ඉතාලියේ නේපල්ස් නගරයේ මහ පොළොව යටින් විද්‍යාඥයන් පුදුමයට පත්කරමින් 16 වැනි සියවසට අයත් ළමා මළ සිරුරක් මතුවෙයි

  👤  3361 readers have read this article !
2018-02-11

මධ්‍ය කාලීන යුගයට අයත් ළමයකුගේ මමීකෘත මළ සිරුරේ මුහුණෙහි දක්නට ලැබුණු සලකුණු අනුව එය වසූරිය රෝගය පිළිබඳව එතෙක් දැන ගන්නට ලැබුණු ආදිතම අවස්ථාව සේ සැලැකුණු නමුත් එම ළමයා මියගොස් ඇත්තේ සෙංගමාලයෙන් බව දැනගත හැකි විණැයි විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. ඉතාලියේ නේපල්ස් නගරයේ සාන්ත ඩොමිනිකෝ මැග්ලෝර් දේව මන්දිර පරිශ්‍රයෙන් හමුවුණු මෙම මළ සිරුර අයත් ළමයා "හෙපටයිටිස් ඕ" (ඩ්ඕඍ) ආසාදනය වූවකු බව එම සිරුරේ ජනකාණු බන්ධන (ච්ව්ඒ) විශ්ලේෂණයෙන් අනාවරණය විය. මෙම මළ සිරුර 16 වැනි සියවසට අයත් බවද විශ්ලේෂකයෝ සඳහන් කරති. ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වන පරිදි වසරකට පහළොස් ලක්ෂයක ජන සංඛ්‍යාවක් බිලි ගන්නා මෙම රෝගයේ ඉපැරැණි ආරම්භය මත ආලෝකයක් විහිදුවීමට තමන්ගේ සොයාගැනීම් උපකාරී වෙතැයි මෙම විශ්ලේෂක කණ්ඩායම ප්‍රකාශ කරයි.

වයිරස සෙංගමාලය
ලෝකය පුරා මෙම රෝගයෙන් මියයන ජන සංඛ්‍යාව ඒඩ්ස්, ක්ෂරෝගය හෝ මැලේරියාවෙන් මිය යන සංඛ්‍යාවටද වඩා බෙහෙවින් වැඩිය. 2016 වසරේදී පමණක් සෙංගමාල වයිරස ආසාදනයෙන් පුද්ගලයන් 13,40,000ක් මිය ගිය අතර, එය එම වර්ෂයේදී ක්ෂය රෝගයෙන් මියගිය ගණනට වඩා 1,40,000කින්ද ඒඩ්ස් රෝගයෙන් මියගිය ගණනට වඩා 1,40,000කින්ද හා මැලේරියාවෙන් මියගිය ගණනට වඩා 62,100කින්ද වැඩි සංඛ්‍යාවකි. හෘද රෝ මාර්ගවල හදිසි අනතුරු සහ මොළයේ රෝගී තත්ත්වයක් නිසා ඇති වන 'ඇල්ශීමර්' නමැති කායික හා මානසික දුර්වලතා යනාදී රෝග ගණනාවක් අතර, මාරාන්තික ස්වභාවය අතින්න මුල තැන ගන්නා රෝග දහයට සෙංගමාලයද ඇතුළත්ය.

"බී" ගණයේ සෙංගමාලය (ඩ්ඥනචබඪබධඵ-ඕ) සහ "සී" ගණයේ සෙංගමාලය (ඩ්ඥනචබඪබධඵ-ඛ්) සුව කිරීමේ හැකියාව මේ වන විට බෙහෙවින් පුළුල් වී ඇතත් වයිරස සෙංගමාලය (ඍඪපචත ඩ්ඥනචබඪබඪඵ) සම්බන්ධයෙන් එවැනි තත්ත්වයක් ජාත්‍යන්තර මට්ටමෙන්ද ප්‍රකටව දක්නට නැතැයි පර්යේෂකයෝ ප්‍රකාශ කරති. ඇතැම් සංඛ්‍යා ලේඛනවල දැක්වෙන පරිදි ලෝකයේ දැනට වෙසෙන ජනතාවගෙන් තුන් කෝටි පනස් ලක්ෂයක් (3,50,00,000) පමණ පිරිසක් "බී" ගණයේ සෙංගමාල ආසාදනයට ලක්ව සිටින අතර සමස්ත ලෝක ජන ගහනයෙන් තුනෙන් එකක ජනකායක් කිසියම් අවස්ථාවකදී මෙම ආසාදනයට ගොදුරු වී ඇත.

ඉහත දැක්වුණු ළමයාගේ මළ සිරුර සම්බන්ධයෙන් කලින් කරන ලද විද්‍යාත්මක විශ්ලේෂණයට ජනකාණු බන්ධන (ච්ව්ඒ) පරීක්ෂණය ඇතුළත් නොවුණු අතර එම ළමයා වසූරිය වයිරස (ඍචපඪධතච ඍඪපභඵ) ආසාදනයෙන් මිය ගොස් ඇතැයි තීරණය වූයේ ඒ අනුවය. මධ්‍යතන යුගයේ වසූරිය වයිරසය සම්බන්ධයෙන් ලැබුණු පළමු වැනි සාධකය වශයෙන් එය සැලැකිණි. එහෙත්, මැක්මාස්ටර් විශ්ව විද්‍යාලයේ මෙහෙයවීමෙන් වඩාත් දියුණු තාක්ෂණ විධි ක්‍රමානුකූලව යොදා ගත් පර්යේෂකයන්, පසුව පැවැත්වූ නිරීක්ෂණයේදී අනාවරණය වූයේ එම ළමයා "බී" ගණයේ සෙංගමාල ආසාදනයට ලක්වීමෙන් මිය ගොස් ඇති බවය. එම ආසාදනයට ගොදුරු වන ළමයින්ගේ මුහුණුවල "ගයනොටි - කේ‍රාස්ටි" (ට්ඪචදධබබඪ - ඛ්පධඵබඪ) යනුවෙන් හැඳින්වෙන කුෂ්ඨයක් හට ගන්නා බවද අනාවරණය විය.

මෙම රෝග විනිශ්චය සඳහා පැවැත්වුණු මුල් පරීක්ෂණයේදී සිදු වී ඇති වරදින් සනාථ වන්නේ එම යුගයේදී එවැනි පරීක්ෂණ සඳහා යොදා ගැනුණු තාක්ෂණ විධිවල අසම්පූර්ණතාවයි. සමේ හා අස්ථිවල කුඩා පටක නියැදි උපයෝගි කොට ගෙන සියුම් ජනකාණු බන්ධන කොටස් වෙන් කොට යළි එය ප්‍රවේණි තොතුරු සමඟ සැසඳීමෙන් වඩා නිවැරදි චිත්‍රයක් නිර්මාණය කර ගැනීමට පර්යේෂකයෝ සමත් වූහ. වයිරස් ඉතා වේගයෙන් පරිණාමය වන අතර "බී" ගණයේ සෙංගමාල වයිරසයද ගත වූ වසර 450ක කාලය තුළ තරමක් දුරට වෙනස්වී ඇතැයි පර්යේෂකයෝ අදහස් කරති.

"බී" ගණයේ පැරැණි සෙංගමාලයත් එම ගණයේ නවීන සෙංගමාලයත් අතර සමීප සමානකම් පර්යේෂක කණ්ඩායමට දක්නට ලැබුණු අතරම, "කාලික ව්‍යුහය" (ඊඥථනධපචත ඉබපභජබභපඥ) යනුවෙන් හැඳින්වෙන කොටස ඒ දෙවර්ගයෙන්ම බැහැර වී තිබෙන බවද ඔවුනට පෙනිණි. එපමණක්ද නොවේ, මමීකෘත සිරුරෙන් ගන්නා ලද නියැදි වර්තමාන නියැදිවලින් වෙන් වන පරිදි අවුරුදු 450ක කාලයක් තිස්සේ සිදු වී ඇති පරිණාමයෙහි මැනිය

හැකි තරමේ අනුපාතයක් නොවීය. මෙකී සොයා ගැනීම් ඉහත සඳහන් කරන ලද කුඩා දරුවාගේ මමීකෘත මළ සිරුරෙන් ලබාගන්නා ලද ජානමය දන්ත මත පදනම්
වූ අතර ඉපැරණි වයිරස පිළිබඳ පුළුල් අධ්‍යයනයක වැදගත්කම මෙහිදී අනාවරණය වුණු කරුණුවලින් තරයේ අවධාරණය වන බවද පර්යේෂකයෝ ප්‍රකාශ කරති.
අතීතයේ පැවැති ප්‍රධාන රෝග කාරක මැනැවින් හඳුනාගැනීම සඳහා අණුක විද්‍යාත්මක නිරීක්ෂණ ප්‍රවේශයක වැදගත්කම මෙම දන්තවලින් අවධාරණය වන බවත් එම රෝග කාරක මිනිසාට ආසාදනය වූ වකවානුව සොයා ගැනීමටද එය වත්මන් පර්යේෂකයන්ට උපකාරී වන බවත් මැක්මාස්ටර් විශ්වවිද්‍යාලයේ ජනකාණු බන්ධන (ච්ව්ඒ) කේන්ද්‍රස්ථානයේ පරිණාමික අණුක විද්‍යාඥ හා ආසාදන රෝග පිළිබඳ පර්යේෂණ අංශයේ ප්‍රධාන පර්යේෂක හෙන්ඩ්‍රික් පොයිනර් ප්‍රකාශ කරයි.

අතීතයේ ව්‍යාප්තව පැවැති රෝග කාරක හා එයින් සිදු වූ ව්‍යසන පිළිබඳ මනා අවබෝධයක් හා දැනුමක් ඇති කර ගැනීම වත්මන් රෝග කාරක හා ඒවායේ ක්‍රියාකාරිත්වය හඳුනා ගැනීමට මෙන්ම එය වැළැක්වීම සඳහා අවශ්‍ය විද්‍යාත්මක පියවර ගැනීමටත් අපට උපකාරී වන බවද හෙන්ඩ්‍රික් ප්‍රකාශ කරයි.

පරිවර්තනය - ප්‍රේමචන්ද්‍ර අල්විස්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්