ඉපැරැණි ගිරුවාපත්තුව ගැන බේ‍රා්හියර් මවා පෑ රස කතාව

  👤  3851 readers have read this article !
2018-03-04

භූගෝල විද්‍යාඥයකු හැටියටත් ඉතිහාසඥයකු හැටියටත් ප්‍රකට ආර්.එල්. බේ‍රා්හියර් මෙරට මිනින්දෝරුවකුව සිටියදී සටහන් කළ සැබෑ අතීත කතාව රසවත්ය. ඉන් අපේ යටගියාව මතුවෙයි. මේ බේ‍රා්හියර් තැබූ සටහන් අතරින් දකුණේ උෟරුබොක්කටත් ගිරුවායටත් අෑඳෙන කතාවකි.
ඔහු ඉඥඥඪදඨ ඛ්ඥරතධද හි තබන සටහන් අනුව එය මෙසේය.

තංගල්ල පසුකර හම්බන්තොට දෙසට සැතපුම් දෙකක් පමණ ගමන් කරන විට ප්‍රදේශයේ වෘක්ෂලතා ආදිය වෙනස් ස්වරූපයක් ගන්නා බව පෙනේ. සැබැවින්ම අපි දැන් දිවයිනේ වියළි කලාපයට ඇතුළු වන බව අමතක කළ යුතු නැත. අනාදිමත් කාලයක සිට රම්මැලි කන්ද නමින් හැඳින්වෙන අෑතින් පෙනෙන කඳුවැටිය තෙක් සුළඟ ගසාගෙන යෑම නිසා සුළං මුවාවේ ඇති හම්බන්තොට තැනිතලා ප්‍රදේශය ගන්නේ වියළි ස්වරූපයකි. මැයි මාසයේ සිට සැප්තැම්බරය දක්වා වියළි සුළං මේ තැනිතලාව හරහා හමා යන්නෙන් මේ තැනිතලාව වියළි බවක් දරයි. තංගල්ල සහ රන්න අතර වාරිමාර්ග නිර්මාණය කිරීමට උත්සුක වූවෝ ඒ සම්බන්ධයෙන් සහජ කුසලතාවක් දක්වන පැරැණි සිංහල ඉන්ජිනේරුවෝ නොවෙති. මේ ප්‍රදේශයේ වාරි නිර්මාණ පිළිබඳ ගෞරවය හිමි විය යුත්තේ ඒ සම්බන්ධයෙන් පුරෝගාමීව කටයුතු කළ යුරෝපීය ඉන්ජිනේරුවන් හටය.

ඉහත සඳහන් කළ කරුණ නිසා, රම්මැලි කන්දෙන් අනෙක් පස පිහිටි මාතර දිස්ත්‍රික්කය, හම්බන්තොට දිස්ත්‍රික්කය මෙන් නොව, නිරන්තරව කොළ පැහැයෙන් යුත් තෙත් කලාපයේ පිහිටි ප්‍රදේශයකි. අවුරුද්ද මුළුල්ලේ ම නොසිඳී පවතින කඳුකරයේ උල්පත්වලින් පැන නඟින ගංගාවෝ මාතර ප්‍රදේශය සරු කරමින් නිරතුරු ගලා බසී. මේ ගංගා මඟින් මාතර කෙත් වතු සරු කළද, තවත් බොහෝ ජල ධාරිතාවක් කිසි ප්‍රයෝජනයක් නොගෙන මුහුදට ගලා බසී. මේ අපතේ යන ජලයෙන් යම්කිසි ප්‍රමාණයක් කුමක් හෝ උපක්‍රමයක් මඟින් කඳු වැටියේ අනෙක් පසට යොමු කොට වියැළි හම්බන්තොට තැනිතලාවට ජලය ලබා දුනහොත් ඉන් ඇතිවන ශාන්තිය සුළුපටු නොවනු ඇත. 1787 ලන්දේසීන් විසින් කළේ ද මෙයමය.

මේ විශ්වකර්ම ක්‍රියාවේ නිර්මාතෘවරයා වූයේ පෙරදිග වෙළෙඳ සමාගම් සේවය කළ මිනින්දෝරුවකු වූ පී. ෆේනැන්ඩර් නමැත්තාය. මහත් උනන්දුවෙන් ක්‍රියාකළ අයකු වූ ඔහුගේ නම වාරිමාර්ග යෝජනා ක්‍රම පිළිබඳ සකස් කළ වාර්තා සම්බන්ධයෙන්ද ලන්දේසීන් විසින් පිළිසකර කර නැවත ප්‍රයෝජනයට ගැනීමට සැලැස්වූ බොහෝ වාරිමාර්ග පද්ධතීන් සම්බන්ධයෙන් ද නිතොර කියැවෙන නමකි. ඇත්ත වශයෙන්ම ඔහු කළේ උෟරුබොක්ක අසල නිල්වලා ගඟේ ශාඛාවක් හරහා වේල්ලක් බැඳ ඒ ජලය සැතපුම් දෙකක් දිගට ගැඹුරට කපන ලද කෘත්‍රිම ඇළක් ඔස්සේ ගෙන ගොස්, ඒ ජලය කඳු මුදුන ඔස්සේ හම්බන්තොට දිස්ත්‍රික්කයට මුදා හැරීමයි.

මේ ක්‍රියාවේ දුෂ්කරතාව අවබෝධ කර ගැනීමට මේ දිස්ත්‍රික්කයේ විශාල පරිමාවේ සිතියමක් අධ්‍යයනය කළ යුතුය. කඳු මුදුන් දෙක අතර ඇති කපොල්ලෙන් නිදහස් කර හරිනු ලබන ජලය කන්ද බෑවුම දිගේ වේගයෙන් ගලා එයි. ඉන්පසු ඒ ජලය කලෙක ගිරුවා ඔය නමින් හැඳින්වූ ගඟට යොමු කෙරිණි. මේ ගඟ අප කලින් සඳහන් කළ කටුවාන බලකොටුවේ සීමාව ඔස්සේ ගලා ගොස් රන්න අසලින් මුහුදට වැටේ. මේ ගඟ මඟින් වර්ෂය මුළුල්ලේ ම රැගෙන එන ජලය මෙකල මාතර දිස්ත්‍රික්කය හරහා ගලන උෟරුබොක්ක ගඟට වැටෙන නිසා ගිරුවා ඔය තම පැරැණි නමට අස්වාමික ව ගොස් ඇති අතර, දැන් ඒ ගඟ ද හඳුන්වනු ලබන්නේ උෟරුබොක්ක ගඟ නමනි.

මේ අද්විතීය වාරි කර්මාන්තය පිළිබඳ කර ඇති සඳහන් බෙහෙවි. තමාගෙන් පසු ඒ පදවියට පත් වන තැනැත්තා සඳහා සකස් කළ "උපදෙස් මාලාවේ ලකිසුරු වාන් ඩී ග්‍රාෆ් මෙසේ පවසයි. "මීට වසර කිහිපයකට පෙර මාතර දිසාවනියේ, මාතර ගඟෙන් විශාල ජල ප්‍රමාණයක් ගිරුවායට හරවා යවා තිබිණි. මේ නිසා වාසි දෙකක් අත් විය. එකක් නම් රටේ වියළි භූමි භාගයකට ඒ මඟින් ජලය ලැබීමයි. දෙවැන්න නම් මේ නිසා මාතර ගඟේ ජල ධාරිතාව අඩු වූ නිසා වර්ෂා කාලයේ දී මාතර ගංඟ් ජලය පිටාර ගැලීමෙන් සිදුවන හානිය අවම වීමයි.

ලී විසින් පළ කළ "ලන්දේසි වාර්තාවල පරිවර්තනය" මඟින් පෙන්වා දෙන පරිදි මේ ව්‍යාපෘතිය සඳහා ගිය මුළු මුදල රු. 50,000 කි. මේ පිළිබඳ අවධානය යොමු කරත් දී අපට පෙනී යන්නේ සෑම දෙයක්ම සූක්ෂ්මව සැලසුම් කළ බවයි. කෙසේ වුවද මේ යෝජනා ක්‍රමයේ ප්‍රතිඵල මඳක් විමසමු. මේ නිසා අක්කර 8000ක් පමණ ප්‍රමාණයක වාරිමාර්ග පහසුකම් ලැබිණි. කුඹුරු හිමියන් විසින් තමන් පුරුදු පරිදි ගෙවූ දහයෙන් එකට අමතරව මෙහි මූලික වියදම් වෙනුවෙන් වී අමුණු 2,995ක් රජයට ගෙවීය.
අපි යළි උෟරුබොක්ක අමුණු සහ ඇළ දෙසට හැරෙමු. මේවා සහ ලන්දේසීන් විසින් මේ දිස්ත්‍රික්කයට දායාද කර දුන් බොහෝ වටිනා දෑ වුවත්, ඔවුන් ලංකාවෙන් පිටත් වීමත් සමඟම ජරාවාස වන්නට විය. 1837දී පැමිණි දරුණු ගංවතුරෙන් අමුණ පිරී කැඩී බිඳී ගියේය. පසුව බි්‍රතාන්‍ය පාලන සමයේදී මෙය නැවත ප්‍රතිස්ථාපනය කරන ලදී. මෙය අද දක්වාම ගිරුවාපත්තුවේ කෘෂිකර්මාන්තය සඳහා උපකාරක ජල පද්ධතියක්ව පවතී.

කලමැටිය කළපුව දකුණු වෙරළබඩ මාර්ගයේ ගමන් කරන්නකු ආසන්නයේම පිහිටා ඇත. මෙය දක්නට ලැබෙන්නේ 138 වැනි සැතපුම් කණුව අසලදීය. සරුවට වැඩී ඇති පඳුරු ආදියෙන් හා මඩවගුරුවලින් ගහන මේ කළපුව මහාමාර්ගය සහ මුහුද අතර පිහිටා ඇත. එය කුරුලු පාරාදීසයක් ව පැවැතිණි. අදද එය එසේම බවට සැකයක් නැත. ජූලි, අගෝස්තු මාසයන් හි වියළි කාලයේදී මෙහි විවිධ වර්ගයේ කුරුල්ලන් අඩුවක් නැති ව දක්නට හැකිය. විශාල මුහුදු ලිහිණියන්ද, කුඩා රාජාලියන්ද, කොකුන්ද, සේරුන්ද, නොඑක් නොඑක් වර්ගයේ සංක්‍රමණ පක්ෂීන්ද මේ ප්‍රදේශය ශෝභනාලංකාර කරමින් මෙහි බහුලව සිටිනු පෙනේ. මේ සමහර කුරුල්ලන්ගේ පුළුල් පාදවල ඇඟිලි අතර පටලයක් පිහිටා ඇත්තේ ඔවුනට මඩ වගුරුවල ඇවිදීමටත්, මඩ වගුරු මත ඇති පැළෑටි පත්‍ර මත ඇවිද ගොදුරු සොයා ගැනීමටත් උපකාර වනුවස්ය.

එහෙත් කලමැටිය මිහිපිට ඇති කුරුලු සුරපුරයක් වන්නේ ඊසාන දින සුළං හමන කාලයේදීය. මේ කාලයේදී සයිබීරියාව, උතුරු ඉන්දියාව, ආසියාව ආදී නන් දෙසින් විසිතුරු සංචාරක කුරුල්ලෝ කලමැටිය බලා ඇදී ඒමට පටන් ගනිත්. මේ කාලය තුළදී, කරවැල් කොකුන්ද, රණ හංසයන්ද තවත් නන් මාදිලියේ සුන්දර පක්ෂීන් ද මෙහි ඇදී එනු දැකිය හැකිය. සමහර කුරුල්ලන් විසින් අවට ඇති කරලින් බර වෙල්යායනට බරපතළ හානි කරන ලද අතර, උන් ගොවීන් විසින් හඳුන්වනු ලබන්නේ "ගොයම් කපන කිත්තා" කියාය.

වලවේ ගං මෝය වෙත අවතීර්ණ වීමට පෙර අප 140 වැනි සැතපුම් කණුව අසලින් හැරී ඇඹිලිපිටිය - රත්නපුර කොළඹ මහා මාර්ගයේ මඳ දුරක් ගොස් ලියන්ගහතොට වේල්ල නරඹමු. මේ වේල්ල මඟින් වලවේ ගඟ සැතපුම් 15ක් පමණ ඉහළින් හරස් කොට ඇත.

ගඟ දියේ ගලා එන විශාල ජලස්කන්ධය වම් පසට හා දකුණු පසට ඇති ඇළවල් දෙකට හැරැවීම සඳහා, ජලය පාලනය කිරීමට ගඟ හරහා බැඳ ඇති වේල්ල සුවිශේෂ එකෙකි. ගඟ ඉතිරී පිටාර ගලන විට ඔබ එය දුටුවහොත්, එය සාදතනිකම ඔබගේ සිත් තුළ තැන්පත් වන දසුනක් වනු නොඅනුමානය. වේල්ල පෙනෙන තෙක්මානයට යෑමටත් පෙර වනාන්තරයේ නිහැ¾ඩියාව බිඳිමින් මහා ඝෝෂාවක් ඇසෙයි. ළඟට ගිය පසු ඔබ එය දකින්නේ ජලකඳ හරහා ඇද ඇති ඇදෙනසුලු රබර් පටියක් මෙනි. ඉහළින් ඇති වාන දෙකක් මඟින් ඇළවල් දිගේ යන ජලය පාලනය කරයි. ගඟ පහළ තැන්නෙන් නඟින පෙණ බුබුළු පලස හරහා වැටෙන හිරු රැස් කි¼දා දේදුණු මවයි.
කාලයාගේ වැලිතාලවෙන් වැසී ඇති ලියකියවිලි අවුස්සා බැලීමේදී, ලියන්ගහතොට අමුණ බැඳීම පිළිබඳ ඇති වූ මත ගැටුම් විසඳීම සඳහා බොහෝ කලකට පසු ගඟේ වම් ඉවුරේ ඇති වනාන්තර බිම් අස්වැද්දනු වස් වේල්ලක් බැඳීම සඳහා එකල තෝරා ගත් ස්ථානයේ වැදගත්කම පසුව අවබෝධ විය. මා මේ පිළිබඳ සඳහනක් කළේ, ඉතිහාසය නැවත නැවත සිදුවෙමින්, මේ ආකාරයෙන්ම මත ගැටුමක්, වලවේ ගඟට සැතපුම් කිහිපයක් ඉහළින් ඇඹිලිපිටියේ ඉදිකිරීමට යන වලවේ ජලාශය සම්බන්ධයෙන් ද ඇතිවී තිබෙන බව පෙන්වීමටයි.

පැරැණි සහ නූතන ඉතිහාසයේ මේ සඳහා වූ මත ගැටුම් ගැඹුරු ජලාශයේ බැම්මේ සිට විමර්ශනයට ලක් කරනු ඇති බවට සැකයක් නැත. මේ ජලාශය අක්කර 10,000ක් තුළ පැතිර සිටිනු ඇත. දැන් මෙය සාදාගෙන යනු ලැබේ.

