සූක්ෂ්ම ශරීරය පිළිබඳ රහස් මෙන්න

  👤  4624 readers have read this article !
2018-02-04

මා මෙහිදී පාරමානසික විද්‍යාව යන නම භාවිත කරන්නේ ඉංගී්‍රසියෙන් "ර්ථීචපචනඵරජඩධතධඨර" හා "ර්ථීඵරජඩඪජචත අඥඵඥචපජඩ" යන නම්වලින් හැඳින්වෙන ගවේෂණයන් සඳහාය. මේ නම්වලින් හැඳින්වෙන ගවේෂණයන්ට පාත්‍ර වී ඇති ප්‍රශ්න සමහරක් මෙසේය. මිනිසකුට තවත් පුද්ගලයකුගේ වචන නොඅසා, හැසිරීම දෙස නොබලා කෙළින්ම සිත දැන ගැනීමේ ශක්තියක් තිබේද..? මරණින් පසු මිනිසාට කුමක් සිදුවේද..? පුනර්ජන්ම වාදය සත්‍යද..? එය සත්‍ය නම් පූර්වේනිවාසානුස්මෘතියක් තිබේද..?

සාමාන්‍ය මිනිස් ඇසට නොපෙනන අමනුෂ්‍යයෝ සිටිත්ද..? භෞතික විද්‍යා ඥානයෙන් තොරව අනාගත සිදුවීම් දත හැකිද..? මේ ප්‍රශ්න විසඳීම සඳහා විද්‍යාත්මක ආකල්පයෙන් (ඉජඪඥදබඪටඪජ ඒබබඪබභඤඥ) යුතු විද්‍යාත්මක විධිය (ඉජඪඥදබඪටඪජ ර්ඥබඩධඤ) ගැන පුරුද්දක් ඇති විද්‍යාඥයෝ විශේෂයෙන්ම මනෝ විද්‍යාඥයෝ වෙහෙස ගනිති. මොවුහු විශේෂ ශක්ති ඇතැයි ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ කියුම් කෙරුම් නිරීක්ෂණය කරති. හැකි පමණින් පරීක්ෂණද පවත්වති.

මා මේ පරිච්ඡේදයේදී බෙහෙවින් කරුණු ඇද ගත්තේ "ර්ථීඵරජඩඪජ ච්ඪඵජධමඥපඪඥඵ ඕඥඩඪදඤ බඩඥ ධ්පධද ඛ්භපබචඪද" නමැති පොතෙනි. මේ පොත රුසියාවේ පැවැත්වුණු පාරමානසික පරීක්ෂණ සම්මේලනයකට සහභාගි වී තවත් සමාජවාදී රටවල් රාශියක සැරිසරා එබඳු පරීක්ෂණ ගැන තොරතුරු දැනගෙන පැමිණි ඇමෙරිකානු වනිතාවන් දෙදෙනකුන් විසින් ලියන ලද්දකි. ඉඩඥඪතච ර්ණීඵබපචභඤඥප හා ඩ්රථ ඉජඩපධඥඤඥප මේ පොතේ කතුවරියෝය. මා භාවිත කළේ "ඕචදබචථ ඕධධඬඵ ධ්දජ" සමාගම මඟින් 1971 කේ පළකොට ඇති දෙවැනි මුද්‍රණයයි. මේ පරිච්ඡේදයේ දී වෙනත් ලෙසකින් දක්වා නැති නම් දැක්වෙන පිටු අංක ඒ පොතෙහි බව සලකන්න.
පැරැණි ඊජිප්තුවෙන්, භාරතයෙන්, ගී්‍රසියෙන් හා රෝමයෙන් සොයාගෙන ඇති ශුද්ධ පුරුෂයන්ගේ රූප වටා ප්‍රභා මණ්ඩලයක් ඇති බව දක්නට ලැබේ. මෙසේ ප්‍රභා මණ්ඩලයක් දක්වා ඇත්තේ කවර හෙයින්ද..? සමහර විට මේ චාරිත්‍රය කිසියම් මිනිස් අද්දැකීමක් පදනම් කොට ගෙන ඇතිවූවක් විය හැකිය. 16 වැනි සියවසේ ජීවත් වූ පරකෙල්සුස් (ර්ථීචපචජඥතඵභඵ) නම් ජර්මන් වෛද්‍යවරයා මාංස ශරීරය තුළ ඒ රූපයම ඇති අර්ධ භෞතික ශරීරයක් ඇතැයි ඇදහීය. ඔහු මේ මතය වැලඳ ගත්තේ කවර හේතු යුක්ති ඇතිවදැයි අද අපි හරි හැටි නොදනිමු. ප්‍රසිද්ධ අභිඥකල්පාවක් වන අයිලීන් ගැරට් මැතිනිය හැම පැළෑටියක්ද සතකු හා පුද්ගලයකුද වටා මීදුමක් වැනි මණ්ඩලයක්ද ඇති බව තමාට හැමවිටම දක්නට ලැබී ඇතැයි තම "ඒඹචපඥදඥඵඵ" නම් පොතෙහි කියා ඇත.

චිත්ත භාවයන්ට අනුව මේ ප්‍රභා මණ්ඩලයේ වර්ණ ස්ථිරත්වයෙන් වෙනස් වන බවද ඕ කියයි. (201) විශ්වයේත් සෞරග්‍රහ මණ්ඩලයේත් පුද්ගලයකුගේ ආසන්න පරිසරයේත් ඇති අභෞතික ශක්තීන් පුද්ගලයාගේ ජීවිතය හා විශ්වාසයන් කෙරෙහි බලපාන්නේ මේ ප්‍රභාකාය මඟිනැයි ද ඕ සිතයි. මේ ශතවර්ෂයේ මුල් භාගයේදී ලන්ඩනයේ ශාන්ත තෝමස් රෝහලේ වෝල්ටර් කිල්නර් නම් වෛද්‍යවරයාට කිසියම් සායමක් (ඤඪජරචදඪද ඤරඥ) තවරන ලද වීදුරු තහඩු තුළින් බැලූ විට මිනිස් සිරුර වටා ප්‍රභා මණ්ඩලයක් ඇති බව සොයා ගත හැකි වී තිබේ. කිල්නර් කියන විදියට මේ ප්‍රභා මණ්ඩලය සිරුරෙන් පිටත අඟල් 6-8 පමණ පැතිරී තිබේ. මේ ප්‍රභා මණ්ඩලයේ පැහැදිලි වර්ණ කිහිපයක් ඇතැයි කියනු ලැබේ. වෙහෙස, ලෙඩරෝග හා චිත්ත භාව අනුව මේ ප්‍රභා මණ්ඩලයේ මහතත් වර්ණත් වෙනස් වන බවද ඔහුට දක්නට ලැබී ඇත. ස්වාපනය හා විද්‍යුතයද මෙය කෙරෙහි බලපාන බව දක්නට ලැබී ඇත. මේ ප්‍රභා මණ්ඩලයේ ඇසුරෙන් රෝග නිදාන සොයාගැනීමේ ක්‍රමයක් ඔහු විසින් දියුණු කර තිබේ. මේ පිළිබඳ පරීක්ෂණ තවම යුරෝපයේ කෙරීගෙන යයි.

දිව්‍යචක්ෂුරභිඥකල්පයෝ මේ ධර්මතාව නම් කිරීමට ප්‍රභා මණ්ඩලය යන නම යෙදීම නුසුදුසු යැයි කියති. ඔවුහු මාංස ශරීරය තුළ තවත් ශක්ති ශරීරයක් ඇතැයි විශ්වාස කරති. ප්‍රභා මණ්ඩලයක් සේ දක්නට ලැබෙන්නේ මේ දෙවැනි සිරුරින් පිටතට නික්මෙන දිස්නයයි. ඔවුන්ගේ මතයට අනුව අපට දක්නට ලැබෙන්නේ සූර්යග්‍රහණයකදී සඳුගෙන් හිරු වැසී ගිය විට සඳු වටා පෙනෙන සූර්ය මණ්ඩලය වැනි දෙයකි. දෙවැනි සිරුර නමැති හිරු භෞතික ශරීරය නමැති සඳුගෙන් වැසී ගොස් ඇති හෙයින් එය හරි
හැටි නොපෙනෙයි.

ශතවර්ෂ ගණනාවක සිට සෘෂිවරුන් ද දිවැස් ඇත්තන්ද ඇතැම් ලේඛකයන්ද අපි සියලු දෙනාටම ඇසට නොපෙනෙන සියුම් සිරුරක් ඇතැයි කියා තිබේ. පැරැණි දර්ශනයන්හි හා ආගමික ඉගැන්වීම්වල ද මේ සිරුර ගැන සඳහන් වී තිබේ. සූක්ෂ්ම ශරීරය (ඉභඡබතඥ ඕධඤර) තාරකා ශරීරය (ඒඵබපචත ඕධඤර) ආකාශික ශරීරය (ඡ්බඩඥපඪජ ඕධඤර) ප්‍රවාහී ශරීරය (ජ්තඥඥඪඤඪජ ඕධඤර) ද්විතීය ශරීරය (ඕඥබච ඕධඤර) ප්‍රතිභාග ශරීරය (ඛ්ධභදබඥප නචපබ ඕධඤර) ප්‍රාග්භෞතික ශරීරය (ර්ථීපඥ-ර්ථීඩරඵඪජචත ඕධඤර) යනු ඒ අතර සමහරකි.

බුදු සමයෙහි මනෝමය කාය නිර්මාණයේදී එළියට ඇද ගනු ලැබේ යැයි කියන්නේද මේ ශරීරය විය හැකිය. මනුෂ්‍ය ගාන්ධර්වයන් විස්තර කරන ශ¾ඩ්කර ද මේ ශරීරය අදහස් කරනවා විය හැකිය. බෞද්ධ සමාධි වර්ණයෙහි එන කසිණාලෝකය ගැනද අෂ්ට අභිභායතන ගැනද මේ ප්‍රභා ශරීරය අනුව සිතීමෙන් කිසියම් ආලෝකයක් ලබාගත හැකි වනු ඇත.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්