ඊටීඅයි ෆිනෑන්ස් හා ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් ආයතනවල වත්කම් විකුණා තැන්පත්කරුවන්ට ගෙවන්න පුළුවන්

  👤  5110 readers have read this article !
2018-03-26

ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් හා ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් යන ආයතන දෙකේ තැන්පත්කරුවන්ට ගෙවීමට හැකි වත්කම් තිබෙන බැවින් ඒවා විකුණා මහජනතාවට ගෙවන්න පුළුවන් යැයි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

ඇමැතිවරයා එසේ පැවැසුවේ ඉහත සමාගම්හි තැන්පත් කළ මුදල් තැන්පත්කරුවන්ට ආපසු ගන්න පුළුවන්ද නැද්ද යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රි බිමල් රත්නායක කිහිපවරක්ම විමසන ලද ප්‍රශ්නයකට උත්තර දෙමිනි.

ස්ථාවර නියෝග 23/2 යටතේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රි අනුර කුමාර දිසානායක විසින් අගමැතිවරයාගෙන් අසා තිබූ ප්‍රශ්නයකට අගමැතිවරයා වෙනුවෙන් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල උත්තර ලබාදුන්නේය. එම උත්තරයෙන් පසු බිමල් රත්නායක මන්ත්‍රිවරයා තැන්පතු ආපසු ලබා ගත හැකි දැයි කිහිපවරක්ම විමසීය.

එම ආයතන දෙකේ තැන්පත්කරුවන්ගේ හිමිකම් සුරක්ෂිත කිරීම හා මූල්‍ය පද්ධතියේ සුරක්ෂිත භාවය සහ ශක්තිමත් භාවය තහවුරු කිරීමටත් මහ බැංකුව පියවර තුනක් ගෙන ඇති බවත් ඒ අනුව ආයතන දෙකේ කළමනාකරණයට මණ්ඩලයක් පත් කිරීම, කල් පිරෙන තැන්පතු ආපසු ගැනීම සීමා කිරීම හා එම තැන්පතු මාස හයක කාලයක් දක්වා දීර්ඝ කිරීම සහ තැන්පතු පොලිය ගෙවීම එකඟ වූ කොන්දේසි අනුව සිදු කිරීම හා ඉතිරි කිරීමේ තැන්පතු සාධාරණ පරිදි ආපසු ගෙවීමට පියවර ගෙන ඇති බවත් ඇමැතිවරයා කීවේය.

ඊඒපී සමාගම් සමූහයට අයත් රූපවාහිනි හා ගුවන්විදුලි නාළිකා සතුව ඇති මාධ්‍ය ජාලය විදේශීය සමාගමකට පැවැරීමට යන්නේද. මාධ්‍ය ජාලයක් විදේශීය අයිතියකට පැවැරිය හැකි දැයි අසා තිබූ ප්‍රශ්නයට පිළිතුරු දුන් සභානායකවරයා පැවැසුවේ ශ්‍රී ලංකාවේ නීතියට අනුව කටයුතු කෙරෙනු ඇති බවයි.
මුදල් සමාගමකට අයත් කිසිදු වත්කමක් විකිණීමට හෝ පැවරීමට හෝ ශ්‍රී ලංකා මහ බැංකුවට නෛතික බලයක් නොමැති බවත් එය අදාළ ආයතනයන්හි කොටස් හිමියන්ගේ තීරණයක් බවත් ඇමැතිවරයා කීවේය.

නව බදු ව්‍යුහයක් සකස් කරමින් බදු සහන ඇති කරමින්, බදු නිදහස් කරමින් තවදුරටත් වෙනස් කිරීම් කරනවා. මේ ප්‍රතිපත්ති මුදල් ඇමැතිවරයාට හිතෙන හිතෙන පරිදි වෙනස් කිරීමට හැකියාව ලැබෙන්නේ නෑ. මේ ප්‍රතිපත්ති අනුමත කරගෙන තියෙන්නේ අය - වැය යෝජනා අනුවයි. සෘජු බදු අය කර ගැනීම් මත රජයේ ආදායම වැඩි කරගත යුතුයි.

වැඩි ආදායම් ලබන පුද්ගලයන්ගෙන් වැඩි බදු ගෙවන විදියට විධිවිධාන සකස් කරනවා. පසුගිය වසරේ ජනවාරි සිට මේ ක්‍රමවේද ක්‍රියාත්මක වෙමින් ආදායම් රැස්කිරීම සාධනීය ලෙස වර්ධනය වෙලා. පසුගිය මාස 18ක් තුළ රාජ්‍ය ආදායම වර්ධනය වෙලා. 2017 ජූලි සිට ප්‍රාථමික ණය දීමේ සීමාව 44%කින් වැඩි වී තිබෙනවා. ජනතාවගේ සුබ සාධනයට භාණ්ඩ ගණනාවක බදු නිදහස් කළා.

පෙර නොවූ විරූ පරිද රජයකට මීට පෙර ගෙවන්න සිදු නොවූ ලෙස විශාල ණය මුදලකුත් තියෙනවා. ලංකා ඉතිහාසයේ වැඩිම ණය මුදල රුපියල් ටි්‍රලියන 1.9ක් ගෙවන්න තියෙනවා 2019දී. මේ 2019 දී ගෙවන්න තියෙන ණය මුදල්වලින් 80%ක්ම පසුගිය රජය ගත්ත ණය මුදල්. 2020දී ගෙවන්න තියෙන 83%ක්ම පසුගිය රජයේ ණය.

ව්‍යවසායකයන්ට හිතකර ආර්ථිකයක් නිර්මාණය කිරීම අපේ ප්‍රතිපත්තියයි. තරුණයන් සඳහා හිතකර ආර්ථිකයක් නිර්මාණය කිරීම අපේ ප්‍රතිපත්තිය වී තිබෙනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon