සුපිරි කුලුනු

  👤  3736 readers have read this article !
2018-02-04

ගන මීදුම පිළිබඳ ගැටලුව නිරාකරණය කිරීමේ ප්‍රයත්නයක් වශයෙන් චීනය ලෝකයේ විශාලතම වායු පවිත්‍රකාරක ස්තම්භය ඉදිකර ඇතැයි වාර්තා වෙයි. වර්ග කිලෝමීටර් දහයක (ව.සැ. 3.86) පරාසයේ වායුගෝලීය තත්ත්වය වැඩිදියුණු කිරීමට, උසින් මීටර් 100ක (අඩි 328) වන මෙම වටකුරු ටැඹට පුළුවන්කම තිබේ දැයි "සවුත් චයිනා මෝනිං පෝස්ට්" පුවත්පත වාර්තා කළේය. ගන මීදුම සමඟ විසිර යන මානව සෞඛ්‍යයට අහිතකර සියුම් විස අංශු සියයට 15කින් අඩු කිරීමට මෙම ස්තම්භයේ පවිත්‍රකාරක පද්ධතියට ශක්තිය තිබේ යැයි "චීන විද්‍යා අධ්‍යයන පර්ෂදයේ" පෘථිවි පරිසර ආයතනය ප්‍රකාශ කරයි.

මෙම ස්තම්භය 2016 මැයි මාසයේදී සම්පූර්ණ කරන ලද අතර ඒ අවට වායුගෝලයේ තත්ත්වය වැඩිදියුණු කිරීමේ ශක්තිය සැබැවින්ම ඊට තිබේදැයි මෑතක් වන තෙක්ම නිරීක්ෂණය කරන ලදැයි "ෂියැං ඊව්නිං පෝස්ට්" නමැති පුවත්පත වාර්තා කර තිබේ. වයඹ දිග චීනයේ ෂෑන්ශි පළාතේ ෂියෑන් අගනුවර ඉදිවී තිබෙන මෙම ස්තම්භයට අයත් යාන්ත්‍රික කොටස් ඒ අවට වර්ග මීටර් 2,580ක් වසාගෙන පැතිර තිබේ. මෙය සමස්ත වශයෙන් සූර්ය බල ශක්තියෙන් ක්‍රියාත්මක වන පවිත්‍ර කාරක පද්ධතියක් බවත් දූෂ්‍ය වායුව ටැඹට අවශෝෂණය කරගෙන පවිත්‍ර කොට යළි පරිසරයට මුදාහැරීමේ ශක්තිය ඇති හරිතාගාර කීපයක් ටැඹ පාමුල තිබෙන බවත් "සවුත් චයිනා මෝනිං පෝස්ට්" පුවත්පත වාර්තා කළේය.

විස සහිත අංශු මුසු වායු ආඝ්‍රාණයෙන් වැළැකීම සඳහා මුහුණු ආවරණ පැලඳීමට රටවැසියනට සිදුවෙයි. ටැඹ පාමුල හරිතාගාරවලින් ආවරණය වන්නේ පාපන්දු පිටියකින් අඩක් පමණ වන පෙදෙසකි. ඉන් බැහැර කොටස් ඝන මීදුමෙන් වැසී යන විට එහි මිශ්‍රව තිබෙන විසාණුවලින් වැළැකීමේ අනිවාර්ය පියවර ගන්නට රට වැසියනට සිදුවෙයි. නයිට්‍රජන් ඔක්සයිඩ් නයිට්‍රජන් ඩයොක්සයිඩ් හා සල්ෆර් ඩයොක්සයිඩ් ඇතුළු වෙනත් විසාණු සහිත අංශු වායුගෝලයෙන් පෙරා වෙන් කර ගැනීමට ලෝකයේ විශාලතම වායු පවිත්‍රකාරකය වශයෙන් හැඳින්වෙන මෙම ස්තම්භයට ශක්තිය තිබේ. මෙම විසාණු වර්ග ඝන මීදුම් පටල විස්තාරණයටද උපකාරි වෙයි. වායුවේ තතු පිළිබඳ වාර්තා අඛණ්ඩව ලබා ගැනීම සඳහා වායු තත්ත්ව නිරීක්ෂණ යන්ත්‍ර දහයකට වැඩි ගණනක් මෙම ස්තම්භය අවට ස්ථාපිත කර තිබේ යැයි මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන පර්යේෂක කාවෝ ජුන්ජි "දකුණු චීන මෝනිං පෝස්ට්" පත්‍රයට පැවැසීය. ප්‍රයත්නය ඉතාම සාර්ථක වී ඇති බවත් දිනකට මීටර කෝටියක (1,00,00,000) වායු ස්කන්ධයක් පවිත්‍ර කිරීමට ස්තම්භයට හැකි බවත් ඔහු කීවේය. ව්‍යාපෘතිය තවදුරටත් වැඩිදියුණු කරන බවද ඔහු පැවැසීය.

"ගන මීදුමෙන් තොර ස්තම්භය" (ඉථධඨ ජ්පඥඥ ඊධඹඥප) යනුවෙන් නම් කැරුණු නව ටැඹක් 2016 ඔක්තෝබරයේදී බීජිං නගර මධ්‍යයේ උද්‍යානයක නැංවිණි. කලාකරුවකු හා නව නිර්මාණ ශිල්පියකු වූ 37 හැවිරිදි ඕලන්ද ජාතික චාන් රූසර්ගාඩ් විසින් සැලසුම් කරන ලද එම ස්තම්භයේ උස මීටර් හතකි. (අඩි 23) මීදුම් ගන මීටර 30,000ක් පැයකදී පවිත්‍ර කිරීමට එම ස්තම්භයට හැකි විය. එහෙත් එය චීනයේ ගල්අඟුරු බලාගාර මඟින් නිෂ්පාදිත විදුලි බලයෙන් ක්‍රියාත්මක කරන ලද හෙයින් එය වාසිදායක තත්ත්වයකට ගෙන ඒමට හැකි වී නැති බව පෙනේ.

පරිවර්තනය - ප්‍රේමචන්ද්‍ර අල්විස්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්