1927 වර්ෂයේ එක් වියළි සැන්දෑවක මා ලියන්ගහතොට සිට දිවෙන ඇළ මාර්ගයටම සමාන්තරව දිවෙන මහා මාර්ගයේ මාගේ රථය පදවමින් සිටියෙමි. අඳුරු වැටීමට ආසන්නව ඇත. එක් වංගුවක් ගනිත්ම මා සමඟ රථයේ ඉදිරි අසුනේ හි¼දගෙන සිටි මාගේ සේවකයා දෑත් හිසට තබා ගනිමින් "අලියා!"යැයි කෑ ගැසුවේය.
මා ක්‍ෂණිකව තිරිංග පෑගූ අතර මා ගේ පැරැණි රථය ගල් ගැසුණාක් මෙන් නතර විය.

අප හට එහි විනාඩි හතළිස් පහක් රැඳී සිටීමට සිදුවිය. එහෙත් ඒ කාලය පිළිබඳ මා පසුතැවිලි නොවන්නේ මේ ලොව මිනිසකුට දැකීමට භාග්‍ය ලැබෙන ඉතා චමත්කාර ස්වාභාවික අලි සෙල්ලම් දැකීමට මගේ දෙනෙත් ඒ කාලය තුළ භාග්‍ය ලැබූ හෙයිනි. දිවා කාලයේ දැඩි සූර්ය තාපය තිබෙද්දී වම් ඉවුරේ ඉහළින් ඇති මහ වනාන්තරයේ සිසිලසේ රැඳී සිටි අලි රංචුව, හිරු බැසයත්ම ආහාර සොයා රාත්‍රියේ දකුණු ඉවුරේ ඇති හේන් කරා සංචාරයේ යෙදෙමින් සිටියහ. විශේෂයෙන්ම මේ ස්ථානයේ ඇළ ඔවුන්ගේ ගමනට බාධා කරන තරම් ගැඹුරු විය. එහෙත් ඒ අපහසුතාව අප හට ඉතා චමත්කාර දර්ශනයක් ගෙනහැර දැක්වීමට වේදිකාව සැකැසූ සෙයකි. අලි ඇතුන් ඇතින්නියන් සහ අලි පැටවුන් ඒ දළ බෑවුම බැස්සේ චමත්කාර ආකාරයටයි. එකිනෙකා බිම වාඩිවී පල්ලමට රූටා පැමිණියහ. අනෙක් පස කන්ද රූටමින් උඩට නැග්ගහ. ඉහළට යෑමට අපහසු අයට වඩාත් ශක්තිමත් අය උදවු කළහ. මාර්ගයට අවතීර්ණවූ එකිනෙකා පේළිය සැදී මාර්ගය තරණය කළහ. ඒ රංචුවේ අලි ඇතුන් 80කට වඩා මම ගණන් කළෙමි.
අද අවාසනාවකට මෙන් ස්වභාවධර්මයාට, මිනිසාගේ ඇවැසිකම්වලට ඉඩදී පසෙකට වී සිටින්නට සිදුවී ඇත.

වනාන්තර අඩුවී ගොස් ඇත. මේ ප්‍රසිද්ධ අලි පාරේ, එනම් නැඟෙනහිර සහ බටහිර ගිරුවාපත්තු යාකරන මේ මාර්ගයේ සැරිසරන්නේ උන්ගේ නිජ බිම් වන වනාන්තර හීන වී ගොස් ඇති හෙයිනි.

මා මේ ලියන වකවානුව තුළ තරු ඇති සඳ එළිය ඇති ඕනෑම රැයක රන්නට සැතපුම් තුනක් අෑතින් පිහිටි කට්ටක දූව වැවේ වල් අලි රංචු පිටින් ඉවුරේ සිටිනු දැකිය හැකිය. එකල සිටි බබුන් නමැති ප්‍රසිද්ධ අලි අල්ලන්නා ගස්වල අට්ටාල සාදා සැතපුම් සිය ගණනක් අෑත සිට පැමිණෙන අමුත්තන් හට, මිනිස් ඇසින් නුදුටු සුන්දර දසුන් පෙන්වමින් ඔවුන් කුල්මත් කරයි. අද පරම්පරාවට මෙය අහිමි දායාදයකි.

සුභානි එම්. ආරච්චිගේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon