සෙල් ෆෝන් එකක් වගේ අති නවීන ලොව සුපිරිම ඉලෙක්ට්‍රොනික් ස්මාර්ට් වැසිකිළි පද්ධතිය මෙන්න

  👤  4026 readers have read this article !
2018-02-11

"ස්මාර්ට්" දුරකතන ඇතුළු බොහෝ නවීන උපකරණ අද මිනිසාගේ එදිනෙදා ජීවිතය සෑහෙන පරිවර්තනයකට ලක් කිරීමට සමත්ව තිබෙනවා. මේ ස්මාට් උපකරණ අතරට අලුතින්ම එකතු වන උපකරණය වන්නේ ස්මාර්ට් වැසිකිළි පද්ධතියක්.

මුදලින් රුපියල් ලක්ෂ අටහමාරකටත් මඳක් වැඩි මේ නව තාක්ෂණයේ වැසිකිළිය එය භාවිත කරන්නාගේ පසු පෙදෙස උණුසුම් කිරීමේ හැකියාවෙන් යුක්ත වන අතර එතුළ සිටින අයගේ චිත්ත ස්වභාවයන් ප්‍රබෝධවත් කිරීමේ හැකියාවෙන්ද යුක්තයි. ඒ විතරක් නෙවෙයි මේ වැසිකිළි කොමඩයේ පියන "හෑන්ඩ් ෆ්‍රී" තාක්ෂණයට අනුව කටහ¾ඩින් පාලනය කිරීමේ හැකියාවද පවතිනවා.

මෙම අනාගත වැසිකිළිය නිර්මාණය කොට ඇත්තේ නාන කාමර උපාංග සඳහා ලොව ප්‍රකට "කොලර්" සමාගම විසිනුයි. නූමි (ව්භථඪ) යනුවෙන් හඳුන්වා ඇති මෙම වැසිකිළි කට්ටලය පසුගියදා ඇමෙරිකාවේ ලාස් වේගාස් නගරයේ පැවැති පාරිභෝගික ඉලෙක්ට්‍රොනික් ප්‍රදර්ශනයකදී හඳුන්වා දෙනු ලැබුවා. මේ වසර අවසානය වන විට එය අලෙවිය සඳහා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව කොලර් සමාගම සඳහන් කරනවා.

නූමි වැසිකිළි කට්ටලයේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ එය භාවිත කරන්නාගේ රූපය අනුව සකසා ගැනීමට ඇති හැකියාවයි.

ශීත දේශගුණයක් සහිත ප්‍රදේශයක නම් එහි අසුන් ගන්නා පුද්ගලයාගේ පසු පෙදෙස හා දෙපා උණුසුම් කරන සේ එය සකසා ගත හැකි අතර සේදීමේදී පසු අදාළ පෙදෙස වියැළීමේ පහසුකම්ද එහි අඩංගුයි. මේ බොහෝ පහසුකම් කටහඬ මඟින් පාලනය කිරීමේ හැකියාව තිබීම තවත් විශේෂත්වයක්. ඒ වගේම කොමඩය භාවිත කිරීමෙන් පසු එය "ෆ්ලෂ්" වීම සිදුවන්නේද ස්වයංක්‍රියවයි.

ගැමුණු රත්නායක

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්