ආණ්ඩුව මුස්ලිම් ප්‍රජාව රකින්න අපොහොසත් වුවහොත් අගමැතිට එරෙහි විශ්වාසභංගයට පක්ෂව මුස්ලිම් මන්ත්‍රිවරු ඡන්දය දෙනවා

  👤  3537 readers have read this article !
2018-03-08

ආණ්ඩුව තවදුරටත් මුස්ලිම් ප්‍රජාව ආරක්ෂා කිරීමට අපොහොසත් වුවහොත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඉදිරිපත් කෙරෙන විශ්වාසභංග යෝජනාවේදී ඊට පක්ෂව ඡන්දය දීමට ආණ්ඩුවේ සිටින මුස්ලිම් මන්ත්‍රිවරු විසිඑක් දෙනා කටයුතු කරනවා.

රට තුළ සිදුවන හිරිහැරවලට විරෝධය පළ කරමින් ඇමැති ධුරවලින් ඉල්ලා අස්වන ලෙස තමන් ඇතුළු මුස්ලිම් ඇමැතිවරුන්ට මුස්ලිම් ජනතාව බල කිරීමට පටන්ගෙන තිබෙනවා.
ආණ්ඩුව ඉක්මනින් පවතින ගැටුම්කාරී තත්ත්වය සමනය නොකළහොත් තමන්ට දැඩි තීරණයක් ගැනීමට සිදු වෙනවා.

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට සහභාගි වෙමින් ක්‍රීඩා නියෝජ්‍ය ඇමැතිවරයා එසේ සඳහන් කළේය.

ජාතික ප්‍රශ්නය ස¼දහා ආණ්ඩුව දේශපාලන විසඳුමක් දෙන බව පෙනෙන්නට නෑ

ආණ්ඩුව ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා දේශපාලනමය විසඳුමක් ලබා දෙන බවක් පෙනෙන්නට නෑ. අතුරුදන් වූවන්ගේ පවුල්වල අය කාලයක් තිස්සේ ඔවුන්ගේ පවුල්වල අතුරුදන් වූ අය පිළිබඳ සොයමින් සිටිනවා. විශේෂයෙන් හමුදා භාරයට පත්වූ අය එසේ අතුරුදහන් වීම පිළිබඳව ඔවුන් සොයමින් ඉන්නවා.

අපි හැම දෙනාම මේ රටේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීමට කැප වෙනවා. ජාත්‍යන්තර නීතිවලට හා ඒ සම්මුතීන්ට අප ගරුකළ යුතු බව අපි කවුරුත් දන්නවා. ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවට අහිතකර ලෙසත්, එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහයෝගය දක්වමින් කටයුතු කරන බවට චෝදනා එල්ලවනවා. එය සත්‍යයෙන් තොර කතාවක්.

ආණ්ඩුව අතපය බැඳගෙන ඔහේ බලාගෙන ඉන්නවා

රට අරාජික වෙලා රටේ මිනිස්සුන්ට නීතිය අතට අරගෙන කඩු පොලු අරගෙන කපා කොටා ගන්න, ගිනි තියා ගන්න, මරා ගන්න ඉඩ දීලා ආණ්ඩුව ඔහේ අතපය බැඳගෙන බලාගෙන ඉන්නවා.

මේ වන විටත් මහනුවර දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය දමලා. ඒ දිස්ත්‍රික්කයේ සිංහල ජනතාව විශේෂයෙන් මුස්ලිම් ජනතාව ඒ දෙගොල්ලන්ම අද ජීවත් වෙන්නේ බියෙන්.
ආණ්ඩුවේ ඇමැතිවරුන් චෝදනා කරන්නේ ආණ්ඩුවට. පොලිසියට. මේ තත්ත්වය මෙහෙම දිග්ගැස්සෙන්න ඉඩදීලා ආණ්ඩුව කිසි ගානක් නැතිව බලාගෙන ඉන්නවා. මේ ජාතික ආපදාවක් වගේ තත්ත්වයක්. කරුණාකරලා මේක ඇවිළෙන්න ඉඩ දෙන්න එපා.

මේ විනාශය පිළිබඳව දැන් එන ආරංචි අපට හිත සතුටු කරවන ආරංචි නොවෙයි. ඒ නිසා මේ රටේ ආණ්ඩුවක් කියලා එකක් තිබෙනවා නම්, පණ ඇති ආණ්ඩුවක් කියලා එකක් තිබෙනවා නම් මේ විනාශය නවත්වන්න. ඒක කරන්න බැරිනම් කරුණාකරලා තමුන්නාන්සේලා කරන්න පුළුවන් කෙනකුට භාර දෙන්න"
කතානායක කරු ජයසූරිය
මේ අද උදෙත් අපි අවධානය යොමු කළා.

විමල් වීරවංශ
මේක අපේ පෞද්ගලික ප්‍රශ්නයක් නොවෙයි. මේ විනාශ වෙන්නේ අපේ සමාජයයි. ඒ ගැන කතා කරන්නවත් වගකිවයුතු ඇමැති කෙනෙක්වත් නැහැ. ඇමැතිලා කප්පරක් ඉන්නවා. අවශ්‍ය වෙලාවට බෙහෙතකටවත් හොයා ගන්න ඇමැති කෙනෙක් නැහැ. රටේ මෙහෙම විපතක් වෙලා තිබෙන අවස්ථාවක තමුන්නාන්සේලා ඒකට ගත් පියවර මොකක්ද කියන්න.

දිලිප් වෙදආරච්චි
අගමැතිතුමා ඊයේ මේ ගැන කතා කළා.
විමල් වීරවංශ
ඊයේ කියලා, අද වැරදුණාද? අපි දන්න ඒවා මෙතැන කියන්නේ නැහැ.
කතානායක
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා පිළිතුරු දෙයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon