ගුරු මාතාවගේ අකල් මරණය

  👤  3648 readers have read this article !
2018-02-21

සිදු නොවියයුතු දෙයක් සිදුවී ඇත. එය කනගාටුදායකය. නායකත්ව පුහුණුවකට සහභාගි වී සිටියදී සිදුවූ හදිසි අනතුරකින් හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය ලෙස කටයුතු කළ රෝහිණී කුමාරි අතපත්තු මහත්මිය මියගොස් ඇත.

53 හැවිරිදි විදුහල්පතිනිය මීට පෙරද මෙවැනි නායකත්ව පුහුණුවලට සහභාගි වී තිබුණද මෙවර ඇගේ අවාසනාවට මේ පුහුණුවේ දී නිසි ආරක්ෂාවක් තිබී නැත. කඹයක ආධාරයෙන් බිමට බැසීමේ පුහුණුවකදී කඹය කැඩී යෑමෙන් විදුහල්පතිනිය බිම ඇද වැටී තිබේ. ඇය මියගොස් ඇත්තේ මොළයේ අභ්‍යන්තර ලේ වහනය වීමකින් බව වෛද්‍ය වාර්තාවල සඳහන්වේ.

මීට පෙර ඇය සහභාගි වූ රන්ටැඹේ සහ කුඩාඔය පුහුණුවීම්වලදී ඉතා හොඳ ආරක්ෂාවක් යොදා තිබුණද එවැනි ආරක්ෂාවක් අදාළ පුහුණුවේදී යොදා තිබී නැත. තරුණ දියණියන් සිවුදෙනා සහ ආදරණීය සැමියා අතහැර දමා යෑමට විදුහල්පතිනියට සිදුවූයේ අනාරක්ෂිත බව නිසා මිස අන් කිසිවක් නිසා නොවේ. 'ආරක්ෂාව ප්‍රථමයෙන්' යැයි ගොඩනැඟිලි ඉදිකිරීම් අංගණවල ප්‍රදර්ශනය කර ඇත්තේ පරිස්සම අන් සියල්ලට වඩා වැදගත් වන නිසාය.


ඉකුත් ආණ්ඩු සමයේ ආරම්භ කළ ඊනියා නායකත්ව පුහුණුව නිසා මේ වන විට ජීවිත කිහිපයක් විනාශ වී ඇත. නවක විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද නායකත්ව පුහුණුව ලබාදුන් අතර විදුහල්පතිවරුන්ටද නායකත්ව පුහුණුව ලබාදීමට පියවර ගත්තේය. එය හමුදා පුහුණුවකට සමානව සිදු කෙරිණි. විදුහල්පතිවරුන්ට නම් පුහුණුවෙන් පසු හමුදා නිලවලට සමාන නිල නාම ලබාදෙනු ලැබීය. මේ විදුහල්පති පුහුණුවෙන් අනතුරුව එවැනි නිල නාම ලබා දීමක් සිදුවන්නේ දැයි පැහැදිලි නැතත් එවැන්නක් ලබාගැනීමට හෝ විදුහල්පතිනිය අද ජීවතුන් අතර නැත.

අධ්‍යාපන ඇමැතිවරයාගේ නියෝගයකින් අදාළ පුහුණුවීම් කඳවුරු පැවැත්වීම අත්හිටුවා තිබේ. අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් සිදු කෙරෙන අතර පුහුණුවීම් නතර කර ඇත්තේ පරීක්ෂණ අවසන් වනතුරු බව දැනගන්නට ඇත. විදුහල්පතිනියට මරු කැඳවූ පුහුණු ක¼දවුර පවත්වා ඇත්තේ වාරියපොළ වයඹ පුහුණු ආයතනයේදීය. එම ආයතනයේ අධ්‍යක්ෂිකාවට අනුව පුහුණුවීම්වලට පැමිණෙන්නන්ට භූමිය, නවාතැන් සහ ඉල්ලා සිටියහොත් කෑම බීම දීම පමණක් ඔවුන් විසින් සිදු කරනු ලබයි. ඒ හැර පුහුණුවීම්වල වගකීම ආයතනය භාර ගන්නේ නැත. මේ අතර ශ්‍රී ලංකා බැහැරගත ක්‍රියාශීලී පුහුණු භාරකාරයේ (ර්ණීඕඊඉඹ්) විධායක අධ්‍යක්ෂ නීතිඥ චරිත රත්වත්තේ මාධ්‍යට නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ අදාළ සිදුවීමට සිය ආයතනයේ කිසිදු සම්බන්ධයක් නැති බවය. ජාත්‍යන්තර බැහැරගත පුහුණු වැඩසටහනෙහි (ර්ණීඕධ්) අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා බැහැර ගත ක්‍රියාශීලී පුහුණු භාරකාරය අදාළ ආරක්ෂිත මූලධර්මයන් දැඩිව අනුගමනය කරන අතරම දෙවසරකට වරක් ඒ ආරක්ෂිත මූලධර්ම නැවත ඇගැයීමකටද ලක් කරන බව රත්වත්තේ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත. හෙතෙම එහි අවධාරණය කරන පරිදි වික්‍රමාන්විත ක්‍රීඩා ක්‍රියාකාරකම් (ඒඤමඥදබභපඥ ඒජබඪමඪබඪඥඵ) ස්වභාවයෙන්ම අනතුරුදායක හා අභියෝගාත්මක විය හැකි නම් පූර්ණ පරීක්ෂාවකින් හා ආරක්ෂිත ප්‍රමිතීන්වලින් තොරව මේ පුහුණුවීම් කිරීමේ වගකීම භාරගන්නේ කවුද? රත්වත්තේ මහතාට අනුව සිය ආයතනය විසින් පවත්වන සෑම වැඩසටහනක් සඳහාම මනා පුහුණුවක් සහිත විශේෂඥයකු, ආරක්ෂක විගණකයකු ලෙස පත් කරන අතර ආරක්ෂාව පිළිබඳ සියයට සියයක ප්‍රමිතියක් සහතික වේ. ඒ නිසා ආරම්භයේ සිට මේ වනතුරු කිසිදු අනතුරක් සිදුවී නැත.
ශ්‍රී ලංකා බැහැරගත ක්‍රියාශීලී පුහුණු භාරකාරය හෝ වාරියපොළ වයඹ පුහුණු ආයතනය මේ අනාරක්ෂිත පුහුණුවේ වගකීම භාර නොගන්නා බව මින් පැහැදිලිය. එසේ නම් මේ විදුහල්පතිනියගේ අකල් මරණයට වගකිවයුත්තා කවුද?

දිරච්ච කඹයක් පුහුණුවට යොදා ගත්තේ කවුද? විදුහල්පතිනිය බිම ඇද වැටී ඇත්තේ කඹය අතහැරී නොව කඹය කැඩී යෑම නිසාය. මෙය, මෙකී පුහුණුව භාරව සිටි වගකිවයුත්තන්ගේ වගකීම් රහිත බව නිසා සිදුවූ අනතුරක් බව ඉන් පැහැදිලිය.


මේ අනතුරට වගකිවයුත්තන් සොයා අනිවාර්යයෙන් දඬුවම් කළ යුතුය. විෂයට අදාළ ප්‍රමිතිගත ආයතනයක් තිබියදී ඉන් බැහැරව මෙවැනි පුහුණු පැවැත්වීම වහා නතර කළ යුතුය. මෙවැනි අනතුරු මින් මතු සිදු නොවිය යුතු අතරම විදුහල්පතිවරුන්ට මෙවැනි ක්‍රියාකාරකම් සහිත පුහුණුවීම් අවශ්‍යද යන්න යළි සලකා බැලීම අත්‍යවශ්‍යය.
මෙවැනි 'පුහුණුවීම්' විදුහල්පතිනියගේ වයසේ සිටින්නන්ට ගැළපෙන්නේ නැත. අනෙක තරුණ වියේ පසුවන්නකු වුවද මෙවැනි අනතුරකින් විපතට පත්වීමට ඇත්තේ වැඩි ඉඩකඩකි. ඒ නිසා මේ ඊනියා පුහුණුව ගැන දෙවරක් නොව තෙවරක් සිතා බැලීමට විදුහල්පතිනියගේ වියෝව හේතුවක් කර ගත යුතුය.

රෝහණී කුමාරි අතපත්තු ගුරු මාතාවගේ වියෝව ගැන දියණියන් සිවු දෙනා හා සැමියා සමඟ අපද ශෝක වන්නෙමු.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon