පත්තරවලට එරෙහිව ගිය දේශපාලනඥයෝ

  👤  4511 readers have read this article !
2018-03-11

1977 ජූලි මහ මැතිවරණයෙන් පසු ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමැතිවරයා වූයේ දැදිගම ආසනය ජයගෙන පාර්ලිමේන්තුවට ආ නිශ්ශංක විජයරත්න මහතාය. එකල ඒ මහතා මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරයද දැරුවේය.

එසේ සිටියදී හෙතෙම දළදා පෙරහරට අලුත් විශේෂාංග හා නැටුම් ආදිය එකතු කළේය. වරක් එවැනි දළදා පෙරහරට එකතු කළ නවාංගයක් උපහාසයට ලක් කරමින් ඡායාරූප දෙකක් ස්වාධීන පුවත්පත් සමාගමේ එඡ්ඡ්ම් ඡ්ව්ච් පත්‍රයේ පළ කර තිබිණි. එය පළ වූයේ 1979 ජූලි 29 වැනිදාය. මෙය දුටු අධ්‍යාපන ඇමැතිවරයා එඡ්ඡ්ම් ඡ්ව්ච් පුවත්පතට එරෙහිව නඩු පැවැරුවේය. ඒ රුපියල් දස ලක්ෂයක වන්දියක් ඉල්ලමින් කොළඹ දිසා අධිකරණය හමුවේය.

ඉන් වසර හයකට පසු 1985දී කොළඹ දිසා විනිසුරු එච්.වී. මොරායස් මහතා තීන්දු කළේ අධ්‍යාපන ඇමැතිවරයාට වූ අපහාසයට විත්තිකාර පත්‍ර සමාගම රුපියල් හය ලක්ෂ හැත්තෑ පන් දහසක් වන්දි වශයෙන් ගෙවිය යුතු බවයි.

2000 අගෝස්තු 28 වැනිදා දිනමිණ පත්‍රයේ "ජ.වි.පෙ.ට අමතක තුණ්ඩු ඉතිහාසය" මැයෙන් ලිපියක් පළවී තිබිණි. එවකට විමල් වීරවංශ මන්ත්‍රිවරයා ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම්වරයාය. එම ලිපියෙන් වීරවංශ මහතාට අපහාසයක් සිදුවී යැයි ඔහු ලේක්හවුස් ආයතනයට එරෙහිව නඩු පැවරුවේය. ඉන් වසර හතරකට පසු කොළඹ අතිරේක දිසා විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය ඉදිරියේ රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවීමට එම ආයතනය එකඟත්වයට පැමිණියේය.

රාජ්‍ය මාධ්‍ය ආයතනවලට වැඩි වශයෙන්ම නඩු පැවැරී ඇත්තේ 1994 - 2001 කාලය අතරතුරදීය. පොදුජන එක්සත් පෙරමුණ බලයේ සිටි ඒ කාලය තුළදී වැඩි වශයෙන්ම වන්දි ඉල්ලා නඩු පවරා තිබුණේ එ.ජා.ප. මන්ත්‍රිවරුන්ය.

1996 සැප්තැම්බර් 01 වැනිදා "සිළුමිණ" පත්‍රයේ "ගුවන් හමුදාවට පරණ බෙහෙත් විකුණලා - රාජිතට නඩු" මැයෙන් පුවතක් පළවී තිබිණි. ‍ෙදාස්තර රාජිත සේනාරත්න මහතා ඊට එරෙහිව නඩු පැවැරුවේය. නඩු විභාගය අවසන් වූයේ 2001දීය. සේනාරත්න මහතාට රුපියල් ලක්ෂ 7ක්ද, නඩු ගාස්තු වශයෙන් තවත් ලක්ෂ දෙකහමාරක්ද ගෙවීමට ලේක්හවුස් ආයතනයට සිදුවිය.

කෘෂිකර්ම ඇමැති ධර්මදාස බණ්ඩා මහතා 2003දී ලක්ෂ හතහමාරක වන්දියකුත් ඊට අමතරව ලක්ෂ දෙකහමාරක නඩු ගාස්තුත් අය කර ගත්තේ "දිනමිණ" පුවත්පතේ 1998 අගෝස්තු 20 වැනිදා පළ කළ අර්තාපල් බීජ ගෙන්වීමක් පිළිබඳ පුවතක් වෙනුවෙනි.

1998 දෙසැම්බර් 25 වැනිදා ච්චඪතර ව්ඥඹඵ පත්‍රයේ පළවූ පුවතකින් තමන්ට අපහාසයක් වූ බව පවසමින් රවි කරුණානායක මන්ත්‍රිවරයා පැවරූ නඩුව වෙනුවෙන් ඔහුට වන්දි ලැබුණේද 2003දීය. ඔහුටද ලේක්හවුස් ආයතනයෙන් ලක්ෂ 7ක වන්දියකුත් ලක්ෂ දෙකක නඩු ගාස්තුත් අය කර ගැනීමට හැකිවිය.

2004 වසර වනවිට ලේක්හවුස් ආයතනයට පමණක් මැති ඇමැතිවරුන් පවරා තිබූ නඩු සංඛ්‍යාව 17කි. එජාප හිටපු සභාපති මලික් සමරවික්‍රම මහතා පැවරූ අපහාස නඩුවකින් රු. ලක්ෂ 3ක වන්දියකුත් හිටපු මුදල් ඇමැති රොනීද මෙල් මහතා පැවරූ නඩුවකින් රුපියල් තුන් ලක්ෂ විසිපන් දහසකුත්, හිටපු මන්ත්‍රි අබ්දුල් කාදර් මහතා පැවරූ නඩුවකින් රු. හත් ලක්ෂ පනස් දහසකුත් මාධ්‍ය ආයතනවලින් වන්දි ලබාගෙන තිබේ.

එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතාද වරක් ජාතික රූපවාහිනි සහ ස්වාධීන රූපවාහිනියට එරෙහිව නඩු පැවරුවේ විකාශය වූ වැඩසටහනකින් තම මූලික අයිතිවාසිකම් කඩවූ බව පවසමිනි.

එම ආයතන දෙක රු. ලක්ෂ 2 බැගින් ලක්ෂ 4ක මුදලක් වන්දි වශයෙන් ජයසූරිය මහතාට ලබා දුන්නද ඔහු ඉන් ලක්ෂ 2ක් එම මාධ්‍ය ආයතනවල සේවක සුබ සාධනයටත් ඉතිරි ලක්ෂ දෙක මහරගම පිළිකා රෝහලටත් පිරිනැමුවේය.

මීට අමතරව ජී.එල්. පීරිස් මහතාද වරක් රාජ්‍ය මාධ්‍ය ආයතනයකට එරෙහිව නඩු පවරා වන්දි ලබා ගත්තේය. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද කඩ කළ බවට චෝදනා රැසක්ම එල්ලවී ඇත්තේ "රාවය" පුවත්පතටය. රාවයට එරෙහිව 1991-92 වසරවලදී පමණක් කේ.එන්.චොක්සි, කාලිංග ඔබේවංශ, විජේපාල මෙන්ඩිස්, ගාමිණී ෆොන්සේකා සහ ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි යන මන්ත්‍රිවරුන් තම වරප්‍රසාද කඩ වූ බව පවසමින් කතානායකවරයාට පැමිණිලි කර තිබිණි. ඊට අමතරව අධිකරණමය නඩු 7ක් පැවරී තිබිණි.

"ඇත්ත" පත්‍රයට එරෙහිව මන්ත්‍රි අත්තනායක "ර්ණීඡඵඥපමඥප" පත්‍රයට එරෙහිව ඒ.සී.එස්. හමීඩ්, "එඡ්ඡ්ම් ඡ්ව්ච්" පත්‍රයට එරෙහිව ලක්ෂ්මන් ජයකොඩි, "දිවයින" පත්‍රයට එරෙහිව ආර්. ප්‍රේමදාස හා රන්ජන් විජේරත්න යන දේශපාලනඥයන්ද වරප්‍රසාද කඩවූ බවට කතානායකවරයාට පැමිණිලි කර තිබිණි.

බන්ධුල ගුණරත්න

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon