සමස්ත ලංකා ගීත රචනා තරගය 2018

  👤  3089 readers have read this article !
2018-02-11

ජයග්‍රහකයන්ට ලබාදෙන ත්‍යාග

1 වැනි ත්‍යාගය - රු. 25,000
2 වැනි ත්‍යාගය - රු. 15,000
3 වැනි ත්‍යාගය - රු. 10,000
කුසලතා සහතික 10

බෘහස්පති භාෂා සාහිති්‍ය කලා සරසවියේ "බෘහස්පති කවි සංසදය" හා මව්බිම "සඳහස" එකතුව දෙවැනි වරටත් සමස්ත ලංකා ගීත රචනා තරගය පැවැත්වීමට තීරණය කර ඇත.

2016 වසරේ පළමුවැනි වරට ගීත රචනා තරගයක් සාර්ථකව පැවැත්වීමට අපට හැකිවිය. 2014 වසරේ මුල්වරට අප එකතුව සමස්ත ලංකා කාව්‍ය රචනා තරගයක් පවත්වනු ලැබීය. තුන්වැනි වරටත් අපි රසික ඔබ වෙනුවෙන් එකතු වුණෙමු.

මෙම තරගයෙහි අරමුණු වන්නේ දිවයින පුරා විසිරී සිටින රටේ ජීවනාලිය වන් තරුණ තරුණියන්ගේ කලා හැකියාවන් වර්ධනය කර ගැනීමට හා එළිදක්වා ගැනීමට අත දීමටත් ඔවුන් උසස් මට්ටමේ මාධ්‍යකරුවන්, කලා නිර්මාණකරුවන්, සාහිත්‍ය නිර්මාණකරුවන්, ගුරුවරුන් හා උසස් රස වින්දනයකින් යුතු පුරවැසියන් වීම සඳහා භාෂාව හා සාහිත්‍ය හැදෑරීම වෙත වැඩි වැඩියෙන් ආකර්ෂණය කර ගැනීමත්ය.

තරගයේ විස්තර හා කොන්දේසි
 තරගය පැවැත්වෙන්නේ සිංහල භාෂාවෙනි.
 ලංකාවාසී ඕනෑම කෙනකුට ඕනෑම තේමාවකින් ගීත නිර්මාණ එකක් පමණක් ඉදිරිපත් කළ හැකියි.
 ගීත නිර්මාණය සංගීතය යොදා ගායනා කිරීමට හැකිවන ලෙස කෙටි විය යුතුයි.
 ගීත නිර්මාණය ටයිප් සෙටින්ග් (ඊරනඥ ඵඥබබඪදඨ) කර සාමාන්‍ය තැපැල් මඟින් එවිය යුතුය. ලියාපදිංචි තැපෑලෙන් නොඑවිය යුතුයි. ලියාපදිංචි ලිපි නැවත හැරී ඔබ වෙතම ආපසු එනු ඇත.

 සෑම නිර්මාණයකම තැපැල් මඟින් එවන පිටපත මව්බිම ඉරිදා හෝ දිනපතා පුවත්පතේ පළ වන කූපනයක් සමඟ එවිය යුතුය. කූපනය රහිත නිර්මාණ භාරගනු නොලැබේ.

 ටයිප් සෙටින් කළ නිර්මාණයෙහි තැපැල් මඟින් එවන පිටපතට අමතරව මයිකේ‍රා්සොෆ්ට් වර්ඩ් (ර්ඪජපධඵධටබ එධපඤ) මෘදුකාංගය භාවිත කර ටථ-චඡඩචරච අකුරුවලින් ටයිප් සෙටින්ග් (ඊරනඥ ඵඥබබඪදඨ) කළ තවත් පිටපතක් ඊමේල් මඟින් ඡපඪඩචඵනචබඩඪ.තඬ@ඨථචඪත.ජධථ යන ඊමේල් ලිපිනයටද එවිය යුතුයි.
 තරගයෙන් ජයග්‍රහණය කරන ගීත 13 සංගීත නිර්මාණය කිරීමට රටේ ප්‍රසිද්ධ සංගීතඥයන් වෙත සහ ගායනය කිරීමට රටේ ප්‍රසිද්ධ ගායක ගායිකාවන් වෙත යොමු කරනු ලැබේ.

 තරගයට ඉදිරිපත් කෙරෙන සියලුම ගීත නිර්මාණ පොතක් ලෙස මුද්‍රණය කර තරගයෙහි තෑගි සහ සහතික පත් බෙදා දෙන දිනයෙහි එළි දක්වනු ලැබේ.

 පසුව පොත මිලදී නොගැනීමෙන් සංවිධායක මණ්ඩලයට මුහුණ දීමට සිදුවන පාඩු වළකා ගැනීම සඳහා තරගයට සහභාගි වන සෑම කෙනකුගෙන්ම පොතේ මුද්‍රණ වියදම් ලෙස රු. 800ක මුදලක් තරගයට ඇතුළත් වීමේදී අය කරන අතර එම මුදල බෘහස්පති සරසවියේ බැංකු ගිණුමට බැර කොට රිසිට්පතෙහි ඡායාරස්ථ පිටපතක් නිර්මාණය සහ කූපනය සමඟ අමුණා එවිය යුතුය. මුදල් ඇණවුමේ පිටපත රහිත නිර්මාණ භාරගනු නොලැබේ. එවන්නේ මුදල් ඇණවුමෙහි පිටපතක් නිසා ලිපිය සාමාන්‍ය තැපෑලෙන් එවන්න.

 සියලුම නිර්මාණ නම ගම රහිතව විනිශ්චය මණ්ඩලය වෙත යොමු කරනු ලැබේ. නම ගම රහිතව යොමු කරන්නේ නිර්මාණයට මිස නිර්මාණකරුවාට අවධානය යොමුවීම වැළැක්වීමටයි.

 එසේ යොමු කෙරෙන ගීත නිර්මාණ අතුරින් පළමු ත්‍යාගය, දෙවැනි ත්‍යාගය හා තෙවැනි ත්‍යාගය ලෙස ත්‍යාග 3ක් ද කුසලතා සහතික සඳහා ගීත නිර්මාණ 10ක්ද තෝරගනු ලැබේ.

 බෘහස්පති කාර්ය මණ්ඩලයේ හෝ මව්බිම කාර්ය මණ්ඩලයේ කිසිවකුට තරගයට සහභාගි විය නොහැකිය.
 ඔබේ ගීත නිර්මාණය 2018 මාර්තු 31 හෝ ඊට පෙර මේ ලිපිනයට එවන්න.

බෘහස්පති - මව්බිම
සමස්ත ලංකා ගීත රචනා තරගය
බෘහස්පති භාෂා සාහිත්‍ය කලා සරසවිය
තැ.පෙ. 1047
කොළඹ

වැඩි විස්තර සඳහා මේ දුරකතන අංකවලට කතා කරන්න.
077 - 7757606 / 071 8510854
077 3540004

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්