවේ රත්නපුර දිස්ත්‍රික් එ.ජා.ප. මන්ත්‍රි හේෂාන් විතානගේ අසන ලද පැනයකට පිළිතුරු වශයෙනි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon