දළදාව යළි මහනුවරට

  👤  3430 readers have read this article !
2018-02-11

1815 මාර්තු 31

උදයේම පිටත්ව කුණ්ඩසාලේ ගියෙමි. සවස් වරුවේ උෟවේ දිසාව කැප්පෙටිපොළ, උඩුනුවර මාම්පිටිය රටේ මහත්මා සහ මාතලේ රත්වත්ත දිසාව පැමිණියහ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් හිස ගසා මරා දැමූ රත්වත්තේ දිසාවේට අයත් වස්තුවට ඔවුහු එකිනෙකා විරුද්ධව අයිතිවාසිකම් කියති. සවස 5ට පමණ අධික වර්ෂාව ඇති විය.
අප්‍රේල් 1 වැනිදා

මුල්ගම්පොළ සහ උඩපළාතේ තුම්පෑල ගම්වලින් පැමිණි මැලේ මුහන්දිරම් හා අනෙක් පණිවුඩකරුවන් විසින් කිසිදු වස්තුවක් භාර දුන්නේ නැත. දුම්බර හංවැල්ලේ සඟවා ඇති බව කියන නිධානය කන්දේ නුවරට රැගෙන ඒම සඳහා අමුණුගම කුණම්මඩුවේ ලේකම් පිටත් කළෙමි. යහපත් දිනයකි. සන්ධ්‍යාවේ වැසි ඇතිවිය.
අප්‍රේල් 2 වැනිදා

පළමු හා දෙවැනි අදිකාරම්වරුන්ද සිය පත්තුවේ අදිකාරම් වශයෙන් සිටි කොබ්බෑකඩුවේද හමුවිය. ලබන සිකුරාදා රාත්‍රියේ පැය 9.00ට දළදා වහන්සේ නුවරට ගෙන ඒමට නියමිත බව දෙවැනි අදිකාරම කීය. තුවක්කු සහ පිත්තල භාණ්ඩ රැගෙන උඩගබඩා නිලමේ දුම්බර සිට පැමිණියේය. යහපත් උණුසුම් දිනකි.
අප්‍රේල් 3 වැනිදා
අදිකාරම්වරු දෙදෙනා පැමිණ සිකුරාදාට යොදාගෙන ඇති දන්ත ධාතුන් වහන්සේ වැඩම වීමේ උත්සවයට අවශ්‍ය වන නියමිත රන් රිදී භාණ්ඩ ගණන් ගත්හ. භික්ෂුන් වහන්සේ තවමත් ඔවුන්ගේ ආගම පහත හෙළාවි යැයි භයින් හා සැකයෙන් පසුවන බව අදිකාරම්වරු පැවසූහ. තවද ධාතුන් වහන්සේ වැඩම වූවායින් පසු ආගම නංවා සිටුවීමට හා ආරක්ෂා කිරීමට සිංහල රජතුමකු අවශ්‍ය යැයි සමහරෙක් පවසති. ඔවුන් සංසිඳුවීම සඳහා අවශ්‍ය දේ පවසන ලදී. මොල්ලිගොඩ එය නැවතත් කල් තැබීමට අසතුටු විය. එය බලාපොරොත්තු කඩවීමක් වුවද සංක්‍රාන්තියට පසු තවත් වැදගත් දිනයක් ඇති බව කපුවත්තේ පවසයි.
අප්‍රේල් 5 වැනිදා

උදේ 9.00ට පමණ මඟුල් මඩුවේදී මොල්ලිගොඩ අදිකාරම හමුවිය. දළදා වහන්සේ වැඩම වීමට ගොක් කොළවලින් සහ කෙසෙල්වලින් සරසන ලද මඟුල් මඩුවට ඔහු සමඟ ගියෙමි. ධාතුන් වැඩම වීමෙන් පසුදින උදයේ භික්ෂුන්ට දානයක් දිය යුතු
බව හෙතෙම පැවැසීය. සවස 4.00ට පමණ ඇහැළේපොළ ආවේය. රජු විසින් මරණයට පත්කළ තම පවුලේ උදවියට පින් පිණිස ඔහු පසුගිය දෙදින භික්ෂුන් වහන්සේට මතක දානයක් දී ඇත.
ඇහැළේපොළගේ විවාහ මංගල්‍යය වෙසක් මාසයේ පැවැත්වෙන අතර එදින ඉංගී්‍රසි මහත්වරුන්ට සංග්‍රහ කිරීමට ඔහු බලාපොරොත්තු වන හෙයින් නිවාඩු ඉල්ලයි. ඔහුට ලබාදීමට පොරොන්දු වූ පගෝදි 5000 කොළඹදී ලැබුණොත් ප්‍රමාණවත් යැයි ඔහු කියයි. එය අවශ්‍ය වූ විට දන්වන්නට කීවෙමි. වෙල්ලස්සේ මිල්ලව දිසාව හා මඩුගල්ල ගජනායක නිලමේ පැමිණියේය. අද මධ්‍යහ්නයේ මැද මහනුවරට පැමිණි කපුවත්ත දිය වඩන නිලමේගේ පණිවුඩකරුවෙක් දළදා වහන්සේ මැදිවක තිබෙන බවත් එය මැද මහනුවරට තරමක අෑත බැවින් හෙට උදේ යෙදී ඇති නැකතට මහනුවරට ගෙන ආ නොහැකි බවත් පැවැසීය. හෙට දින දළදා වහන්සේ දෙගල්‍ෙදාරුවේ හෝ කුණ්ඩසාලේ විහාරයට ගෙනැවිත් වෙනත් වැදගත් නැකතකින් මහනුවරට ගෙන ඒමට යෝජනා කෙරිණි.
දැනට ගන්නොරුවේ තිබෙන දේවරූප හෙටට යෙදී ඇති නැකතින් නුවරට ගෙන ඒම ඥානාන්විතය. ඔවුහු මගේ අනුදැනුම ඇතිව හැකි තරම් උත්සාහ යොදා හෙටම ධාතුන් වහන්සේ නුවරට ගෙන එන්නට යන්නාහුය.

සියලුම ප්‍රභූන් හෙට උදේ ගඟ ළඟට ගොස් දේවරූප ගෙන ඒමට සම්බන්ධ වන බව කපුවත්තේට ලියා දන්වා ඇත. ඔවුන් හපුගහ ගාව කඩවත අසල නතරවී මට පණිවුඩ එවනවා ඇත. වෙල්ලත්ත දක්වා තූර්ය වාදකයන් යැවීම සිදු කරනු ඇත. ඉංගී්‍රසින් නිසා දළදාව අවසාන මොහොතේ ආරක්ෂිත ස්ථාන කරා ගෙන ගිය නමුත් දැන් නැවතත් නුවරට වැඩම කරවීමට සූදානම්ය. නුවරට වැඩම වීම සිදුවන ආකාරය දැනගැනීමට කොබ්බෑකඩුව නායක උන්නාන්සේට පණිවුඩ ඇරියෙමි. ධාතූන් වහන්සේ කුණ්ඩසාලය තෙක් රන්සිවි ගෙයකින් වැඩම කරවන බවත් හෙට දවල් දානයට උන්වහන්සේ කුණ්ඩසාලයට යන බවත් පැවසූහ. තවද එය තමාගේ අතින්ම රන් සිවි ගෙයින් ගෙන කුමරුප්ප කඩ වීදිය ඔස්සේ වැව අසල මල්වත්ත විහාරයට වැඩමවා ඉන්පසු ඇතකු පිට තබා වේල්ල වීදිය ඔස්සේ මාලිගාවට ගෙන එනු ඇත. ඇතකු පිට මහවාසලින් ඇතුළු විය නොහැකි නිසා මේ මාර්ගය ඊට යෝග්‍යය. ළඟදී කුමරුප්ප වීදිය අසල මිනියක්
වළලන ලද නිසා වීථි පිරිසුදු කිරීම හා සැරසීම කරන ලදී.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon